සමනලයා කියන්නේ ස්වභාවදර්මයේ වැදගත් තැනක් උසුලන සත්වයෙක්. පරිසරය ලස්සන කරනා ඉතා අහිංසක සත්ත්ව විශේෂයක් තමා සමනලයා.
ලංකාවේ සමනලයා විශේෂ 243ක් වාර්ථා වෙලා තියනවා.
ඒ විතරක් නෙමේ එයින් විශේෂ 20ක්ම ලංකාවට අවේනික විශේෂ වීම ආඩම්බරයට කරුනක්.
හැබැයි ඉතින් වාර්ථා වෙලා තියන සමනල විශේෂ 243න් 66ක්ම උග්‍ර ලෙස තර්ජනයට ලක්වූ විශේෂයි.
පරිසර දූෂණය, අපනයනය සඳහා ඇල්ල්ලීම විතරක් නෙමේ වන විනාශයත් මේකට හේතු වෙලා තියනවා.

ඒ විදියට තර්ජනයට ලක්වුන සමනලයන් වෙනුවෙන් ගත්ත පියවරක් තමා ජාතික සමනලයෙක් ප්‍රකාශයට පත් කිරීම.
එවිට සමනලයන් ගැන සමාජයේ දැනුම, ඔවුන් ආරක්ෂා වීම නිතැතින්ම සිදුවේ.
ජනතාවගේ දැනුවත් බව වර්ධනය වීමෙන් ඔවුන්ගේ සක්‍රීය දායකත්වයද සමණළ සංරක්ෂණය ලැබේ.
මේ හේතූන් නිසා රජය විසින් ජාතික සමණළයෙක් ප්‍රකාශයට පත් කලා.
පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය යටතේ තිබෙන සමනලුන් පිලිබඳ විශේෂයන්ගේ කමිටුව මඟින් ප්‍රකාශයටපත් "සමනලුන් සංරක්ශණය සඳහා ක්‍රියාකාරී සැලැස්ම" හි සඳහන් පරිදි "Troides darsius" විද්‍යාත්මික නාමයෙන් හඳුන්වන "ශ්‍රී ලංකා මහ කුරුළු පිය පැපිලියා" (Lanka Birdwing) නම් සමනලයා ජාතික සමනලයා ලෙස නම් කරන ලදී. එම නම් කිරීමේදී පහත සඳහන් කරුණු ප්‍රධාන වශයෙන් සලකා බලා ඇත.
- ශ්‍රී ලංකාවේ විශාලතම සමනලයා වීම.
- ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්තව පැවතීම.
- ශ්‍රී ලංකාවට අවේනික වීම.
- එම විශේෂයටම අවේනික වර්ණවත් රූපකායක් දැරීම.
- රෝග වාහකයෙකු නොවීම.
- සංස්කෘතික හෝ ආගමික වශයෙන් සෘණ ආකල්ප වලට හසු නොවීම.
මෙම ඡායාරූපයේ ඉහලින් ගැහැණු සතා සහ පහතින් පිරිමි සතා පෙන්වයි.

මෙම විශේෂයේ ඉදිරි තටු රන්වන් කහ පැහැවන අතර කළු පැහැති දාර පිහිටයි. විහිදූ තටු අතර පරතරය 165mm - 180mm පමණ වේ.
සප් සඳ වැනි ඇරිස්ටෝටල් කුලයට අයත් ශාක වල බිත්තර දමන අතර එම ශාක වලම පිලව් අවස්ථාව ගත කරයි.
පින්න මල් සහ රත් මල් වලින් පෝෂණය වේ....
රත් මල්
පින්න මල්
මෙම විශේෂය තර්ජණයට ලක්වී නොමැත.

ස්වභාවදර්මයේ අපූර්වතම නිර්මාණයක් වන සමනලුන් රැකගැනීම අපගේ වගකීමකි.
ඒ සඳහා හැකි උපරිම දායකත්වය ලබා දෙන්න.


































සෝයි සමනළයා නේද..?? 
