මූලික ගිටාර් දැනුම 

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මූලික ගිටාර් දැනුම 

    මූලික ගිටාර් දැනුම ගැන දැන ගන්න නෙට් එකේ හොයද්දි ගොඞක් වැදගත් තොරතුරු ටිකක් හොයා  ගන්න ලැබුණා.ඉතින්  මම හිතුවා ඒ දේවල් ඔයාල එක්ක බෙදා ගන්න.අපේ එලකිරි සාමාජිකයෙකුත් මේ ගැන කලින් නූලක් දාලා තිබුනා. මෙතනින් පුලුවන්ඒකට යන්න.ඒ වගේම මේ බ්ලොග් එකhttp://playboxguitar.blogspot.com/2010/06/guitar-basics.html"[COLOR="DarkGreen ලියපු කෙනාටත් මම ගොඞාක් ස්තූති කරනවා මේ වගේ වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගත්තට.


    මූලික දේවල්(basics)


    මේ ගැන දන්න අයත් ඉන්නවා ඇති.ඒ වුනාට ආධුනිකයෙක්ට මේ කරුණු ගොඩක් වැදගත් වේවි.ඒක .මේ දකුණත් ගිටාර් වාදකයෙක් පාදක කරගෙන නිර්මාණය කරන ලද එකක්.:)


    ගිටාර් එකක parts


    partsofaguitar.jpg



    ගිටාර් එකක් play කරන්න ලේසි වෙන විදියට අල්ලගන්න විදිහ


    පහල තියෙන images දෙක හොදට නිරීක්ෂණය කරන්න.

    casualpos.jpg


    steel-11.jpg



    මේ තමයි සාමාන්‍යයෙන් box ගිටාර් එකක් අල්ලන විදිය.ගිටාර් එකේ box එක දකුණු කකුල උඩ තබාගන්න හින්ද, අත් වලට දැනෙන බර අඩුයි.ඒක නිසා ගිටාර් එක ප්ලේ කරන එක ගොඩක් පහසු කාර්යයක් වෙනවා.ඒ ව‍ගේම තමයි ගිටාර් එකේ neck එක කියන කොටස හැම තිස්සෙම තිරසට ආනත කරල තියාගෙන play කරන්න ඕනෙ.මේ නිසා වාදකයාගේ වම් අතට දැනෙන බර හුගක් දුරට අඩු වෙනවා.Chords play කරද්දි හරි, lead parts play කරද්දි හරි වම් අතට ගිටාර් එකේ බර දැනෙන්න දෙන්න නරකයි.ඒක නිසා හැම තිස්සෙම neck එක තිරසට ආනත කර තබා ගත යුතු වෙනවා.පල්ලෙහා පෙන්නල තියෙන්නෙත් ඒකම තමයි.:)


    angle.jpg



    මූලික අභ්‍යාස

    1).අභ්‍යාස පුහුණු වීමේ පහසුව සදහා වම් අතේ ඇගිලි අංක කර ගැනීම.
    මේක ගොඩක් සරල දෙයක් කියල හැමෝටම තේරෙනවනෙ.ඒක නිසා පල්ලෙහා image එකට අනුව වම් අතේ ඇගිලි වලට අදාල අංක මතක තියාගන්න

    hand+notation.jpg



    2). ගිටාර් එකේ fret board එක සහ strings හදුනාගැනීම.

    සාමාන්‍යයෙන් fret board එකක් අංක කරන්නේ මෙහෙමයි.Guitar chords ඉගෙන ගන්න කොට මේක ගොඩක් වැදගත් වෙනවා.

    OMC28LJMR_fretboard+copy.jpg



    ඊළගට අපි ගිටාර් එකේ strings හය හදුනගමු.ඊට කලින් මේ image එක බලල ඉන්න.

    strings.jpg



    සාමාන්‍යයෙන් අපි ගිටාරය ගැන හදාරන්නේ western notation එකෙන්.ඒක නිසා ස්වර අංකනය ගැන හොද අවබෝධයක් තියාගන්න.

    strings+1.jpg



    මේ තියෙන්නේ ගිටාර් එකේ open strings වල notation එක."Open" කියල කියන්නේ fret board එක මත ඇගිලි කිසිවක් තියන්නේ නැතිව, තියෙන විදියටම play කරන කොටයි.5වෙනි සහ 6වෙනි strings වලින් එන්නේ base sound එකක්.ඉහත ආකාරයට ස්වර පිහිටන්නෙ ගිටාර් එක හරියට tune කරල තියෙනවනම් විතරයි.ගිටාරය tune කරන එක ගැනත් කියන්න ඕනෙ.ආධුනිකයෙක්ට නම් වඩාත් සුදුසු පලපුරුදු කෙනෙක්ට කියල මුලින්ම ගිටාර් එක tune කරගන්න එක.ගිටාර් එකක් practice කරද්දි අනිවාර්යයෙන් standard tuning තියෙන්න ඕනෙ.ඒක නිසා මුලදි පලපුරුදු කෙනෙක්ට කියල tune කරගන්න.


