බුදු හිමියන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බුදු හිමියන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

    008.JPG


    බුද්ධාදී උතුමෝ මහා පුරුෂයෝ වෙති.එබඳු පුරුෂයන්ගේ ශරීර වල පිහිටන ලක්ෂණ මහා පුරුෂ ලක්ෂණයි.
    බුදු රජාණන්වහන්සේගේ පිහිටන ලක්ෂණ ගනනින් 32කි.ඒවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නමින් හදුන්වයි.
    එම දෙතිස සහ ඒවා ඇති වීමට හේතු පහත දැක්වේ.


    01.සුප්පතිට්ධර්ත පාදතා

    මනාව පිහිටි පා යුවලක් ඇති බවයි.බුදු සිරිපා ස්වර්ණ පාදුකාවක් සේ සිදුරු රහිතව පිහිටියේය.එම සිරි පතුල
    පොලවෙහි තබන කල එක වරම ස්පර්ශ වේ.උඩට ඔසවන කල එකවරම එසවේ.මෙම ලක්ෂණ ඇති අය
    අනුන් විසින් නොමැඩිය හැකි අය වෙති.


    02.චක්ඛ ලක්ඛණතා


    චක්‍ර ලක්ෂණ පිහිටි අය බවය.බුදු සිරිපා තලය මනා සේ බෙදී පිහිටි රථ චක්‍ර (රෝද)ලක්ෂණ වලින් යුක්තය.මෙම
    ලක්ෂණය පිහිටියේ මහා පිරිස් ඇත්තෙක් වෙයි.පෙර භවයන්හීදී පරාර්ථ චර්යාවෙහි යෙදුනු බැවින් හා අනුන්ගේ
    බිය තැතිගැනීම් දුරු කොට ආරක්ෂා සංවිධාන ඇති කල බැවින්ද පිරිවර සහිතව දන් දුන් බැවින්ද මෙම ලක්ෂණය
    පිහිටියේය.

    03.අයාත පණ්හිතා

    දිග් වූ විලුම් ඇති බවය.බුදු සිරිපතුල කොටස් 4කට බෙදේ.දෙකොටසක් ඉදිරි අක්පතුලයි.තෙවන කොටස
    පාදය පිහිටීමට ආධාර වෙයි.සතරවෙනි කොටස දිග් විලුඹයි.ප්‍රාණවධයෙන් තොර වී සියලු සතුන් වෙත
    හිතවත්ව අනුකම්පා සහගතව විසීමේ ප්‍රථීපලයක් ලෙස මෙම ලක්ෂණය පිහිටියේය.


    04.දිඝංගූලිතා

    දික් වූ ඇගිලි ඇති බවය.ක්‍රමයෙන් සිහින්ව එක සමව පිහිටීම මෙහි ලක්ෂණයයි.මෙම ලක්ෂණය ඇත්තේ
    සතුරන් විසින් නොමැ‍ඩෙන හැක්කේ වෙයි.

    05.බ්‍රහ්මුජිජුගත්තා

    බ්‍රහ්මයාගේ මෙන් සෟජු ශරීරයක් ඇති බවය.බුදු සිරුර සෟජුය.සෝබනය.මෙම ලක්ෂණය ඇත්තේ දීර්ඝායුෂ්ක
    වෙයි.සතුරන් විසින් නොමැඩිය හැකි වෙයි.තමන් විසින් හෝ අන්‍යයන් ලවා හෝ කිසිවෙකුටත් හින්සා පීඩා
    නොකිරීම නිසා මෙම ලකුණ පිහිටියේය.

    06.සත්තුස්සදතා

    සත් තැනක උස් බවයි.මාංශ බහුල වෙයි.දෙපිට ඇතුල් දෙපිට පතුල් පද උරහිස් කර යන සත් තැන උසින්
    පිහිටීමයි.මෙම ලක්ෂණය දරණ්නේ ප්‍රණීත ආහාර පාන ලබයි.පෙර ජාතීන්හීදී ප්‍රණීත දෑ දන්දුන් බැවින් මෙම
    ලක්ෂණය පිහිටියේය.

    07.මුදු තථන හත්ථපදාතා

    මෟදු වූද තරුණ වූද අත්පා ඇති බවයි.මෙම ලක්ෂණය ඇත්තේ ඉතා උසස් ලෙස මහජනයාගෙන් සංග්‍රහ ලබයි.
    දානය ප්‍රිය වචනය අර්ථ චර්යාව සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තුවෙන් මහජනයාට සංග්‍රහ කල බැවින්
    මෙම ලක්ෂණය පිහිටියේය.

