mediafire_හි_ගොනු_සොයමු

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    mediafire_හි_ගොනු_සොයමු

    පහසුවෙන් mediafire හි ගොනු සොයමු |සරල HTML/Javascript

    mediafirek.jpg




    File Sharing, එහෙමත් නැත්තං අපේ ගොනු සුරක්ෂිත කරලා තියාගන්න අන්තර්ජාලයේ ඉඩ කඩ ලබාදෙන අඩවි බොහොමයක් තියෙනවා. මින් Rapidshare, Hotfile, Megaupload, 4shared වැනි අඩවි බොහොමයක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවාට වෙනත් අය අප්ලෝඩ් කරන චිත්‍රපට, ගේම්ස්, මෘදුකාංග, ගීත එහෙම බාගන්න පුලුවන් නිසා තමයි.

    මේ අතරින් මම නම් කැමතිම File sharing සයිට් එක තමයි mediafire. හේතුව තමයි මේකෙන් ඩවුන්ලෝඩ් කරන අයට දෙන වදය අවම වීම. දැකලා ඇති Rapidshare වගේ අඩවි වල ෆයිල් එකක් බාන්න විනාඩියක් විතර බලාගෙන ඉන්න ඕනේ. එකම IP එකකින් එකවර දෙදෙනෙකුට බාන්න දෙන්නෙත් නැති නිසා mobile broadband පාවිච්චි කරන අයට ඒවා අකැපයි. mediafire වල ඔය කිසි කරදරයක් නෑ. තත්පර දෙකතුනක් ඇතුලත ලින්ක් එක පෙන්නනවා. Download manager එකක් භාවිත කරන්නත් කිසි තහනමක් නෑ.


    images
    images
    images


    File sharing අඩවි වල තියෙන ෆයිල් මොනවාද කියලා බලාගන්න ඩිරෙක්ටරියක් වගේ දෙයක් නෑ. සාමාන්‍යෙයන් ඔය ෆයිල් අනිත් අයට ලැබෙන්නේ අප්ලෝඩ් කරන කෙනා විසින් ලින්ක්ස් අනිත් අය එක්ක (ෆෝරම් ආදිය හරහා) බෙදාගැනීමෙනුයි. මේ ෆයිල් සාමාන්‍යයෙන් Google සෙවුමට අහුවෙන්නේ නෑ. අපි විශේෂයෙන් අඩවියක් තුල පමණක් සර්ච් කරන්න නං මේ විදියට search query එක යොදන බව දන්නවා ඇති නේ,

    <search query> site:<site.domain>

    ඒ කිව්වේ blogs.sinhalabloggers.com අඩවිය තුල ‘ඉන්ද්‍රනාම‘ කියලා සොයන්න ඕනේ නම්

    ඉන්ද්‍රනාම site:blogs.sinhalabloggers.com

    කියලා සර්ච් කරන්න පුලුවන්.

    අපේ වාසනාවකට වගේ අනිත් file sharing අඩවි නැතත්, mediafire වල තියෙන ෆයිල් මේ විදියේ විශේෂ ගූග්ල් සෙවුමක් කරාම හොයාගන්න පුලුවන්. උදාහරණයක් විදියට මේ සෙවුම බලන්න.

    yanni site:mediafire.com

    ඉතින් අපිට සිංදුවක්, ඊබුක් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරන්න ඕනෙඋනාම ඒක mediafire වල තියෙනවාද කියලා සර්ච් කරලා බලන්න පුලුවන් මේ ක්‍රමයට. මම නම් සාමාන්‍යෙයන් මොකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙඋනත් මුලින්ම බලන්නේ mediafire වල. ඒත් මේ විදියට හැමවෙලේම “site:mediafire.com“ කියන කොටස ටයිප් කරන්න කරදරයි නේද? අපිට ඕනේ ටක් ගාලා සොයාගන්න ක්‍රමයක් නේ.

    අන්න ඒ වැඩේ කරන්න අපි හදාගනිමු පොඩි html ෆයිල් එකක්. අපිට අවශ්‍ය search query එක විතරක් ගැහුවාම ඒක අගට site:mediafire.com කියලත් එකතු වෙලා සර්ච් වෙන විදියට.

