$$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$

00gayan00

Well-known member
  • $$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$

    මෙන්න මගේ ගානේ උඹලට හොඳ thread එකක්! මම හැමතිස්සෙම thread දාන එකෙක් නෙමෙයි! :no: හැබැයි මේ thread එක උඹලට පොරෝජනවත් වෙයි කියල හිතනව...:yes:

    මම A/L ඉවර වෙලා ගෙදරට වෙලා නිකන් හිටියයි කිවුවට නිකම්ම හිටියෙ නැ! අනික් එවුන් course වලට සල්ලි නාස්ති කරනකොට ඔක්තෝබර් අන්තිම හරියෙ $222 හොයාගෙනත් ඉවරයි!:P ඒක ගැන කියන්න තමයි මම මේ හදන්න! හරිම ලේසියි... නොදන්න කට්ටියට කියන්නෙ, මේකට තමයි කියන්නෙ freelancing කියල... :nerd:

    මේ වැඩේ කරන්න අඩුම ගානෙ කඩ්ඩවත් (that means English :P) හොඳට පොලිශ් වෙලා තියෙන්න ඕනෙ... නැත්තං graphic designing හරි web designing හරි මොකක් හරි පුලුවන් වෙන්න ඕනෙ. මට ඔය මොකක්වත් බැරි නිසා මම කරේ article writing. මගෙ progress එක උනෙ මාස දෙක තුනකින් $200 ක් හෙවුවා... මගෙ වයසට ඔය හොඳටම ඇති නොවැ... ;):D

    මම contract එක ඉවර කරනකොට මගේ rate එක උනේ $3 per article. ඒ කියන්නෙ 1 පැයකට එක article එකයි. සතියකට පැය 6යි. එක article එකකට වචන 300-500යි... ලිව්වෙ මොනා ගැනද දන්නවද love horoscope ගැන. මෙලෝ දෙයක් දන්නෙ නැති උනාට google කරල එන හොඳ article මගේ වචනෙන් ලිව්වා. එකම අවුල තියෙන්නෙ පලවෙනි job එක හොයාගන්න ටිකක් අමාරුයි!:eek: ඊට පස්සෙ ජොබ් එක ඔයාව හොයාගෙන එනවා... හරිම simple plan.:cool:

    හරි දැං පම්පෝරි නවත්තල මේක කරන්නෙ කොහොමද කියල බලමු! මම මේක කරේ www.odesk.com වල. තව මේකට ඕනතරම් sites තියනවා. ඒත් ඉතින් මම කරපු site එකෙ මම වැඩ කරල සල්ලි ටික අතට අරගෙනත් ඉවරයි!

    දැන් ඔය site එකට ගිහින් කට්ටිය register වෙන්න. ඔක්කොම ඇත්ත තොරතුරු දෙන්න.. :yes:එහෙම කලාම ඔයාලට profile එකක් ලැබෙනවා. හරියටම facebook එකේ වගේ. ඕකට ඔයාලගෙ professional looking පින්තූරයක් දාන්න. අනික් employment, experience education වගේ ඒවත් professional විදියට දාන්න.. බොරු උනත් කමක් නෑ අහුවෙන්නෙ නැති විදියට දාන්න.:lol: දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔයාලට ඔය post කරල තියෙන job වලට apply කරන්න!

    උඩ තියෙන find work කියන tab එකට ගියාම ඔයාලට පේන්නෙ employersල එක job vacancy post කරල තියෙන හැටි! පලවෙනියටම කියන්න ඕනෙ first job එකට එච්චර හම්බ වෙන්නෙ නැහැ.:( මට මුලින්ම හම්බ උනේ 1$ per hour. ඒ උනාට ඒ job එක කරල worked hours & feedback stars ගාන වැඩි කරගත්තට පස්සෙ hourly rate එක වැඩි කරගන්න පුලුවන්..:) දැන් ඔය තියෙන page එකෙ හොඳ sure jobs වගේම bad jobs උනත් තියෙනව. sure job එකක ඔය $ bar එක තියෙන එක පොඩ්ඩක්වත් green වෙලා තියෙන්න ඕන. තව ඔය තියෙන තරු පහෙන් අඩුම ගානෙ 3ක්වත් තියෙන්න ඕනෙ! එකට අඩුම ගානෙ 20කට වත් apply කරන්න ඕනෙ. පලවෙනි එක හොඳට කරල මොකක් හරි අවංක බොරුවක් කියල feedback charter කරගන්නෙ නැතුව පැනගන්න. ඊට පස්සෙ වෙන good job එකකට apply කරන්න. මමනන් කරේ එහෙම. :rofl::rofl:

