ළඟදීම ප්‍රබල උද්ඝෝෂණ රැල්ලක් – බුද්ධි අංශ
ඉන්ධන මිල ඉහළ යාමත්, රුපියල අවප්‍රමාණය වීමත් හේතුකොටගෙන සිදුවන භාණ්ඩ හා සේවා මිල ඉහළයාම් ඇතුළු ආර්ථික ගැටලු මුල්කරගනිමින් ඉදිරියේදී මහජන උද්ඝෝෂණ රැල්ලක්ම රට තුළ ඇතිවීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ විසින් බලධාරීන් දැනුවත් කර ඇතැයි ආරක්ෂක අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
එම උද්ඝෝෂණ හලාවත ධීවර උද්ඝෝෂණයට වඩා දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීමක්ද බුද්ධි අංශ කර තිබේ.ඉන්ධන මිල ඉහළ යාමත්, විදුලිය හා ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් ජනතාවට තදින්ම දැනී තිබෙන බවත්, රුපියල අවප්‍රමාණය හේතුකොට ගෙන ඉදිරියේදී ආනයනික භාණ්ඩ මිල ගණන්ද ඉහළ යාමෙන් ජනතාවට ඒ ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිවනු ඇති බවත් බුද්ධි අංශ පවසා තිබේ.