Really "tiken tika" song insulting for Buddhism?

Really "tiken tika" song insulting for Buddhism?

  • Yes.

    Votes: 10 18.2%
  • No.

    Votes: 45 81.8%

  • Total voters
    55

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කොහෙද ඉතින් අපෙ එවුන් මොකක් හරි එකක බොරුවට හරි විවේචනය කරන්න පොටක් අහු උනොත් අතහරින්නෙ නැහැනෙ.. කට්ටියට කාර්ඩ්බෝර්ඩ් වීරයො වෙන්න ඕන නෙ. මම මේකෙ music video එක 100 කට වඩා බැලුවා. මේකෙ ඇත්තටම කරල තියෙන්නෙ අවස්තා නිරූපනයක් විතරයි. "තම තම නැණ පමනින් දැනගතයුතු" කියන්නෙ ඕකට තමයි. දෙයක් දැක්ක පලියට බොරුවට ගිරිය යටින් කෑගහගෙන යකා නැටුවට වැඩක් නෑ .. ඒකෙන් කියන්න හදලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.දෙයක් දිහා වැරදියට බලන එකාට ඒක වැරදියටම තමයි පේන්නෙ.

    ආගම කියන ලේබල් ගහන් පිස්සෝ වගේ කෑගහන උන් නිසා අන්තිමට හොද සිංදුවක් අහන්න .. වෙනස් නිර්මානයක් රසවිදින්නත් නෑ. :no::no::no: :angry:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    කොහෙද ඉතින් අපෙ එවුන් මොකක් හරි එකක බොරුවට හරි විවේචනය කරන්න පොටක් අහු උනොත් අතහරින්නෙ නැහැනෙ.. කට්ටියට කාර්ඩ්බෝර්ඩ් වීරයො වෙන්න ඕන නෙ. මම මේකෙ music video එක 100 කට වඩා බැලුවා. මේකෙ ඇත්තටම කරල තියෙන්නෙ අවස්තා නිරූපනයක් විතරයි. "තම තම නැණ පමනින් දැනගතයුතු" කියන්නෙ ඕකට තමයි. දෙයක් දැක්ක පලියට බොරුවට ගිරිය යටින් කෑගහගෙන යකා නැටුවට වැඩක් නෑ .. ඒකෙන් කියන්න හදලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.දෙයක් දිහා වැරදියට බලන එකාට ඒක වැරදියටම තමයි පේන්නෙ.

    TRUE :):)
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා

    පාට කන්නාඩි දාගෙන ලෝකේ බලනකොට ලෝකේ පේන්නෙත් පාට පාට. ඉතින් කවදාහරි ඒ කන්නාඩි නැතුව ලෝකේ බලන්න පුළුවන් උනොත් ඔය සංස්කෘතික වාදියෝ තමන්ගේ මතෙන් බැහැරව ඉඳීවි. ඒත් ඒක මේ කපේට වෙන්නේ නෑ :no:
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මම හිතන්නේ ඔය ගැන නිසි බලධාරීන් දැනගත්තම ඒකට නිසි පියවරක් ගනී......නැතුව අපි මෙතන ආගම් ඇදගෙන රණ්ඩු කරගෙන හරියන්නේ නැහැ...මම කතෝලිකයෙක්....ඔය නිකරුනේ ආගම් ප්‍රශ්ණ ඇදලා අරගෙන රණ්ඩු කරන්න හදන යාලුවන්ට මම අපේ අගමේ තියෙන දෙයක් කියලා දෙන්නම්....මිනිස්සු වයිශාවක් කියලා පව්කාර ස්ත්‍රියට ගල් ගහන්න සූදානම් වෙද්දි ජේසුස් වහන්සේ එතනට පැමිනිලා බිම ඉරක් ඇදලා කිව්වා..පව් කරපු නැති එක මිනිසෙක් හරි ඉන්නවනම් මේ ස්ත්‍රියට මුල්ම ගල ගහන්න කියලා....එතකොට මොකද වුනේ මිනිස්සු සේරම ගල් දාලා යන්න ගියා.....අන්න එ වගේ තමයි..මතක තියගන්න මේ ලොකයේ සෑම මිනිසෙක්ම මොකක් හරි වැරදි දෙයක් කරලා තියෙන බව....ඒ දෙවල් මිනිසුන් විදිහට දැනුමෙන් , බුද්ධියෙන් විසදා ගැනීම හැර සින්හලයන් වශයෙන් කුලල් කා ගැනීම නෙවේ අපි කල යුත්තේ......එහෙම නේද යාලුවනේ?
     
    • Like
    Reactions: Maddy

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    2011 නොවැම්බර් 15 තමයි ඩැඩීලගෙ නිල යූ-ටියුබ් නාලිකාවෙන් මේ සිංදුව මුලින්ම ලෝකෙට රිලීස් කරන්නෙ.එතකොට ටිවී,ගුවන් විදුලි වලත් රිලීස් වෙලා තිබ්බෙ නෑ මේක



    Uploaded by daddyonthetube on Nov 15, 2011

    ඊට පස්සෙ සිංහල බෞද්ධයා කියන බ්ලොග් ආශ්‍රයෙන් හදපු වෙබ් අඩවියකින් භවතු සබ්බ මංගලම් ගාථාව මේ ගීතයට යොදා ගැනීම ගැන ප්‍රශ්නයක් මතු කරනවා ඒක කරන්නෙ 2012 පෙබරවාරි 06 වන දින,ඒ සමගම එම අඩවියේ නිල යූ-ටියුබ් නාලිකාවෙන් අදාල සිද්ධිය පෙන්නුම් කරමින් 2012 පෙබරවාරි මස 05 වෙනිද වීඩියෝවක් නියුක් කරනවා

    http://sinhalabuddhist.com/2012/02/gayan/

    By රංග ජයවර්ධන, on February 6th, 2012



    Uploaded by SinhaleseBuddhist on Feb 5, 2012

    2011 නොවැම්බර් මස නිකුත් කරපු ගීතයක් 26,149 තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ නරඹන කම්ද.ඊටත් වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රූපවාහිණි සහ ගුවන් විදුලි නාලිකා හරහා අහන බලන කම් සිංහල බෞද්ධයා යැයි කියා ගන්නා පිරිස් කුමක් කරාද 2012 පෙබරවාරි 06 වෙනකම්.ඉරාජ් ගේ ගීතයද නිකුත් කර ඉතා කෙටි කාලයක් තුල රජයේ මාධ්‍යවල ප්‍රදර්ශනය නවත්වන ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා නිවේදනය කළහ.එහෙත් රජයේ නොවන මාධ්‍ය තවමත් වරින් වර එම ගීතය ප්‍රදර්ශනය කරමින් පවතී.එහෙත් ගයාන් පෙරේරා ප්‍රමුඛ ඩැඩී සංගීත කණ්ඩායමේ මේ ටිකෙන් ටික ගීතය නිකුත් කර දිනවලදී කිසිදු කථාවක් බහක් නොවීය.

    මධුසමයක දර්ශනයක් මේ මොහොතේ පවා මා නරඹන කල පෙනෙන්නට නොතිබුනි.මෙය හුදෙක් වෙබ් අඩවියක් ජනප්‍රිය කරගැනීමේ අරමුණින් ඉලක්ක කරමින් කරන පදනමක් නොමැති තර්කයක් ලෙස පෙනී යයි.

    ඉරාජ්ගේ ගීතය තහනම් කර නිසා මෙය තහනම් කර දමනවා නම් ඒක හොදය කිමද යත් එය ඉරාජ්ට කරන සාධාරණයකි.නැත්නම් ඉරාජ්ට එක් නීතියක්ද ඩැඩීට එක නීතියක්ද පවතින බව අපට හැගී යනු ඇත.එහෙත් ඔය කොයි ගීතයත් මේ වන විට ලංකාව පුරා දස දෙස විහිදී ගොස් අවසානය.ඇත්තම මේ තුලින් වෙන්නෙ එම ගීත නැරඹීමට තව තවත් පිරිස් උනන්දු වීමයි.එය ඩැඩී සංගීත කණ්ඩායමට වාසියකි


    ලංකාවේ හුදෙක් සිටින්නෙ නාමික බෞද්ධයන් පිරිසක් බව මෙවැනි දේතුලින් පෙනී යයි.එමෙන්ම ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.


    2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද
    ___________________________________________________

    බුද්ධියේ විමසුමට

     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    සිංදුවෙ ඇති රැප් එකකුත් නෑ.. කාමුක දර්ශනයකුත් නෑ..භවතු සබ්බ මංගලම් ගාථාව යන්නෙත් original එකක recording එකක්.. බෙර සද්දෙත් එක්ක! ඇත්තටම අපහාස වෙන්නෙ මොන වගේ දේවල් වලින්ද කියලවත් අපෙ ගොඩක් උන්ට තේරෙන්නෙ නෑනෙ.. මේ බ්ලොග් එකක දැකපු වෙලෙ ඉදන් රැල්ලට කෑගහනව හැම එකාම.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සිංදුවෙ ඇති රැප් එකකුත් නෑ.. කාමුක දර්ශනයකුත් නෑ..භවතු සබ්බ මංගලම් ගාථාව යන්නෙත් original එකකrecording එකක්.. බෙර සද්දෙත් එක්ක! ඇත්තටම අපහාස වෙන්නෙ මොන වගේ දේවල් වලින්ද කියලවත් අපෙ ගොඩක් උන්ට තේරෙන්නෙ නෑනෙ.. මේ බ්ලොග් එකක දැකපු වෙලෙ ඉදන් රැල්ලට කෑගහනව හැම එකාම.
    ඔය ගාථාව උපුටා ගෙන තියෙන්නෙ ටොරනා ආයතනය නිකුත් කරපු ධර්ම දේශනාවක මුල් පිටපතකින් ඒක ඒ විදියටම විශේෂ ප්‍රයෝගයක් විදියට ගීතයට යොදාගෙන තියෙනවා.කවුර්ත් රැප් කරන්නවත් ගථාව අස්සෙ කාමුක දර්ශනයක්වත් නෑ

    කෙල්ලෙක් කොල්ලෙක් බදාගත්තහම කාමුක සිතුවිලි ඇති වෙනව කියනව නම් කියන කෙනා ගැන මොලයේ සී.ටී ස්කෑන් එකකුත් කරල බලන්න වෙනවා
     
    • Like
    Reactions: gcj and nadun07

    Mozilla

    Well-known member
  • මාත් හිතන්නේ නැ බං එක එච්චර අවුලක් කියලා...
    එහෙනම් ඔයිට වඩා අද කොච්චර අවුල් වෙනවද බං?
    ඇයි ඒවා ගැන හිතන්නේ නැත්තේ?
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මටනම් සින්දුවෙ කිසි අවුලක් නැහැ. අපේ එවුන් මෙච්චර වෙලා සින්දුව හොන්දට අහල මේක දැක්ක ගමන් කැගහනව
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔය ගාථාව උපුටා ගෙන තියෙන්නෙ ටොරනා ආයතනය නිකුත් කරපු ධර්ම දේශනාවක මුල් පිටපතකින් ඒක ඒ විදියටම විශේෂ ප්‍රයෝගයක් විදියට ගීතයට යොදාගෙන තියෙනවා.කවුර්ත් රැප් කරන්නවත් ගථාව අස්සෙ කාමුක දර්ශනයක්වත් නෑ

    කෙල්ලෙක් කොල්ලෙක් බදාගත්තහම කාමුක සිතුවිලි ඇති වෙනව කියනව නම් කියන කෙනා ගැන මොලයේ සී.ටී ස්කෑන් එකකුත් කරල බලන්න වෙනවා

    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    http://sildeonline.blogspot.com/2012/02/blog-post.html

    Magen Podi Lipiyak
    7.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    පිස්සු විකාර.... වෙන නැතුවට...... මේ සිංදුවෙන් ඔය කියන විදිහේ හානියක් වෙනවා නම්, අර රුවන්වැල්ලේ සෝභිතලා එහෙම නටපු නාඩගම් වලින් කොච්චර හානියක් වෙනවද....?? ඒ කාලේ මේ කෑ ගහන අය කොහෙද හිටියේ......??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මටනම් සින්දුවෙ කිසි අවුලක් නැහැ. අපේ එවුන් මෙච්චර වෙලා සින්දුව හොන්දට අහල මේක දැක්ක ගමන් කැගහනව

    :yes::yes: කියලා වැඩක් නෑ බං.... මගේ RingTone එකත් ඕක.....!! :)