ජංගි ගැන

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොමුපිළි - Lingerei

    මොනවද මේ කොමුපිළි.. නැත්නම් ඉංග්‍රීසියෙන් ලෑන්ෂරි කියන්නේ. ඒ තමයි කාන්තා යට ඇඳුම් වලට කියන නම. ඊට උඩට සහ පහලට අඳින සියළුම ඇදුම් අයත් වෙනවා. නමුත් මාතලන් කතා කරන්න යන්නේ පහලට අඳින ඇදුම් වල එක ඇඳුමක් ගැන. ඒ තමයි පෑන්ටී. පොදු ව්‍යවහාරයේ පාවිච්චි කරන නම තමයි "ජංගි". පොඩි කාලේ නම් කොල්ලොත් ජංගී අඳිනවා. ඒත් දැන් අඩුයි. කොල්ලො අඳින එකට ඉස්සර කිව්වේ සස්පැන්ඩර් කියලා. දැන් නම් කවුරුත් දන්නේ ජොකා කිව්වම තමයි. මේ ජොකා ගැන අපේ කතන්දර ශූරීන් පලු යන්න කතා ලියලා තියෙනවා. ඒ වගේම ටැබූ මුත්තත් "යටි වතට ඇයි මේ සරදම්" වගේ මාතෘකාවක් යටතේ පෝස්ට් එකක් දැම්මා.. නමුත් මම හිතන්නේ ජංගි ගැන ලියුවේ නෑ.


    මේ පෝස්ට් එක දාන්න කියලා කිව්වේ අපේ හාමිනේ. මොකද රට රටවල ගිහිල්ලා මාතලන් මේ ගැන හොඳට දන්න නිසා. අපේ හාමිනේටත් එක එක ජාතිවල ඒව ගෙනත් දීලා තියෙනවා. දැන්නම් කොළඹ රටේ බස් එකේ යන කොටත් ජංගී විතරක් ඇඳගෙන ඉන්න ඩමීස් තියෙන සාප්පු වැහි වැහලා. ඒ නිසා මේක දැන් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නමුත් මේවල එක එක හැඩේ ඒවා තියෙනවා. ප්‍රධානම වෙනස තමයි පසු පස ප්‍රදේශය වැසෙන ප්‍රමානයේ ඇති වෙනස. මොකෝ ඉදිරි ප්‍රදේශය වැහෙන්න එපාය. ඉතින් ඒ කාලේ ඇඳපු පොල් ජංගියේ (මේවා ඇන්දම උඩ ඇඳුමටත් උඩින් පැහැදිලිව පේනවා. වාටී ලොකු නිසා.) පටන්, වර්ථමානයේ අපේ සීයලා ඇඳපූ අමුඩේ වගේ වෙනකන් සියල්ලම වගේ මෙහි තියෙනවා

    බ්‍රීෆ්ස්



    බ්‍රීෆ්ස් වර්ග කීපයක් තියෙනවා. ක්ලැසික්, බොයි ලෙග්, ෆ්‍රෙන්ච් කට් සහ කන්ට්‍රෝල් වශයෙන්. මේ වර්ගයේ ඒවා තමයි අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ. පසු පස ප්‍රදේශය සම්පූර්නයෙන්ම වැසෙනවා. නාභියට තරමක් පහල දක්වා ඉදිරියෙන් ආවරනය වෙනවා

    classicbrief.jpg

    ක්ලැසික්

    light-control-briefs.jpg

    කන්ට්‍රෝල්

    AAAAC5q0ayEAAAAAAAx_BQ.jpg

    ෆ්‍රෙන්ච් කට්

    415QB6UW_IL__24345__95868_zoom.jpg

    බොයි ලෙග්

    හිප්ස්ටර්ස්

    මේ වර්ගයත් බ්‍රීෆ් වලට බොහෝ සෙයින් සමානයි. නමුත් ඉඟටිය ප්‍රදේශය ආවරණය කරන ප්‍රමාණය අඩුයි. ඒත් මේක ඉඟටිය ප්‍රදේශයට පහසු බවයි මත විමසුම් වලින් හෙලිවන්නේ මේ වර්ගයත් විවිධ හැඩ වලින් එනවා.

