Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Education
Battle of GANNORUWA | ගන්නොරුවේ මහ සටන
Tweet
Page 1 of 2
1
2
>
Thread Tools
Display Modes
(#
1
)
hemalsilva
Senior Member
Posts: 11,952
Blog Entries:
3
Join Date: Oct 2006
Location: BAHRAIN
Battle of GANNORUWA | ගන්නොරුවේ මහ සටන -
01-29-2012, 10:21 PM
ගන්නොරුවේ මහ සටන
ශ්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීමට පැමිණි විදේශීය සතුරු හමුදාවලට මහනුවර නගරය අත්පත් කරගැනීමට නොහැකි වූයේ කඩුගන්නාව ගිරි දුර්ගය හරහා පැමිණීමට නොහැකි වීමත් මහනුවර නගර මහවැලි නදියෙන් වටවී තිබීමත් නිසා බවට මතයක් තිබේ.
1638 වසරේ මාර්තු 27 හා 28 දිනවල මහනුවර ගන්නෝරුවේදී ඓතිහාසික සටනක් සිදුවිය. එමගින් උඩරට ආක‍්‍රමණයට ආ පෘතුගීසි හමුදාවක්ම සමූලඝාතනය කිරීමට අපේ විරෝදාර හමුදාවට හැකිවිය.
මේ මහ සටන සිද්ධවූයේ වර්තමානයේ මුල්ගම්පොල දෙයියන්නේවෙල හා ගන්නොරුව මංසන්ධියේ දැන් රණවිරු උද්‍යානය පිහිටි බිම්කඩ ආශ‍්‍රිතවය. එය කිසිසේත්ම කඳු හෙල්වලින් තොර භුමිභාගයකි.
ගන්නෝරුව යනු මහනුවර නගර සීමාවට අයත් භූමිභාගයකි. මුහුදු මට්ටමේ සිට මීටර තුන්සියක උසකින් පිහිටි මේ සශ්‍රීක භූමි භාගය පේරාදෙණිය මල්වත්තට ආසන්නයේ පවතී.
එක්දහස් හයසිය තිස් අට වසරේ මාර්තු මස 27 සහ 28 දෙදිනදි සිදු වූ මේ ඓතිහාසික සටනට පෙර දෙවැනි රාජසිංහ රජතුමා පෘතුගීසි හමුදාවන්ට සාම දූතයන් යවා සාමය ආරක්‍ෂා කරන ලෙස ඉල්ලීමක් කෙළේය.
ලංකා ඉතිහාසයේ මහ සටන්බිම්
ඒ ලන්දේසින් සමඟ ඉතා සමීප මිත‍්‍රත්වයක් ගොඩනගාගෙන සිටි දෙවැනි රාජසිංහ රජතුමා පිළිබඳව එතරම් පැහැදීමක් පෘතුගීසින් අතර නොවීය.
දෙවැනි රාජසිංහ රජතුමා විසින් යවන ලද සාම¥තයන්ගේ ඉල්ලීම තඹයකටවත් නොසැලකීමට ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වරයා වන දියෝගුද මේලෝද කැස්ත්‍රෝ පියවර ගත්තේය.
රටවල් ආක‍්‍රමණය කොට එහි ඇති දේ කොල්ලකෑමේ පිපාසිතයකු වූ දියෝගුද මෙලෝද කැස්ත්‍රෝ යටතේ සිටින හමුදාව මහනුවර රාජධානිය ආක‍්‍රමණය කිරීමට තරම් වූ හමුදාවක් නොසිටින බව දැන දැනත් ඔහුගේ උපාය මාර්ගය වූයේ දෙවැනි රාජසිංහ රජ තුමාගේ සොයුරු මාතලේ පාලක වශයෙන් කටයුතු කළ විජයපාල කුමරුගේ ආධාරයෙන් මහනුවර ආක‍්‍රමණය කිරීමයි.
සිංහල හමුදාව තම උපන් භූමිය ලෙයින් තෙත්කොට හෝ තම භූමිය රැක ගැනීමට සැරසී සිටියදී පන්දහසක සිංහල ලස්කිරික්‍ඳ්ක්‍ඳ හමුදාවක්ද පෘතුගීසීන් සමඟ එක්ව සිටියහ.
