දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    [FONT=&quot]මේක ලිව්වෙ සැදැහවත් සිංහල බෞද්ධයන්ගේ මතු ප්‍රයෝජනය සඳහායි...කර්ම පල නොඅදහන අන්‍යාගමිකයන්ගේ විවේචනයට/ තර්ක විතර්ක ආදියට නොවේ. තව සමහරුන්ට මේක විහිලුවක් වෙන්න පුලුවන්. මිසදිටු අදහස් වලින් මෙම උතුම් ධර්ම දානය අපවිත්‍ර නොකරන මෙන් ඉල්ලමි.[/FONT]

    [FONT=&quot]පින් කරන්න හොඳම තැන තමයි මනුෂ්‍ය ලෝකෙ[/FONT]
    [FONT=&quot]මනුෂ්‍යයෙක් විදියට ඉපදෙන්න ගොඩක් පින් තියෙන්න ඕනෙ.ඒ අතරෙනුත් කාන්තාර[/FONT],[FONT=&quot]හිම ප්‍රදේශ වල ඉපදෙන්නැතුව[/FONT], [FONT=&quot]මිත්‍යාදෘෂ්ටික ආගමක නොඉපදී තේරිලා බේරිලා ලංකාවේ බෞද්ධයෙක් විදියට ඉපදෙන්නත් විශාල පිනක් තියෙන්න ඕනෙ..[/FONT]

    [FONT=&quot]ඔන්න ඉතින් එහෙම ඉපදුනා කියමුකො. ඉතින් අද කාලෙ කීයෙන් කීදෙනාටද බණක් භාවනාවක් කරගන්න වෙලාව තියෙන්නෙ[/FONT]?
    [FONT=&quot]ඉගෙන ගන්නවා[/FONT],[FONT=&quot]බඳිනවා[/FONT],[FONT=&quot]ළමයි හදනවා[/FONT],[FONT=&quot]ගෙවල්[/FONT],[FONT=&quot]ඉඩම්[/FONT],[FONT=&quot]වාහන ගන්නවා..ජීවිතේම සල්ලි වෙලා. ඉතින් ඔහොම ජීවත් වෙන්න සල්ලි පස්සෙ දුවන අතරෙම දහසක් වැඩ ඉතුරු වෙලා තියෙද්දිම මැරෙන්න වෙනවා...
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් ඔය මැරෙන මොහොතේ තණ්හාවක්[/FONT],[FONT=&quot]ද්වේෂයක් හිතේ ඇති උනොත් එහෙම එක්කො තමන්ගෙම ඉඩමෙ ප්‍රේත ආත්මයක් හරි[/FONT], [FONT=&quot]බල්ලෙක්[/FONT],[FONT=&quot]බළලෙක් හරි වෙනත් තිරිසනෙක් විදියට හරි ඉපදිලා සෑහෙන දුකක් විඳිනවා. ඇයි මේ[/FONT]? [FONT=&quot]මේ තමා සංසාර දෝෂය...ගොඩක් අයට වෙන්නෙ මේ ටික තමා..[/FONT]

    වරක් තිරිසන්/ප්‍රේත/ නිරි සතුන්(අපයෙ ඉපදුන අය ) ලෙස දුගතියකට ගියොත් ආත්ම භාව දහස් ගනන් දස දහස් ගණන් ඒකෙම කා කොටා ගනිමින්,පවෙහි ගැලෙමින් ජීවත් වනවා මිස ගොඩ ඒමක් ලැබෙන්නේ කලාතුරකිනි.


    [FONT=&quot]මිනිහෙක් වෙලා අවුරුදු [/FONT]60-70 [FONT=&quot]ක් ජීවත් වෙන මේ කාලෙ හරියට පිනක් දහමක් කරගෙන හොඳින් පාරමිතා පුරන්න[/FONT], [FONT=&quot]භාවනාවක් කරන්න හිත නැමෙන්නේ කීයෙන් කී දෙනාටද[/FONT]?


    [FONT=&quot]හොඳයි මරණින් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනා කියල තමන්ගේ කර්ම පඩිසන් දෙන එක නතර වෙන්නෙ නෑ..ඒකට රහත් වෙන්නම ඕනෙ... නිවන් දකින්න පාරමිතා පුරන එක තමා බෞද්ධයෙක්ගෙ ප්‍රධානම බලාපොරොත්තුව විය යුත්තේ..ඒත් කාර්ය බහුල බව හින්දා ගොඩක් අයට ඒ ටික කරන්න බෑ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේක ලියන්නෙ දහසකුත් එකක් කම්කටොලු මැද ජීවත් වෙන සිංහල බෞද්ධයන්ගේ ඊලඟ භවය සැපවත් කිරීමෙ අදහසින්..[/FONT]

