ඔබත් රට රකින පෙළපාලියේ ගිය දේශප්‍රේමියෙක

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔබත් රට රකින පෙළපාලියේ ගිය දේශප්‍රේමියෙක

    IMG_0010.jpg


    ඔබත් ජිනීවා යෝජනාවලට විරෝධයපෑම උදෙසා වූ ආණ්ඩුවේ පෙළපාලිවල ගිය දේශප්‍රේමියෙක්ද? පෙළපාලියේ යන්නට බැරිවුණත් ගෙදරට, කන්තෝරුවට හෝ සයිබර් අවකාශයට වී ඊට ඉතසිතින් සුබාශිංසන කළ, උතුරායන ජාත්‍යානුරාගයෙන් ඔදවැඩීගිය දේශපේමියෙක්ද? එසේනම් මේ ආමන්ත්‍රණය ඔබටය.

    ඔබ මහලොකු ‛දේශප්‍රේමයකින්’ නොවුණත් බත් පැකට්ටුවට, අත මිටමෙලවුණු මුදල් නෝට්ටුවකට, රැකියාව ස්ථිරකර දීම ඇතුළු පොරොන්දු අල්ලසකට, පැය කිහිපයක රාජකාරි නිවාඩුවක් සහිතව ලද ඕටී බටා දීමනාවකට යටවී ‛දේශප්‍රේමියකු’ බවට රූපාන්තරණයවී පෙළපාලියේ ගිය අයෙක්ද? එසේනම් මේ ආමන්ත්‍රණය ඔබටද අදාළය.

    ඔබ ඔබේ කන්තෝරු ලොක්කාගේ, දේශපාලන බලවතාගේ, මුහුණු බැඳගත් සන්නද්ධ මැරයන්ගේ බලකිරීම මත, හිතේ කැමැත්තක් නැතිව එහෙත් ජීවිතය හෝ රැකියාව හෝ වෙනත් මොකක් හෝ දෙයක් බේරාගැනීමට අවශ්‍ය නිසා, කරන්නට දෙයක් නැතිකමට පෙළපාලි ගිය අයෙක්ද? අකමැත්තෙන් වුව මේ ආමන්ත්‍රණය ඔබද අදාළයයි කියමි.

    ඔබ මේ ගමන සඳහා උත්තේජනය කළ, ඔබට ඒ සඳහා බලකළ, තර්ජනය කළ පූජකයන්, කලාකරුවන්, බුද්ධිමතුන්, රණවිරුවන් ලෙසට වෙස්ගැන්වුණු දේශපාලන හෙංචයියන්ට, ඇම්බැට්ටයන්ට, ජාවාරම්කාරයන්ට මේ ආමන්ත්‍රණය අදාළ නැත. මන්ද මා මේ කියන්නට යනදේ ඔවුන් හොඳින් දන්නා නිසාත්, එසේ දැන දැනත් ඔවුන් ආත්මලාභය වෙනුවෙන් ඔබ මේ ඊනියා උද්ඝෝෂණයට දැක්කූ තක්කඩියන් නිසාත්ය.


    පාලකයන් හා ඔවුන්ගේ ජාවාරම්කාර සහායකයන් විසින් ඔබ දක්කාගෙන ගිය ඊනියා ‛රට රකින පෙළපාලිය’ කුමක් සඳහාද?

    ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් අප රටට, එහි පාලකයන්ට හා එහි ජනතාවට, එනම් ඔබට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරන්නට යන යෝජනාවකට විරෝධය පා, රටත් පාලකයනුත්, ජනතාව වන ඔබත් බේරාගැනීම උදෙසා රටේ ජනතාවගේ නැතහොත් ඔබගේ ශක්තිය පෙන්වීමටය.

    එහෙත් පාලකයන් ඔබ මේ ඊනියා උද්ඝෝෂණයට ගාල්කිරීම උදෙසා කී මේ කතාව ඇත්තක්දැයි දැන්වත් කල්පනා කිරීම වැදගත්ය.

    ජිනීවා වෙත ඉදිරිපත් වන්නට නියමිත යෝජනාවේ කෙටුම්පතක් දැනටමත් එළිදැක ඇති අතර එයින් කියන්නට යන්නේ මෙවැන්නකි.

