මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි........

Thinking

Member
Oct 31, 2011
240
61
0
මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි........

කියවලා බලන්න වටින ලිපියක් blog එකකින් හම්බුනා......කියවලම බලන්න එහෙනම් .....




මම කාන්තා පස්සක් දෙස බලාගෙන සිටියෙමි​
(I am waiting for a big butt)​


මා අද උදේ දුම්රිය ස්ථානයේ සිට කන්තෝරුවට එන අතරමඟයි. ඒ අතර විශාල පශ්චාත් භාගයක් පෙන්නුම් කරන අපේ කන්තෝරු සංකීර්ණයේම සිටින, විධායක ශ්‍රේණියේ නිලධාරිණියක් මා පැමිණි දුම්රියේ පැමිණ මා පසුකර ගියාය. ඇය පසුපසින් තවත් තුන් හතර දෙනෙක් ගියෝය. මාද මේ කිනම් කලබලයක්දැයි බැලීමට පසුපසින් ගිය උන් පසුපස ගියෙමි. වී ඇත්තේ මාර සිද්ධියකි. අර මා කිව් නිලධාරිනිය කිටි කිටියේ හිරවෙන ආකාරයේ කලිසම් අඳින්නියකි. ඇයඒ සඳහා විශාල වෙහෙසක් දරයි. ඇවිදීම ආදි සියලු ඉරියව් වලින් පස්සම උලුප්පා පෙන්වීමට ඇය විශාල වෙහෙසක් දරයි. අලුතින් නිලයකට පත්වූ විද්‍යාපති උපාධිධාරිණියක් වන ඇයට එය නොගැලපෙන දෙයක් උවත් ඇය එසේ කරයි. ඇය අමාරුවෙන් විවිධ ඉරියව් වලින් සහ ඇඳුම් හරහා උලුප්පා පෙන්නුම් කරනදේ අපි නොබලා සිටීම ඇයට දුක හිතෙන කාර්යයක් විය හැකි බැවින්මා ඇතුලු මිතුරන් ඇය යනඑන හැම තැන ඇගේ පසුපස දෙස කට ඇරගෙන හෝ වහගෙන බලා සිටිමු. දැනට මාස ගණනක සිට ඇගේ ඇඳුම නිතිපතා කිටිකිටියේ තදවෙන එකකි..අද ඇතිවූ අරුමය නම් කිනම් හෝ අකරතැබ්බයක් නිසා ඇය පසුපස කොටසට යටට ඇඳි කලිසමක් පෙනීමයි. එය මහත්වූ කරුනක් නොවේ. සුපර් මෑන් බැට් මෑන් ස්පයිඩර් මෑන් වැනි කාටුන් චරිත,චිත්‍රපට වලට එනවිටත් යට ඇඳුම උඩට ඇඳගෙන සිටිනුමා දැක ඇත. එහෙත්මේ කාන්තාවක් බැවින් මිනිසුන් බලනවා විය හැක. සාමාන්‍යයෙන් කිටි කිටියේ හිරවෙන යටට ඇඳි සබ්බ සකලමනාව මැනවින් දාර සහිතව පෙන්නුම් කරන පරිදි අඳින ඇයගේ පස්ස තවත් ජනප්‍රිය කරගැන්මට මෙය තවත් උපායක්ද විය හැක. .
කෙසේ උවත් මාද බැලුවෙමි. අනෙක් අයද බලනු මම දිටිමි. තවත් කාන්තාවොද උඩට ඇඳි දුහුල් සේල වැනි සැට්ටයෙන් යන්තම් වැසී එහෙත් කදිමට අඟලක් දෙකක් දුරට යටට පේන ඇගේ යට ඇඳුම බල බලා ආවෝය..මා වහා නැවතුනේ මගේ ඇති ශීලයක් නිසා නොෙව්. ඇය සමග සමාන්තරව යෑම මට යම් ලැජ්ජාවක් ඇතිකල බැවිනි. මන්ද ඇය අපේ කන්තෝරු සංකීර්ණයේ වැඩ කරන ඉහල ශ්‍රේණියේ ගෑනු කෙනෙක්වූ නිසාය.


කාන්තා පස්ස ආකර්ශනීය උපාංගයක් වූයේ ඇයි.. .

