අනේ කැස්බෝවෝ...

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අනේ කැස්බෑවෝ...



green_sea_turtle_0515-1004-2703-1312_SMU.jpg



කලින් Thread එකකින් මං කතා කලානේ කැස්බෑවෝ ගැන. දැක්කේ නැත්නම් මෙතනින් බලන්නකෝ...
ඉතින් අද මං හදන්නේ ඒ කැස්බෑවන්ගේ විශේෂ ගැන කියන්න. කැස්බෑවන්ගේ ප්‍රධාන විශේෂ 7ක් සිටී. එයින් 5ක් ලංකාව අවට මුහුදෙන් හමුවන අතර ලංකාව අවට නොමැති විශේෂ 2ක්ද සිටිනවා...



ලංකාවේදී හමුවන කැස්බෑ විශේෂ.



ගල් කැස්බෑවා (Green Turtle)

images


Chelonia mydas විද්‍යාත්මක නාමය හිමි මොවුන් මීටර්යක් පමණ දිගින්ද 230Kg පමණ බරින්ද යුතුවේ.
මොවුන් කැස්බෑ සුප් සඳහා ප්‍රනීත ආහාරයක් ලෙස සැලකේ.
මෙම සතා Green Turtle ලෙසින් නම් දරා ඇත්තේද අහාරයට ගැනීමට යොදාගැනීමේදී කටුවට යටින් තිබෙන කොල පැහැති මේදමය තට්ටුව නිසාය.


කුඩා කල මාංශභක්ෂකයින් වන මොවුන් වැඩිහිටි කාලයේදී සම්පූර්ණයෙන්ම ශාක භක්ෂක වේ.
වැඩිහිටි සතුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මුහුදු තෘණ හා මුහුදු ඇල්ගීය.


කුඩා සතුන්ගේ කටුව නිලට බර කළු පැහැයක් ගන්නා අතර උදරය සුදු පාට වේ.
කළු වර්ණ අවල්පත් වල සුදු රේඛා දක්නට ඇත.
වැඩිහිටි සතුන්ගේ ශරීරය අළු පැහැවන අතර කට්ට රේඛා හා පුල්ලි සහිතව දුඹුරු හෝ රතු පැහැ වේ.
වඳවීමේ තර්ජනයට මුහුණපා ඇත.



බටු කැස්බෑවා (Olive Ridley Turtle)

images


Lepidochelys olivacea ලෙස විද්‍යාතමකව හඳුන්වන මෙම කැස්බෑවා කුඩාම කැස්බෑ විශේෂය වේ.
65cm දිගු වන හා 40Kg බර වන මොවුන් සර්වභක්ෂකයින්ය.
ඉස්සන් වර්ග, කුඩා සතුන් හා ඇල්ගී වර්ගද මොවුන් වඩාත් ප්‍රිය කරන ආහාර වේ.

උදරය සුදු සහ කටුව අළු පැහැති වන මොවුන් සමූහ වශයෙන් බිත්තර දැමීමක් සිදු කරයි.

ලංකාවේ මස් පිණිස බහුලවම ඝාතනය වන්නේ මෙම විශේෂයයි.
වඳවීමේ තර්ජණයට ලක්ව ඇත.



දාර කැස්බෑවා (Leatherback Turtle)

images


බර 300Kg ඉක්මවන 2m පමණ දිගින් වන මොවුන් Dermochelys coriacea යන විද්‍යාතමක නාමයෙන් හඳුන්වයි.
දැනට හමුවී ඇති විශාලතමයා 915Kg තරම් බරකින් යුක්ත වී ඇත.
ප්‍රධාන වශයෙන් ලොඩියන් මත යැපෙන මොවුන් ආහාර සොයා බිත්තර දමන ප්‍රදේශ වල සිට 4300km පමණ දුරක් ගෙවා ආක්ටික් කලාප අවටද ගමන් කරයි.
ශරීරයේ ඇති ඝනකම් මේද තට්ටුව, ශීතලෙන් මෙම කැස්බෑවන් ආරක්ෂාකරයි.
අනෙක් කැස්බෑවන්ට වඩා වැඩි ගැඹුරක පිහිනීමේ හැකියාව මොවුන් සතු වන අතර, ගොදුරු සොයා 1500mක් තරම් ගැඹුරටද පිහිනයි.
අනෙක් කැස්බෑවන්ට වඩා මොවුන්ගේ කටුව ඉතා ශක්තිමත්ව සෑදී ඇති නිසා එවන් ගැඹුරකදී ඇතිවෙන අධික පීඩනයෙන් කටුවට හානි නොවේ.

