"ඩක්වර්ත්-ලුවිස්"

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    "ඩක්වර්ත්-ලුවිස්"

    අපි හැමෝම ක්‍රිකට් වලට ආසයිනේ. හොඳ මැච් එකක් යන වෙලාවේ දෙවනියට පහරදෙනකොට කොහේ හරි ඉඳලා එන වැස්සකට මැච් එක අතරමග නවත්තන වෙලා අපි ඕනේ තරන් දැකලා ඇතිනේ. ඉස්සර මැච් එක ගොඩක් වෙලාවට "රන් රේට්" එක මත හරි ඒ සීරිස් එකේ වැඩිම ප්‍රසාද ලකුණු මත දිනුම පැරදුම දෙනවා. හැබැයි අද කාලේ "ඩක්වර්ත්-ලුවිස්" (D/L ) ක්‍රමයට තමයි ජයග්‍රහණය කාටද හිමි වෙන්නේ කියලා දෙන්නේ. එක අපේ ලංකාවේ ටීම් එකට ඕනේ තරන් වෙලා තියෙනවා. ඊයේ මැච් එකෙත් එහෙමයි උනේ. කව්රුත් ආස ඇතිනේ මොකක්ද මේ "ඩක්වර්ත්-ලුවිස්" කියන්නේ කියලා නේද?

    මේ "ඩක්වර්ත්-ලුවිස්" හැදුනේ "ෆ්‍රෑන්ක් ඩක්වර්ත්" හා "ටෝනි ලුවිස්" කියන බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යාලේඛන විශ්ලේෂකයන් දෙදෙනෙකු විසින්. මේ දෙදෙනා විශ්ව විද්‍යාලයේ අවසන් ව්‍යාපෘතියට තෝරාගනු ලැබුවේ මේ සංඛ්‍යාලේඛන ක්‍රමයයි.

    duckworth-lewis_1877552c.jpg

    "ෆ්‍රෑන්ක් ඩක්වර්ත්" හා "ටෝනි ලුවිස්"

    D / L ක්‍රමය යොදාගැනීමට හා අත්හදාබැලීමට මුලිකම උන සිද්දිය උනේ 1992 ලෝක කුසලාන තරඟාවලියේදී. ඒ දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර තරගයේදී දකුණු අප්‍රිකාව එංගලන්තයේ ලකුණු පසු පස හම්බායන අවස්ථාවේදී වැස්සෙන් ඇති උන බාදාව හේතුවෙන් අවසානයේ එදා තිබුණු ක්‍රමයට අනුව දකුණු අප්‍රිකාවට එක පන්දුවකින් ලකුණු 22 ක් ලබාගැනීමට සිදු උන නිසයි. මේ අවස්ථාවේදී D /L ක්‍රමය යොදාගෙන තිබුනොත් දකුණු අප්‍රිකාවට අවශ්‍යව තිබුනේ එක පන්දුවකින් ලකුණු 5 ක් පමණයි.

    Cricket-1992-001.jpg

    දකුණු අප්‍රිකා එංගලන්ත අවසන් පුර්ව තරඟයේ ලකුණු පුවරුව.

    1992+Cricket+World+Cup+Australia+New+Zealand+sK7XwwwxPrQl.jpg

    අවාසනාවන්ත මොහොතට මුහුණ දුන් ක්‍රෙග් මැක්මිලන් තරඟයෙන් පැරදීමෙන් පසුව සමු දෙන එංගලන්ත නායක ගූච්.

    මේ ක්‍රමය මුලින්ම අත්හදා බැලුනේ 1996/97 සිම්බාබ්වේ හා එංගලන්ත දෙවන එක්දින තරඟයේදී. මෙහිදී D / L ක්‍රමයට අනුව සිම්බාබ්වේ පිල ලකුණු 7 කින් ජයග්‍රහණය කරනු ලැබුවා. පසුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මේ ක්‍රමය මුලින්ම ස්ථාපිත කරේ 2001 දී වැස්සෙන් අතර මග නවත්වන ඕවර් 50 තරග සඳහා. පසුව මෙය T /20 තරග සඳහාද යොදවගනු ලැබුවා.

    129452.jpg


    මේ ක්‍රමය යොදාගැනීමට ඕවර් 50 තරග වලදී දෙපිලම අඩුම තරමෙන් ඕවර 20 ක් වත් පාවිච්චි කල යුතු වන අතර 20/20 තරග වලදී ඕවර 5 ක් වත් අවසන් කර තිබිය යුතු වෙනවා. මේ ක්‍රමයට මුලික සාදක දෙක හැටියට බලපාන්නේ පන්දුවට පහර දෙන පිලට තව කොපමණ ඕවර ප්‍රමාණයක් තිබේද යන්න හා අත ඇති කඩුලු ප්‍රමාණය වෙනවා.

    මේ ක්‍රමය තවමත් දෝෂදර්ශනයට ලක් වෙන ප්‍රමාණය එමටයි නමුත් දැනට ඇති එකම විසඳුමද මේ ක්‍රමයි.

    untitled.JPG

    D / L ක්‍රමය
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    thanks for sharing rep3+

    හැබැයි ඉතිං ඕක ඔච්චර දඟලන්න ඕන තරම් අමාරු එකක් නෙමෙයි. බොහොම සරල සූත්‍රයක් තියෙන්නේ....
    :lol::lol::lol:

     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    Mae method eka sadarana nae mama danna widiyata nam. Mokada wicket gana misak
    batsmen ge average eka mae calculation ekata ganne nae.