    1 (ආණ්ඩුව විසින්ම පත්කළ) උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම් (එල්එල්ආර්සී) වාර්තාවේ සාධනීය යෝජනා වහා ක්‍රියාත්මක කළයුතු අතර ඊට අමතරව ශ්‍රී ලංකාවේ වගවීම් ක්‍රියාවලිය විසින් ඉල්ලා සිටින පරිදි මානව හිමිකම් කඩවීම් ගැන වහාම විශ්වසනීය හා ස්වාධීන පරීක්ෂණ ආරම්භ කළයුතුය.

    2 ජුනි මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 20වැනි සැසිවාරයට පෙර එල්එල්ආර්සී නිර්දේශ ක්‍රියාත්මකවීම පිළිබඳව මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් නීති කඩවීම් පිළිබඳ පවත්වන පරීක්ෂණයද ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් එමඟින් ඉල්ලා සිටී.

    3 ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම පිනිස උපදෙස් සහ තාක්ෂණික සහාය ලබාදීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය හා එහි නියෝජිතයනුත්, ඒවා පිළිගැනීමට ලංකා ආණ්ඩුවත් දිරිගැන්වේ.

    මේ කිසිම තැනක රටේ පාලකයන් හෝ හමුදා නිලධාරීන් විදුලි පුටුවකට ගෙනයන යෝජනාවක් නැත. යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් පරීක්ෂා කිරීමට ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් හෝ ඉල්ලා සිටින්නේ නැත. කොටින්ම මීට ඉහතද මේ ලියුම්කරුම ලියාඇති පරිදි මෙම යෝජනාව මඟින් ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් කරඇත්තේ, තමන් විසින්ම පත්කළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ලංකා ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකර තවත් කාලය කාදැමීමට උල්පන්දම් දීමය. තමන්ම පත්කළ කොමිසමක නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයිද, එය කරන ආකාරය කියන්නැයිද, අප සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ යෝජනා කිරීම කුමන්ත්‍රණයක් හෝ රටට එරෙහි යෝජනාවක් වන්නේ කෙසේද?

    යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ විශ්වසනීය සාක්ෂ්‍ය ඉදිරිපත්වී තිබියදීත් ආරක්ෂක හමුදා එම චෝදනාවලින් නිදහස් කරන, අදාළ උල්ලංඝනයන් හුදෙක් හමුදා සෙබළුන් අතින් සිදුවූ පුද්ගල වැරදි බවට ලඝු කරන, එල්එල්ආර්සී වාර්තාව ක්‍රියාත්මක කරන්නැයි කියමින් ඇමරිකාව ප්‍රමුඛ රටවල් සැබෑවටම කරන්නේ යුද්ධයේදී සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන ඉල්ලීම පස්සට තල්ලු කිරීමය. ඔවුන්ම කියන ‛එල්එල්ආර්සීයේ සාධනීය යෝජනා’ ක්‍රියාත්මක කරන්නේ මෙසේය යි ක්‍රියාකාරී සැලැස්මක් දීමෙන් ආණ්ඩුවට තවත් කාලයක් ප්‍රශ්නයෙන් ගැලවී සිටින්නට පුළුවන. එහිදී ‛ආණ්ඩුව අත්කරගන්නා කිසියම් ප්‍රගතියක්’ තුළින්, ලංකාව ‛ප්‍රශ්නය රටතුළ විසඳාගැනීමේ ක්‍රමවේදයට සාර්ථකව පිවිස ඇති බැවින්’,මානව හිමිකම් කඩවීම් ගැන මේ මොහොතේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම අනවශ්‍ය බව’ පවා එමඟින් කියැවෙන්නට ඉඩ ඇත. ඒ අනුව මේ යෝජනාව රටට කෙසේවෙතත් ආණ්ඩුවට සතුරු යෝජනාවක් නොව මිතුරු යෝජනාවකි.