    1.[FONT=&quot]පින් කරන නිවැරදි ක්‍රමය:[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පිනක් කරන විට " මට මේ පින් කමෙන් සියලු කෙළෙසුන් නසා නිවන් දැකීමට ලැබේවා" යි නිවනම ප්‍රාර්ථනා කරන්න..භව බෝග සම්පත් පැතීමෙන් පින තෘෂ්ණාවෙන් දුබල වෙයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]යමෙකුට භව බෝග සම්පත් පැතීමට අවශ්‍ය නම්[/FONT]
    " [FONT=&quot]මේ පිනෙන් මට පාරමිතා ධර්ම පුරා නිවන් දැකීමට කිසිවකින් අඩුවක් නොවේවා" යයි පතන්න.[/FONT]


    2.[FONT=&quot] ඔබ කරන පින් කුඩා පොතක දින වකවානු[/FONT],[FONT=&quot]සහභාගි වූ මිතුරන්[/FONT],[FONT=&quot]දාන වස්තු ආදිය සමග සටහන් කරගන්න[/FONT],[FONT=&quot]නිතර මෙම පොත බලමින් ඔබ කළ පින් සිහි කරන්න..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ අතුරෙනුත් ඔබ වසරක් පාසා දෙන දානයක් හෝ එදිනෙදා හෝ(බුදුන් වැඳිම වැනි ) පින්කමක් හොඳින් හිතේ තබා ගන්න..ටික දිනක් නිතර සිහි කරමින් මතක් කරන විට ඔබේ හිතේ හොඳ පැහැදිමක් ඇති වේවි..[/FONT]


    3.[FONT=&quot] මේ ආත්මයේ මගේ ප්‍රමාදයක් නිසා නිවන් දැකීමට නොහැකි උනොත් දෙව්ලොව ගොස් නිවන් දුටු දෙවිවරුන්ගෙන් බණ අසා පාරමිතා පිරීමට ලැබේවායි පතන්න...තව්තිසා දෙව්ලොව තම මගේ දැනුමෙ හැටියට බුදුන්ගෙන් බණ අසා නිවන් දුටු දෙවිවරු වැඩි හරියක් ඉන්නෙ.[/FONT]


    [FONT=&quot]මරණාසන්න මොහොත[/FONT]

    [FONT=&quot]කොයි වෙලේ මැරෙයිද කියන්න බෑනෙ..ඉතින් මේ වෙලාවෙ කොහේ හිටියත් මොනව වෙලා මැරුනත් තමන්ට අර පින්කම සිහියට ගන්න පුලුවන් තරමට හිත පුරුදුවෙලා තියෙනවනම් ඒ වෙලාවෙ සිතේ පැහැදීමක් ඇති වෙලා සුගතියක ඉපදෙන්න තියෙන අවස්තාව වැඩියි..[/FONT]

    [FONT=&quot]තමන්ගේ ඥාතියෙක් මිය යනවිට[/FONT]…


    [FONT=&quot]තමන් හදල වඩල කවල පොවපු දෙමව්පියෝ හරි ආච්චි සීය හරි මැරෙන කොට දුගතියක ඉපදෙන්න නොදී සුගතියකට යවන්න පුලුවන්නම් ඊට වඩා යුතුකමක් දරුවෙකුට නෑ. ජීවත් වෙන කාලෙ තමා හොඳින්ම සලකන්න ඕනෙ[/FONT],,[FONT=&quot]ඒත් මේකත් කළාම යුතුකම සම්පූර්ණයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    1.[FONT=&quot]මරණ මංචකය ඒ කියන්නෙ ලෙඩ ඇඳ වටේට බුද්ධ රූප[/FONT], [FONT=&quot]රුවන්මැලි සෑයෙ [/FONT],[FONT=&quot]ශ්‍රී මහා බෝධිය වගේ පින්තූර එල්ලන්න ලෙඩාට පේන විදියට.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    2.[FONT=&quot]ඇඳ ලඟ පුටුවක් තියලා බුදු පිළිමයක් තියල මල් පහන්[/FONT],[FONT=&quot]හඳුන්කූරු පත්තු කරන්න නිතරම.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    3.[FONT=&quot]සුමධුර බණ දේශනාවක් සද්දෙ ටිකක් වැඩි පිර දාල ඇහෙන්න සලස්වන්න. පිරිත් වලට වඩා හොඳයි සිංහලෙන් තෙරෙන විදියට බණක් දැම්මාම..[/FONT]


    4.[FONT=&quot]මේක තමා වැදගත්ම... ගමේ පන්සලේ හාමුදුරුවො ගෙන්නලා ලෙඩාට අත ගස්සලා අට පිරිකරක් පූජා කරවන්න..ජීවත් වෙලා ඉන්න කාලෙ කළ පින් කම් මතක් කරල දුන්නොත් තවත් හොඳයි. මේව එදාඉඳල එන සිංහල බෞද්ධ චාරිත්‍ර.[/FONT]

