Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Solution for using Gel~ජෙල්~වලට~විකල්පය....!!!(with photos)!!

මීට කලින් අපේ SRIDAS සහ දත් කිඹුල සහෝදර වරුන් දාල තිබ්බ **~ STOP JEL ! ~** සහ ජෙල් වලට විකල්පය thread වලට සබැදි ලිපියක් විදිහට.. :)

ඒ ත්‍රෙඩ් 2ම මෙහෙම ගෙඩි ජාතියක් තියනවා සහ මෙහමයි ඒක පාවිච්චි කරන්නේ කියල තිබුනට ඒවගේ රූපමය විදිහේ වාර්ථාවක් තිබ්බේ නෑ ( අපේ අය කැමති ෆොටො බලන්න නේ..මොන කියෝනවද ? :lol:) ඉතිං මං කල්පනා කලා ඒකට ෆොටෝ ටිකක් දාල වෙනම ත්‍රෙඩ් එකක් විදිහට ඉදිරිපත් කරන්න :)

මේකේ නිදාන කතාව අපි කිඹුල බොස් ගේ ත්‍රෙඩ් එකේ තිබ්බ විදිහටම කියවමොකෝ ( මං අලුතින් ඉතිං ඕක ටයිප් කරන්නේ මොකටද..අනික මේ අත් දැකීම බහුල ක්‍රීඩකයෙක් නේ කියන්නේ :rolleyes:)



ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!
:yes::yes::):):cool::cool:

ඔන්න ඕකයි කතාව..කෝ දැන් ෆොටෝ..මෙන්න ෆොටෝ..මටත් ඔය ජෙල් කෙරුවාව හරි යන්නේ නෑ..හවස් වෙද්දි ඔලුව රිදෙනව ජෙල් ගෑවම..මාත් ඉතිං ඔය ත්‍රෙඩ් එක කියවල සිංහල බේත් බඩු කඩේකට ගිහින් රු.20 ක ගත්ත මේ පෙනෙල ගෙඩි .. (අර වතුරේ දැම්මම අලෙන එක කිවුවම තවත් කිලික්) ;)

DSC00854.jpg


මෙන්න මේව තමා ඔය පෙනෙල ගෙඩි .. ( කඩෙන් දුන්නේ ඕවා තමා :P )

DSC00855.jpg


ඊට පස්සේ මේක මෙහෙම කපල මැද තියන ඇටේ අරන් දාන්න ඕන

DSC00859.jpg



දැන් ඒක පොඩ්ඩක් පෙගෙන්න වතුරේ දාල විනාඩි 3,4ක් තියන්න..

DSC00862.jpg



දැන් හරි මේන්න මේක තමා ඔය ගෙඩිය..

DSC00860.jpg



දැන් අර කිව්ව වගේ මේක හොදට පොඩි කරන්න..(හරියට නිකන් සබන් ගාන්න කරන්නේ..අන්න ඒ වගේ..) එතකොට සබන් පෙන වගේ මෙහෙම පෙන එනවා


DSC00866.jpg


ඊට පස්සේ ඉතිං ඒක ජෙල් එක වගේ ගාන්න තමා තියෙන්නේ..වැඩියෙන් ගෑවොත් ගල් වෙනවා වැඩි..අර කිවුව වගේ අ/ච් එකක් වගේ හිට්යම නියමෙටම සෙට් වෙනවා..ඔලුවේ රිදිලිත් නෑ..:D ඔලුවට අමාරුවකුත් නෑ..නෑවට පස්සේ කූල් :cool:..නිකනම නාද්දි හේදිල යනව..පොඩ්ඩක් කොන්ඩේ ඉක්මනට වැවෙනවාදෝ මංද..:rolleyes: මේන්න මෙහමයි වෙන්නේ...

DSC00875.jpg




:cool::cool::cool::cool::cool::cool::cool:



ව්ශේෂ ස්තූතිය :-

මේ පිලිඹදව මුල් ලිපි පල කල කිඹුලා සහ SRIDAS ට වන අතර රූපමය අත්දැකීමක් එක් කිරීම පමණි..

සිංහල බඩු වෙලද සැලේ මේක දුන්න ඒ සේවක මහතාට.
මේක කියවන ඔබ සැමට
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මචන් මැක්සා මේක..
    මම දැන ගත්තේ එළකිරි සයිට් එකෙන් කලින් දාලා තිබ්බ ත්‍රේඩ් එකෙන් තමයි.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව්, මචන් මැක්සා මේක..
    මම දැන ගත්තේ එළකිරි සයිට් එකෙන් කලින් දාලා තිබ්බ ත්‍රේඩ් එකෙන් තමයි.

    මාත් දැන ගත්තේ මේකේ තිබිලා තමා..ගෙදර ගෙනාවට පස්සේ , බැලින්නම් අපේ තාත්තත් ඕක දන්නවලු
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ---නියමයි මිත්‍රයා---
    ----හොද ත්‍රෙඩ් එකක් ----


    * * * * * * * * *
    + + + + රේප් + + + +