සුන්නත් කිරීම සාධාරනීකරනය කර ඇත ?????
එම නිසා චර්මඡේදනය (Circumcision) හෙවත් සුන්නත් කිරීම අලලා ආගමික කෝණයෙන් බැහැර ලිපියක් සැකසීමට සිතුවෙමි. කෙසේ වුවද මෙම ලිපිය මගින් කිසිවෙක් තුල යම් දොසක් ඇතිවේ නම් ඒ දොස් සියල්ල ඒ කමෙන්ට් එක දැමු ඔහුටම අනුමෝදන් කරන ලෙස පාඨකයන්ගෙන් මම ඉල්ලමි.
චර්මඡේදනය හෙවත් සුන්නත් කිරීම යනු පුරුෂයෙකුගේ ලිඟුවේ ඉදිරියෙන් ස්වභාවිකව පිහිටා ඇති පෙරසම ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමයි. මුස්ලිම් දරුවෙක් නම් මෙය කුඩා කාලයේදීම සිදු කරන්නේ එමගින් දරුවාට දැනෙන වේදනාව අවම වන නිසාවෙනි. කෙසේ වුවද වර්තමානයේ මෙම ශල්‍ය කර්මය සිදු කරන්නේ ඒ ආශ්‍රිත පෙදෙස හිරිවැට්ටවීමෙන් පසුව නිසා ශල්‍ය කර්මය වේලාවේදී ඔහුට කිසිදු වේදනාවක් ඇති නොවේ. ඔවුන්ට වේදනාව ඇති වන්නේ ශල්‍ය කර්මයෙන් දිනකට පමණ පසුව තුවාලයේ පමණි. එයටද අධිබල වේදනා නාශකයන් හෙවත් High power pain killers වෙලඳපොලේ ඇත.
නමුත් අතීතයේදී දියුණු තාක්ෂණයක් නොතිබුනු නිසා එකල යම් පමණක වේදනාවක් ඇති වන්නට ඇත. එහෙත් ඔවුන්ද මේ සඳහා ලෙහෙසි ක්‍රමවේදයන් සකසා ගෙන තිබුණි. අතීතයේදී මුස්ලිම් සමාජයේ මෙම කටයුත්ත කිරීමට වෙනම පුද්ගලයෙක් සිටින ලදී. මොහුට අමතන ලද නාමය ඔස්තමාමා යන්නයි. එකල ලංකාවේ සෑම මුස්ලිම් වරු සිටින පලාතකම මේ ඔස්තමාමා වරු සිට ඇත. නමුත් දැන් මේ ශල්‍ය කර්මය ඉතාමත් නවීන ආකාරයට වෛද්‍ය වරුන් විසින්ම සිදුකරන නිසා ඔස්තමාමාලාගෙන් රාජකාරිය ගිලිහී ගොස් ඇත.
මෙම චර්මඡේදන කටයුත්තේ ඉතිහාසය වසර පන්දහසකටත් වඩා ඈතට දිවෙයි. නයිල් නිම්න ශිෂ්ඨාචාර යුගයේද මෙම කර්තව්‍යය සිදුවී ඇති බව ඉතිහාසයේ සනාථ වෙයි. එමනිසා මෙය මුස්ලිම් වරුන් විසින් ආරම්භ කළ කටයුත්තක් නොවන බව පැවසිය යුතුය. මුහම්මද් නබි තුමාණන්ගේද චර්මඡේදනය සිදුවී ඇත්තේ නබීත්වයට පෙර කුඩා කාලයේදීය. අතීතයේ සිට පැවති මෙම චාරිත්‍රය නබීත්වය ලැබීමෙන් පසු එතුමා විසින් මුස්ලිම්වරුන්ට අනුමත කර ඇත. මුස්ලිම් කෙනෙකුට එය සුන්නාහ් හෙවත් නබි ආදර්ශයක් වශයෙන් තිබුණද සෑම මුස්ලිම්වරයෙක්ට අනිවාර්ය එකකි. නමුත් කිසියම් වයෝවෘධ, දුබල හෝ රෝගී කෙනෙක් ඉස්ලාමයට සපැමිණිය හොත් වෛද්‍යමය හේතූන් මත එය නොකිරීමට නිර්දේශ කළ හැක.