    එහෙත් මේ සැබෑව පෙළපාලි යාමට පාරට බැස්සූ ඔබට වසංගා ඇත. ඔබ ලවා පාරවල් ගානේ ‛අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන්ට’ පළුයන්නට බැන්නවූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, ජිනීවා යැවූ සිය නියෝජිතයා වන ඇමති මහින්ද සමරසිංහ ලවා මානව හිමිකම් සමුළුවට කියවූවේ වෙන කතාවකි. ඔහු කියාසිටියේ ඉදිරිපත්වන යෝජනාවෙන් ඉල්ලාසිටින එල්එල්ආර්සී කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කිරීම යන කරුණ අරබයා ආණ්ඩුව දැනටමත් කරමින් සිටින වැඩකොටසය. ඔහු ඉල්ලා සිටියේ මේ කටයුත්ත සඳහා ලංකා ආණ්ඩුවට තවත් කල් ලබාදෙන ලෙසය. තමන් දැනටමත් කරමින් සිටින කාර්යය සම්බන්ධයෙන් යෝජනාවක් නොගෙනෙන ලෙසටය. මෙය ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් යයි ඔබ ලංකාවේ පාරවල් ගානේ කියනවිට මහින්ද සමරසිංහ ඒ බවක් සමුළුවට කීවේ නැත. යෝජනා කෙටුම්පතේ එන දෙවැනි ඉල්ලීම යෝජනාවකින් තොරවම ඉටුකිරීමට ආණ්ඩුව සූදානම් බව ඔහු කීවේ මෙවැනි වචනවලිනි. ‛‛අප අතීතයේ සිදුකළාක් මෙන් ජුනි සැප්තැම්බර් හා ඔක්තෝබර් පැවැත්වෙන ආවර්තිත සමාලෝචන සැසිවාරයන්හිදී අප විසින් දිගින් දිගටම මෙහි ප්‍රගතිය ගැන කවුන්සිලය දැනුවත් කරනු ඇත’’ එසේනම් ඔබ පෙළපාලි යවා තිබෙන්නේ මුලාවේ හෙළමින් නොවේද?

    ඔබ ආණ්ඩුව වෙනුවෙන් පෙළපාලි ගිය මොහොතේ රටේ තත්ත්වය කුමක්ද? ආසන්නම තැනින් පටන්ගත්තොත් ඉතිහාසයේ කිසිදු දිනෙක නොවූවිරූ ලෙස ඉන්ධන මිල වැඩිවී ඇත. පෞද්ගලික බස්හිමියන් 17%ක බස්ගාස්තු වැඩවීමක් ඉල්ලූ විට ආණ්ඩුව 20%ක වැඩිවීමක් ලබාදුන්ණේය. බර පැටවුණේ ඔබේ හිසමතය. ඩීසල් 37%කින් මිල වැඩිවන විට විදුලිබිල 40%කින් ඉහළදමා ඇත. පාන්ගෙඩිය රුපියල් 5කින් නැංගේය. කිරිපිටි, ගෑස්, පාන්පිටි ඇතුළු භාණ්ඩ කන්දරාවක් මිලවැඩිවීම සඳහා පෝලිම්ගැසී තිබේ. යුද්ධය අවසන් වනතුරු තදකරගන්නැයි කී පටිය, යුද්ධය නිම වී මාස 33කට පසුවත් බුරුල් නැත. තව තවත් තදවෙමින් යයි.

    මුහුදු රස්සාව කරගැනීම සඳහා පරණ මිලට භූමිතෙල් බෝතලයක් ඉල්ලූ හලාවත ඇන්තනී නම් නිරායුධ ධීවරයාගේ හිස පසාරුකරගෙන යන්නට ‛රණවිරුවකු’ ලවා වෙඩිතැබ්බවීය. ඇන්තනී ‛රටෙන් කෑල්ලක් ඉල්ලූ ත්‍රස්තවාදියකු’ නොවීය. ඔහු ඉල්ලුවේ පරණ මිලට භූමිතෙල් බෝතලයකි. එහෙත් එදා ඔබේ සාදුකාර මධ්‍යයේ උතුරේ දෙමළුන් සංහාරය කළ ‛රණවිරුවන්’ ඇන්තනීට සලකා ඇත්තේද උතුරේ ඔබ කියන ‛ත්‍රස්තවාදීන්ට’ සැලකූ අවියෙන්මය. ඒ අන්දමටමය.

    ඇන්තනී වෙඩිකා ඇදවැටුණත් ඔබ සිටියේ උහුලන්නට බැරි ජීවන බර පහත හෙලන්නැයි ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණයේමය. ආණ්ඩුව එදා ඔබ ඔබේම ජීවනබර උහුලාගන්නට බැරිව කළ විරෝධතාවන්ට උත්තර දුන්නේ ඔබේ උද්ඝෝෂණ මඩින්නට හමුදාව හෙවත් ඔබේ රණවිරුවන් කැඳවීමෙනි.