එය වර්තමානයේ සිදු වූදේවලට බොහෝ සෙයින් සමාන වීම විශේෂ ඊට අමතරව පෘතුගීසි හමුදාවේ පෘතුගීසි සොල්දාදුවන් හත්සියක්ද කොංකන් භටයන් දෙසීයක්ද අප‍්‍රිකානු භටයන් තුන්සීයක්ද තුප්පායි භට කණ්ඩායමක්ද වූහ.
දෙවැනි රාජසිංහ රජතුමා විසින් යවන ලද සාමදූතයන්ගේ සාකච්ඡා ඉවත දැමූබව දැනගත් වහාම රජතුමා වහාම යුද්ධයට සූදානම් විය.
එයට රාජසිංහ රජුගේ සේනාවක්ද පෘතුගීසින්ගේ විවිධ අඩම්තේට්ටම්වලට ලක් වූ පහතරට පිරිසක්ද දකුණු ඉන්දීය කුලීභට හමුදාවක්ද වූහ. දැන් දෙපාර්ශවයම සටනට සූදානම්ය.
දෙවැනි රාජසිංහ රජතුමා
එක්දහස් හයසිය තිස් අටේ මාර්තුමස විසිහයවැනි දින අට්ටාපිටියෙන් තම අවසන් ගමන පිටත් වූ පෘතුගීසි හමුදාවේ කපිතාන් ජෙනරාල් දියෝගුද මේලෝද කැස්ත්‍රෝ ප‍්‍රමුඛ පෘතුගීසි හමුදාව කිසිදු අභියෝගයකින් තොරව පසුදින මහනුවරට පැමිණ නගරය ගිනි තැබීමට උත්සාහ කළ ද පෘතුගීසින් බලාපොරොත්තු වූ මාතලේ පාලක දෙවැනි රාජසිංහ රජුගේ සොහොයුරු විජයපාල කුමරාගේ සේනාව මහනුවරට පැමිණ නොතිබුණි. ඉතිහාසයේ සඳහන් වන්නේ මේ දෙසොහොයුරන් අතර තිබූ විවිධ දුර්මත ඒ වනවිට ඉවතලා ජාතිය බේරා ගැනීමේ එකඟතාවක පැමිණ තිබූ බවයි.
සිංහල හමුදාවලින් ලැබෙන ප‍්‍රතිප‍්‍රහාර ඉවසා දරා ගැනීමට නොහැකි වූ පෘතුගීසි හමුදා පසුබැසීමට තීරණය කළේය.
ආපසු පැමිණෙන හමුදා වර්තමානයේ මුල්ගම්පොල හා දෙයියන්නේවෙල ප‍්‍රදේශවලදී සිංහල හමුදාවන්ට මුහුණට මුහුණ හමුවිය.
පෘතුගීසීන්ට මහවැලි නදිය තරණයකොට ආපසු යාමට නොහැකි ආකාරයෙන් සියලූ රැුකවල් ඒ වන විට ද සිංහල හමුදා යොදා තිබුණි.
මහවැලි නදිය තරණය කරගත නොහැකිබව තේරුම් ගත ඔවුහු වර්තමානයේ ගන්නෝරුව මංසන්ධියේ පිහිටි රණවිරු උද්‍යානයට ඉහළින් පිහිටි කිරිවන්තලාව කඳුගැටයේ කදවුරු බැඳ ගත්හ.
ඒ වන විට දැඩි තෙහෙට්ටුවට පත්ව සිටි පෘතුගීසි හමුදාවට ජලයේ අවශ්‍යතාව දැඩිලෙස දැනුනද මහවැලි නදියෙන් ජලය ලබා ගැනීමට සිංහල හමුදාව කිසිසේත් ඉඩ නොදුන්නේය.
මාර්තුමස විසි අටවැනි දින සිංහල හමුදා පෘතුගීසින්ට පහරදීම ආරම්භකළේ අලූයම් කාලයේය.
අපගේ දේශය පර සතුරන්ගෙන් බේරාගැනීම සඳහා තවත් ඓතිහාසික සටනක් එසේ ආරම්භ වීය.
සතුරන් කොටුකර එල්ල කරන මේ මහා සටන විජයග‍්‍රහණයකින්ම නිමා වන බව දැනගත් දෙවැනි රාජසිංහ රජුද සටන් භූමියට අවතීර්ණ විය. එය සොල්දාදුවන්ටද මහත් ශක්තියක් විය.