    මේ වැඩේ සරලව කරන්න පුලුවන් පියවර 3කින්,

    සර්ච් කරන්න අවශ්‍ය query එක input එකක් ලෙස ලබාගැනීම (HTML form එකකින්)
    query එකට “site:mediafire.com“ කොටස එකතු කිරීම (Javascript භාවිතයෙන්)
    අලුත් query එක http://www.google.com/search වෙත GET මෙතඩ් එකෙන් යැවීමෙන්.
    මුලින්ම අපි html form එකක් හදාගනිමු වැඩේට. මේකේ action එක, එහෙමත් නැත්තං මේ ෆෝම් එකේ ඩේටා අවසානයේ යන තැන http://www.google.com/search විය යුතු අතර, ඒ යන ක්‍රමය හෙවත් method එක get විය යුතුයි. අපි search query එකට අතින් කෑල්ලක් එකතු කරන නිසා ඒ ටික එකතු කිරීමට මේ ෆෝම් එක submit වෙන අවස්ථාවේ javascript function එකක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙන්න මගේ form එක.

    Code:
    1
    <form action="http://www.google.com/search" method="get" onSubmit="google_sitesearch(this)">
    2
     
    3
    <p style="text-align: center;">
    4
    <input name="q" type="text" style="height:35; width: 550px; font-size: 18px" /><br><br>
    5
    <input type="submit"  style="height: 40px; width: 150px" value="Search" />
    6
    </p>
    7
     
    8
    </form>

    මෙහිදී මම කරන්නේ මගේ search query එක එක් text field එකකට ලබාගැනීමත්, එයට “site:mediafire.com“ ලෙස එකතු කර එය http://www.google.com/search වෙත යැවීමයි. Google සර්ච් පිටුවේ අපගේ search query එක රඳවා ගන්නා variable එකේ නම q බව දැනගැනීම මෙහිදී වැදගත් වෙනවා.

    දැන් මේ සඳහා අවශ්‍ය වන Javascript function එක ලියමු.


    Code:
    1
    <script type="text/javascript">
    2
     
    3
    function google_sitesearch(thisForm){
    4
    thisForm.q.value = thisForm.q.value+" site:mediafire.com";
    5
    }
    6
     
    7
    </script>


    මේකෙන් කෙරෙන්නේ q කියන text field එකේ තියෙන string එකට අපට අවශ්‍ය කොටස එකතු කරන එකයි.

    දැන් අපේ වැඩේ සම්පූර්ණයි. පිලිවෙලකට වැඩේ කෙරෙන්න ඕනෙ නිසා අපි මේක පිලිවෙලට ලියාගනිමු. ඒ වගේම අපේ html පිටුව ලස්සන කරගන්න මම mediafire හි ලෝගෝවත් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ සියල්ල එකතු කරලා හදපු සම්පූර්ණ html ෆයිල් එක.

    Code:
    01
    <html>
    02
    <head>
    03
    <title>Search Mediafire</title>
    04
    <script type="text/javascript">
    05
    function google_sitesearch(thisForm){
    06
    thisForm.q.value = thisForm.q.value+" site:mediafire.com";
    07
    }
    08
    </script>
    09
    </head>
    10
     
    11
    <body>
    12
    <form action="http://www.google.com/search" method="get" onSubmit="google_sitesearch(this)">
    13
     
    14
    <p style="text-align: center;">
    15
    <img src="./MediaFire_og.png" alt="Search Mediafire" /><br>
    16
    <input name="q" type="text" style="height:35; width: 550px; font-size: 18px" /><br><br>
    17
    <input type="submit"  style="height: 40px; width: 150px" value="Search" />
    18
    </p>
    19
    </form>
    20
    </body>
    21
    </html>

    අවශ්‍ය ඉමේජ් එක මෙතනින් බාගන්න.

    MediaFire_og.png


    දැන් මේ ෆයිල් එක හාඩ් එකේ කොහේහරි සේව් කරලා තියාගෙන බුක්මාක් කරගත්තානම්, mediafire එකෙන් මොකක්හරි හොයාගන්න ඕනෙවෙන වෙලාවට පාවිච්චි කරන්න පුලුවන්.

    ඒ වගේම වෙනත් සයිට් එකක් සර්ච් කරන්න පාවිච්චි කරන්නත් පුලුවන් මේක. ඒ සඳහා මේකේ වෙනස් කරන්න ඕනේ කොහේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ? (හික් :D උත්තරේ ඉමේජ් එක නං නෙමෙයි :D )

    උපුටා ගන්න ලද්දේ FB
    මෙහි මුල් හිමිකරු වන ප්‍රවීන් සොයුරාට විශේෂ ප්‍රණාමය...!!



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළ වැඩක් නෙ බොස් නියමයි නියමයි කොල්ලා
    මමත් දැම්මා මීඩියාෆයර් ගැන ත්‍රෙඩ් එකක් ලෙසටම මිඩියා රොක්ස් කිව්වලු ඔන්න මගෙනුත් අගය කිරීමක්