    එහෙත් එදා ඔබේ ජීවන අරගලයට ගිනිබින්ද හමුදා සෙබලු මෙදා මේ පෙළපාලියේදී ඔබට වෙඩිතැබුවේ නැත. කඳුලුගෑස් ගැහුවේ නැත. ඒ වෙනුවට එක්කෝ රට රකින පෙළපාලියේ ඔබ අසළින් සිවිල් ඇඳුමෙන් ගමන්කළහ. නැතිනම් නිලඇඳුම් ඇඳ, පාර හරස්කර, ඔබට ආණ්ඩුවේ පෙළපාලිය කරගෙන යාම සඳහා ආරක්ෂාව දුන්හ.

    එදා ඔබ වැඩිවුණු ඉන්ධනමිල ගැන උද්ඝෝෂණය කරන්නට පාරට බසිනවිට ‛බඩගැන පමණක් සිතන කාලකන්නින්’ ලෙස ඔබව හැඳින්වූ ආණ්ඩුවේ දේශපාලකයෝ, ඔවුන්ගේ පෙළපාලියට ගිය ඔබ ‛රට වෙනුවෙන් වීදිබට දේශප්‍රේමීන්’ ලෙස වර්ණනා කළහ. ඔබ පෙන්වා ‛අපේ ජනබලය’ කියා බෙරිහන්දුන්හ.

    සිදුවී ඇත්තේ කුමක්ද? ඔබේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් පාරට බසින විට ඔබේ සොයුරන්ට ඔළුව කුඩුවෙන්නට වෙඩිතැබූ උදවිය අද ඔබට ආරක්ෂාව දෙයි. බඩගින්න වෙනුවෙන් වීදි බසිද්දී ඔබ ‛බඩජහරි කාලකන්නින්ය’යි කී දේශපාලකයෝ ඔබට දේශප්‍රේමී නම්බු නාම පලඳවති. හෙට දවසේ ඔබ නැවතත් අර බඩගින්න වෙනුවෙන් පාරට බැස්සොත්, පසුගිය සතියේ සිදුවූවාක් මෙන් ඔබට වෙඩිකන්නට කඳුලුගෑස්, ජලප්‍රහාර කන්නට සිදු නොවනු ඇතිද? 27 වැනිදා ඔබට පැළැන්දූ දේශප්‍රේමී පදක්කම ඔවුන්ම ගලවා නොදමනු ඇතිද? ‛ජීවන බර නිසා පාරට බැස සිටින්නේ අපේ දේශප්‍රේමී ජනතාව’ කියා එදාටත් ඔවුන් කියනු ඇතිද?

    ආණ්ඩුවක් රටවැසියාට අහිතකර ලෙස කටයුතු කරනවිට ඊට විරුද්ධව සාමකාමීව උද්ඝෝෂණ කිරීම, ඒ රටවැසියාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියකි. අද ඔබ සිටින්නේ ඔබේ ඒ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහිමිකරන ලදුවය. ජනමාධ්‍ය සංවිධාන කොළඹ කොටුවේ ‛කළු ජනවාරිය’ උද්ඝෝෂණය සංවිධානය කළවිට අධිකරණය එයට වාරණයක් දැම්මේ නීතිය හා සාමය කඩවනබව හා ජන ජීවිත අඩාලවනබව කියමිනි. අවසන ජනමාධ්‍ය සංවිධාන තමන්ගේ උද්ඝෝෂණය ලිප්ටන් වටරවුමට ගෙනගිය විට අර අධිකරණයෙන් උද්ඝෝෂණය කරන්නට එපායයි කී කොළඹ කොටුවේම, ඒ වෙලාවටම, ආණ්ඩුවේ බත්බැලයෝ පැමිණ උද්ඝෝෂණයක් කළහැටි ඔබට මතකද? එවිට අධිකරණ නියෝග තිබුණේ කොහේද? සාමය කඩවෙන්නේ මාධ්‍යවේදීන් උද්ඝෝෂණය කරනවිට පමණද?