    3).Play කරන්න කලින් ගිටාර් එකේ standard tuning තිබේදැයි බැලීම.


    වම් අතේ ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින් guitar neck එක අල්ලන්න ඕනෙ.

    neck-right1.jpg



    මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක් අමාරුයි.

    neck-wrong1+copy.jpg



    5). ගිටාර් pick එක අල්ලන ආකාරය

    pick.jpg


    pick1.jpg



    සරල අභ්‍යාසයක් පුරුදු වෙමු

    පල්ලෙහා තියෙන විදියට පුරුදු වෙන්න.මුලදි ටිකක් අමාරු වෙයි.ඒත් කැපවීමෙන් කරන්න. "Every begining is some what hard" කියන‍වනෙ.

    Images වල තියෙනව වගේ ඇගිල්ල තියන්න ඕනෙ fret එකක හරි මැදට විතර වෙන්න.ලොකු බලයක් යොදල strings තද කරන්න එපා.ඒ වගේම තමයි ඇගිල්ල තිබ්බට පස්සේ pick එකෙන් අදාල string එක play කරල බලන්න පැහැදිලි,තියුණු sound එකක් ඇහෙනවද කියලා.string එක තද කරන බලය අඩු වැඩි කරල මේක හොයා ගන්න පුලුවන්.

    1 රූපය

    1.jpg


    2 රූපය

    2.jpg


    3 රූපය

    3.jpg


    4 රූපය

    4.jpg


    කහ පාටින් පෙන්නල තියෙන්නෙ වම් අතෙ ඇගිලි වලට අදාල අංක ටික.1 රූපයට අනුව පැහැදිලි කරනවනම්,, මුලින්ම 6වෙනි string එකේ උඩම fret එක "1" ඇගිල්ලෙන් තද කරල pick එකෙන් 6වෙනි string එක play කරන්න.ඊට පස්සේ 6වෙනි string එකේම 2වෙනි fret එක "2" ඇගිල්ලෙන් තද කරල pick එකෙන් 6වෙනි string එක play කරන්න.ඊට පස්සේ ඊට පස්සේ 3වෙනි fret එක,,4වෙනි fret එක.මේ විදියට එක වටයක් ඉවර වුනාම නැවත මුල ඉදල පටන් ගන්න.
    මේ විදියට strings හයටම play කරල practice කරන්න.මුලදි අඩු වේගයකින් play කරන්න.පස්සේ speed එක වැඩි කරල play කරන්න.

     
    Last edited:

    ishan001

    Active member
  • Sep 10, 2006
    327
    43
    28
    niyami machan.. keep it up uba danna dewal dapan machan matath guitar ekak thibbata play karanna danne naha egena ganna onaaaa ela ela patta..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    patta machan
    "You must spread some Reputation around before giving it to damii87 again." lu...
    bookmarked !!
    passe aniwa rep denawa...
    digatama karagena palayan
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වටිනවා........
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා........
    රෙප් ‍දෙන්න බැහැළු......
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ගිටාර් එක tune කරගන්න

    Tune කරන්න ඉගෙන ගන්න කලින් අපි බලමු මොකක්ද මේ "guitar tuning" කියන්නෙ කියලත්, ඇයි ගිටාර් tuning අවශ්‍ය කියලත්.