මෙම මහා සටනේදි පෘතුගීසීන්ගේ වෙඩිබෙහෙත් ගබඩා ගිනිබත් කිරීම සඳහා ඊතල විදි ස්ථානයක්ද අදටත් ඇත.
එය දුනුවාගල කන්ද නමින් එදා හැඳින්වුවද වර්තමානයේ එය හැඳින්වෙන්නේ ප‍්‍රිම්රෝස් උදානය නමිනි.
දුනුවාගල කන්දේ සිට වියලන ලද කරුංකා ගෙඩිවලට ගිනිතබා ඊතලයේ ඉදිරියෙන් ගැටගසා විද ඇති අතර පෘතුගීසි හමුදාවේ වෙඩිබෙහෙත් තොග පිටින් ඉන් විනාශ වු බවද ජනවහරේ කතාවක් ඇත.
මේ අපූරු ස්ථානය සොයා දුනුවාගල කන්දට එසේත් නොමැතිනම් වර්තමානයේ ප‍්‍රිම්රෝස් කන්දේ ගිනි කරුංකා ඊතල විද්ද ස්ථානය සොයා යන විට එහි වාසය කොට සිටින්නේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා බව දැනගන්නට ලැබුණි.
ඉරිදා ලංකාදීපය ඉතිහාස කතා ලිවීමේදී ඔහුගෙන් ලද නිර්ලෝභි දායකත්වය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. වර්තමානයේ දුනුවාගල කන්දේ ඊතල විද්ද ස්ථානයට ඔහුගේ අවසරයකින් තොරව යා නොහැකිය.
අවශ්‍යතාව කියූ සැනින් කන්ද උඩරට ඉතිහාස පිළිබඳව ඉතා ගැඹුරින් සොයාබලන හිටපු දියවඩන නිලමේවරයා දුනුවාගල කන්දේ ඊතල විද්ද ස්ථානයට මා රැුගෙන ගියා පමණක් නොව එහි ඉතිහාස කතාද කියා දුන්නේය.
සැබැවින්ම එම ස්ථානය අපූරු හැඩතලවලට කැපූගල් සමූහයක් ඇති ස්ථානයක් නිසාත් පෘතුගීසින් කඳවුරු බැඳ ගත්තා යැයි පැවසෙන කිරිවන්තලාව කඳුගැටයට මුහුණලා පිහිටි නිසාත් කිසියම් වෙනත් ක‍්‍රමයකින් ගිනිතැබූ කරුංකා සහිත ඊතල විද්ද බවට සාධක දැකිය හැකිය.
එසේ නොමැතිව අත්දන්නක් භාවිත කර එම ස්ථානයට ඊතල විදිය නොහැකි බවක් පෙණුනි.
ඓතිහාසික ගන්නෝරු සටනේ ශෝකාන්තය එහිදී උදාවිය. පෘතුගීසින් සතු සියලූ වෙඩි බෙහෙත් සටන අතරතුර වට මහා වර්ෂාවකින් දියබත් විය. ඔවුනට සටන් කරගත නොහැකි තත්ත්වයක් උදාවිය.
මනා සැලසුම් සහගත සටනක ඒ වන විටද යෙදෙමින් සිටි උඩරට සිංහල හමුදා පෘතුගීසි හමුදා අතරට කඩා වදිමින් කඩුව හා පලිහ උපයෝගි කර ගනිමින් තම බාහුවේ ශක්තිය වෙඩි බෙහෙත් ශක්තියට වඩා වැඩි බව මැනවින් පෘතුගීසින්ට කියා පැවේය.
ඒ වන විට සිංහල ලස්කිරික්‍ඳ්ක්‍ඳ හමුදා පැනගොස් තිබුණි.
සටන අවසානයේ පෘතුගීසි හමුදාවේ දෙදහස් පන්සීයක් අවසන් හුස්ම හෙළා තිබුණි.
ලාංකික උදව්කරුවන්ද පිරිවරා සටනට ආ පෘතුගීසි ජාතික හත්සිය දෙනාගෙන් නොමැරී බේරී සිටියේ අත් අඩංගුවට ගත් සිය දෙනා පමණි.
