මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

මම මේ කතාව කියන්න මුලපුරන්නේ බීමත්ව කියන එක මම ප්ර තික්ශේප කරන්නේ නැහැ. හෙබෙයි බීල උනත් මම කියන දේ බොරුවක් නොවෙන බව මම කියන්න බය නැහැ. අනිත් එක මම කව්ද? මම මේ කියන්නේ කාගැනද කියන එක ඔයාල දන්නේ නෙති නිසා තමයි මම මෙහෙම කියන්නේ.
පුංචි කාලේ ඉඳන්ම මම කෙල්ලන් කෙරෙහි කිසිම ඇල්මක් තිබුණු කෙනෙක් නෙමෙයි කියලා කියන්නේ බයකින් නෙමෙයි. මට කිසිම කෙල්ලෙක් යාලුකර ගන්න උවමනාවක් තිබුණු කෙනෙක් නෙවෙයි. ඉස්කෝලේ ඉවර උන ගමන්, වෙන කොල්ලෝ කෙල්ලෝ පස්සේ යනවා. මම යන්නේ ගෙදර බත් පිඟාන හිතේ තියාගෙන බස් එක හොයාගෙන. මාගේ පාසල් කාලය ඉවර උනත් මම කිසිම කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තියාගෙන නැහැ.
මගේ පාසල් ජීවිතයෙන් පස්සේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුට කෝල් කලත් ඒ කිසිම කෙල්ලෙක් හම්බෙන්න ගියේ නැහැ. මොකද ඒක මගේ තිබුණු ලැජ්ජාව වෙන්න ඇති.
ඒත් මගේ යාලුවෙකුගේ නංගි කෙනෙක් ගැන මගේ පුදුම උනන්දුවක් තිබුණා. එයා හරිම ලස්සනයි. සුදුයි. මිටයි. කෙට්ටුයි. මම අසා කරන විදිහේ කෙනෙක් එයා. මම ඒ යාළුවගේ ගෙදර යන්න එන්න පටන් ගත්තා. මගේ බිස්නස් පවා පාඩු කරගෙන මම එහෙ යන්න ගත්තා. හවසට යාළුවා වැඩ ඇරෙන වෙලාවට මම ට්රාබන්ස්පෝර්ට් දෙන්න පටන් ගත්තා. ඔහොම යනකොට මමත් පව්ලේ සාමාජිකයෙක් ගානට වැටෙන තරමට මම පව්ලට ලං වුන.
ඒ ගෙදරම ඒ ගැනු ළමයාගේ බාප්පාගේ දුවෙකුත් හිටියා. එයාට තිබුනේ මහා හරිම විසයක්. මම ඒ ගෙදරට ලන් උන දවසේ ඉඳලම ඒ ගැනු ළමයට ඕනෑ උනේ මට ලංවෙන්න. හෙබෙයි, ඒක අවංක ආදරයක් නෙවෙන වග මම දෙඑනගෙන හිටියා. මගේ හිතේ තිබුනෙම මගේ යාළුවගේ නංගි ගැන අවංක ආදරයක් විතරයි.
බාප්පාගේ දුවට ගහන්න පුළුවන් කමක් තිබුනත්, ඒ ගෙන තුන් හිතකින් වත් හිතන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. මගේ ආදරේ නිසා. ඒත්, අර ගෙහෙනු ළමයා බලෙන් ඇඟේ එල්ලෙන්න එන නිසා යාළුවට චාටර් උන වාර ගණන අනන්තයි(බාප්පාගේ දුව විතරයි)
අහම්බෙන් දැනගන්න ලැබුණා, යාළුවගේ නංගි කේක් කන්න ගොඩක් අසයි කියලා. මම යන හැම වෙලාවකම කේක් ගෙඩියක් ගෙනියන්න අමතක කලේ නැහැ. හැබැයි ඒ එක්කම මාව මතක් වෙන්න මම හොඳ දේවල් කලා. කේක් කිව්වම උඩ පැනගෙන එන නංගිට මම හැමදාම දෙන්නේ, පිදුරු පුරවපු කේක් පෙට්ටියක් විතරයි. ඒක අසාවෙන් ගන්න නංගි පිදුරු ටික දැකලා මල පැනලා තරහෙන් යන්න යනවා. පස්සේ හොඳ කේක් ඒක අතට දුන්නම ටික වෙලාවකින් තරහ නිවිලා යනවා. හෙබෙයි මම කරපු දේ නිසා මාව එයාට කොයි වෙලෙත් මතක් වෙනවා කියලා නම් මම හොඳට දැනගෙන හිටියා.
