ඇමෙරිකන් හමුදාව ලංකාවේ.! දේශප්‍රේමිනි සට&#3505

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඇමෙරිකන් හමුදාව ලංකාවේ.! දේශප්‍රේමිනි සට&#3505

    ඇමෙරිකාව කියන්නේ ලෝකයම තමන යටතේ ඉන්න ඕනෑ කියලා හිතන ලෝකෙ එකම චණ්ඩියා තමන් කියලා හිතාගෙන වැඩ කරන, ලෝකෙම සම්පත් තමන්ට අයිති කර ගන්ට දඟලන රටක්. අධිරාජ්‍යවාදියෙක්.

    ලංකාවේ ඉන්න අධිරාජ්‍යවිරෝධියෝ මේ දවස් වල ඇමෙරිකාවට විරුද්ධව මාරන්තික අරගලයක යෙදෙනවා. මේ දවස්වල ජීනිවා වල තියෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සභා වාරයේදී ඇමෙරිකාව ලංකාවට විරුද්ධව යෝජනාවක් ගේනවලු.

    ඉතින් ලංකාවේ නායකයාගේ ඉඳලා සියලුම දේශප්‍රේමියෝ මේ දවස් වල පාරට බැහලා ඇමෙරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. පෙලපාළි යනවා. ඔබාමාගේ රූප ගිනි තියනවා. එකම ගිනි කෙලියයි. නියම ඇමෙරිකානු විරෝදේ. කොටින්ම කිව්වොත් මේ දවස් වල ලංකාව පුංචි කියුබාවක්, උතුරු කොරියාවක් වගේ ඇමෙරිකන් විරෝධියි. සමහර දේශප්‍රේමි කොච්චර ඇමෙරිකන් විරෝධී ද කිව්වොත් ඇයන්න ඇහුණත් මල පනිනවා.

    ඔන්න ඔය විදිහේ දේශප්‍රේමී ජනාධිපතිවරු, ඇමතිවරු, හා ජනතාව ඉන්න ශ්‍රී ලංකාව ගැන පැසි‍ෆික් කලාපයේ ඇමෙරිකන් නාවික හමුදා ප්‍රධාන අණදෙන නිලධාරියා කියනවා ” ලංකාවේ ඇමෙරිකන් හමුදා භටයෝ ස්ථානගත කරලා ඉන්නවලු“

    හුටා!!!

    ඈ යකඩෝ , මේ වගේ දේශප්‍රේමි ආණ්ඩුවක් තියෙන කාලේ,මේ වගේ දේශප්‍රේමි නායකයෝ ඉන්න කාලෙක ඇමෙරිකන් හමුදාවකට ලංකාවේ ඉන්ට දෙයිද? අනික ලංකාවේ නායකයෝ විදුලි පු‍ටුවට යවන්ට හදන ඇමෙරිකාවෙ හමුදාවක්. වෙන්ට බෑ. වෙන්ට බෑ. වෙන්ට බෑමයි.

    වෙන්ට බෑ කිව්වට ඔය වෙලා තියෙන්නේ. අද්මිරාල් රොබර්ට් විලාර්ඩ් මේ හෙලිදරව්ව කරලා තියෙන්නේ ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව ඉස්සරහා . ඒ නිසා ඕක බොරු කතාවක් කියලා කියන්න හදන්න නම් එපා. විස්තරේ මෙතැනින් බලාගන්න හැකියි-http://www.adaderana.lk/news.php?nid=17177

    මේ දවස්වල ඇමෙරිකාවට විරුද්ධව මරා ගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන අපේ දේශප්‍රේමින් දැන් මොකක්ද කියන්නේ කියලා මේ අපි බලාගෙන ඉන්නේ. කෝ කට්ටිය ? එන්නකෝ අනේ.
     
    • Like
    Reactions: minipura