    application එක යවන්නෙ cover letter කියල එකකින්! මුලින්ම අඩු hourly rate එකකින් ඉල්ලන තරමට ඔයාට job එක ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි. cover letter එක හොඳ ලස්සනට හදන්න ඕනෙ. ඒකත් proffesional වෙන්න ඕනෙ. අඩුම ගානෙ වචන 100ක් වත් හරියට ලියන්න. හැම job එකටම එකම එක යවන්න එපා.:no: තව එකක් තමයි ඔතන තියනවා hourly jobs සහ fixed price jobs කියල jobs වර්ග දෙකක්. hourly jobs වල ගෙවන්නෙ වැඩ කරන පැය ගානට. fixed price jobs වල ගෙවන්නෙ කලින් කතා කරගත්ත ගානක්! fixed price job වල payment එක වැඩේ quality එක අනුව වෙනස් කරන්න employer ට පුලුවන්. ඕක තමයි වෙනස.;)

    ඔයාල වැඩ කරන පැය ගාන count කරන්නෙ application එකකින්. මෙන්න මෙතනින් බාගන්න.
    https://www.odesk.com/downloads:)
    මට නන් employer ඔක්කොම කියල දුන්න. first job එක නිසා වෙන්න ඇති. දැන් ඉතින් සැලකිය යුතු ගානක් එකතු කරගත්තට පස්සෙ මේ ලින්ක් එකෙ තියන විදියට HNB bank account එකකට ගන්න.
    http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-2.html:)
    මොනව කරත් feedback rating එක charter කරගන්නෙ නැති තරමට ඔයාට වාසියි. එතකොට තව job වලට apply කරන්න ඔයාට ලේසි වෙනවා...:D

    මම මේ thread එක දැම්මෙ මේක හරියට කරොත් සල්ලි හොයන්න පුලුවන් හොඳ ක්රයමයක්. article writing නෙමෙයි graphic designing වගේ පුලුවන්නන් වෙන මොනවත් job කරන්නෙ නැතුව මේකම කරන්න පුලුවන්. phillippine and india වල මිනිස්සු බුරුතු පිටින් මේක ඇතුලෙ ඉන්නව. අපෙ රටේ මිනිස්සු අතරෙ මේ වගේ දෙවල් ප්රlසිද්ද නැහැ. හරියට කරල කීයක් හරි හොයාගත්තොත් මේ thread එකෙ post එකක් දාන්න. ප්ර්ශ්න තියනවා නන් එවත් මේ thread එකේම දාන්න!

    මම මේක හොයාගත්තෙ මෙන්න මේ thread එකෙන්. කැමතිනං කියවල බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1176727&highlight=odesk
    මේ thread එක දාපු මනුස්සයට ගොඩාක් ස්තූතියි!
    කියවල නිකම්ම යන්න එපා... මේක type කොරන්න ගිහින් මගේ හොඳ පන ගියා. රෙප් හරි thankuu පාරක් හරි දීල පලයල්ලා...;):lol:

    ජයෙන් ජය! :D:D:D

    PS: සැක හැර දැනගන්න!

    14v4uwp.jpg
     
    Last edited:

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    එල එල.
    මට නම් ඔන්ලයින් ජොබ් තිත්ත වෙලා ඉන්නෙ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan mamath issara oDesk eke wada kara (thamath welawak labunama karanawa). Mama Staff manager kenek wela hitiya kalayak eka oDesk employer kenekge.

    application එක යවන්නෙ cover letter කියල එකකින්! මුලින්ම අඩු hourly rate එකකින් ඉල්ලන තරමට ඔයාට job එක ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
    -- Meka waradi machan. Phil/India wage ratawalwala inna aya adu rate ekak danne thamange skills adunam. Self condifence thiyagena $5k withara dapan. mama web developing karanne. all-time 5/5 with 20+ reviews. Mama kiyana hourly rate ekata kamathi wenawa ban. Mama porak kiyanna hadanawa newei. waradawa therum ganna epa. Eth mula indalama thamange thathwe thiyaganna. Naththam passe kaleka rate eka wadi karanna giyama awul. e kiyanne employer oyage past hourly rate eka dakkoth eya hithanawa eyagen witharak loku ganak gannawa kiyala.

    Anith eka oya karana hama deyakma oDesk timer ekata log karanna epa. Google searches, IM, email wage ewa adu karala honestly genuine work karana hours karanna.
    Hondata wada karala anthimetama employerta kiyanna ratings wala wadagathkama. 5/5 arenna wena ratings danna innawanam kalin kiyanna kiyanna - ethakota oyage work eka fine-tune karaganna puluwan kiyanna.

    and don't apply for jobs posted by other indians unless they are reputed guys.