“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    “භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

    “භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි! :no::no::no::no:


    එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

    පහත දැක්වෙන්නේ ඒ ගීතයේ අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක්, මඳකට එය නරඹන්න…




    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

    “සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

    අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් ආශීර්වාද කරන බව බෞද්ධ ඔබ දන්නවා ඇති.

    මහා මංගල සූත්‍රයේ අඩංගු මංගල කාරණා ජීවිතයට උදාවෙන්න කියලයි මෙහෙම ආශීර්වාද කරන්නේ, ඒත් මෙම ගයාන් පෙරේරා නැමැති පුද්ගලයා විසින් ඔහුගේ කසිකබල් සින්දු වලට ඒ පිවිතුරු උත්තරීතර ආශීර්වාදය යොදාගෙන තිබෙන්නේ ඊනියා මධුසමයක් එක්ක සම්බන්ධ කරලයි.

    මිනිසුන්ගේ රාගය අවුස්සන අනඟ ‍රැඟුමක පසුබිකට මේ පිවිතුරු ගාථාරත්නය යෙදීමෙන් මොවුන් මොකක්ද අදහස් කරලා තියෙන්නේ. මඟුල් ගෙදරකදී වුණත් මේ ගාථා වලින් ආශිර්වාද කරද්දී මනාල යුවළ කොතරම් සංයමයකින් සිටිනවාද කියල ඔබ දන්නවානේ.


    445.jpg


    සුනිල් පෙරේරාත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට කොතරම් අපහාස කළ පුද්ගලයෙක්ද කියා ඔබ දනන්වා ඇති. “පිං මාළු වළේ කුසල් හාමි මාළු බානවා” ආදියේ සිට “අයි ඩෝන්ට් නෝ වයි” ගීතය දක්වා ඔහුගේ ගීත වල ඇත්තේ සිංහල බෞද්ධයන් කෙරෙහි ක්‍රෝධය නොවේද? ඒ ගැන අනුකම්පා කරමින් කිසිවක් නොකර සිටි නිසා දැන් ඔහුගේ පුතන්ඩියා වන ගයාන් පෙරේරාත් බුදු දහමට දිගට හරහට පහර දෙන්න පටන් අරගෙන. මේ ගැනත් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටියොත්, රුපියල් ශත ඉදිරියේ ඕනෑම දහදුරා වැඩක් කරන මොවුන් ඉස්සරහට “අකෝන්” කළාක් මෙන් බුදුන් ඉදිරිපිට නිරුවත් කාන්තාවන් නර්තනයේ යෙදෙන ගීත වුණත් හදන්නේ නැතිව සිටීවිද?

    මිතුර, මේ අපගේ පූජනීය බුදු දහම ඉලක්ක කරගෙන සැලසුම් සහගතව කරන ලද ප්‍රහාරයක්. අමා මෑණියන් වහන්සේට පස් වරක් පුද දෙන ලද මේ පින් බිමේදීම සිටිමින් ඔවුන් මේ සමච්චලයට ලක් කරන්නේ ඔබගේ මුතුන් මිත්තන් අවූරුදු දෙදහස් හයසීයක් කල් දිවි පුදා ‍රැක ගත් ඒ උතුම් බුදු දහමයි. ඔබට සසර දුකින් එතෙර වීමට උපකාරී කරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, නිවන් දක්නා තුරා ඔබව ආරක්ෂා කරනා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, එවැනි අසත්පුරුෂයන්ගේ පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට හා නින්දාවට ලක් කිරීමට ඉඩ දී කිසිදු නීතිමය ක්‍රියාවක් ගන්නේ නැතිව උඩබලාගෙන සිටිමුද?





    ඔබ අසා තිබෙන්න පුළුවන් ඉහත දැක්වෙන ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය. අන්න ඒ ගීතය දැන් ශ්‍රී ලංකාව තුළ තහනම් කරලා. ඒකට හේතු වුණේ ඒ ගීතය අතරමැද මුස්ලීමුන්ගේ අල්ලාහ් වෙනුවෙන් සලාත් (Pray) කරන නාදයක් ඇතුළු කර තිබීමයි. එහෙම වෙලා තියෙද්දීත්, අමු අමුවේ බුදු දහමට අපහාස කරන “ටිකෙන් ටික” ගීතය තහනම් නොකළොත් ඉන් හැඟවෙන්නේ සිංහලයන්ගේ රටේ සිංහලයන්ට වඩා මුස්ලීමුන් බලවත් කියල නොවෙයිද?