    08.ජාලහත්ථ පාද ලක්ඛණතා

    දැල් කවුලුවකට බදු වූ අත්පා ඇති බවයි.බුදු රදුන්ගේ පයෙහි ඇගිලි පසද අතෙහි ඇගිලි සතරද සම ප්‍රමාණව
    පිහිටියේය.මෙම ලක්ෂණය ඇත්තෝ ලෝ වැසියන්ගෙන් බොහෝ සංග්‍රහ ලබයි.

    09.උස්සංඛ පාදකා


    බුදු රදුන්ගේ ඇස්වටය උස්ව පිහිටියේ සුවසේ පාද පරිවර්ථනය වේ.මෙම ලක්ෂණය දරන්නේ නම් ගිහි වී
    නම් කාම භෝගීන්ට ශ්‍රේෂ්ඨ වෙයි.පැවිදි වීනම් පැවිද්දන්ට ශ්‍රේෂ්ඨ වෙයි.පෙර භවයන්හිදී අර්ථවත් වචන කතා
    කිරීම දසකුසල ධර්මයන්හි මහජනයා පිහිටුවීම යන කුසල ධර්ම කල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

    10.උද්ධස් ලෝ මාතා

    රෝම කූපයන් කුංඩාලංකාරයෙන් දකුණට කැකැවී අක් උඩුකුරුව පිහිටීමයි.මෙම ලක්ෂණය දරන්නේනම්
    සියල්ලන්ටම ශ්‍රේෂ්ඨ වෙයි.අර්ථවත් ධර්ම නිශ්‍රීත වචන කතා කල බැවින් මෙය පිහිටියේය.

    11.එණිජංගතා

    එණිමෟර්ගයන්ගේ කොණ්ඩා මෙන් ක්‍රමයෙන් සිහින්ව මසින් වටවී සහයන්සේ පිහිටීමය.මෙම ලක්ෂණය
    දරන්නේ නම් ගිහි වූයේ නම් ගිහියන්ට උවමනා උපභෝග පරිභෝග සම්පත්ද පැවිදි වූයේ නම් ශ්‍රමණ
    පරිස්කාරද ලබන්නෙක් වෙයි.පෙර භවයන් හිදි ශිල්ප විද්‍යාව උගන්වා ලෝ වැස්සා සුචරිතයෙහි පිහිට වූ
    බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

    12.සුකූමච්ජිවිතා


    ඉති සියුම් සිවිය ඇති බවයි.බුදු සිරුරෙහි රැලි ආදිය නොරැදෙයි.මෙම ලක්ෂණය දරන්නේ නම් ගිහි වූයේ නම්
    අන්‍යකාම භෝගීන් විසින් ලංවිය නොහැකි නුවණ ඇති වෙයි.බුදු වූයේ නම් මහා ප්‍රඥාවන්ත වෙයි.පෙර භවයන්
    හීදී මාත දර්පාදිය නොමැතිව කටයුතු නොකටයුතු විතාල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

    13.සුවණ්ණා චණ්ණතා

    ශරීරය රන් වන් පැහැයෙන් යුක්ත බවය.මෙය ඇත්තේනම් සුව පහසු වස්ත්‍ර ආදිය ලැබෙයි.පෙර භවයන්හිදී
    නොකිපෙනසුලුව අනුන් පරුෂ වචනයෙන් බනින කල නොසතුට පමණකුත් පල නොකල බැවින් මෙම
    ලක්ෂණය පිහිටියේය.

    14.කොසොහිතවත්ථ ගුයිහතා


    කෝෂය තුල සැගවුන පුරුෂ නිමිත්ත ඇති බවය.භේද බින්නව සිටි නෑදෑ මිතුරන් උනුනුත් සම්මුඛ කොට සමගි
    කොට සතුටු වූ බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

    15.නිගෝධ පරිමණ්ඩලතා

    නුග ගසක් සේ උසට ගැලපෙන මහතින් යුක්ත සිරුරක් යුක්ත බවය.මෙය ඇත්තේනම් මහා ධනවතෙකු වෙයි.
    බුදුහු සප්තාර්ය ධනයෙන් ආඩ්‍ය වූහ.පෙර භවයන්හීදී සුදුස්සාට සුදුසු තැන තැබීම නිසා මෙම ලකුණ පිහිටියේය.