    ආණ්ඩුව කරන්නේ ඔබේ උද්ඝෝෂණ අයිතිය කොල්ලකෑමය. ආණ්ඩුවේ ජනපීඩක තීරණවලට එරෙහිව උද්ඝෝෂණ කරන ඔබ පසුගිය සතිය වනතුරුත් සිටියේ කඳුළුගෑස් කමිනි. රසායන මිශ්‍ර ජලප්‍රහාර කමිනි. වෙඩිකමිනි. එහෙත් අද ඒ ආණ්ඩුවම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔබ පාවිච්චිකර උද්ඝෝෂණ කරවනවිට, ඔබට ආණ්ඩුවේ හමුදාවල, පොලීසියේ ආරක්ෂාවද හිමිවෙයි. එහි අරුත රටවැසියාගේ අයිතියක් වූ සාමකාමී උද්ඝෝෂණ කිරීමත් ආණ්ඩුව රටවැසියාගෙන් උදුරාගෙන තමන් උදෙසාම පමණක් ක්‍රියාවේ යොදවනබව නොවේද? ඔබ ඔබේ ප්‍රශ්න උදෙසා උද්ඝෝෂණය කරනවිට මර්දනය පැමිණෙයි. ආණ්ඩුව ඔබලවා ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණය කරවන විට ඔබට ආරක්ෂාව ලැබේ.

    වැඩි ඈතකට නොව මෑත අතීතයට යන්න. ඊනියා විශ්‍රාම වැටුපකට මුවාවී ආණ්ඩුව තමන්ගේ අර්ථසාධක අරමුදළ කොල්ලකෑමට හැදූවිට ඊට විරෝධය පෑම සඳහා අරගලකළ රොෂේන්ටද ඔවුහු ගිනිබින්දහ. ඒ ඝාතනයට වගකිවයුත්තෙක් අදටත් නැත. ආණ්ඩුව ඔබේ දරුවාගේ උසස්පෙළ ප්‍රතිඵල වරද්දා දරුවාගේ අනාගතය අඳුරු කළේය. යුද්ධයේ අවසන් මාස කිහිපයේ මරාදැමූ සාමාන්‍ය දෙමළ වැසියන් දසදහස් ගණන පසෙකින් තබන්න. එල්එල්ආර්සී නිර්දේශ ඉදිරිපත් කර ගතවූ මාස දෙකකට මදක් වැඩි කාලයට රටතුළ සිදුවූ අතුරුදහන්වීම් ප්‍රමාණය 22කි. කොටින්ම අධිකරණ භූමියේ බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටින ඇපලැබූ සැකකරුවෝද පැහැරගෙන යන යුගයකට යුද්ධය අවසන් වී මාස 33කට පසු අපි පැමිණ ඇත්තෙමු. ජනාධිපති උපදේශක භාරත ඝාතනයේ සැකකරුවකු ලෙස මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක් නිකුත්වී දෙමසක් ගතවීත්, අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැත. යකඩ සොරකමක් සම්බන්ධයෙන් සුධර්මන් රදලියගොඩ නමැත්තා දුටුතැන අත්අඩංගුවට ගන්නැයි උසාවි වරෙන්තුවක් නිකුත්වී මාස 7ක් ඉක්ම ගොස් ඇතත්, ඔහු තවමත් ප්‍රසිද්ධියේ ආණ්ඩුවේ රූපවාහියක ආණ්ඩුවේම රෙදි අපුල්ලමින් නීතියෙන් බේරීසිටී. දේශපාලන හිතවතුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ එසේ වුවත් ‛රට වෙනුවෙන් පෙළපාලි ගිය දේශප්‍රේමී’ ඔබ අරබයා නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේ එසේද? නීතිය හමුවේ සියලු පුරවැසියන් සමානය යන නීතියේ මූලික සිද්ධාන්තය මෙහි වලංගු නැත. ඉතින් මෙවැනි රටක මානව හිමිකම් ආරක්ෂා කරන්නැයි අපද සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වී ඉල්ලීමක් කිරීම රටට හා එහි ජනයාට අහිතකර වන්නේ කෙසේද?