ඩෙස්මන් මොරිස් නැමැති අය ලියූ නිරුවත් වානරයා නම් පොතෙහි ඇති මට මතක ඇති කොටසකට අනුව මිනිසාෙග් දරුවන් වැදීම අදාල වන්නේ කාන්තා පාර්ශවයටය. එම කර්තව්‍යයේදී එම කලලය දරා සිටීම සඳහා ඇගේ ඉණ සහ පසුපස කොටස් ඒ අනුකූලව විශාල ලෙස තැනී ඇත. ඊට අමතරව මනුස්සයා නැමැති සත්වයාගේ ස්ත්‍රී ලිංගික අවයවය පිහිටා ඇති ආකාරය අනුව ඇය සිටගෙන ගමන් කිරීමේදී ඇගේ ලිංගික අවයව අනෙක් තිරිසන් සතුන්ගේ පරිදි දර්ශනය නොවේ. සමහර ජාතිවල වඳුරන්ගේ ලිංගික අවයව ආශ්‍රිතව වර්ණ සපිරි ලෙස ආකර්ශනීය ආකාරයට ඇත. වඳුරන්ගේ චර්යාවන් අනුව ඔවුන්ට ඒ ලිංගික අවයව පැහැදිලිලෙස දර්ශනය වෙයි. නමුත් මනුස්ස සතාගේ ගෑනු සතාට එසේ පැහැදිලි ලෙස දර්ශනය කොට ආකර්ශනය ලබාගැන්මේ හැකියාවක් නැත. මන්ද එය පිහිටි ස්ථානය හිටගෙන කරන ක්‍රියාකාකරකම් වලදී දර්ශනය නොවන බැවිනි. එබැවින් ගැහැනු අයට සිය පශ්චාත් භාගය සහ ඉදිරිපස පියයුරු යුගල රවුං සහ මනාව නිමකල පෙනුමකින් නිර්මාණය වූයේලු. එ් හරහා සිටගෙන සිටීමේදී ත් කාන්තාවන්ට සෘංගාරාත්මක දර්ශණ නිකුත්කිරීමේ වාසනාව උදා වූ බව මානව විද්‍යඥයින්ගේ මතයයි.


ඇඳුමින් හෙලි වන රහස්..

එසේ මනුසතාට ඉබේම නිර්මාණය වූ පුදර්ශනාත්මක අගයෙන් යුතු අංග ඇඳුම් මඟින් මනාව උලුප්පා පෙන්වීම සිදුකරයි. සාරිය ඔසරිය මගින්ද,මිනි ගවුම් දිග ගවුම් මගින්ද කරන්නේ එකම කර්තව්‍යයයි. එනම් කාන්තාවන්ගේ කාන්තා ස්වරූපය ඉස්මතු කර පෙන්වීමයි. නමුත් කාන්තාවන් වෙනත් රළු ඇඳුම් අඳින අවස්ථාවන් වලදී ඔවුන්ගේ කාන්තා ගතිය කැපීයන ආකාරයක් පෙන්නුම් කරයි. නමුත් පුරුෂයා හා සමව සේවාවෙහි නිරත අද කාන්තාවට සමාජීය වශයෙන් කාන්තා අනන්‍යතාවය නැමති දේ නඩත්තු කරනවාට වඩා තම පුද්ගල පෞරුෂයය නඩත්තු කරගැන්මට අවැසි බැවින් ඔවුන් කලිසම කරා යොමුවන්නට ඇත. නමුත් පසු කාලීනව ඒ හරහාත් කාන්තා බව නිරූපනය කරගැන්මට අවැසි වූ හෙයින් ස්වරූපය ඉස්මතු කර පෙන්වන ආකාරයේ කිටි කිටියේ තදවෙන ඇඳුම් කරලියට එන්නට ඇත. එහෙත් විශාල වියයුතු කොටස් විශාල ලෙස නොපිහිටි ගැහැනු අයට මේ කිටිකිටි ඇඳුම් ගෙන ආවේ සැනසීමක් නොවේ. විශාල කොට පෙන්වන යට ඇඳුම් ඇඳීමට සිදුවීම. ඇවිදින ඉරියව් වෙනස් කිරීමට සිදුවීම. සෙරප්පු සපත්තු වෙනස් කිරීමට සිදුවීම. සහ නවතම ජනප්‍රිය ආකාරය වන සිමෙන්ති වැනි සිලිකන් කුට්ටි වලින් කාන්තා ආකර්ශනය දෙනු ලබන අවයව පිරවීම වැනි කාර්යයන් කෙරෙයි. පසුගිය දිනවල ප්‍රංශයෙන් වාර්ථා වූ ආකාරයට පියයුරු විශාලනය සඳහා එසේ ඇතුලත් කරගත් සිලිකන් සිමෙන්ති බදාම වර්ගය විෂ සහිත වන බැවින් කාන්තාවන් තිස්දාහකට යලි සැත්කම් කොට ඒ අනුමැතියෙන් තොර සිලිකන් බදාම ඉවත්කල යුතු වෙයිලු..