කටුවේ ඇති සම නිසා මොවුන් "Leather back Turtle" ලෙස හඳුන්වන අතර ශරීරයේ ඇති සියුම් දාර පහ නිසා සිංහලෙන් දාර කැස්බෑවා ලෙස හඳුන්වයි.
ශරීරය නිලට හුරු කළු පැහැවන අතර එහි සුදු තිත් පවතී.
බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයන්හි රෝස පැහැ වේ.
මොවුන් උග්‍ර ලෙස වඳවීමේ තර්ජණයට මුහුණපා ඇත.



පොතු කැස්බෑවා (Hawksbill Turtle)

images


Eretmochelys imbricate විද්‍යාතමක නාමය හිමි මොවුන් කුඩා කැස්බෑ විශේෂයකි.
බරින් 50Kg පමණද දිගින් 90cm පමණද වේ.
මාංශභක්ෂක වන මොවුන්ගේ මුඛයේ හොට උකුස්සෙකුගේ මෙන් නිසා Hawksbill Turtle ලෙස ඉංග්‍රීසියෙන් හදුන්වන අතර විසිතුරු කට්ට නිසා පොතු කැස්බෑවා ලෙස සිංහලෙන් හදුන්වයි.
එම විසිතුරු කට්ටම ඔවුන්ට මිනිස් තර්ජන බහුල කර ඇත.
ලොඬියන්, ඉස්සන් කකුළුවන් ප්‍රධාන ආහාර වන මොවුන් නොගැඹුරු ජලයේ වාසය කරයි.
ඈත අතීතයේ සිට විසිතුරු කට්ට ලබා ගැනීමට මැරීම නිසා මොවුන් උග්‍ර ලෙස වඳවී යමේ තර්ජනයට ලක්ව ඇත.




ඔලුගෙඩි කැස්බෑවා (Loggerhead Turtle)

images


ඉන්දියානු මහද්වීපයයේදී ලංකාවේ පමණක් බිත්තර දමන මොවුන් Caretta caretta යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.
ලංකාවට අමතරව ඝර්ම කලාපීය මෙන්ම ඇමරිකාවේ ගිණිකොනදිග ප්‍රදේශවල බිත්තර දැමීම කරයි.
ලෝකයේ සුලභ විශේෂයක් වුවද අප අවට මුහුදේ දුර්ලහ වේ.
ලංකාවේ බිත්තර දමන ප්‍රභේදය ආවේනික ප්‍රභේදයක් වේ.
මාංශභක්ෂක වන මොවුන් ප්‍රධාන ආහාර ලෙස ලොඬියන් ආහාරයට ගනී.
ආහාරයට ගන්න සතුන් පොඩි කරගැනීමට විශාල පේශිමය හනු දෙකක් සහිතවීම ඔලුගෙඩි කැස්බෑවා ලෙස හැදින්වීමට හේතුවයි.
බර 180Kg පමණ වෙන වැඩුන සතෙක්ගේ ශරීරය රතුදුඹුරු පැහැවේ.
මොවුන්ද වඳවීයාමේ තර්ජනයට මුහුණපා ඇත.


10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif



 
Last edited:

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ලංකාවේදී හමුනොවන කැස්බෑ විශේෂ.



කේම්ප් ගේ බටු කැස්බෑවා (Kemp's Ridley Turtle)

images


Lepidochelys Kempii විද්‍යාතමක නාමය හිමි මොවුන් ලොව දුර්ලභ කැස්බෑ විශේෂයයි.
දැනට ලෝකයේ ඉතිරිව ඇත්තේ 2000ට ආසන්න ප්‍රමාණයකි.
විශාල සමූහ වශයෙන් බිත්තර දැමීමම සිදුකරයි.
සංරක්ෂනයට ගත් පියවර නිසා ක්‍රමයෙන් එම සංඛ්‍යාව ඉහල යාමක් දක්නට ඇත.


පැතිලි පිටැති කැස්බෑවා (Flatback Turtle)

images


විද්‍යාත්මකව Natator depressus ලෙස විද්‍යාත්මකව හඳුන්වන මෙවුන්ගේ වැඩුන සතෙක් 90cm පමණ දිගින්ද 70Kg පමණ බරින්ද යුතු අතර මොවුන් පිළිබඳ වාර්ථා අල්පය.
සර්වභක්ෂක වන මොවුන් අහාර ලෙස දැල්ලන් හා මුහුදු පැළෑටි ආහාරයට ගනී.
මොවුන්ද දුර්ලභ කැස්බෑ වර්ගයකි.


10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif



 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

කළු කැස්බෑවා (East Pacific Green or Black Turtle)

images


මොවුන්ගේ විද්‍යාත්මක නාමය Chelonia mydas agazizii වන අතර මොවුන් ගල් කැස්බෑවා(Green Turtle) ගේම වෙනත් ප්‍රභේදයක්ද යන්න අතීතයේ සිටම විද්‍යාඥයින්ට ගැටලුවක් වී තිබේ.
අද වන විට වැඩි පිලි ගැනීම වී ඇත්තේ ගල් කැස්බෑවා(Green Turtle) ගේම උප ප්‍රභේදයක් බවටයි.


10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif
10.gif



 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

මං කලින් Thread එකෙන් කිව්වනේ කැස්බෑවන්ට ඇති තර්ජන ගැන.

දැන් ඒ තර්ජන ගොඩට තව එකක් එකතු වෙලා.
අලුත්ම පරීක්ෂණයකින් හොයාගෙන තියෙන්නේ ලෝක උෂ්ණත්වය ඉහල යාමත් මොවුන්ට තර්ජණයක් වෙලා කියලයි.
උෂ්ණත්වය වැඩිවෙනකොට බිත්තරවලින් ගැහැණු සතුන් බිහිවීමේ ප්‍රවණතාවයේ වැඩි වීමක් තියනවාලු.
සරත් සමයේදී ඒක 95%ක් තරම් වැඩි අගයක්.
එක ගැහැණු සතෙකු පිරිමි සතුන් කිහිප දෙනෙකු සමඟ එක්වී බිත්තර නිපදවන අතර පිරිමි සතෙකු එක ගැහැණු සතෙකු සමඟ පමණයි එක් කාලයකට එක් වන්නේ.
ඒක නිසා අඩු බිත්තර ප්‍රමාණයක් නිපදවන්නේ.
අනික බිත්තර අතර පිරිමි ජාන මුහුවීමේ අඩුව ජාන ගැටළුද පැන නගිනවාලු.
මේ හැම දේකින්ම වෙන්නේ කැස්බෑ ගහනය වේගයෙන් අඩුවීමයි.
2.gif
2.gif
2.gif
2.gif
2.gif


මෙම කැස්බෑවන් රැක ගැනීම අපගේ යුතුකමක්.
:yes: :yes: :yes: :yes: :yes:

 
Last edited:

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

උපතින් මං මේ කිසිවක් නොදන්නා අතර පෞද්ගලික අත්දැකීම් හා පොත-පත කියවා ලබාගත් දැනුමෙන් මෙම ලිපිය සැකසුවෙමි.

මෙය මා උපුටාගත්තක් නොවේ.
මෙහි සඳහන් තොරතුරු වෙනත් තැන්වල සඳහන් වී ඇත්ත්දැයි දන්නේද නැත.
නැවතත් කියන පරිදි මෙය උපුටාගත්තක් නම් නොවේ.
ඡායාරූප පමණක් Google වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
ඔබ සමඟ මෙම තොරතුරු බෙදා ගැනීම සඳහා පමණක් මෙය පළ කෙරුවෙමි.
උපුටාගන්නවා නම් මා ගැන සඳහන් නොකලත් උපුටාගත් ස්ථානය ලෙස එළකිරිය දක්වීමට කාරුණික වන්න.

මෙම Thread එක ඔබට වැදගත් වේවී යයි සිතමි.
ස්තූතියි...!!!

:D :D :D :D :D

 
Last edited:

xbox360

Member
Apr 21, 2010
241
15
0
එක ගැහැණු සතෙකු පිරිමි සතුන් කිහිප දෙනෙකු සමඟ එක්වී බිත්තර නිපදවන අතර පිරිමි සතෙකු එක ගැහැණු සතෙකු සමඟ පමණයි එක් කාලයකට එක් වන්නේ.
ඒක නිසා අඩු බිත්තර ප්‍රමාණයක් නිපදවන්නේ



mungeth me seen eka thiyenawa ne