    “මට ඔබට වෙඩි තැබිය හැකිය, ඒත් ඔබට ඒ ගැන පොලීසියටවත් පැමිණිලි කළ නොහැක, ඒ ඔබ අන් අයට මෙත් වඩන බෞද්ධයෙක් බැවිනි, පොලිසීයට පැමිණිලි කළොත් ඔබ මට ක්‍රෝධ කළා වෙයි….. අබෞද්ධ අප දඩයක්කරුවන්ය, ඒත් ඔබ බෞද්ධයෙක් නිසා දඩයම බවට පත් විය යුතුය” ඔන්න ඕක තමයි අද කාලයේ අබෞද්ධයින් විසින් සිංහල බෞද්ධයන්ට කියන්නේ.

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ මෙහෙම දැක්වෙනව.

    9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).

    සිංහල බෞද්ධයින් වන අපි කිසිදාක සතුරෙකුටවත් වෛර කරන්නේ නෑ. එනිසාම විහින් තම සසර ගමන දික් කරගත් ගයාන් පෙරේරා කෙරෙහිත් අපිට වෛරයක් නෑ. ඒ මෛත්‍රීසහගත සිතුවිලි සහිතවම, ගයාන් ඇතුළු බෞද්ධ විරෝධී කල්ලියේ නීතිවිරෝධී වැඩපිළිවෙළට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි සියල්ලන්ම එක්කාසු විය යුතුයි.

    සෑම පොහොයකටම තම මැදුරේදී බණ අසන පින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි, මේ සිංහල රටේ ථේරවාදී සම්ප්‍රදායේ භාරකරුවා වන ඔබතුමාගෙන් අපි ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ අංශ යොමු කරන ලෙසටයි. ක්‍රිස්තියානි ආගමට අපහාස වෙන “The Da Vinci Code” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, ළමා අපචාරයක් පෙන්වන අසෝක හඳගමගේ “අක්ෂරය” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, බුදු දහමට අපහාස කරන එම “ටිකෙන් ටික…” ගීතයත් තහනම් කර මේ පව්කාරයාට රටේ නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අදාළ අංශ යොමු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ඔබතුමාට පියෙක්ට සේ ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු කඩ කර ඔබතුමාට ඇති ජනබලය නැති කරගන්න එපා.
    :no::no::no::no:


    source : http://sinhalabuddhist.com/2012/02/gayan/
     
    Last edited:

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මටනම් මේකෙ වැරැද්දක් පේන්නෙ නෑ ... පසුතලයෙන් ඇහෙන එක දාල තියෙන්නෙ ගීතයට අනුව ඒ අවස්ථාව ඉස්මතු කරන්න

    mamath kalin hithuwe ohomai. but oya daala thiyena post 1 kiyawala balannako. ethakota therei mchn. :yes::yes:
     
    • Like
    Reactions: mldarshana

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    මොකක්ද බං මේ සින්දුවේ තියෙන වැරැද්ද?? :confused::confused::confused::confused:
    FYI : පින් මාළු වලේ සිංදුව කියන්නේ සුනිල් පෙරේරා නෙමෙයි, සන්ෆ්ලවර්ස්
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,577
    652
    113
    sri lanka
    මටනම් මේකෙ වැරැද්දක් පේන්නෙ නෑ ... පසුතලයෙන් ඇහෙන එක දාල තියෙන්නෙ ගීතයට අනුව ඒ අවස්ථාව ඉස්මතු කරන්න

    ehenam machan Iraj ge sinduwa th thanam karanna one nene..
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    ehenam mchn iraj ge sitti manila song 1th wereddak na ney !! :shocked::shocked::shocked:

    අනිවා..... ඉරාජ්ගේ සින්දුවේ කිසිම වැරද්දක් නෑ. ඒ වගේම තමයි ගයාන් පෙරේරාගේ සින්දුවෙත් කිසිම වැරද්දක් නෑ.
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    අනිවා..... ඉරාජ්ගේ සින්දුවේ කිසිම වැරද්දක් නෑ. ඒ වගේම තමයි ගයාන් පෙරේරාගේ සින්දුවෙත් කිසිම වැරද්දක් නෑ.

    ow. :yes::yes: but sindu walata aagamika dewal gaawaganne nethnam thamai honda
    but iraj ge song 1 thahanam kala aagamika apahasayak kiyala.
    daddy ge mae song 1th aagamika apahasayak kiyala blog 1ka thibbe. EK kattiyawa denuwath karannai mama maeka demme. ;);)
    check out the source :cool: