|ΞΞΞΞ වෙබ් අඩවියකින් මුදල් උපයන ආකාරය ΞΞΞΞ|

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    |ΞΞΞΞ වෙබ් අඩවියකින් මුදල් උපයන ආකාරය ΞΞΞΞ|

    ගොඩක් අය දන්නවා වෙබ් සයිට් වලින් සල්ලි හොයන්න පුළුවන් කියලා. සමහරු වෙබ් සයිට් හදලා ට්‍රයි කරනවා. ඒත් සාර්ථක වෙන්නෙ 1% විතර පොඩි ප්‍රමාණයක් විතරයි. ට්‍රයි කරපු නොකරපු සේරම අයට මම දන්න තරමින් වෙබ් අඩවියකින් සල්ලි හොයන හැටි කියලා දෙන්න තමා මේ ලෑස්ති වෙන්නේ.

    වෙබ් සයිට් වලින් සල්ලි හොයන ක්‍රම 100කට වැඩිය නෙට් එකේ තියෙනවා. මම ක්‍රම ගැන කියන්න කලින් වෙබ් අඩවියක් හදන හැටි කියලා දෙන්නම්. නිකම්ම නිකම් බ්ලොග් කෑලක් අටවලා නම් මදි සල්ලි හොයන්න ඕන නම් ඒකට ගැළපෙන්න සයිට් එකක් හදන්න ඕන මුළින්ම.


    මූල්‍යමය වටිනාකමකින් හෙබි වෙබ් අඩවියක් සාදන ආකාරය


    01] කීවර්ඩ්ස් (keywords) - හරිහමන් කීවර්ඩ් එකක් නැතුව හදන සයිට් එහෙකින් කිසිම ආදායමක් ලබන්න බැහැ. ඒක නිසා මුළින්ම හොඳ කීවර්ඩ් එකක් හොයා ගන්න ඕන. 99%ක්ම කීවර්ඩ්ස් වල වටිනාකම බොහොම අඩුයි. 1%ක් විතර තමා හොඳ කීවර්ඩ්ස් තියෙන්නෙ. අපිට පුළුවන් එහෙම හොඳ කීවර්ඩ්ස් ටිකක් $49ක් ගෙවලා ගන්න. ඒත් නිකම් මොකටද සල්ලි වියදම් කරන්නෙ! මම කියලා දෙන්නම් අවශ්‍ය කීවර්ඩ්ස් තමන්ටම හොයා ගන්න පුළුවන් විදියක්.

    පහල කරුණු දෙකටම ආදාල කීවර්ඩ්ස් ඔයාලටම හිතන්න පුළුවන්. කරුණු දෙකටම ගැළපෙනවා නම් අන්න ඒක හොඳ කීවර්ඩ් එකක්.

    i. සෑම විටම මුදල් ගෙවා ගත යුතු සේවාවක් හෝ භාණ්ඩයක් වීම
    ii. මාසෙකට සැළකිය යුතු ප්‍රමාණයක් මිනිස්සු ඒක ගැන නෙට් එකේ සෙවිය යුතුයි

    නිධාන කතාව අංක 1

    මම මගේ පලවෙනිම වෙබ් සයිට් එක හැදුවෙ "භාෂා 202කින් ආදරේ ප්‍රකාශ කරන හැටි ගැන" මම ඒ කාළේ හිතුවෙ මුළින්ම සයිට් එකේ ට්‍රැෆික් හදන් පස්සේ සල්ලි හොයන්න ක්‍රමයක් හිතනවා කියලා. සයිට් එකට සම්පූර්න වියදම $100+ වගේ ගියා. එත් මට ඒකෙන් ආදායම ආවෙ $13යි ශත 65ක් විතරයි. මිනිස්සු 60ක් 70ක් හැම වෙලාවෙම ඔන්ලයින් හිටියට මට ඒකට ගැළපෙන ඇඩ්ස් හොයා ගන්න බැරි උනා. අන්තිමට ඉතින් පාඩු පිටම සයිට් එක වැහුවා.

    නිධාන කතාව අංක 2

    මට තේරුනා කළින් සයිට් එකේ කිසිම වටිනාකමක් නැහැ කියලා. ඉතින් මම දෙවෙනි සයිට් එක හැදුවා "ක්‍රේන් රැක් ගැන" ක්‍රේන් රැක් එකක වටිනාකම ඩොලර් මිලියන 90ක් වගේ වෙනවා. සති දෙකකින් විතර මම ගූගල් එකේ මුලටම ආවා. ඒ සයිට් එකට මම $60ක් වගේ වැය කලා. ඒත් ලාභය ලැබුනේ $2ක් 3ක් විතරයි. හේතුව තමා මාසෙකටම එක ගැන සර්ච් කරන්නෙ දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් වීම. අන්තිමට මම ඒකත් වැහුවා.


    මගේ අතීත කතා කියෙව්වම උඹලාට නිවැරදි කීවර්ඩ් එකක් තෝර ගැනීමේ වැදගත් කම තේරුනා නේද? අන්න දැන් හිතන්න පටන් ගනින් මචන්ලා. මම තව දවස් තුනකින් ඊළඟ කොටස දානවා. උඹලා ඒ වෙද්දි හොඳ කීවර්ඩ් හොයන් තියේවි කියලා හිතනවා. කම්මැලි නොවී හිතපල්ලා! අර කරුණු වලට ආදාලව අඩුම කීවර්ඩ් 3ක් ඕන.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල වැඩක් මචන්:yes:
    ජයවේවා
    11.gif
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mama th web site eka patan ganna inne issarahata karagena yamu matath godak wadagath meka..mm karanne inne vehicle sale..mama inna paththe godak vehicle business karanawa. ekai mama eka patan ganna inne upa desak dipanko matath .thanks