    boycut-lace.jpg


    -Chantelle_2803_Chantilly_Brief_Panties--30273221.jpg


    ටැන්ගාස්

    මේක ඇමේසන් වනයේ ගෝත්‍රිකයන්ගෙන් ආපු එකක් ලෙසයි පිළිගැනෙන්නේ. ත්‍රිකෝනාකාර රෙදි කැබලි දෙකක් ඉනවටා යන පටියකට සම්බන්ධ කිරීමක් තමයි මේයින් වෙන්නේ.

    o_70024.jpg


    AAAAAnex8pAAAAAAARaxLA.png


    බිකිනීස්

    කියපු ගමන් මතක් වෙන්නේ 'සුද්දියෝ නායි බිකිනි සූට් ඇඳගෙන" කියන ගීතය. බිකිනිය ඉස්සරහ ප්‍රදේශය හා පසුපස හොඳින් ආවරනය කලත් ඉඟ වටා යන ප්‍රමාණය ඉතා කෙටියි. සමහර බිකිනි රෙදි පටිවලින් ඉඟ ප්‍රදේශයෙදී එකතු කළ හැකි අතර, සමහරක් ඒවා එසේ නොමැතිවද තියෙනවා. ඉස්සර අපේ තාත්තලා ඇන්ද, "සස්පැන්ඩර්" වගේ. නමුත් ඒවා, එකම පැත්තේ ගැට දෙකකින් සම්බන්ද වෙනවා.


    string-bikini-underwear.jpg


    Bikini_Underwear.jpg



    තොන්ග්ස්

    සාර්ථක ලිංගික ජීවීතයකට මග පෙන්වන තොන්ග්ස්, ටැන්ගා වලට බොහෝ දුරට සමානයි. නමුත් පසු පස ප්‍රදේශය ආවරණය වන්නේම නෑ. (අපේ සීයගේ අමුඩේ වගේ.) ඉදිරියත් යාන්තමින් විලි වැසෙනවා විතරයි. මේව ඇඳලා ලෝ වේස්ට් ඩෙනිම් ඇඳලා යන බටහිර යුවතියන්ගේ ඇඳන් ඉන්න බ්‍රෑන්ඩ් එකත් පේනවා. ඒක විලාසිතාවක්. මෙහිත් වර්ග කීපයක් තියෙනවා. ජී ස්ට්‍රින්ග්, වී ස්ට්‍රින්ග්, සී ස්ට්‍රින්ග් සහ චීකී කියලා

    මෙයින් වඩාත් ජනප්‍රිය චීකී... සී ස්ට්‍රින්ග් කියන එක නවතම සොයාගැනීමක් වගේම යට ඇඳුම් ළොවේ පෙරලියක්. ඉඟ වටා කිසිම සම්බන්ධයක් නොමැති මෙය රැඳි සිටීම සඳහා විශේෂ රෙදි වර්ගයකින් නිපදවා තිබෙනවා. සැටින් වයේ ඇඳුම් අඳින විට, වාටී නොපෙනන ලෙස ඇඳීම සඳහා මෙය නිපදවා තිබෙනවා.

    thong21.jpg

    වී ස්ට්‍රින්ග්

    41gzUhWbTRL.jpg

    චීකී

    38pcs-lots-sexy-panty-wholesale-Panties-Sexy-Thongs-G-string-C-string-7543.jpg

    ජී ස්ට්‍රින්ග්


    cstring.jpg

    සී ස්ට්‍රින්ග්

    දැන් ඉතින් කෙල්ලන්ට පුළුවන් චන්ඩි වගේ ගිහින් නම කියලම ඉල්ලන්න. අරක මේක කියන්නේ නැතුව. කොල්ලොත් දැණුවත් උනා. ලිංගික ගැටළු තියෙන බැඳපු අයටත් මෙයින් යමක් ඉගෙන ගන්න පුළුවන්. ඔය හැම ජාතියම දැන්න් මෙහේ තියෙනවා.


    ඉස්සුවේ මෙතනින්.....

    http://maathalan.blogspot.com
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ela.....ela.... වයිෆ් යවන්නෙ නැතුව ජංගිත් ගෙනල්ල දෙන්න පුළුවන්.. වයිෆ් ශොපිං යවනවට වඩා වැඩේ ලේසියි, ඉක්මන්, සල්ලිත් ඉතුරුයි...
    ඉස්තුතියි....!!!!!