අත්තනෝමතික තීරණයක්ගත් පෘතුගීසි හමුදා කපිතාන් ජෙනරාල් දියෝගුද මේලොද කැස්ත්‍රෝ හා ඔහුගේ කපිතාන් මේජර්වරයා වූ දම්යාන් බොතාදු ද සටනේදී අවසන් හුස්ම හෙළා තිබුණි. සිංහලයන්ගේ එම වීර සටන ගැන ඉතිහාසයේ සඳහන්වන්නේ එසේය.
මෙම සටන පෘතුගීසින්ගේ ලංකා ආධිපත්‍ය බිද වැටීමත් ලන්දේසීන්ගේ ලංකා ආගමනයත් සනිටුහන් කරන්නකි.
උපුටා ගැනීම මහවන්ස බ්ලොග්
hemalsilva
View Public Profile
Send a private message to hemalsilva
Visit hemalsilva's homepage!
Find all posts by hemalsilva
View Blog
(#
2
)
WICKILEAKS
Senior Member
Posts: 8,968
Join Date: Jan 2011
Location: Lion always in his den
01-29-2012, 10:27 PM
nitharama giyata History eka ahala thibunata ada hugak dana gaththa
thnx
WICKILEAKS
View Public Profile
Send a private message to WICKILEAKS
Find all posts by WICKILEAKS
(#
3
)
Arc Defender
Senior Member
Posts: 171
Join Date: Oct 2011
01-29-2012, 10:30 PM
සිංහල පුතුන්ගේ වැඩක්..
Arc Defender
View Public Profile
Send a private message to Arc Defender
Find all posts by Arc Defender
(#
4
)
uzi101
Senior Member
Posts: 1,847
Join Date: Dec 2011
01-29-2012, 10:34 PM
අපි අපේ ඉතිහාසය ගැන දැනගන්න එක ගොඩක් වැදගත්. ගොඩක් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තාට
rep given
uzi101
View Public Profile
Send a private message to uzi101
Find all posts by uzi101
(#
5
)
nagaya
Senior Member
Posts: 12,218
Join Date: Mar 2007
Location: Dead Man's Chest
01-29-2012, 10:41 PM
maxxa post eka, +5 reped
meka lankadeepe tibba ekak neda
http://admin.lankadeepa.lk/index.php/articles/2626
nagaya
View Public Profile
Send a private message to nagaya
Find all posts by nagaya
(#
6
)
dakshinasd
Senior Member
Posts: 343
Join Date: Feb 2008
Location: Kandy
01-29-2012, 10:53 PM
Post eka ela....
Quote:
Originally Posted by
nagaya
maxxa post eka, +5 reped
meka lankadeepe tibba ekak neda
http://admin.lankadeepa.lk/index.php/articles/2626
Matath mathakai oka news paper ekaka thibuna
dakshinasd
View Public Profile
Send a private message to dakshinasd
Visit dakshinasd's homepage!
Find all posts by dakshinasd
(#
7
)
hemalsilva
Senior Member
Posts: 11,952
Blog Entries:
3
Join Date: Oct 2006
Location: BAHRAIN
01-29-2012, 11:03 PM
Quote:
Originally Posted by
nagaya
maxxa post eka, +5 reped
meka lankadeepe tibba ekak neda
http://admin.lankadeepa.lk/index.php/articles/2626
LANKADEEPE MULINMA GIYE
hemalsilva
View Public Profile
Send a private message to hemalsilva
Visit hemalsilva's homepage!
Find all posts by hemalsilva
View Blog
(#
8
)
Nisala88
Senior Member
Posts: 3,056
Join Date: Oct 2006
Location: ~Madhouse~
01-30-2012, 09:14 AM
fatta machan
rep+6
Nisala88
View Public Profile
Send a private message to Nisala88
Find all posts by Nisala88
(#
9
)
Mr:Virus
Senior Member
Posts: 4,458
Join Date: May 2011
Location: Colombo
01-30-2012, 09:21 AM
Good post machan ++
Mr:Virus
View Public Profile
Send a private message to Mr:Virus
Visit Mr:Virus's homepage!
Find all posts by Mr:Virus
(#
10
)
shivantha123
Senior Member
Posts: 1,241
Join Date: Feb 2007
01-30-2012, 09:22 AM
bump
shivantha123
View Public Profile
Send a private message to shivantha123
Find all posts by shivantha123
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.11077
seconds with
6
queries