අසහනකාරයෝය

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    395894_282995995088030_282749085112721_726836_1307534826_n.jpg




    මෙ අපේ රටෙ හැටිය. වැඩිහරියක් ඉන්නේ අසහනකාරයෝය. කාගෙ හරි කොහෙන් හරි ඩවුන්ලොඩි කරගත් පිංතූරයක් දමාගෙන ෆේක් ෆේස්බුක් Fake පොෆයිල් එකක් හදාගන්නා මෙ අමනයින් අද අපේ රට විශාල අදුරැ අගාධයකට තල්ලු නරමින් සිටී. ලස්සන (වල්) පෙනුමක් ඇති ගැහැණුලමයකූගේ රැපයක් පොෆයිල් පිංතූරයට දමාගන්නා මෙම මානසික ලෙඩින්ගේ පිංතූරය දැක්කාම අපේ කොල්ලන්ටත් ඉන්න තැන අමතක වී මොල් කුලප්පුව ඇව්ස්සෙයි. බලාගෙන සිටිනවිට friends request පරමාණය ඉහල නගිනිනේ ැපේ රටෙ අසහන කාරයන්ගේ පරමානය ලොවටම දැනගන්නටය. මෙම පොෆයිල් බැලූ බැල්මටම හදුනාගත හැක. විවෘත්ත ගිනුමක්... අඩු photo පරමානයක්... අවම Information පරමානයක්..

    එත්.... ඊට වඩා අපේ මොල් කාරයන්ට වටින්නේ ත්ත් කූණුහරැපයෙන් කමෙන්ටි එකක් දමා ගන්නා චූන් එකය. හොදින් දන්නා හදුනන ගැහැනුළමයෙකුගේ හො ජනප්රිය කෙනෙකුගේ නමින් හෝ සාදාගන්නා මෙම ව්යාජ ගිනුමි සදහා ඔවුන්ගෙමෙ හො ඔවුන්ගේ හැඩහුරැකමට සමාන අසභ්ය හො ඊට සමනෙ රැපයක් දමාගන්නේ එයින් අසහන කාරයින් චූන් වන බව දන්නා නිසාය. ඔවුන් අසහනයෙන් පෙලෙන්නන්ගේ කමෙන්ටි වලට ලයික්ස් දමති. ලොල් කියා දමති... මෙයින් උද්ධාමයටත් ප්රිතියටත් පත්වන මද කිපුනු ඔලමොටිටලයින්... රාත්රී නින්දට යන්නේ හද පුරවාගත් සතුටකිනි.

    මෙම ක්රියාවෙ විනාශකාරි පැත්ත මෙය නොව. වියාජ ගිණුමකට දමනා අසභ්ය කමෙන්ටි දැමිමාට අපට කමි නැත. මානසික අසහනය ඇති පුද්ගලයන් ඔවුනොවුන් කුමක් කරගත්තත් අපට කමි නැත. එම ගිණුමි සාදාගන්නා එම පුද්ගලයින් එම නමෙ සහ පිංතූරයේ නියම අයිතිකරැ ලෙස පෙනී සිටිමින් එම පුද්ගලියින්ගේ ආත්මගවුරවයට.. පවුද්ගලිකත්වයට.. වුර්තියට හානිකරමිනි හැසිරීමයි. අදවන විට මෙම අශෝබන ක්රියාව අදාල නියම පුද්ගලයන්ගේ ජීවිත වලට පවා තර්ජනයක් වී හමාරය. සොයාබැලූවිට හෙලිවන්නේ පහත් අශාවන් සංතර්පණය කරමින් සුළුතරයක්වූ මානසික අසහනයෙන් පෙලෙන්නෙකුගේ ක්රියාවක්බවය. තවත් පිරිසක් හිතාමතා යමි පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසාද මෙම පහත් ක්රියාවෙ යෙදෙයි.
    තම පරණ පෙමිවතිය... ප්රියමනාප ජනප්රිය පුද්ගලයෙකු..ලස්සනට ඇදුමි අදින යුවතියක.. කොචිචර ටිරයි කරත් තමන්ට අකමැති කෙල්ල... එකී.. මෙකී... නොකී ඔනෑම කෙනෙකු මෙම පාපතරයන් ගොදරැකරගනී. ඔවුන්ගේ චරිතය කෙළෙසීම... ප්රධාන අරමුන වන අතර ඔවුනට දරැනු මානසික ලෙඩක් ඇති බව මනො වෛයිද්ය වරැන්ගේ මතයි. එය ඔවුන් දමනා කමෙන්ටි වලින් සනාථ වෙ.

    අද අන්තරිජාලය පුරාවට ඇත්තේ ශ්රීලංකාවෙ අසභ්ය පිංතූරයි. කාම උන්මාදයෙන් පෙළෙන ශ්රීලාංකීය ජනතාව ගැන Google සරිචි බාර් එකේ Sri Lanka කියා ටයිප් කල සැනෙන් ලැබෙන යෝජිත යොමු වලින් දැනගතහැකිවෙ.
    Sri Lankan Hot Girls / Sri Lankan Sex Girls / Sri Lankan Hot School Girls / Sri Lankan Hot Actress යනාදී වචන ඔබට දැකගත හැකිවනුඇත. හිතන්න.... විදේශිකයන් අපගේ මවුබිම පිලිබදව දරන මතය කෙසේවනු ඇතිද?

    තේරැමිගන්න.....
    අපගේ මවුබිම අනතුරෙ. දැන්වත් මෙය නවත්වන්න. ඔබගේ සහොදරියකට... ඔබෙම මවට මෙ දේ සිදුවුනෙතින්...... මෙයට විරැදිදව නැගී සිටිනින. හැමදෙනාටම ආදරය කරන්න. ඔවුන්ගේ පවුද්ගලිකත්වයට ගරැ කරනන. අනුන්ගේ වරද නොව.. තමන් අතින් සිදුවු වරද ගැන සිතන්න.. එය නිවැරදි කරගන්ග.... මෙය ඔබෙ මවුබිමයි. ඔබගේ ආර්මාර්ථකාමි සතුට මගේ මවුබිමට අපකීර්තිය ගෙනදීමට සමත්වනු ඇත.

    අද සිට අප අලුත් ‌ෙවමු.. සැමට ආදරය කරමු....
    ස්තූතියි
    -Team
    -Protect Sri Lanka from Cyber Bullying



    Source : Protect Sri Lanka from Cyber Bullying
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Sira kathawa facebook eken horen photos ussala site hadala ads dala ewwagen hamba karanna thama balan inne. thamange geni hari amma hari pawle ekek hari ehema unanam thama denenne.