වර්තමාන කාලයේද මෙම කටයුත්ත සිදුකරන අන්‍ය ආගමිකයන්ද සිටිති. නිදසුනක් ලෙස ලොව සමහර කිතුණු නිකායන්ද මෙම චර්මඡේදනය සිදු කරති. මෑතකදී මෙරට නවතම කිතුණු සභාවක් බිහිවී ඇත. ඔවුන් ඉශ්‍රායෙල් සභාව යනුවෙන් තමන්ව හඳුන්වා ගනිති. මොවුන් උත්සාහ දරන්නේ අතීතයේ යුදෙව්වන් පරිද්දෙන් කිතුණු දහම ඇදහීමයි. මොවුන්ගෙන් කිහිපදෙනෙකු මා සම්මුඛ වී චර්මඡේදනය සිදුකරගන්නාවු ආකාරය විමසන ලදී. සමහර විට ඔවුන් ලංකාව තුල කිතුණු සමාජයේ මෙම කටයුත්ත ස්ථාපනය කිරීමට වෙර දරනු ඇත.
අතීතයේ කිතුණු සමාජයේ මෙම කටයුත්ත බහුල ලෙස සිදුවී ඇත. බයිබලයේ පැරණි ගිවිසුමේ නොයෙක් ස්ථානවල අන්‍යාගමිකයා හැඳින්වීම සඳහා අචර්මඡේදිතයා යන්න භාවිත කර ඇත. (බයිබලයේ පැරණි ගිවිසුමේ 1 සාමුවෙල් 17පරිච්ඡේදයේ 26 පදය බලන්න) එයින් ඔවුන් ගම්‍ය කරන්නට ඇත්තේ අචර්මඡේදිතයන් අපිරිසිදු පිළිකුල් අය බවටයි. නමුත් වත්මන් කිතුණු සමාජය පවසන්නේ තමන් පිරිසිදු වී තිබෙන්නේ යේසුස් වහන්සේගේ ලේ වල බලයෙන් නිසා චර්මඡේදනය අනවශ්‍ය බවයි. එම ස්ථානය ඇඟිල්ලෙන් ස්පර්ශ කර සුවඳ බැලුවේ නම් ලේ වල බලයෙන් පිරිසිදු වී ඇති ආකාරය සොයා බලගත හැකි බව මගේ අදහසයි.
සාමාන්‍යයෙන් චර්මඡේදන කටයුත්ත නොකල කෙනෙකුගේ පෙරසම පවතින කොටස වියළිව නොපවතින අතර එම ස්ථානයට සම මඳක් පහලට යවා ඇඟිල්ලක් තබා පසුව ඇඟිල්ල සිඹ බැලුවේ නම් කෙතරම් පිරිසිදුවෙන් සිටියද එම ස්ථානයේ නොවැලැක්විය හැකි දුර්ගන්ධයක් පවතින බව ඕනෑම කෙනෙකුට සනාථ වේ. නමුත් චර්මඡේදනය කළ කෙනෙකුගේ එම ස්ථානය වියළිව පවතී. එම නිසා පිරිසිදුවට සිටින චර්මඡේදනය කළ කෙනෙකුගේ එම ස්ථානයේ දුර්ගන්ධයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැත.
එමෙන්ම පුරුෂයෙක් විසින් සිය එදිනෙදා වැඩකටයුතු කරන විට කිසියම් කරුණකදී ලිංගික හැඟීමක් ඇතිවුවහොත් මෙම ස්ථානයෙන් ශ්‍රාවයක් පිටවී එතැන තෙත් වීම ස්වාභාවිකය. චර්මඡේදනය නොකළ තැනැත්තාගේ එම ස්ථානය වියළිව නොපවතින නිසා එමගින් එම ස්ථානයේ අපිරිසිදු වීම ස්වාභාවිකය. නමුත් චර්මඡේදනය කළ තැනැත්තාට එවැනි ප්‍රශ්නයක් නොමැත. ඔහුගේ එම ස්ථානයේ ශ්‍රාවයක් පිටවුවද එය ශරීරයේ නොපැවතී වස්ත්‍රයට ඇලේ.
චර්මඡේදනය නොකල සමහර අයගේ එම ස්ථානය හරියාකාරව පිරිසිදු කර ගැනීම කිසිසේත්ම ලෙහෙසි නැත. මේ නිසා එම ස්ථානය දීර්ඝ කාලීණව අපිරිසිදු තත්වයෙන් පවතියි. සමහර චර්මඡේදනය උදෙසා එන වැඩිහිටි අයගේ මෙලෙස පවතින බවට මගේ හිතවත් චර්මඡේදනය සිදුකරන ශල්‍ය වෛද්‍යවරු බොහොමයක් පවසා ඇත. මේ මගින් සිදුවන්නේ කුමක්ද? අපිරිසිදු තත්වයේ පවතින පුරුෂ ලිංගයක් කාන්තාවගේ යෝනි මාර්ගයට යෑමෙන් ඈ සෞඛ්‍ය සම්පන්නව සිටී හයි යන්නට සහතිකයක් තිබේද? කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ඇති වීමට චර්මඡේදනය නොකල පුරුෂයන්ගේ ලිඟුව හේතු වන බව වෛද්‍ය ජයලත් ජයවර්ධන පවසයි. (ලංකාදීප 2008 නොවැම්බර් 23 ඉරිදා වෛද්‍ය උපදෙස් තීරු ලිපිය බලන්න)
චර්මඡේදනය කළ පිරිසිදු පුරුෂ ලිංගයකින් සිය බිරිය සමග සංසර්ඝය අවස්ථාවේ කාන්තාවගේ යෝනිමාර්ගයට විෂබීජ යෑම අවම වන අතරම යෝනි මාර්ගයේ ඇතුලත තිබෙන අපද්‍රව්‍ය වේ නම් ඒවා පිටතට ගෙන ඒමටද එමගින් උපකාරී වේ. එය චර්මඡේදනයේ ඇති අසමසම ගුණාංගයකි. මේ නිසා මගේ අදහස නම් තමන්ගේ ගැබ්ගෙල පිළිකා ඇති කරගන්නට අකමැති කාන්තාවන් සිය ස්වාමිපුරුෂයන්ට චර්මඡේදනය සිදුකර ගැනීමට පැවසීම ඔවුන්ගේ හිතසුව පිණිස වන බවයි.
චර්මඡේදනය මගින් පුරුෂයෙකුගේ ලිඟුවේ ප්‍රමාණය අඩුවීමකට කිසිදු බලපෑමක් නොමැති අතර සමහර විට යම් පමණකට විශාල වීමට එය හේතුවක් වන්නට පිළිවන. (නමුත් මේ පිළිබඳව මා විසින් කරුණු සොයා බලා නැත) නමුත් චර්මඡේදනයෙන් පසුව පෙරසම තිබුණු ස්ථානයේ එය තවදුරටත් නැති නිසා එම ස්ථානයේ රළු වීමක් සිදුවේ. මේ නිසා කිසියම් විවාහක පුද්ගලයෙක් චර්මඡේදනය සිදුකරගන්නේ නම් එම තැනැත්තා සිය භාර්යාව සමග චර්මඡේදනයට පෙර සංසර්ඝයේ යෙදුන අවස්ථාවල බිරිඳට ලැබුණු සතුටට වඩා සතුටක් චර්මඡේදනය සිදුවීමෙන් පසුව ලැබීම ස්වාභාවිකය.