    Acoustic(electric වෙන්නත් පුලුවන්) සංගීත වාදන භාණ්ඩ( ඒ කිව්වේ ගිටාරය, වයලීනය, පියානෝව, මැන්ඩලීණය වැනි) වලින් ඇතිවෙන sound එකට මිනිස්සු standards(සම්මුතීන්) හදාගෙන තියෙනවා.අදාල වාදන භාණ්ඩයෙන් යම් කිසි තනුවක් වාදනය කරද්දි සම්මත ස්වර වලින් බැහැර නොවී ඒ තනුව වාදනය කිරීමට උපකාරී වෙන්නේ ඔන්න ඔය tuning standards තමයි.ඊට හේතුව භෞතික බලපෑම් නිසා සමහර වාදන භාණ්ඩ වල sound එක ටික කලකින් වෙනස් වීම නිසා.උදාහරණයක් විදියට අපි ගිටාරයම සලකා බලමු.සමහර විට strings තද කිරීමට උපකාරී වන ඇණ වල පවතින දෝෂ නිසා ටික දවසකින් ඒ කම්බිය බුරුල් වෙන්න පුලුවන්.ඒ වගේම බාහිර පුද්ගලයෙක් නොදැනුවත්ව ඒ ඇණ කරකවන්න පුලුවන්.කාලයක් තිස්සෙ ගිටාර් එක පාවිච්චි නොකිරීම නිසා වුනත් වෙන්න පුලුවන්.ඉතින් ඔය වගේ කාරණා නිසා අර සම්මත ශබ්ද වෙනස් වෙනවා.



    ඒ වගේම තමයි නිතරම ගිටාරය tune කිරීම වාදකයෙක්ට ගොඩක් වැදගත් දෙයක්.වැරදි tuning එකක් තියාගෙන play කලොත් "ear" එක අවුල් යනවා."ear" එක කියල කිව්වේ සම්මත ස්වර වලට අපේ කන හුරුවීමයි.ඒක නිසා හැමවිටම ගිටාර් එක tune කර තබා ගැනීම අත්‍යාවශය දෙයක්.ඒ වගේම තමයි අපි ගිටාර් එකෙන් සින්දුවක් play කරද්දි original track එකෙ sound එකම ඇහෙන්නනම් standard tuning තිබීම අත්‍යවශ්‍යයි.

    හොදයි.ඒ කාරණා ටික හරි.දැන් අපි අහල බලමු ගිටාර් strings හයේ standard tuning sounds මොන වගේද කියලා.මේ video එකේ ගිටාර් එකක,, 6වෙනි string එකේ(මහතම කම්බිය) සිට 1වෙනි string එක(සිහින්ම කම්බිය) දක්වා play වෙනවා.ඒ වගේම හැම string එකක්ම අට පාරක් play වෙනවා.අහල බලන්න....



    මේ තියෙන්නෙ ගිටාර් එකේ open strings play කරන කොට ඇහෙන sound එක.ඒ කිව්වෙ ටියුන් කරපු ගිටාර් එකක එක් එක් කම්බි තිබෙන ආකාරයෙන්ම play කරන එකයි.(fret board එක මත ඇගිලි කිසිවක් නොතබා)

    හොදයි.Tuning ගැන අවබෝධයක් තියෙන අය බලන්න තමන්ගේ ගිටාර් එකෙත් standard tuning තියෙනවද කියල.සුලු සුලු වෙනස්කම් තිබ්බට අවුලක් නැහැ.

    ගිටාර් එකක් tune කර ගන්නෙ

    වැදගත් :-
    පළවෙනි දේ තමයි සම්මත ශබ්ද වලට කන හුරු කරගන්න එක.ඒක නිසා උඩ video එක හොදට කීප වතාවක් අහන්න.
    ඒ වගේම තමයි කම්බියක් ටියුන් කරන කොට ඇණ කැරකවීම ගැන සැලකිලිමත් වෙන්න.කම්බිය වැඩිපුර තද වුනොත් කම්බිය කැඩෙන්න පුලුවන්.ඒක නිසා ආරම්භයේදි කම්බිය හැකිතරම් බුරුල් කර නැවත තද කරමින් ටියුන් කිරීම කරන්න.

    1) ඕගන්(keyboard) එකක් හෝ පියානෝවක් මගින් tune කිරීම...

    tuner+help+copy.jpg


    මේ විදියට ඕගන් එකේ අදාල key එක play කරලා, ඊට අදාල string එකේ sound එක match වෙනකම් අදාල කම්බිය ටියුන් කරගන්න.ඕගනයේ key එක කිහිප වරක් play කරල ඒ ශබ්දය කනට හුරු කරගන්න.පසුව අදාල string එක ඒ ශබ්දයට සමාන වන අයුරින් ටියුන් කරන්න.එහෙම නැත්නම් දෙකම එකවර play කරන ගමන් tune කරගන්න.

    2). Tuner එකක් මගින් ටියුන් කරගැනීම...

    tuner.jpg



    මේක නම් බොහොම පහසු ක්‍රමයක්.අදාල කම්බිය play කරද්දි,, ටියුනර් එක පෙන්නුම් කරනවා අදාල කම්බිය ටියුන් ද නැද්ද කියල.මේක ටියුනර් එකේ bulb එකක් පත්තු වීම මගින් හරි indicator එකක් මගින් හරි පෙන්නුම් කරනවා.මේවා මිලදී ගන්න පුලුවන්.හැබැයි හොද ටියුනර් එකක් ටිකක් විතර මිල අධිකයි.ඒ ඇරත් මේකක් අත්‍යවශයම නැහැ.මොකද ටියුනර් එක කැඩුනොත් ටියුන් කරල හමාරයි.