ලාංකික සරල කෑල්ලට ගැලපෙන ඇඳුම...

ලාංකික අපි අයිතිවන්නේ ආසියානු පසුබිමටයි. ආසියානු රටාව තුල පෙනෙන දකින දේට වඩා සිත තුල ඇති මතිමතාන්තර වලට වඩා ලොකු තැනක් ලැබේ. ඒ අනුව ආසියානු ලඳ මෙසේ විය යුතුය. ඇය මෙසේ හැසිරිය යුතුය. මා කසාදයට ගන්නා ගෑනිය මේ ආකාර විය යුතුයැයි පැහැදිලිව පැලපදියම් වූ හෝ පැලපදියම් කරන ලද චිත්ත රූපයක් සෑම පිරිමියකුම සතු වෙයි. ඒ අනුව ආසියානු පිරිමි ආශා කරන්නේ හුදෙක් අවයව කෙලින්ම පෙන්වන හිතුනු දේ කියන රිසි සේ හැසිරෙන කාන්තාවන්ට වඩා ඔවුන්ට උගන්වා ඇති සරල ගැහැනු ලමුන්ටය. එහෙත් සැබෑ ලෝකයේ එවන් ගෑනු නැති බව දන්නේ ඔවුන් කසාද බැඳීමෙනුත් බොහෝ කලක් ගිය පසුය. ඒ නිසා බටහිර රටවල මීට දසවසකට පෙර තිබූ විලාසිතා නව ලෙස ගෙන හෝ බට හිර පන්නයට හැදුනු අය විසින් බාවිත කරන විලාසිතා අපේ අයට එතරම් දිරවන්නේ නැත. උදාහරණයක් ලෙස ලංකාවේ එක්තරා කලෙක කාර්යාල සඳහා කොටට ඇඳීමේ විලාසිතාවක් එන ලදී. නමුත් කිනම් හෝ කරුණක් නිසා දැන් එය කලිසම් හෝ සාරි වලට මාරු වී පරණ ක්‍රමයට යයි. එයට එක් හේතුවක් නම් ලංකාවේ ගැහැනු අය සතුව බටහිර රටවල මෙන් තනිකර බටර් පාට කකුල් නැතිවීම එක් හේතුවක් විය හැක. නමුත් එවන් විලාසිතා ගෑනුන්ට නොගැලපෙන බවට සිත තුල එල්ලා තැබූ මත හේතුවෙන් අවශේෂ කාරණා වලට හැර විවාහ වැනි කාරණාවලට යොමු වීමේදි ලාංකිය මොඩර්න් පිරිමියා කොටට අඳින කාන්තාවෝ දෙස වපර ඇසින් බලති. මා ලබා ඇති අත් දැකීම් අනුව ලිංගිකත්වය අනවශ්‍ය ලෙස උලුප්පන විලාසිතා මඟින් කෙටිකාලීන කෂණික ආකර්ශනයක් කාන්තාවන් වෙත ලැබුනත් දිගුකාලීනව ඇයට ඒ හරහා ලැබෙන්ෙන් එතරම් හොඳ පිංතූරයක් නොවේ. එසේම ලාංකික වල් පිරිමි (මාද ඇතුලු) ගැහැනු විලාසිතා කරන විට ඒ විලාසිතා සහිත අංගය දෙස කන්න මෙන් බලනවා විනා වෙනත් ලක්ෂණ කෙරෙහි බලනවා අඩුය. උදාහරණ ලෙස අයෙක් විශාල දැනුම් සම්භාරයක් සහිත පුලුල් දැනුමක් සහිත ගැහැනු කෙනෙක් වී ඇය ඇඳන් එන ඇඳුම ලිංගිකත්වය උල්පන ආකාරයේ එකක් වෙයි නම් අපිට ඇය මතක හිටින්නේ ඇගේ දක්ෂතා අනුව නොවේ. ඇගේ ඇඳුම අනුවය. එය ඇය විසින් අමාරුවෙන් ලබාගන්නා ලද දක්ෂතා කැපී යාමට හෙතුවිය හැක.


