මක්කම විහාර භූමියේ සිරිපා සටහන වන්දනා කරන මුසල්මානුවන්...
මක්කම විහාර භූමියේ සිරිපා සටහන වන්දනා කරන මුසල්මානුවන්...
බුදුරජාණන් වහන්සේ දෙවන වර ට සිරිපා සටහන පිහිටවූයේ මකුලක මක්කම නම් ස්ථානයේ ය.
මෙ ම ප්‍රදේශය අතීතයේ හඳුන්වන ලද්දේ "සුනාපරන්ථ" හෙවත් "යෝනකපුරය" යන නමින් ය. බුදුරදුන් වැඩසිටි සමයේ ද, මෙ ම ප්‍රදේශයේ සිටි ඇතැම් මිනිසුන් ඉතා දරුණු බව සඳහන් වේ. මෙ ම ප්‍රදේශයේ ධර්මදූත මෙහෙය ඉටු කරන ලද්දේ පුණ්න මන්තාණිපුත්ත හිමියන් ය. බුදුරදුන්ගෙන් කමටහන් ගෙන සුනාපරන්ථය ට වැඩම කරවීම ට පුණ්න තෙරුන් බුදුරදුන්ගෙන් අවසර පැතූ අතර එ හි දී බුදුරජාණන් වහන්සේ පුණ්න තෙරුන් ගෙන් මෙ සේ විචාලේ ය.
"පුණ්න, ඒ ප්‍රදේශවල සිටින්නේ ඉතා දරුණු මිනිසුන්. ඒ අය ඔබ ට බැණවදී. පරුෂ වචනවලින් බැණවදිනු ඇත."
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට බැණවැදුන ද, මට අතින් පයින් හිරිහැර නො කළේ ය යි හිත හදාගත හැකි ය."
"ඒ අය ඔබ ට අතින් පයින් හිරිහැර කළහොත්?"
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දඬු මුගුරු, අවි ආයුධවලින් පහර දෙන්නේ නැතැ යි හිත හදාගත හැකි ය."
"ඒ අය ඔබ ට ආයුධවලින් පහර දුනහොත්?"
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මාව නො මරන්නේ ය යි හිත හදාගත හැකි ය."
"ඒ අය ඔබව බැරිවෙලාවත් මරණය ට පත්කළහොත්?"
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මට දෙතිස් කුණප කොටස්වලින් යුත් මේ පිළිකුල් සිරුරෙන් මිදීම ට උපකාර කළේ ය යි සිතා සිත හදාගත හැකි ය."
මේ අයුරින් බුදුරජාණන් වහන්සේ ට පිළිතුරු දුන් පුණ්න තෙරුන් ට සුනාපරන්ථය ට ගොස් ධර්මය ප්‍රචාරය කිරීම ට අවසර ලබාදුනි.
ඒ අනුව සුනාපරන්ථය ට ගොස් බොහෝ පිරිසක් පහදවා ගෙන විදසුන් වඩා රහත්ඵලය ට පත් විය. උන්වහන්සේ වැඩවිසූ ආරාමය වූයේ මකුලක මක්කම නම් විහාරය යි. අනතුරුව උන්වහන්සේ ඍද්ධියෙන් දඹදිව ට වැඩමකර සුනාපරන්ථයේ ජනතාව ට අනුග්‍රහ පිණිස එ ම ප්‍රදේශය ට වඩින ලෙස බුදුරදුන් ට ආරාධනය කරන ලදී. ආරාධනය පිළිගෙන බුදුරදුන් සුනාපරන්ථය ට වැඩමකර ජනතාව ට ධර්මය දේශනා කරන ලදී. උන්වහන්සේ යළිත් සැවැත් නුවර ට වැඩම කරන්න ට සූදානම් වන මොහොතේ දී පුණ්න රහතන්වහන්සේ හා බොහෝ පිරිසක් තථාගතයන් ගේ ගුණ සිහිකරමින් වන්දනමාන සිදුකිරීම ට උතුම් පූජනීය වස්තුවක් පිහිටවනු මැනවැ යි ඉල්ලා සිටියේ ය.
Last edited:


බුම්ප්

