බෞද්ධ වෙබ් අඩවි හිඟයි - ඩලස්

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
බෞද්ධ වෙබ් අඩවි හිඟයි - ඩලස්

මිලියන 16ක බෞද්ධයන් සිටින ශ‍්‍රී ලංකාවේ 1000කටත් අඩු බෞද්ධ වෙබ් අඩවි දක්නට ලැබීම කණගාටුවට කරුණක් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්තෙය කියල තීනව. :shocked::shocked:


z_p10-Conflict.jpg



ඒ මහතාගේ කටින්ම ඒක අහගන්න. voice එක download කරගන්න.

Code:
http://www.hirunews.lk/Data/News_Audios/s26430.mp3


සෝස් :
Code:
http://hirunews.lk/sinhala/26430
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
dalaaage kathawanam aththa!!!!!!!!!!!!!!!

උගේ කථාව ඇත්ත. ඒත් එක පැත්තකින් මම කියන දේත් බලන්න.

හතු පිපෙනව වගේ සයිට් තිබිල වැඩක් නෑනෙ ඒවා Update වෙන්නෙවත් හොඳ ලිපි පළ වෙන්නෙ වත් නැත්නම්.

මම දකින්නෙ හරියට කරනවා නම් මුළු ලංකාවටම එකක් තිබුනත් ඇති. නැද්ද මං අහන්නෙ..
 

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ර්‍

    ඔව් ඇත්තටම අද බෙෘද්ධ රාජ්‍යයක් වෙච්ච ශ්‍රී ලංකාවෙ අයටම බුද්ධ ධර්මය නැවත මතක් කර දිය යුතු කාලයක් ඇවිත්. ලංකාවේ අද සිද්ධ වෙන දේවල් බැලුවම මේ ලංකාවේ ජීවත් වෙන්නේ බෙෘද්ධ‍යින්ද කියලත් හිතෙනවා. තාක්ෂනික දියුණුවත් සමග නිවැරදි සහ වගකීමක් සහිතව බුදු දහම කියා දෙන වෙබ් අඩවි ප්‍රමාණය අඩුයි කියලා හිතෙනවා. තියෙන ඒවාටත් ප්‍රතිචාර අඩුයි. ඉතින් බොදු සැම දෙන මේ වෙබ් අඩවි වලට තමන්ගේ දායකත්වය අඩුම තරමින් Comment එකකින්වත් සපයන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මේ කථාවෙ තවත් පැත්තක් තියෙනව ... කාටත් අමතක වෙලා වගේ;

    දැනට පවතින website පවත්වාගෙන යන්නේ බොහොමයක් ගිහියො.. ඔවුන් ඒ සයිට් වල කියන, පල කරන දේ බොරු කියල නෙවෙයි මේ කියන්නෙ..
    නමුත් අපිට සසරේ යන මේ ගමනෙදි, නියම මාර්ගය, අරි අශ්ඨ මග කියල දෙන්නෙ අපේ මහා සංඝ රත්නය.
    උන්වහන්සේලා අතින් ලියවෙන සයිට් කීයක් අන්තර්ජාලයේ තියෙනවද ? උන්වහන්සේලාගේ දේශනාවල්, ගිහියන් අතින් පාලනය වන සයිට් වල තියෙනව.. නමුත්

    දහම් ගැටළුවක් පැන නැගි කළ, අපිට පිහිට පතන්නට, ආර්‍ය මහා බුද්ධ පුත්‍රයන් වහන්සේලා අතින් ලියවෙන, උන්වහන්සේලාගේ අදහස් කෙළින්ම කියන්නට පුළුවන් සයිට් තිබේද ?

    අපි හැකි පමණ අපේ ස්වාමීන් වහන්සේලා එක්ක, උන්වහන්සේලාගේ අවවාද අනුශාශනා එක්ක මේ ගමන යන්න ඕනි. ඒත් කෝ එහෙම සයිට් ?

    wordpress, blogspot වල සයිට් setupකරන එක මහදෙයක් නෙවෙයි, UNICODE ටයිප් කරන එක මහ දෙයක් නෙවෙයි.... නැණසළ බොහොමයක් ගම් වල තියෙනව.. පිරිවෙන් වල අන්තර්ජාල පහසුකම් තියෙනව.. ඇයි අපේ උතුමන් වහන්සේලාට මේ ක්‍රම හඳුන්වා නොදෙන්නෙ ?..

    අපේ ජීවිතවලට අත්වැලක් වෙන අපේ මහා සංඝරත්නය ඉස්සර පුස්කොල පොත් ලිව්වා.. ඊට පස්සෙ පොත් ලිව්වා.. රෙරුකානෙ හාමුදුරුවො මතක් වෙනව.. අපි කීදෙනෙක් ඒ පොත් වලින් ජීවිතය හරි මඟට ගන්න ඇතිද ?

    පුස්කොළ පොත, මුද්‍රිත පොත පසුකරන් ආපු ගමන කොහේ හෝ නතර වෙලා නේද ?? ලෝකය අළුත් ක්‍රම හොයාගෙන.. නමුත් අපේ ධර්මය අපිට කියාදෙන මහ තෙරුන් වහන්සේලාට ඒ අළුත් ක්‍රම ලබා නොදෙන්නෙ ඇයි ?..

    Ebook readers, Kindle, iPad තියෙන මේ කාලෙ, පිවිතුරු බුදු දහම, මුද්‍රිත පොතේ හිර කරන ඉඩ දීල, අපෙ සංඝ රත්නයට අන්තර්ජාලයෙ දොර වහන්නට ඉඩ දීල බලන් ඉමුද ?

    පන්සල් වලට සම්බඳ වෙලා වැඩ කරන සහෝදරවරු මේ එලකිරියෙ ඕන තරම් ඉන්නව... පියවරක් ගමු නේද ?.. පටන් ගමුද ?
    පිරිවෙනින් පිරිවෙනට ගිහින් අපි සිංහලෙන් වෙබ් අවකාශයට වැඩම කරන්න අපේ හාමුදුරුවනේ කියල ආරාධනා කරමුද ?...
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    බ්ලොග් හදන්න දන්න, UNICODE ගැන දන්න උන් නැද්ද මේකෙ ?

    මම තනියම හරි මේ වැඩේ කරනව.. කැමති නම් වරෙල්ල.. අපි එකතු වෙමු..

    ලොකු දෙයකට නෙවෙයි.. අපි අපේ ස්වාමීන්වහන්සේලා අලුත් web information ලෝකයට, Semantic web ekata එක්කන් යමු..
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    චගු;11962881 said:
    බ්ලොග් හදන්න දන්න, UNICODE ගැන දන්න උන් නැද්ද මේකෙ ?

    මම තනියම හරි මේ වැඩේ කරනව.. කැමති නම් වරෙල්ල.. අපි එකතු වෙමු..

    ලොකු දෙයකට නෙවෙයි.. අපි අපේ ස්වාමීන්වහන්සේලා අලුත් web information ලෝකයට, Semantic web ekata එක්කන් යමු..

    ඔයා කියලා තියෙන ඒවයේ ඇත්තකුත් තියනවා.
    ස්වාමීන්වහන්සේලාත් සම්බන්ද උනොත් ඒකේ තත්වයන අනිවාර්යෙන් ඉහල යනවා.
    කතෝලික හරි මුස්ලිම් හරි Site එකක් යනවනම් ඒකේ කොතන හරි ඒගොල්ලන්ගේ පූජ්‍ය පක්ෂයෙන් කෙනෙක් ඉන්නවනේ.