    Strings කඩාගන්නෙ නැතුව Guitar එක TUNE කරගන්න ක්‍රමයක්......

    3). වෙනත් ක්‍රමයක්

    මේ ක්‍රමයෙන් අපිට එක කම්බියක් පමණක් ටියුන් කරගෙන ඒ ඇසුරින් අනෙක් කම්බි 5ම ටියුන් කරගන්න පුලුවන්.මේකට ටිකක් විතර පලපුරුද්ද ඕන වෙනවා.ඒ වුනාට ට්‍රයි කරල බලන්න.

    මේකෙදි සාමාන්‍යයෙන් මුලින්ම කරන්නේ 6වෙනි string එක(මහතම කම්බිය) ටියුන් කරගන්න එක.ඒ සදහා පල්ලෙහා video එක ආධාර කරගන්න.6වෙනි string එක ටියුන් කරන එක එතරම් අමාරු නැහැ.ඒක නිසා මේ වීඩියෝ එකට අනුව 6වෙනි string මුලින්ම ටියුන් කරගන්න.



    ඊට පස්සේ පහත පියවර අනුගමනය කරන්න.

    * රූපයේ පරිදි 6වෙනි string එකේ 5වෙනි fret එකේ (1) ඇගිල්ල තබා එම කම්බිය play කරන්න.එම ශබ්දය කනට හුරු වූ පසු 5වෙනි string එකෙන් එම ශබ්දයම එනතුරු 5වෙනි කම්බිය ටියුන් කරගන්න.

    5.jpg


    සැ.යු. මෙහිදී 5වෙනි string එක මත ඇගිලි කිසිවක් නොතබන්න.5වෙනි string එක open play කරන්න.


    මේ අයුරින් 5වෙනි කම්බිය ටියුන් කරගත් පසු ඉහත පියවරම 5වෙනි සහ 4වෙනි කම්බි වලට යොදන්න.එනම් 5වෙනි කම්බියේ 5වෙනි fret එකේ ඇගිල්ල තබා play කර, ඒ ශබ්දයම එනතුරු 4වෙනි කම්බිය ටියුන් කරගන්න(open play).

    පසුව 4 වෙනි කම්බය මගින් 3 වෙනි කම්බිය ටියුන් කරගන්න.

    2වෙනි කම්බිය ටියුන් කරද්දි විතරක් පොඩි වෙනසක් සිදුවෙනවා.එහිදී 3වෙනි කම්බියේ 4වෙනි fret එකේ ඇගිල්ල තබා play කර, ඒ ශබ්දයම එනතුරු3වෙනි කම්බිය ටියුන් කරගන්න(open play).පහත අයුරින්....

    3.jpg



    පසුව නැවතත් 1 කම්බිය සාමාන්‍ය පරිදි 2වෙනි කම්බිය මගින් ටියුන් කරගන්න.


    මේ විදියට අපිට එක කම්බියක් ඇසුරින් ඉතිරි කම්බි ටික ටියුන් කරගන්න පුලුවන්.මේක මුලදි ටිකක් අමාරු වෙයි.හැබැයි පුරුදු වුනාම මේක වඩාත්ම ලේසි සහ කාර්යක්ෂම ක්‍රමයක් වෙයි.ඒ වගේම තමයි මේ ක්‍රමයෙන් ඕගනයක හෝ ටියුනරයක ආධාරය නොමැතිව ගිටාරය ටියුන් කරගන්න පුලුවන්.ඒ වගේ උපකරණ ආධාර කර නොගෙන මේ අයුරින් ටියුන් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා....:-))


    හොදයි,, මම හිතනවා දැනට මේ ක්‍රම කිහිපය ඇති කියල.තව ක්‍රම තියෙනවා.වෙලාව තියෙන හැටියට ඒවා කියල දෙන්නම්.ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.අවසාන වශයෙන් strings හයේම standard sounds තියෙන video clips 6ක් පල්ලෙහා තියෙනවා.තම තමන්ගෙ ටියුනින් සාර්ථකද කියල චෙක් කරගන්න..

    6TH STRING


    5TH STRING


    4TH STRING


    3RD STRING


    2ND STRING


    1ST STRING