    ඔබ මේ පෙළපාලියේ යනවිට ආණ්ඩුව සිටියේ ගැඹුරු අගාධයකට වැටී, වැඩිවන ජීවන වියදමට එරෙහිව කරන ඔබේ අරගලවලින් වෙව්ලමිනි. ආණ්ඩුවේ ලොක්කන්ට එල්ලවන දූෂණ චෝදනාවල කරවටක් ගිලෙමිනි. සංවර්ධනය නමින් සිදුවන කොල්ලකෑමේ නිරුවත හෙළිදරව් කරගනිමිනි. නීතියේ ආධිපත්‍යය අමු අමුවේ කෙලෙසමිනි.

    ආණ්ඩුව ඔබේ දේශප්‍රේමය අවදිකර ඔබ පාරට දැක්කුවේ තමන් වැටීසිටි මේ ආගාධයෙන් ගොඩයාමට වෙනත් මඟක් නැති බැවිනි. ඒ අනුව ජිනීවාහි ඊනියා ‛රටට එරෙහි යෝජනාව’ පාලකයන්ට ඇදුණු ලොතරැයි දිනුමකි. දැන් ඔබ දේශප්‍රේමයෙන් මත්වී සිටින බැවින් ආණ්ඩුවට තමන් වැටීසිටින ආගාධයෙන් ගොඩ එන්නට තව මාසයක හමාරක කාලයක් ලැබී තිබේ.

    හැම ජනපීඩක, දූෂිත, ඒකාධිපති දේශපාලකයකුගේම අවසන් නවාතැන උන්මත්තක දේශප්‍රේමයයි. ඔවුන් ගසාකන්නේ තමන් ළඟ ගෑවිලාවත් නැති, පොදු රටවැසියා තුළ අවදිකරගත හැකි දේශප්‍රේමයයි.

    ඔවුන් කර ඇත්තේ ඔබේ දේශප්‍රේමය සිය පැවැත්ම උදෙසා ගසාකෑම නොවේද?



    Sanath-Balasooriya.jpg
    සනත් බාලසූරිය [Sanath Balasooriya]


    උපුටා ගැනීම:
     
    • Like
    Reactions: lahirufx+

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත



    3 ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම පිනිස උපදෙස් සහ තාක්ෂණික සහාය ලබාදීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය හා එහි නියෝජිතයනුත්, ඒවා පිළිගැනීමට ලංකා ආණ්ඩුවත් දිරිගැන්වේ.


    oya yojanawe thiyenne dirigan we kiyalada... nathan kala yuthumai (must do) kiyalada?

    hondata yojanawaliya kiyawapan!
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    oya yojanawe thiyenne dirigan we kiyalada... nathan kala yuthumai (must do) kiyalada?

    hondata yojanawaliya kiyawapan!

    1. Calls on the Government of Sri Lanka to implement the constructive recommendations in the LLRC report and take all necessary additional steps to fulfill its relevant legal obligations and commitment to initiate credible and independent actions to ensure justice, equity, accountability and reconciliation for all Sri Lankans,

    2. Requests that the Government of Sri Lanka present a comprehensive action plan as expeditiously as possible detailing the steps the Government has taken and will take to implement the LLRC recommendations and also to address alleged violations of international law,

    3.
    Encourages the Office of the High Commissioner for Human Rights and relevant special procedures to provide, and the Government of Sri Lanka to accept, advice and technical assistance on implementing those steps and requests the Office of the High Commissioner for Human Rights to present a report to the Council on the provision of such assistance at its twenty-second session.
    උපුටා ගැනීම :
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1 (ආණ්ඩුව විසින්ම පත්කළ) උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම් (එල්එල්ආර්සී) වාර්තාවේ සාධනීය යෝජනා වහා ක්‍රියාත්මක කළයුතු අතර ඊට අමතරව ශ්‍රී ලංකාවේ වගවීම් ක්‍රියාවලිය විසින් ඉල්ලා සිටින පරිදි මානව හිමිකම් කඩවීම් ගැන වහාම විශ්වසනීය හා ස්වාධීන පරීක්ෂණ ආරම්භ කළයුතුය.

    2 ජුනි මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 20වැනි සැසිවාරයට පෙර එල්එල්ආර්සී නිර්දේශ ක්‍රියාත්මකවීම පිළිබඳව මෙන්ම අන්තර් ජාතික මානව හිමිකම් නීති කඩවීම් පිළිබඳ පවත්වන පරීක්ෂණයද ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් එමඟින් ඉල්ලා සිටී.