    16.ආජානුලම්භිත හත්ථනා

    සිටගෙන නොනැමී දණ මල පිරි මැදිය හැකි බවය.සුදුස්සාට සුදුසු තැන දී ඔවුන්නොවුන්ගේ තත්වයට ගැලපෙන
    පරිදි කටයුතු කල බැවින් මෙම ලක්ෂණය පිහිටියේය.

    17.සිහප්පුබද්ධකායතා

    සිංහයෙකුගේ පුර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුලු සිරුරක් ඇති බවයි.මෙම ලක්ෂණය ඇති වූයේ අනුන් ගුණයෙන්
    හා ධනයෙන් වර්ධණය වනු කැමති වූ බැවිනි.

    18.චිත්තන්තරායතා


    පිට මැද කාණුවක් සේ නොපිහිටා මස් පටලයකින් වැසී මනා සේ පිහිටි බවය.මෙම ලකුණ දරන්නේ ගිහියෙක්
    වී නම් නොපිරිහෙන සම්පත් ඇති මහා රජෙක් වේ.පැවිදි වූයේ නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ.
    මෙම ලක්ණය ඇති වූයේ අන්‍යයන් ධනයෙන් ගුණයෙන් වැඩෙනු කැමති වූ හෙයිනුත් ඉවසූ හෙයිනුත්ය.

    19.සමවත්ථක්බන්ධතා

    සම වූද වට වූද ග්‍රීවයක් ඇති බවයි.නහර නොපෙනේ.රන් කොලයක කරක් සේ සම වටව බෙල්ල පිහිටි බවය.
    මෙම ලක්ෂණය ඇත්තේනම් ගිහි වී නම් නොපිරිහෙන සම්පත් ඇත්තෙකු වෙයි.පැවිදි වූයේ නම් ගුණ සම්පන්න
    වෙයි.

    20.රසග්ග සංගීතා

    උතුම් රස නහර ඇති බවයි.තලැටක් පමණ දෙයක් වුව දිව තිබූ කෙනෙහි මුලු සිරුරෙහි ඔජස් පැතිරෙයි.මෙම
    ලක්ෂණය ඇත්තේනම් නිරෝගී වෙයි.පෙර භවයන්හීදි කැට කැබලිති ආදියෙන් සත්ව හින්සා නොකල බැවින්
    මෙම ලක්ෂණය පිහිටියේය.

    21.අභිනීල නෙත්තතා

    නිල්වන් නෙත් සගලක් ඇති බවය.මෙය ඇත්තේනම් බොහෝදෙනෙකුට ප්‍රියමනාප වෙයි.පෙර භවයන්හිදී
    ද්වේශයෙන් අනුන් වෙත රවා බැලීමක්වත් නොකට සෟජු සිතින් ප්‍රිය ඇසින් බැලූ හෙයින් මෙම ලක්ෂණය
    පිහිටියේය.

    22.ගොපකුමතා

    උපන් කෙනෙහි වස්සකුගේ බදු ඉතා ප්‍රසන්න ඇස් ගුලිය ඇති බවයි.යටට නොගිලී මතුවට නොඉලිප්පී ඇස්
    පිහිටි බවය.මෙය ඇත්තේ කාහටත් ප්‍රියමනාප වේ.ප්‍රිය වූ ඇසින් කා දෙසත් බැලූ නිසා මෙම ලක්ෂණය ඇති
    විය.

    23.උණ්හ සීසතා

    නලල් පටින් වෙලන ලද වැන් පිරුණු නලල සහිත සම්පූර්ණ හිසක් ඇති බවය.මෙය ඇත්තේනම් බොහෝ
    දෙනාට අනුචරයෙක් වෙයි.පෙර භවයන්හිදී යහපත් ක්‍රියාවන්ට මූලිකව මහජනයා හැසිරවූ බැවින් මෙම
    ලක්ෂණය පිහිටියේය.

    24.ඒකෙකලොමතා

    එක රෝම කූපයක රෝම එක එකක්ම ඇති බවය.මෙය ඇත්තේ තමා අනූව යන මහ පිරිස් ඇත්තේ වෙයි.
    අසත්‍යෙයන් වැලකී සත්‍යවාදී වූ බැවින් මෙම ලක්ෂණය පිහිටා ඇත්තේය.

    25.ඌර්ණරෝම ලක්ෂණය

    දෙබෑම අතර නලල මැද දකුණට කැරකවී රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බවය.මෙය ඇත්තා අනූව
    යන මහා පිරිසක් ඇත්තේය.අසත්‍යෙයන් වැලකීම හා සත්‍යවාදී වීම නිසා මෙය පිහිටියේය.

    26.චත්තාලීස දන්තතා

    එක් ඇන්දක දත් විස්ස බැගින් දත් හතලිහක් වන්නේය.මෙය ඇත්තේනම් කිසිවකු විසින් බිදලිය නොහැකි
    මහා පිරිස් ඇත්තේය.කේලම් කීමෙන් වැලකීම අසමගි වූවන් සමගි කිරීම නිසා මෙය පිහිටියේය.

    27.අවිවර දන්තතා

    විවර රහිත දත් ඇති බවය.දත් එකිනෙක උස් පහත් නොවී සමව පිහිටා ඇති බවය.කිසිවකු විසින් බිදලිය නොහැකි
    පිරිස් බල ඇත්තෙකු වේ.කේලම් කීමෙන් වැලකීම බිදුනවුන් සමගි කිරීම නිසා මෙම ලක්ෂණය පිහිටියේය.

    28.ෂහුත ජිව්හතා

    මෟදු දික් පලල් දිවක් ඇති බවය.කන්තල නලල්තල පිරිමැදිය හැකිය.මෙම ලක්ෂණය දරන්නේනම් ඉවතලිය
    නොහැකි වචන ඇත්තෙකු වේ.පරුෂවචනයෙන් වැලකීම ප්‍රිය වචන කීම මෙම ලක්ෂණය ඇති වීමට හේතු වේ.

    29.බ්‍රහ්ම ස්වර්තා

    බ්‍රහ්මයාට සමාන කටහඩක් ඇති බවය.පිත් සෙම් ආදියෙන් නොගැටුනු ස්වරය පැහැදිලිය.මිහිරිය.මෙය පිහිටියේ
    නම් ඉවතලිය නොහැකි වචන ඇත්තේය.පරුෂ වචනයෙන් වැලකීම ප්‍රිය වචනයෙන් කතා කිරීම මෙයට හේතු
    වේ.

    30.සීහ හනුතා

    සිංහයාගේ වැනි හනු ඇති බවය.උඩු යටි පිරිපුන් හනු පිහිටයි.මෙම ලක්ෂණය ඇත්තේනම් සතුරන් විසින්
    විනාශ කල නොහැකි වෙයි.පුලාප කතාවෙන් වැලකීම අර්ථවත් ධර්මාන්විත වචන කතා කිරීම මෙයට හේතු
    වේ.

    31.සම දන්තතා

    සම වූ දත් ඇති බවයි.මෙම ලක්ෂණය දරන්නේනම් පවිත්‍ර පිරිවර ඇත්තේ වෙයි.මිත්‍යා ජීවිකාවෙන් වැලකීම
    හේතුකොටගෙන මෙම ලක්ෂණය පිහිටියේය.

    32.සුසුක්ඛ ද්‍රාඨතා

    ඉතා සුදු දත් ඇති බවය.මෙම ලක්ෂණය දරන්නේනම් පවිත්‍ර පිරිවර ඇත්තේ වෙයි.මිත්‍යා ජීවයෙන් වැලකීම
    විපාක ලෙස මෙම ලක්ෂණය ඇතිවිය.


    ඉහත දැක්වූයේ බුදු සිරුරේ දක්නට තිබූ මහා පුරුෂ ලක්ෂණයි.ඒවා ඇති වීමට හේතුව හා ඒවා ඇති වීමෙන්
    විපාකද මෙසේ සදහන් විය.



    දළදා සමිදු සරණයි....!!!!

    6921879.gif


    6921883.gif

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගොඩක් වැදගත්

    බොරලුගොඩ මහතා;12155577 said:

    බොහෝම ස්තූතියි.... කලින් දැනන් හිටියේ නෑ මේ ටික.... :)

    බුදු සසුන බැබලේවා...!!!


    (පුසත් දන්න ජාති)
    දළදා සමිදු සරණයි....!!!!
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    h7Jo.jpeg


    තෙරුවන් සරණයි...!
    ඇත්තටම බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙන නූලක්..

    Rep++

    Captain ජැක් ස්පැරෝ;12155638 said:
    ගොඩක් වටින පෝස්ට් එකක් මචන්......
    බුදුසරණයි..!!:)

    බුදු සරණයි අයියේ :)

    thankx bro..

    buddhistflag.gif

    !..............සාදු සාදු සාදු.............!


    dharmachakra.png
    දළදා සමිදු සරණයි....!!!!