බටහිර මතය...

මා සාමන්‍යනේ දෙයක් කිමට පෙර දෙතුන් වතාවක් සොයා බැල්ම කරයි.මේ කාන්තා පස්ස ගැන සොයා බැලීමේදී බටහිර ලෝකයේ Kim Kardashian නැමැති කාන්තාවට විශාල පස්සක් හිමි බව සොයාගන්නා ලදී. ඇය නිරූපිකාවකි. ඇයගේ පස්ස ඇත්තද බොරුද යන්න සී එන් එන් වැනි විශාල ප්‍රමාණයේ නිවුස් චැනල් වල පවා ජනප්‍රිය වූ සංවාද ඇති වී ඇත. එයින් සමහරක් කියන්නේ ඇය පශ්චාත් භාගය නැවත පුරවා ඇති බවයි. සමහරෙක් ඇය ඇඳුමෙන් එය උලුප්පන බව කියති. කෙසේ වෙතත් ඒ යූටියුබ් වීඩියෝ නම් මනා ආතල් එකක් ලබාගත හැකි ඒවාය. එක් අවස්ථාවක මේ කියන නිරූපිකාව සිය පස්ස සත්‍ය බව පෙන්වීමට එක්ස් කිරණ පරීක්ෂණයකට පවා යොමු වී ඇත. මේ පස්ස පිළිබඳ ගිය එක්තරා වාදකදී ඇයට 2006දි තිබුනේ කුඩා පස්සක් බවත් 2010දී එය විශාල වී ඇති බවත් කියයි. එහිදී සාමාන්‍යනේ කාන්තාවන්ගේ මහත් වන ආකාරය සලකා බලා නැතිබව මගේ අදහසයි. කාන්තාවන් මහත් වන ආකාර කීපයක් තිබේ..බඩ ආශ්‍රිත කොටස් මහත් වීම එකකි. අනික නම් කකුල් කලවා සහ පස්ස පැත්තෙ කොටස මහත් වීමයි. අධික පෝෂණය හේතුවෙන් ඇතිවන මේද මේ දෙකලවා වල සහ උදරීය කොටස් වල ගබඩා වීමේ සංසිද්ධියක්ද ඇත. ඊට අමතරව විවාහයෙන් පසු දරුවන් ඇතිවීම සඳහා ශරීරය හැඩගැස්විමේ ශරීරය මඟින් ඉටුකරන ව්‍යාපෘති මගින්ද පශ්චාත් භාගය විශාල කොට පෙන්වයි.ඒ වැනි කාරණාවක් නිසා ඇයෙගේ පස්ස 2006ට වඩා 2010දී ලොකු වූවා වන්නට ඇත..​


ansathu dinapotha බ්ලොගයෙන් උපුටා ගන්නා ලදී..
 
Last edited:

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    නියම ත්‍රෙඩ් එකක් :yes::yes::yes: මාත් හොරෙන් බලන්නෙ ඔය දෙවල්ම තමයි :P:P
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මා සාමන්‍යනේ දෙයක් කිමට පෙර දෙතුන් වතාවක් සොයා බැල්ම කරයි.මේ කාන්තා පස්ස ගැන සොයා බැලීමේදී බටහිර ලෝකයේ Kim Kardashian නැමැති කාන්තාවට විශාල පස්සක් හිමි බව සොයාගන්නා ලදී. ඇය නිරූපිකාවකි.

    kimkardashianfvd000006.jpg




    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මාත් මේ හොයන්නෙ ලොකු කක්ක පැත්තක් තියන කෙල්ලෙක්ව:love::love:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    එය ඇය විසින් අමාරුවෙන් ලබාගන්නා ලද දක්ෂතා කැපී යාමට හෙතුවිය හැක.

    Nice post.. well done !