    3 ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම පිනිස උපදෙස් සහ තාක්ෂණික සහාය ලබාදීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය හා එහි නියෝජිතයනුත්, ඒවා පිළිගැනීමට ලංකා ආණ්ඩුවත් දිරිගැන්වේ.


    මොකෙක් උනත් ලියපු එකා බුරැවෙක් කියලනමි කියන්ඩ පුලුවන්. ඔක ලියපු ඒකාට තේරෙන්නෙ නැද්ද දන්නෙ නැ,අපි හදපු වාර්තාව ක්‍රියාත්මක කිරිම හෝ නොකිරිම තිරනය කරන්නෙ අපි කියන දේ.ඒකට ඇමරිකාවේ බල්ලො යෝජනා ගේන්ඩ කිසිම අවශ්‍යතාවයක් නැ,මොකද අපි යන්නෙ නැනේ ඇමරිකාවේ හදන වාර්තා ක්‍රියාත්මක කරපල්ල කියන්ඩ.
    අනිත් දේ තමයි විදුලි පුටුවෙ කතාව,ලියපු කැනහිලා දන්නෙ නැතුව ඇති පෙරහැරක කසකාරයො, ගිනි බෝල කාරයො ගියාට පස්සෙ අලි ඇත්තු එන්නෙ කියන දේ.:P:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    මොකෙක් උනත් ලියපු එකා බුරැවෙක් කියලනමි කියන්ඩ පුලුවන්. ඔක ලියපු ඒකාට තේරෙන්නෙ නැද්ද දන්නෙ නැ,අපි හදපු වාර්තාව ක්‍රියාත්මක කිරිම හෝ නොකිරිම තිරනය කරන්නෙ අපි කියන දේ.ඒකට ඇමරිකාවේ බල්ලො යෝජනා ගේන්ඩ කිසිම අවශ්‍යතාවයක් නැ,මොකද අපි යන්නෙ නැනේ ඇමරිකාවේ හදන වාර්තා ක්‍රියාත්මක කරපල්ල කියන්ඩ.
    අනිත් දේ තමයි විදුලි පුටුවෙ කතාව,ලියපු කැනහිලා දන්නෙ නැතුව ඇති පෙරහැරක කසකාරයො, ගිනි බෝල කාරයො ගියාට පස්සෙ අලි ඇත්තු එන්නෙ කියන දේ.:P:P

    එතකොට රුපියල පා කරේ ඇමරිකාවෙ IMF එක කියන දේ අහල නෙවෙයිද මල්ලී ... :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට රුපියල පා කරේ ඇමරිකාවෙ IMF එක කියන දේ අහල නෙවෙයිද මල්ලී ... :lol::lol:
    :lol::lol::lol::lol::lol: දැන් උබට සුද්දද කියුවෙ රැපියල පාකරේ උන්ගෙ කිමට කියල.එතකොට අවුරැදු ගානක් රැපියල කෘතිමව තියාගත්තෙත් උන් කියපු හින්ද වෙන්ඩ ඇති නේද??:lol:
    අනික මොකක්ද දාපු තර්කෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ :lol::P
    :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sanath-Balasooriya.jpg
    නික මොකාද මේ සනත් බාලසූරිය කියන්නෙ.සුද්දගෙ ඩොලර් වලට රටපාවල දෙන්ඩ හදන ‍ගොන් රැලෙන් එකෙක්.මුන් මොනවද කියුවෙ අපි යුද්ධය කරද්දි ???? අනේ උබවගේ අමනයෙක්,:growl::growl: කොටින්ට කඩෙ යන එවුන්ගෙ අදහස් දානව එළකිරි එකේ.:growl::growl:බලපන් ඔලුව අතගාල අං එනවද කියල, නැත්නමි ඇගේ හැමතැම ‍පුල්ලි ඇති. :P:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Sanath-Balasooriya.jpg
    නික මොකාද මේ සනත් බාලසූරිය කියන්නෙ.සුද්දගෙ ඩොලර් වලට රටපාවල දෙන්ඩ හදන ‍ගොන් රැලෙන් එකෙක්.මුන් මොනවද කියුවෙ අපි යුද්ධය කරද්දි ???? අනේ උබවගේ අමනයෙක්,:growl::growl: කොටින්ට කඩෙ යන එවුන්ගෙ අදහස් දානව එළකිරි එකේ.:growl::growl:බලපන් ඔලුව අතගාල අං එනවද කියල, නැත්නමි ඇගේ හැමතැම ‍පුල්ලි ඇති. :P:P

