හෝටලයකදී කතකට අතවර
හේමන්ත රන්දුණු සහ මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
මාතර දික්‌වැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි ජර්මන් ජාතික සුරූපී කාන්තාවකට හෝටල් කාමරයේදී කිසියම් පුද්ගලයකු විසින් අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දික්‌වැල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය වී ඇත්තේ ඊයේ (06 වැනිදා) අලුයම 3.00 ට පමණය. මේ සම්බන්ධයෙන් අතවරයට ලක් වූ ජර්මන් කාන්තාව විසින් දික්‌වැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ.
මෙම ජර්මන් කාන්තාව සිය පෙම්වතා ද සමඟ ඊයේ (6 දා) අලුයම 2.30 පමණ වනතුරු හෝටලයේ මත්පැන් පානය කරමින් සිට ඇත. පසුව ඇය සිය පෙම්වතා ද සමඟ නින්දට ගොස් තිබේ. අධික ලෙස මත්පැන් පානය කර සිටි නිසා ඇය තදින් නින්දට වැටී ඇත.
අලුයම 3.00 ට පමණ ජර්මන් කාන්තාව හදිසියේ අවදි වී ඇති අතර කිසියම් පුද්ගලයකු ඒ වන විට ඇයට අතවර කරමින් සිට ඇත. මුලින් ඇය සිතා ඇත්තේ තමා සමඟ සිටින්නේ තම පෙම්වතා කියාය. එහෙත් තමා සමඟ සිටින පුද්ගලයා වෙනත් අයකු බව පසුව ඇයට තේරුම් ගොස් ඇත.
එහිදී කාන්තාව කෑගසා ඇති අතර නාඳුනන පුද්ගලයා නිරුවතින්ම කාමරයෙන් පැන දිවගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් දික්‌වැල්ල පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර ඊයේ (6 දා) සවස් වනතුරුත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.