එමෙන්ම විවාහක කාන්තාවකගේ යෝනි මාර්ගයේ ඇතුලතින් ඇති වන සංකුලතාවයක් නිසා කැසීමක් වැනි දෙයක් ඇතිවීම ස්වාභාවිකය. චර්මඡේදනය කළ පුරුෂයෙක් සමග විවාහ වී සිටින කාන්තාවකට මේ ප්‍රශ්නයේදී වඩා සැනසීම හිමි වනු ඇත. චර්මඡේදනය කරගැනීමෙන් පුද්ගලයෙක්ගේ කිසිදු දුබලතාවයක් හට නොගන්නා අතර චර්මඡේදනය සිදුකරගැන්මෙන් පසුව වඩා ශක්තිමත් බවක් හැගෙනු ඇත.
චර්මඡේදන ශල්‍ය කර්මය සිදු කරන්නේ මුස්ලිම් වෛද්‍යවරුන් පමණක් නොවේ. මා දන්නා පරිදි මුස්ලිම් නොවන නමුත් මුස්ලිම් බහුතරයක් සිටින්නාවු පෙදෙස් වල සිටින්නාවු සිංහල දෙමල වෛද්‍ය වරුන් විසින්ද මෙය කරති. සමහර පුද්ගලයන්ට ඇති වන මුත්‍රා කිරීමේ අපහසුතාවයන්ට වෛද්‍ය වරු ආගම් බේධයකින් තොරව චර්මඡේදනය නිර්දේශ කරති. සමහර විවාහක පුරුෂයන්ගේ පෙරසම ඉතා ඝණකම් වීමෙන් ඇතිවන අපහසුතාවයන්හිදීද වෛද්‍යවරුන් චර්මඡේදනය නිර්දේශ කරති.
සමහරු අපෙන් ප්‍රශ්න කරන්නේ ඇයි අල්ලාහ් මිනිසුන්ව පෙරසම සමග මැව්වේ? පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ. මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.
ඉහත ලිපියෙන් මා ලිවීමට උත්සාහ ගත්තේ චර්මඡේදනය යනු ආගමික කටයුත්තක් නොව එය හුදෙක් මානව හිතසුව පිණිස වන වෛද්‍යමය කටයුත්තක් බව ඔබට පෙන්වා දීමටයි. අප කිසියම් දෙයක යහපතක් දුටුවහොත් එය මොන ආගමේද කියා නොබලා එහි ඇති ගුණය වටහා ගෙන ක්‍රියා කළ යුතු බව මගේ අදහසයි. චර්මඡේදනය කිරීම නිසා කිසිදු පුද්ගලයෙක් මුස්ලිම් නොවේ. චර්මඡේදනය කළ මුස්ලිම් නොවන්නන් අපගේ සමාජයේද බොහෝ සිටිති.
මෙම ලිපිය ඉතා සංවේදී මාතෘකාවක් අනුව ලියුවත් මට හැකි ආකාරයෙන් ශිෂ්ඨ බසින් ලිවීමට වෙර දැරුවෙමි. කිසියම් කෙනෙකු අපහසුතාවයකට පත්වුයේ නම් ඒ පිළිබඳව සමාව අයදිමි.
Srilankamirror - මම මේ ලිපිය ලිවීමට පාදක වුයේ අන්වර් මනතුංග නමින් මගේ අදහසක් හෙවත් Comment එකක් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ සඳහන් වු අවස්ථාවක තවත් කෙනෙක් දැමු කමෙන්ට් එකකි. එහි සඳහන් වුයේ මෙයාගේ ¾ යි යනුවෙනි. මෙමගින් ඔහු කියන්නට උත්සාහ දැරුවේ මම ඉස්ලාමීය බැතිමතෙකු ලෙස චර්මඡේනය හෙවත් සුන්නත් කළ කෙනෙකු නිසා මගේ ශරීරයේ යම් අඩුවක් ඇති බවයි.මට මේ article එක හම්බ උනේ srilankamirror එකෙන්
නැතුව මේ මගේ අදහස් නෙවෙයි
මේකට මරු comments ටිකක් දාල තියනව. ගිහිල්ල බලන්න
Code:http://www.srilankamirror.com/sinhala/index.php/feature/11574-circumcision

Last edited by a moderator: