 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 989
Join Date: Oct 2008
Location: around myself..
|
|
|
03-02-2012, 02:35 AM
akkata kollek innawada balahan.ehema innawanan manta kathawa kiyahan.ehema kenek nathan ithin sorry thamai.ehema nathan me kathawa mehemmama print karala akkata kiyawanna labenna salassahan.wena karanna deyak na.
|
 |
Senior Member
|
|
Posts: 4,382
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|
|
03-02-2012, 03:11 AM
Quote:
Originally Posted by sanfOdian
akkata kollek innawada balahan.ehema innawanan manta kathawa kiyahan.ehema kenek nathan ithin sorry thamai.ehema nathan me kathawa mehemmama print karala akkata kiyawanna labenna salassahan.wena karanna deyak na.
|
akka merry karala poddo dennekuth innawa macho........
|
 |
Senior Member
|
|
Posts: 18,685
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

03-02-2012, 03:13 AM
වැඩේ නම් හොදයි මචං.. මමත් ආසයි කතා කියවන්න..
මෙහෙම එකක් තියෙනවා.. තරහා වෙන්න එපා මෙහෙම කිව්වා කියලා හොදේ.. කතාවක් ලියනකොට එක දිගට වැල වගේ ලියන්න එපා. ටිකක් ලියලා පේලි දෙක්ක විතර අත් ඇරලා ආයෙම පටන්ගන්න..
ඔහොම ලියනකොට කියවන්න අමාරුයි. කියවපු ටිකම ආයෙ කියවෙනවා සමහර වෙලාවට. ඒකෙන් කතාවෙ රසවත් බවට හානියක් වෙනවා.
අනික තමයි සහෝ කතාවක් ලියනකොට දෙබස් ඇඩ් කරන්න ඕන. ඔයාට පුළුවන් නම් ඔතන චරිතෙකට පන පොවන්න (ප්‍රධාන චරිතයක් වෙන්න).. එතකොට ඔයයි රගපාන්නේ. අනිවාර්යෙන්ම ඔයා එතකොට දෙබස් ඇඩ් කරනවනේ. ප්‍රධාන චරිතය වෙන්නෙ කොල්ලා. ඒකට ඔයා පනපොවන්න ඕන.
එතකොට ඔයාට මේ විදියට ලියන්න පුළුවන් කතාව..
උදා :
"පුතා මම මේ පංතියට තවත් ගෑණු ලමයෙක්ව අරගන්නද..?"
මිස් එක සැරේම අහපු ප්‍රශ්නෙට මම උඩගිහින් බිම වැටුනා. මට කොහොමටත් ඔය කෙල්ලො කියන ජාතිය අල්ලන්නෙ නෑ. මම ඒ තරම් කෙල්ලොත් එක්ක කතා කරන ජාතියෙ පොරකුත් නෙමෙයි..
"හ්ම්.. ඉතින් මිස් ඒ ළමයට වෙන දවසක පංති කරන්න බැරිද..?"
මම කෙල්ලොන්ට තියෙන අකමැත්ත හින්දම මිස්ට ඒ විදියෙ යෝජනාවක් කලා..
"ම්.. බලමු.."
මිස් ඒ මම කිව්ව කතාවට එකග වුණේ නම් කැමැත්තකින් නෙමෙයි කියලා මගේ හිත කිව්වා.
*****************************
ඔය විදියට දින ගානක් ගෙවිලා ගියා. පංතියට වෙනදා වගේම මම ඇතුලු වුණා. ඒත් වෙනද නැති වෙනසක් අද පංතියෙ මට දැනුනා.
"ඔයාලා දෙන්නට තනි තනිව උගන්නනවට වඩා හොදයි නේද දෙන්නවම මේ විදයට එකම පංතියක උගන්වන එක. එතකොට දන්නෙ නැති දේවල් ඔය දෙන්නට උනත් සාකච්ඡා කරලා කරන්න පුළුවන්නේ. මොකද පුතා කියන්නේ..? ලේසි නිසා දෙන්නටම පංතිය මේ විදියට කරමුද..?"
මේ මොන ගිණිගෙඩියක්ද මේ කඩාපාත් වුණේ.මටමයි වෙන්නේ..... මිස් අහපු දේට බෑ කියන්නත් බෑ. දැන් මොකද කරන්නේ.. මගේ හිත මටම වද දුන්නා..
"කමක් නෑ මිස් ඒ විදියට හොදයි.."
මිස්ගෙ මූණ බලන් මට බෑ කියන්න බැරි කමටද කොහෙදෝ මගේ කටින් නිකම්ම ඒක පිටවුනා..
මම උදාහරනයක් විතරයි කිව්වේ.. ඔයා කැමති විදියකට ලියන්න. හැබැයි ඉතින් පටන් අරන් තියෙන්නෙ ඔයා අපිත් එක්ක කතාව කියන විදියට. ඒ කිව්වෙ ඔයා මේ කිසිම චරිතයකට සම්බන්ධ නැතිව. වෙනස් කලොත් අවුල් වෙයි වගේ..
ඔයාට ජය.. දිගටම කතාව ලියන්න.. බාගෙට නවත්තන්න එපා. එහෙම උනොත් ඔයා කොච්චර කතා ලිව්වත් එළකිරි එකේ ඉන්න අය කියවන එකක් නෑ. තරහත් එනවා ඒ වෙලාවට නම්.. ඉස්සරත් ගොඩක් අය කතා ලිව්වා. මැදක් හරිය වෙනකොට ලියපු අය හොයන්නවත් නෑ. උත්සාහය අතාරින්න එපා.. තව කතාවක් ලියනවා නම් මම කිව්ව විදියට ලියන්න උත්සාහ කරන්න. මුලින් කතාවෙ දෙබස් ටික ඔය වර්ඩ් එකේ කොටන්න.. කොටලා කියවලා බලන්න. වැරදි හදලා.. ලස්සන ලස්සන කෑලි දාන්න ඕන තැන් වලට දාලා එළකිරියට දාන්න. පාඨකයගෙ හිත ඇදිලා යන විදියට. ඒ කිව්වේ "අඩෝ පට්ට කතාව හොදේ ඉක්මනට ඉතුරු ටිකත් දාපන්" ඒ වගේ කතාව කියවන්න ඕනම කියන තත්වෙට පාඨකයා ඇදලා දාන්න පුලුවන් කරන්න ඕන. ප්‍රධාන චරිතෙ ඔයා වෙන්න එතකොට කතාව නිකම්ම ලියවෙයි දෙබස් එක්ක.. සුබපැතුම් සහෝ..!
මම කියපුවා වැරදියට තේරුම් ගන්න එපා හොදේ..! 
|
 |
Senior Member
|
|
Posts: 18,685
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

03-02-2012, 03:16 AM
   
කතාව ලියලා ඉවරයි නේ... 
මම දැනුයි දැක්කේ...
අපරාදේ උඹගෙ ආදර කතාවනේ ලියලත් තියෙන්නෙ.. උඹ උඹම වෙන්න තිබුනා. එහෙනම් කතාවත් දික් වෙනවා..   
|
 |
Senior Member
|
|
Posts: 4,382
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|
|

03-02-2012, 03:28 AM
ලස්සන වචන දාල,, හීන මවල ලියන්න පුලුවන් කතාවක් නෙමෙයිනෙ සහෝ මගෙ ආදර කතාව,, මට ටයිප් කරන්න අමාරු නිසයි, කෙටියෙන් පැහැදිලිව මං මගෙ කතාව කිවුවෙ,, මං මගෙ සම්පූර්නම කතාව මෙතන දැම්මනම් ඒක කියවන අයගෙන් වැඩි හරියකට අඩන්න වෙනව සහෝ
|
 |
Senior Member
|
|
Posts: 18,685
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

03-02-2012, 03:31 AM
ඕවා ඔහොම තමයි සහෝදරයා. මෙහෙම කියනවට තරහා වෙන්න එපා. කෙල්ලන්ට වෙනස් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඒක ගොඩක් අයගෙ හැටියක්. ලැබෙන්න තියෙන දෙයක් නම් ඔයාට අනිවාර්යෙන්ම ලැබෙනවා. මගේ ආදර කතාව ඔයිටත් වඩා ගොඩක් දුක හිතෙන එකක්. ඒ කතාව දන්නේ
sameerasadaru
prageeth119lk
NUWAN BUWA
sachith19920726
Mal Baba
sudu pusa
ඔන්න ඔයි සෙට් එක විතරයි.. ඒ සෙට් එක හින්දා තමයි අද මම මෙහෙම හරි ඉන්නෙ... එයාලා ගැන මට ගොඩක් ආඩම්බරයි.. ඇත්තටම නියම කොල්ලො සෙට් එකක් එලකිරි එකේ ඉන්න.බය නැතුව කෙලින් කතා කරන්න පුළුවන්. ඕනම දේකට බොක්කෙන් සප් එක දෙනවා.. මමත් ඔය හැම දුකක්ම වින්දා.. තියෙන උපරිමයෙන්... මීට වඩා කියන්න ගියොත් අතීතය උඩට එන්න ගන්නවා..
ඔයාට ඒ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ප.ලි :: මම කලින් දැනන් උන්නෙ නෑ ඔයාගෙ කතාව කියලා ඔය කියන්නෙ. දෙවනි පිට දැක්කාමයි දැනගත්තෙ මේ ඔයාගෙ කතාව කියලා..මම ඒකයි ඔයාට කතාවක් ලියන විදිය කියලා දුන්නේ.. ඒකට සමාව ඉල්ලනවා..
|
 |
Senior Member
|
|
Posts: 18,685
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|
03-02-2012, 03:38 AM
මම ඒකට අනිවාර්යෙන්ම ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන.. මම මුලින් දැනන් උන්නෙ නෑ මේක ඔයාගෙ ආදර කතාව කියලා. මම ඒකයි පිස්සෙක් වගේ කියවගෙන ගියේ. මොකද මමත් කතා කියවන්න හරි ආස නිසා.. දෙවනි පිටේ අන්තිමට ලියලා තියෙන ටික දැක්කාම මගේ ඇස් දෙකට කදුළු ඉනුවා.. මට සමාවෙන්න සහෝදරයා.. වැරැද්දක් උනේ..
මම ප්‍රාර්ථනා කරනවා මගේ මිත්‍රයට ඒ ආදරේ ලැබෙන්න කියලා. ඒත් සහෝ ලැබෙන්නෙ නැති දෙයක් බලෙන් ගන්න යන්නත් එපා. ඒ මත්තෙම නැහෙන්නත් එපා..(යදින්න එපා) මොකද තමන්ට අයිති දෙයක් තියෙනවා නම් ඒක අනිවා ලැබෙනවා. බලෙන් ලබාගන්නවත් අඩ අඩ පසුතැවෙන්නවත් ඕනෙ නැහැ. ඔය ටික මටත් ඉස්සර කට්ටිය කියනකොට මලපනිනවා. ඒත් ඔයාටත් යම් දිනයක වැටහේවි ඇත්ත නැත්ත මොකක්ද කියලා. එදාට ඔයා සමහර විට ඒ ආදරේ කරපු කෙනත් එක්ක ඉන්නත් පුළුවන්.. ඉතුරුවා කියන්නෑ හිත බිදෙන නිසා.. කොහොම උනත් හිතන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න.. .තමන් වැටුනොත් කරන්න තියෙන දෙයක් උනත් ඔයාට කරගන්න බැරි වෙයි.. එයාට ඔයාව ඕනද නැද්ද කියන එක මට කෙලින් කියන්න අමාරුයි.. ඔයාට එයත් එක්ක කතා කරන්න පුළුවන් කමක් නැද්ද කොහෙත්ම..? ඉන්න තැනක් දන්නවද..?
|
 |
Senior Member
|
|
Posts: 4,382
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|
|

03-02-2012, 03:40 AM
අපිට අයිති දෙයක්නම් ඒක කවද හරි අපිට ලැබෙනව සහෝ,, ඒ වගේම අපි කොච්චර ලංවෙලා හිටියත් ඒ දේ අපිට අයිති දෙයක් නෙමේනම් ඒක කවද හරි අපෙන් ඈත් වෙනවමයි,,,, කතාව ලියන හැටි කියල දුන්න එකේ කිසිම වැරැද්දක් නෑ මචෝ,,, කවුරුහරි මගෙ වැරැද්දක් පෙන්නල දෙනවනම් මං ඒකට කැමතී සහෝ,, මොකද එතකොට මගෙන් ආය ඒ වැරැද්ද වෙන්නෙ නැහැනේ,,,,
|
 |
Senior Member
|
|
Posts: 4,382
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
|
|
|
03-02-2012, 03:45 AM
Quote:
Originally Posted by crazybuddy
මම ඒකට අනිවාර්යෙන්ම ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන.. මම මුලින් දැනන් උන්නෙ නෑ මේක ඔයාගෙ ආදර කතාව කියලා. මම ඒකයි පිස්සෙක් වගේ කියවගෙන ගියේ. මොකද මමත් කතා කියවන්න හරි ආස නිසා.. දෙවනි පිටේ අන්තිමට ලියලා තියෙන ටික දැක්කාම මගේ ඇස් දෙකට කදුළු ඉනුවා.. මට සමාවෙන්න සහෝදරයා.. වැරැද්දක් උනේ..
මම ප්‍රාර්ථනා කරනවා මගේ මිත්‍රයට ඒ ආදරේ ලැබෙන්න කියලා. ඒත් සහෝ ලැබෙන්නෙ නැති දෙයක් බලෙන් ගන්න යන්නත් එපා. ඒ මත්තෙම නැහෙන්නත් එපා..(යදින්න එපා) මොකද තමන්ට අයිති දෙයක් තියෙනවා නම් ඒක අනිවා ලැබෙනවා. බලෙන් ලබාගන්නවත් අඩ අඩ පසුතැවෙන්නවත් ඕනෙ නැහැ. ඔය ටික මටත් ඉස්සර කට්ටිය කියනකොට මලපනිනවා. ඒත් ඔයාටත් යම් දිනයක වැටහේවි ඇත්ත නැත්ත මොකක්ද කියලා. එදාට ඔයා සමහර විට ඒ ආදරේ කරපු කෙනත් එක්ක ඉන්නත් පුළුවන්.. ඉතුරුවා කියන්නෑ හිත බිදෙන නිසා.. කොහොම උනත් හිතන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න.. .තමන් වැටුනොත් කරන්න තියෙන දෙයක් උනත් ඔයාට කරගන්න බැරි වෙයි.. එයාට ඔයාව ඕනද නැද්ද කියන එක මට කෙලින් කියන්න අමාරුයි.. ඔයාට එයත් එක්ක කතා කරන්න පුළුවන් කමක් නැද්ද කොහෙත්ම..? ඉන්න තැනක් දන්නවද..?
|
ඉන්න තැන දන්නව සහෝ,,, ඒත් කෙල්ලගෙ අක්ක අපිට අපිව දකින්නවත් ඉඩක් තියන්නෙ නැහැ, හේතුව කෙල්ල මාව දැක්කම එයාලගෙන් ඈත්වෙන හින්දයි,, කෙල්ලගෙ අක්කම මට කිවුව ඒ දේ කරනව කියල,, කෙල්ල අවුරුද්දක් එයාල එක්ක හිටියත් මං ලග එක විනාඩියක් හිටියොත් කෙල්ල මං ගාවින් යන්නෙ නැහැ මචෝ,,,
|
 |
Senior Member
|
|
Posts: 18,685
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
|
|
|

03-02-2012, 03:56 AM
Quote:
Originally Posted by චිරි චිරි වැස්ස
ඉන්න තැන දන්නව සහෝ,,, ඒත් කෙල්ලගෙ අක්ක අපිට අපිව දකින්නවත් ඉඩක් තියන්නෙ නැහැ, හේතුව කෙල්ල මාව දැක්කම එයාලගෙන් ඈත්වෙන හින්දයි,, කෙල්ලගෙ අක්කම මට කිවුව ඒ දේ කරනව කියල,, කෙල්ල අවුරුද්දක් එයාල එක්ක හිටියත් මං ලග එක විනාඩියක් හිටියොත් කෙල්ල මං ගාවින් යන්නෙ නැහැ මචෝ,,,
|
උඹට පුළුවන් නම් උඹ ලංකාවට ඇවිල්ලා ඉන්නෙ කියලා අර ඇන්ටි අතේවත් ඒකිට දැනුම් දෙන්න..සමහර විට හිත වෙනස් වෙන්නත් ඉඩ තියෙයි මචං.. බැරිද එහෙම පොඩි හරි ඉගියක් දෙන්න අර ඇන්ටි මාර්ගයෙන්වත්..
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|