Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
ElaKiri Traveler
>
Travel Sri Lanka
හෝර්ටන් තැන්නෙන් කිරිගල්පොත්තට
Tweet
Page 1 of 12
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
sanddun
Senior Member
Posts: 16,615
Blog Entries:
4
Join Date: Jun 2008
Location: PX3-808
හෝර්ටන් තැන්නෙන් කිරිගල්පොත්තට -
02-13-2012, 03:51 PM
හෝර්ටන් තැන්නෙන් කිරිගල්පොත්තට
horton plains camping කියන්නෙ හරිම සුන්දර අද්දැකීම් විදගන්න පුළුවන් අවස්ථාවක්. මේකටත් අපේ පුරුදු කට්ටිය ඔක්කොම එකතු උනා
greenthunder
akilios
chdanu
(medic)
මේ පාර අපිත් එක්ක යන්න අලුත් සමජිකයෙකුත් එකතු උනා හර්ෂ
ගමන පටන් ගත්තෙකොටුවෙන් බදුල්ල බල පිටත් වෙන රාත්‍රී තැපැල් දුම්රියෙන් (ප.ව 8.00 )
උදෑසන 5.30 වනවිට අපිට ඔහිය දුම්රිය පොලට ලගවෙන්න පුළුවන් උනා.
එතන ඉදන් හෝර්ටන් තැන්න පිවිසුම් දොරටුවට 6km විතර තියනව. තවත් 4km පමණ පසු කල විට වනජීවී කාර්යාලයට ලගවෙන්න පුළුවන්
මේ ගමන සදහා අපි වෑන් රථයක් කුලියට ගනු ලැබුවා. උදෑසන දුම්රියෙන් පැමිණෙන සියලු දෙනාට එම රථය මුණගැසෙනව
හිමිදිරි උදෑසන පාර අසලටම පැමිණ සිටින දැවැන්ත සාම්බාර් මුවන් දැකගන්න පුළුවන්. මීදුම කෙමෙන් අඩු වෙලා හිරු එලිය වැටී මිනිසුන්ගෙන් පාරවල් පිරී යනවිට
මේ සතුන් කැලය තුලට ගමන් කරනව. ඒ නිසා උදෑසනම පැමිණීමෙන් පමණක් මේ සොදුරු දසුන් දැකබලා ගන්නට පුළුවන්
කදවුරු භුමි අංක 1 තමයි අපේ නැවතුම්පොළ.
සිහිල් දොළ පාරක් අසල පිහිට ඇති මෙය ලෝකාන්තය දක්වා යන මාර්ගයට ඈතින් පිහිටා තිබෙනව.
දවල් ආහාරය ගැනීමෙන් අනතුරුව අපි ලෝකාන්තය නැරබීමට ගියා
ආපසු ගමනේ අතර බේකස් ඇල්ල මාර්ගය ඔස්සේ අපගේ නැවතුම් පොලට පැමිණියා.
ඊලග දිනයේ තිබෙන ගමන ගැන කෙටි පිලිසදරකින් පසු රාත්‍රී ආහාර වේලා අවසන් කර නින්දට යාමට සුදානම් උනා.
සීතලට වඩා බලාපොරොත්තු නොවූ ලෙස තරමක සුළං ප්‍රවාහයකට අපගේ කුඩාරමට මුහුණ දීමට සිදුඋනා.
එක ගැලවී යාදෝ කියා සිතුනත් අපගේ කුඩාරම් උපදේශකගේ(greenthunder) මග පෙන්වීම යටතේ නිමවූ එය උදෑසන වන තුරු ශක්තිමත්ව රදීසිටියා.
දෙවැනි දින ආරම්භය තරමක නොසන්සුන් වුයේ සිහින් පොද වැස්සක් හමාගොස් පරිසරය අදුරු වූ නිසාය.
නමුත් සියල්ලන්ගේ සතුටට හේතුවක් වෙමින් උදෑසන 8.00 පමණ වෙන විට හිරු රැස් පතිත උනා
උදෑසන ආහාරය ලෙස බත් පිස දුන් අපගේ පළපුරුදු කොකියා සහ පැය ගණනක් ලුණු දමමින් ලුණු නැති පරිප්පුවක් සාදා දුන් නඩේ ගුරා
මතක් කරන්නේ මහත් සතුටින්.
දවල් ආහාරය ලෙස ගමන මැදදී ගැනීමට පාන් සමග මාගරින් චිලි පේස්ට් ඇතුළු සියලු දේ රැගෙන කදවුරු භූමියෙන් පිටත් උනා.
හෝර්ටන් තැන්න අවන්හල අසලින් පටන් ගන්නා කිරිගල්පොත්ත ගමන් මගේ මුල් කිලෝමීටර් 1 මුළුමනින්ම ගමන් කිරීමට සිදු වන්නේ පතන බිමක් ඔස්සේ විහිදී
යන මාර්ගයක වේ.
තරමක උස් කදු ගැටයක් තරණය කිරීමෙන් පසු දකුණු පසින් මැරීගිය විශාල ගස් සහිත භූමියකට පැමිණෙනවා.
ඉන් පසු කැලය තුලට පිවිසෙන අඩි පාර තවත් මීටර් 500 පමණ ගිය පසු වනයෙන් පිටතට පැමිණෙනවා . ටික දුරක් ගිය විට
ගල්තලාවක් ඔස්සේ ඇද හැලෙන දිය පහරක් හමු වෙනවා එනම් බෙලිහුල් ඔයේ පෝෂක දිය දහරාවක් අවසානයේ වලවේ ගග මුහුදට රැගෙන යන දිය කදක්.
එතැන් සිට වම පසින් වනයද දකුණු පසින් කොළ පැහැති බැම්බු වන තීරය ඔස්සේ ගමන් කරනු ලබනවා ,
අපිට මුණගැසුණු කෙනෙක්
මෙලෙස වන තීරු කීපයක් පසු කිරීමෙන් දිය උල්පතක හඩ ඇසෙන ස්ථානයක්හමු වන අතර එම ස්ථානයේ තරමක මඩ සහිත බිමක් වන අතර
ඉදිරියට ගමන් කිරීමේදී ආධාරකයක් සහිතව ගමන් කිරීම පහසු වෙනවා.
මේ තියෙන්නෙ අපිට මුණ ගැසුණු දිවියෙකුගේ පාසටහන්
මෙලෙස පමණ මුළු ගමනින් අවසන් වූ පසු පතන බිම් අවසන්ව ඝන කැලය තුලට ගමන් කිරීමට සිදු වෙනවා
මෙලෙස වනය තුලින් 1පමණ කුඩා කදු නගිමින් බසිමින් කරන ගමන අවසන් වන්නේ උස්වූ ගල්තලාවක් අසලින්
මෙතැන් සිට 1.3 , එනම් කිරිගල් පොත්ත මුදුන දක්වා වූ අවසන් නැග්ම තිබෙන අතර එය තරමක වෙහෙසකර අදියරක් වෙනවා
එතැන් සිට එක කදු ගැටයක් තරණය කර යලිත් කුඩා පල්ලමකින් පසු අවසන් නැග්ම හමු වනවා
තරමක් සැලකිලිමත් වියයුතු ස්ථාන හමුවන අතර අඩි පාර කුඩා වන අතර පැදුරු වලින් දෙපැත්තේ බැවුම වැසී පවතිනවා
එබැවින් කිසිදු ලෙසකින් අඩිපාරින් ඉවතට නොයා යුතු අතර මුදුනට ඉතා ආසන්නයේ එළිමහන් ගල්තලාවකට පැමිණෙනවා
එතැන් සිට ප්‍රපාතයට ආසන්නයේ සහ මදක් ඇතුලට වෙන්න අඩි පාරවල් දෙකක් පිහිට තිබෙනවා
මීදුම පැමිණෙන අවස්ථාවක නම් ඇතුලතින් ගමන් කිරීම වඩා යෝග්‍ය වෙනවා.
අවසානයේ පැය 2..45 පමණ ගමනක දුර 6 පමණ අවසන් කර මුදුනට ලගා විය හැකි උනා.
පැරණි සොහොනක නටබුන් දක්නට ලැබෙන අතර එය බේකස් ඇල්ල හොයා ගත්ත කෙනාගෙ සොහොන් කොත යැයි කියා වෙනවා.
මුදුනෙහි තිබුන ශාක එකිනෙකට වෙනස් වූ අතර, මීදුම පැමිණෙන්නට වූ නිසා වැඩි වේලා ගිමන් නොහැරම
ආපසු පැමිණීමට පිටත් උනා
කලින් සදහන් කරන ලද අවසන් ගල්තලාවේදී මීදුම කදු වැටිය වට කිරීමට සුදානම් උනා
ඒ මොහොතේ ම ලබා ගත් වීඩියෝ දර්ශනය
ආපසු පැමිණීමට අපට ගත වුයේ පැය 1.30 වගේ කාලයක්.කදවුරු භුමිය වෙත නැවත පැමිණෙන විට සවස් වී තිබු අතර
ඉක්මනින් සකස් කල රාත්‍රී ආහාරයෙන් පසු නින්දට වැටුනා
තුන් වෙනි දින එනම් අවසන් දින දහවල් 12 ට කදවුරු භූමියෙන් අපි පිටත් වී රාත්‍රී කොලබ බලා එන දුම්රියේ පැමිණීමට අපි සැලසුම් කරගෙන සිටියා
කාලය ඉතුරුව තිබු බැවින් තරමක වෙහෙස වී සිටියත් අදුරු වැටී නොතිබූ බැවින් සවස බදුල්ල බලා යන දුම්රියෙන් හපුතලේ දියතලාව බණ්ඩාරවෙල පසුකර
හීල්-ඔය
දුම්රිය පොලට පැමිණ
එතනින් අපගේ රාත්‍රී දුම්රියට ගොඩ උනා.
ගමන අවසානයේ වැදගත් කරුණු කීපයක්ම සදහන් කලයුතු වෙනවා.
ප්‍රථමයෙන්ම යන හැමෝම යන පරිසරය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු වෙනවා
කදවුරු බිමේ පොලිතීන් වැනි කසල නොදමා ඒවා කසල බදුන් වෙන රැගෙන ආ යුතු වෙනවා.
ආරක්ෂා සහිතව එළිමහන් ගිනිමැලයක් දැල්විය හැකිවුවත් ඒ සදහා වනජීවී නිළදාරීන් ඉඩ දෙන්නේ නැහැ (මීට පෙර පැමිණි පිරිස්ගේ නොසැලකිලි මත් බව නිසා
සිදුවූ සිද්දීන් එයට හේතු වේලා තියනවා)
පහතින් තියන පදුර ලස්සන උනාට කටු හරිම සැරයි
මෙහි සිටින සාම්බාර් මුවන් සදහා කෑම දීමට හෝර්ටන් තැන්නට පැමිණෙන සමහරක් පිරිස් පෙලබෙනවා
එය ඔවුන්ගේ ආහාර රටාවට කරන අනතුරක්, ඔබ එයට ඉඩ දෙන්න එපා
අවසාන වශයෙන් සදහන් කල යුතුව ඇත්තේ මහ එලිය නොහොත් හෝර්ටන් තැන්නලංකාවේ තිබෙන සොදුරු පරිසර පද්ධති වලින් එකක්
එහි සුන්දරත්වය ඉදිරියටත් රැකගැනීමේ හැකියාව තිබෙන්නේ අප සියලු දෙනාගේ සැලකිල්ල මතයි. පරිසරයේ සුන්දරත්වය විදින්න සතුටු වෙන්න
එසේම ඒ සතුන් සහ ශාක වල ඉදිරිය ගැනත් සිතන්න
ඔයගොල්ලන්ගෙ වටිනා අදහසුත් එකතු කරන්න
Quote:
Originally Posted by
greenthunder
Quote:
Originally Posted by
greenthunder
තියෙන ෆොටෝ ටිකකුත් ඇඩ් කරන්නම් එහෙනම්.
මේ තියෙන්නේ කැම්පින් සයිට් එක හා ඒ අවට පෙනෙන හැටි.ඔය
මැද පෙනෙන
කන්ද බැහැල තම එතනට එන්න ඕනේ.
[/LEFT]
මේ තියෙන්නේ අපේ කට්ටිය ඒ කන්ද නගිනවා.
[/COLOR][/SIZE]
Last edited by sanddun; 02-13-2012 at
05:44 PM
.
sanddun
View Public Profile
Send a private message to sanddun
Find all posts by sanddun
View Blog
(#
2
)
Pink panther
Senior Member
Posts: 15,942
Join Date: Nov 2011
Location: ~ ση тнє ƒℓσω ~
02-13-2012, 03:53 PM
උඹේ ටෙස්ට් එකට මන් රිප්ලයි කරා..
Pink panther
View Public Profile
Send a private message to Pink panther
Find all posts by Pink panther
(#
3
)
sanddun
Senior Member
Posts: 16,615
Blog Entries:
4
Join Date: Jun 2008
Location: PX3-808
02-13-2012, 04:34 PM
Quote:
Originally Posted by
Pink panther
උඹේ ටෙස්ට් එකට මන් රිප්ලයි කරා..
thanx macho
sanddun
View Public Profile
Send a private message to sanddun
Find all posts by sanddun
View Blog
(#
4
)
dreezone
Senior Member
Posts: 1,187
Join Date: Sep 2006
Location: හීන-ලන්තය
02-13-2012, 04:36 PM
මැක්සා පොස්ට් එක මචො.. පොඩි දෙයක් අර බණ්ඩාරවෙල පහු කරලා නැග්ග station එකට කියන්නේ හීල්-ඔය කියලා.
dreezone
View Public Profile
Send a private message to dreezone
Find all posts by dreezone
(#
5
)
shenoxxx
Senior Member
Posts: 33,610
Join Date: Sep 2009
02-13-2012, 04:38 PM
maxa ban
shenoxxx
View Public Profile
Send a private message to shenoxxx
Find all posts by shenoxxx
(#
6
)
sanddun
Senior Member
Posts: 16,615
Blog Entries:
4
Join Date: Jun 2008
Location: PX3-808
02-13-2012, 04:46 PM
Quote:
Originally Posted by
dreezone
මැක්සා පොස්ට් එක මචො.. පොඩි දෙයක් අර බණ්ඩාරවෙල පහු කරලා නැග්ග station එකට කියන්නේ හීල්-ඔය කියලා.
පොඩි වැරදීමක් මචෝ
ස්තුතියි
sanddun
View Public Profile
Send a private message to sanddun
Find all posts by sanddun
View Blog
(#
7
)
mawella
Senior Member
Posts: 14,787
Blog Entries:
2
Join Date: Mar 2008
Location: ratmalana
02-13-2012, 04:46 PM
elama thama ooooon
mawella
View Public Profile
Send a private message to mawella
Find all posts by mawella
View Blog
(#
8
)
sanddun
Senior Member
Posts: 16,615
Blog Entries:
4
Join Date: Jun 2008
Location: PX3-808
02-13-2012, 04:47 PM
Quote:
Originally Posted by
shenoxxx
maxa ban
thanxx
sanddun
View Public Profile
Send a private message to sanddun
Find all posts by sanddun
View Blog
(#
9
)
wisal
Senior Member
Posts: 7,369
Blog Entries:
2
Join Date: Jul 2009
Location: Israel
02-13-2012, 04:54 PM
ela machan...
wisal
View Public Profile
Send a private message to wisal
Find all posts by wisal
View Blog
(#
10
)
JAASBandara
Senior Member
Posts: 11,325
Join Date: Sep 2008
02-13-2012, 05:20 PM
Quote:
Originally Posted by
sanddun
එළ ටුවර් එක මචන්. හෝර්ටන් තැන්න ෆට්ට උදේට මීදුමත් එක්ක.
JAASBandara
View Public Profile
Send a private message to JAASBandara
Find all posts by JAASBandara
Page 1 of 12
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
කදුතරණ
,
කිරිගල්පොත්ත
,
දිවි අංකල්
,
හයිකින් ;)
,
හෝර්ටන් තැන්න
,
hiking in srilanka
,
horton plains
,
kirigalpotta
,
sanddun
,
tag6
,
tag7
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.12744
seconds with
6
queries