ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග &#35

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග #

    419683_335209466518237_193218727383979_872346_1587554113_n.jpg



    සීතල ජනවාරි මාසයක උදෑසනක වොෂින්ටන්හි කාර්යබහුල දුම්රිය ස්ථානයකට පැමිනි මිනිසෙකු එහි පසෙකට වී තම වයලීනය පිටතට ගෙන එය වාදනය කිරීමට පටන් ගත්තේය. ඔහු විණාඩි 45ක් පුරාවට තම වාදනය නොනවත්වා කලේය . එම විණාඩි 45ක කාලය තුල ආසන්න වශයෙන් 1100කට වැඩි මිනිසුන් ප්‍රමානයක් ඔහුව පසු කරගෙන ගියෝය,ඔවුන් බොහෝ දෙනෙක් තම සේවා ස්ථානය බලා ගමන් කරන කාර් ය බහුල මිනිසුන් වූහ .

    වාදකයා තම වාදනය ආරම්භ කර මිනිත්තු 3ක් පමන ගත වන විට මැදි වියේ මිනිසෙකු ඔහු අසල නතර වූ අතර තත්පර කිහිපයක් වාදකයාගේ වයලීන වාදනය අසා සිටි ඔහු යලිත් තම දුම්රිය බලා ලහි ලහියේ පිටත් විය .

    වාදකයා වාදනය ආරම්භ කර මිනිත්තු පහකින් පමන ඔහුට ප්‍රථම ආධාරය ලැබුනි. තරුණ කාන්තාවක් එය ලබා දුන් අතර ඇය නොනැවතී ඔහු වෙත ආධාර මුදල විසි කර තම සේවා ස්ථානය බලා යාමට දුම්රිය ස්ථානයෙන් පිට විය .

    තව මොහොතකින් වාදකයා අසල වූ බිත්තියට අයෙක් හේත්තු වූයේ වාදනය ශ්‍රවනය කිරීමට වූවත් මොහොතකින් තම ඔරලෝසුව දෙස බැලූ ඔහු කඩි මුඩියේ දුම්රිය ස්ථානයෙන් පිට විය.

    වාදකයාගේ වාදනයට වැඩිම අවධානයක් යොමු කලේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි . මව ඔහුට තරවටු කල නමුත් වාදකයා අසල නැවතී ඔහුගේ වාදනය අසා සිටීමට කුඩා පිරිමි දරුවා අමතක කලේ නැත . අවසානයේ මව දරුවාගේ අතින් අල්ලා ඔහුව ඇද්ද අතර ඔහු වාදකයාව නොපෙනී යන තුරුම හිස හරවා වාදකයා දෙස බැලීමට අමතක කලේ නැත . කුඩා දරු දැරියන් බොහෝ දෙනෙකුගේම හැසිරීම මේ ආකාරයම ගත් නමුත් ඔවුන්ගේ මවුවරුන් සහ පියවරුන් ඔවුන්ට නොනැවතී ගමන් කිරීමට බල කලහ .

    වාදකයා වයලීනය වාදනය කල මිනිත්තු 45ක කාලය තුලදී පුද්ගලයන් හය දෙනෙකු ඔහු අසල මොහොතක් නැවතී වාදනයට සවන් දුන් අතර පුද්ගලයන් විසි දෙනෙකු පමන ඔහුට මුදල් ආධාර ලබා දුන්හ . වාදකයා ඉපැයූ මුලු මුදල ඩොලර් 32ක් විය . අවසානයේ වාදකයා වාදනය නතර කලේය,ඔහු වටා නිශ්ශබ්දතාවයක් පැතුරුනි,කිසිවෙකුට එහි වගක් නොවීය, කිසිවෙකු අත්පොලසන් දුන්නේ නැත .

    කිසිවෙකු නොදැන සිටි මුත් ඒ වාදකයා අන් කිසිවෙකු නොව වර්තමානයේ ලොව සිටින දක්‍ෂතම වයලීන වාදකයෙකු වන ජොෂුවා බෙල්‍ ය(joshua bell) . ඔහු වාදනය කලේ මෙතෙක් ලොව නිර්මාණය කර ඇති සංකීර්ණතම සංගීත ඛණ්ඩයකි. ඔහු ඒ සදහා භාවිතා කලේ ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයකි .

    දුම්රිය ස්ථානයේ වාදනය කිරීමට දින දෙකකට පෙර ඔහු එම සංගීත ඛණ්ඩයම බොස්ටන්හි රංග ශාලාවක වාදනය කල අතර එහිදී එක් ආසනයක මිල ඇමරිකානු ඩොලර් 100කට ආසන්න විය. .

    ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම දුම්රිය ස්ථානය තුල වාදනය සංවිධානය කලේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් වන අතර එය ඔවුන් විසින් සිදුකල සමාජ චර්යා පරීක්‍ෂණයක එක් අංගයක් විය.පරීක්‍ෂණය අවසානයේ දැක්වූ එක් නිගමනයක් වන්නේ

    "ලොව සිටින දක්‍ෂතම වාදකයෙකු එතෙක් මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම සංගීත ඛණ්ඩයක් වාදනය කරන විට ඔහු අසල නැවතී එය ශ්‍රවනය කිරීමට මොහොතක් ගත කිරීමට නොහැකි නම් ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග හැරෙනවා ඇද්ද?"

    face book එකෙ තිබි උපුටා දක්වන ලදි.....
     
    Last edited:
    • Like
    Reactions: dwpsg and damii87

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    NICE post machan. අපි හැමෝම මේ වගේ මචන්. පිස්සෝ වගේ දුවනවා, හැරිලා බලනකොට ගොඩක් දේවල් මගෑරිල.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇත්ත තමයි... :( හොඳ පෝස්ට් එකක් :)
    (දැන්ම රෙප් දෙන්න බැහැලු)