    rawla kapala... athata denna hithenawa! :lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rawla kapala... athata denna hithenawa! :lol::lol::lol:
    :yes::yes::yes: ඔකා වගේ කොටියෙක‍්ගෙ අදහස් තෙර්ඩි විදිහට එළකිරියට‍ බස්සන මිහරකුත් ඉන්නවනේ,ඒකයි දුක :confused::confused:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol::lol::lol: දැන් උබට සුද්දද කියුවෙ රැපියල පාකරේ උන්ගෙ කිමට කියල.එතකොට අවුරැදු ගානක් රැපියල කෘතිමව තියාගත්තෙත් උන් කියපු හින්ද වෙන්ඩ ඇති නේද??:lol:
    අනික මොකක්ද දාපු තර්කෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ :lol::P
    :P

    අනේ ගොනෝ උඹ එක දෙයක් තේරුම් ගනින් ණයට කකා ඉන්න අපිට හැමදාම නටන්න වෙන්නෙ අනුන්ගෙ පදේට තමයි :eek:

    Sanath-Balasooriya.jpg
    නික මොකාද මේ සනත් බාලසූරිය කියන්නෙ.සුද්දගෙ ඩොලර් වලට රටපාවල දෙන්ඩ හදන ‍ගොන් රැලෙන් එකෙක්.මුන් මොනවද කියුවෙ අපි යුද්ධය කරද්දි ???? අනේ උබවගේ අමනයෙක්,:growl::growl: කොටින්ට කඩෙ යන එවුන්ගෙ අදහස් දානව එළකිරි එකේ.:growl::growl:බලපන් ඔලුව අතගාල අං එනවද කියල, නැත්නමි ඇගේ හැමතැම ‍පුල්ලි ඇති. :P:P

    නැව ගිලෙනකම්ම කොටි කොටි කිය කිය කෑ ග්ගහ හිටපල්ල ...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: ඔකා වගේ කොටියෙක‍්ගෙ අදහස් තෙර්ඩි විදිහට එළකිරියට‍ බස්සන මිහරකුත් ඉන්නවනේ,ඒකයි දුක :confused::confused:

    yeka kotiya neme pusa thama.... sudda dakkama natta pitipasse gahan thama duwanawa! :rofl::rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ ගොනෝ උඹ එක දෙයක් තේරුම් ගනින් ණයට කකා ඉන්න අපිට හැමදාම නටන්න වෙන්නෙ අනුන්ගෙ පදේට තමයි :eek:



    නැව ගිලෙනකම්ම කොටි කොටි කිය කිය කෑ ග්ගහ හිටපල්ල ...

    අපි නමි නයට කන්ඩ බලාගෙන නැ,හැබැයි උබලගෙම එවුන් අඩුවට පාන් ඉල්ලල මේකේ තෙර්ඩි හිටන් දානව. :lol::lol::lol: අපි ඔය එකෙක්ගෙවත් පදේට නටන්නෙ නැ,ඒහෙනමි තාම මහ කොටි‍ය යහතින්.උබ සුද්ද කරන්ඩ හදන ඇමරිකාවේ ‍බල්ලො ටිකත් දැගලන්නෙ ඒක වෙචිච නැති නිසා තමයි. :P:P:angry:

    ඇයි ඒකා කොටියෙක් නෙමේද???? ඩොලර් කාක්කෙක් නෙමේද?? උබ මැරිල ඉපදුනාද???? නැවි ගි‍ලෙන්නෙ නැ නැවේ ඉදන් අඩිය හිල්කරන්ඩ හදන දෝහින් මොක්කුද කියල හරියට අදුන ගත්තාම. :P:P
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඔවුන් කර ඇත්තේ ඔබේ දේශප්‍රේමය සිය පැවැත්ම උදෙසා ගසාකෑම නොවේද?
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Lankaawe mona deshapremiyoda??
    enne deshaapaaluwo tikakui unge edul lewakana set ekakuine..
    :lol:
     
    Last edited: