History Of Valentine Day (Valentine Day එකේ ඉතිහාසය)

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    History Of Valentine Day (Valentine Day එකේ ඉතිහාසය)

    ආගම් හා ජාති භේදයකින් තොරව valentine day එක සැමරුවද මේ හා සමග දිවෙන අතීතය ගැන කවුරුත් නොදන්නවා ඇත.අහලවත් නැතුව ඇති...February 14 ආදරවන්තයින්ගේ දිනය යයි කවුරුත් දැනගෙන සිටියත් ,කවුරුත් නොදන්න මෙයට පසුබිම් වූ සාන්තුවර චරිතයට ගෞරවක් පිණිස මේ ගැන ඔයාලව දැනුවත් කරන්න මට හිතුනා..:yes:
    ............................................


    මේ valentine day එක ක්‍රි.ව 3 වන ශතවර්ෂය තරම් වූ දිගු අතීතයකට හිමිකම් කියනවා.


    ClaudiusII.jpg


    වර්ෂ 268-270 (3 වන ශතවර්ෂයේ) කාල පරාසය තුළ රජ කළ Claudius II (Claudius Gothicus) අධිරාජ්‍ය වාදීයාගේ කාලේ හිටියා Valentine කියලා රෝමානු ක‍තෝලික පූජක තුමෙක්.මෙතුමා බයිබලය තුළින් ක‍තෝලික ආගම ප්‍රචාරය කරන්න දැඩි වෙහෙසක් ගත් තවත් එක් පූජක තුමෙක්.

    ඉතින් මේ Claudius කියන අධිරාජ්‍යවාදියා නහයට අහන් නැති ඉතා දරුණු පාළනයක් රෝමය තුළ ගෙන ගියා.මොහු තීරණය කළා අවිවාහක තරුණයන්ව බලහත්කාරයෙන් සේවයට බදවා ගන්න.මේ හේතුව නිසා තරුණයන්ට විවාහය කියන දේ නීතියෙන් තහනම් කළා.:rolleyes:

    මේ අසාධාරණ තීන්දුවට විරුද්ධව
    Valentine කියන පූජක තුමා නැගී හිටියා...මෙයා රහසිගත්ව තරුණයන්ව විවාහ කර දුන්නා,ඔවුන්ගේ බලාපොරොත්තු ,සිහින සෑබෑ කළා,දරුණු රෝමානු පාළනයක් තුළ සිර අඩස්සියේ ජීවිත ගෙවූ ක‍තෝලික තරුණයන්ට එයින් ගැලවී සිය පෙම්වතියන් සමග විවාහ වෙන්න උදව් කළා...

    පස්සේ මේක දැන ගත්
    Claudius අධිරාජ්‍යවාදියා,, Valentine පුජකයාව මරා දමන්න නියෝග කළා.ඊට පස්සේ මෙතුමාට ගල්,පොලුවලින් පහරවල් එල්ල කර හිස ගසා මරා දැමුවා .:shocked:

    (රෝමයේ Flaminian Gate කියන ස්ථානයේ තමයි මෙතුමාව මරා දැමුවේ).එම සිදුවීම සිදු වෙලා තියෙන්නේ අද වගේ දිනක (February 14),වර්ෂ 270 (ඉතිහාසයේ සදහන් වී ඇති අන්දමට).

    PORTA+DEL+POPULO+ROMA.jpg

    Flaminian Gate


    අතීත ජනප්‍රවාදයන්ට අනුව කියවෙනවා මෙතුමා පෙම් හසුම් පතක් jailor
    (බන්ධනාගර භාරකරු) ගේ දියණියට යැවූ බව.මැය මෙතුමා සිර අඩස්සියේ සිටි කාලයේ මෙතුමාව බලන්න ආවත් කියලා කියනවා....මෙතුමාගේ මරණයට පෙර ඇයට ලියුමක් යැවූ බවත් ලියුමේ අවසානයේ "From your Valentine" කියලා අත්සන් කරලත් තිබිලා තියෙනවා.කාලයත් සමගම Valentine Greetings කියලා ලොව පුරා Valentine Cards හුවමාරු වෙන්න පටන් ගත්තේත් අන්න ඔතනින්...අදටත් February 14 දින Valentine day එක කියලා Celebrate කරන්න පසුබිම් වූ කතාව ඕක තමයි...:yes:


    කොහොම වුණත් Valentine පූජකයාගේ අතීතය ගැන ගොඩාක් දේවල් ලියවිලා තිබුණත් සමහර දේවල් අදුරු සහගතයි..:confused:

    gelasius.jpg

    Pope Julius I

    මෙතුමා තරුණයින් කුරීරු පාළනයෙන් මුදවා ඔවුන්ගේ සිහින සැබෑ කරමින් කළ විශිෂ්ඨ සේවය අගයා Pope Julius I විසින් ඉතාලියේ Ponte Mole කියන ස්ථානයේ දේවස්ථානයක් ඉදි කළ අතර අද එය විවිධ නම් වලින් හදුන්වනවා (Porta del Popolo, formerly, Porta Valetini)

    Vasi-Porta-del-Popolo.jpg

    Ancient Porta del Popolo

    පසුව Pope Julius I විසින් වර්ෂ 496 මෙතුමාව සාන්තුවරයට ඔසවනු ලැබුවා.:)

    අද (February 14)අපි සමරන්නේ St.
    Valentine ගේ ජීවිතාදර්ශයයි.:yes:

    saint-valentine-435x737.jpg



    ගස් යට ,Beach වල කුඩේ යට වේලි වේලි Love කළාට කමක් නෑ මෙතුමාට අගෞරවයක් නොවන අන්දමින් ආදරය decent විදිහට භුක්ති විදින්න....Love කරන කොට උඩ ඉන්න සාන්තුවරයින් කියා අහල පහළ ඉන්න එවුන් වත් පෙනුනොත් හොදයි....:D

    valentine24.gif



    ..........................................................
    පිටපත-Anton jayashan
    Facebook-https://www.facebook.com/antonviraj....do?ref=tn_tnmn :)