    [FONT=&quot]ඔන්න කට්ටියම සුගතියට යවන්න පුලුවන් උපරිම උත්සාහය දුන්නා..ඒත් තමා හිසට තම අතමය හෙවනැල්ල...කරන නොකරන එක තමන්ගේ වැඩක්...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    Gstar [FONT=&quot]ගේ[/FONT] [FONT=&quot]තවත් ධර්ම දානයක්[/FONT]
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot]ඔන්න පව් කාරයො එහෙම හිතයි දැන් අපි කොහේද බන් දිව්‍ය ලෝකෙ යන්නෙ කියල..බය වෙන්න කාරි නෑ.දෙවෙන ජාතියේ පඩිසන් දෙන බලගතු කර්ම හැමෝටම නෑ. තියෙන කර්ම තාවකාලිකව යටපත් කරල අවසාන මොහොතෙ සුගතියේ ඉපදෙන්න පුලුවන්..මේ තියෙන්නෙ ඒගැන ලස්සන බණ කතාවක්.[/FONT]

    [FONT=&quot]රතනගිරි පබ්බත කියල පුරාණ විහාරයක් තිබ්බා..ඒකෙ වැඩ සිටියා චුල්ල පිණ්ඩපාතික තිස්ස කියල රහතන් වහන්සේ නමක්..ඒ රහතන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින අසල ගම්වල කිසිවෙකුට අපායට යන්න දෙන්නෙ නෑ[/FONT],,[FONT=&quot]බණ දේශනා කරල ආසන්න කර්මය යහපත් කරල සුගතියට යවනවා.[/FONT]

    [FONT=&quot]ඉතින් මේ ආසන්න ගමක් තිබ්බා "දමිළ දෝවාර" කියල..මේ ගමේ හිටියා [/FONT]55[FONT=&quot] අවුරුද්දක් බිලී බාපු බිලී වැද්දෙක්. ඉතින් මේ රහතන් වහන්සේගෙ දිවැසට පෙනුනා මෙයා අද මැරිලා අපායෙ ඉපදෙනව කියලා.[/FONT]
    [FONT=&quot]මේ වැද්දා කවදාවත් මලක් පහනක් තියා හීනෙන්වත් පිනක් කරපු කෙනෙක් නෙමේ.[/FONT]

    [FONT=&quot]ඉතින් හාමුදුරුවො වැද්දට අනුකම්පවෙන් වැද්දගෙ ගෙදරට වැඩිය. වැද්දගෙ පවුලට කිව්වා මම ලෙඩා බලන්න ආවෙ ආසනයක් පනවන්න කියල..ඉතින් මේ ගෑනි ගිහින් වැද්දට මේක කිව්වම මම දන්නෙ නෑ කවුද කියල[/FONT],[FONT=&quot]එන්න එපා කියන්න කිව්වා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒ පාර හාමුදුරුවො තවත් අනුකම්පාවෙන් කිව්වා[/FONT],[FONT=&quot]ලෙඩාට නෙමේ.මටයි ලෙඩා එක්ක කතා කරන්න ඕනෙ කියල..ඉතින් ගෙට ගිහින් වැද්දට කිව්වා" දැන් අමාරුයි නේද[/FONT]? [FONT=&quot]නරකද පන්සිල් ගත්තොත් කියල"..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මම නම් දන්නෙ නෑ[/FONT],[FONT=&quot]හාමුදුරුවො කිව්වොත් කියන්නම් කිව්වා :)[/FONT]
    [FONT=&quot]නමස්කාරය කිව්වා.තිසරණේ තතියම්පි සංඝං සරණං ගච්චාමි කියන කොට[/FONT],,[FONT=&quot]වැද්දගෙ පව් කාරකම මෙලොවම පඩිසන් දුන්න..මොකද උනේ[/FONT]? [FONT=&quot]වැද්දගෙ දිව ගැලවිලා බිමට වැටුනා. ඉතින් කොහේද පන්සිල් ගන්නේ..
    [/FONT]

    [FONT=&quot]රහතන් වහන්සේ කිව්වා " කිසි බයක් හිතන්න එපා[/FONT], [FONT=&quot]ගත්තු තිසරණ ටික මුල සිට අගට අග සිට මුලට හිතින් කියවන්න කිව්වා..ඔන්න ඉතින් ඔහොම හිතන කොට වැද්දා මළා.[/FONT]

    ඔන්න ඉතින් එදා රෑ රහතන් වහන්සේගේ සක්මන කෙළවර ආවා දිව්‍ය පුත්‍රයෙක්..ඇවිල්ලා වැඳල මෙහෙම කිව්වා..
    ස්වාමින් වහන්ස..අද උදේ ඔබ වහන්සේ තිසරණ දුන්නේ මටනෙ. මම ඒ පිණෙන් මම චාතුර්මහාරාජිකයෙ ඉපදුනා.ඔබ වහන්සේ පන්සිලුත් දුන්නා නම් මට මීට වඩා ඉහල දිව්‍ය ලෝකෙක ඉපදෙන්න තිබ්බා කියලා.. :lol:
    කොහොමද කතාව? ඉතින් ඇයි පසුබට වෙන්නෙ?
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    වටින පෝස්ට් එකක් මචෝ. අනිත් පිංකම් කෙසේ වෙතත් දවසේ ගෙදරින් එලියට බහින්න කලින් වත් බුදුන් වඳින්නේ කීයෙන් කීදෙනාද