හැම වෙලේම මම උත්සහ කාලේ එයාට මාව මතක හිටින දෙයක් කල්රන්නයි.
එයාගේ අම්ම හිටියේ නැහැ. තාත්තා හිටියේ නැහැ. දෙන්නම මැරිලා. එයාට හිටියේ අයියා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි විතරයි. අයියා තමයි මගේ යාළුවා.
ඒ වෙනකොටත් එයා කොළඹ රස්සාවකට ගියා. එතකොට එයාට කෝල් කරපු කොල්ලෙක් එක්ක එයා කතා කර කර හිටියා. මට ඒක හිතට ලොකු වදයක් උනා. මොකද මගේ හිතේ තියෙන ආදරේ තාම එයා දන්නේ නැති එකයි, වෙන කෙනෙක් එක්ක එයා ෆෝන් ඒකෙන කතා කරන එකයි.
මගේ යාළුවා ඒ ෆෝන් එකෙන් කතා කරන එකා ගෙන ගොඩක් සිත් තෙවුලෙන් හිටියේ. ඒ වෙනකොටත් මම කිසිම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියේ නැහැ. ඔහොම ඉන්න අතරේ එයාගේ ඔය සම්බන්දෙ ඉබේම නැවතුනා. අයියගේ අකමැත්ත නිසාම.
මම හැම වෙලේම එයා දිහා බලාගෙන ඉන්න ගත්තා. එයටත් එක තේරුන බව නම් මම හොඳටම දෙනගත්ත. මම එයාට විශේෂ උනන්දුවක් දක්වන බව එයාට හොඳටම තේරුණා. එයාගේ ගෙදරට යන එන මම වගේම හොඳ යාලුවෙක් හිටියා. අපි දෙන්නම එකටයි එහෙට ගියේ ආවේ. මට එයාගෙන් කිසිම අබියෝගයක් නැති බව මට තේරුණා.
මම කොහොමත් කම්පියුටර් සහ මොබයිල් ෆෝන් වලට අසා කරපු පුත්ගලයෙක්. ඒ වෙනකොට මට තිබුණා SONYERICSON K800i ෆෝන් එකක්. මම මගේ යාළුවන්ට වෙන වෙනම RING TONES දාල තිබුනේ. මම මේ කියන ගැහැණු ළමයට වෙනමම RING TONE එකක් දාල තිබුනා. ඒක සුනිල් පෙරේරා ගයන.

ඔබ දුටු ඒ මුල් දිනේ
සිදුවූ සැමදේ
තවමත් මගේ මතකයෙහි රැඳේ

ගීතයයි. ඒ සින්දුව ඕනෑම රැක මගේ ෆෝන් ඒකෙන ඇහුනොත් මම අසුරු සැනින් නැගිටිමි. ඒ එයා කෝල් කරන බව දන්නා නිසයි.
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Elakiri machan. Digatama liyan palayan.
    Boot gana nohitha thamange anagathe hadaganin machan.
    Loku minihek unama umbe passe ona tharam kello eyi bun. :yes:
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    දවසක් එයාගේ ගෙදර දානයක්. ඊට ඉස්සරවෙනිද උයන්න එළවලු කපනවා. මමත් ඇම්බලය නිසා අනිත් යාලුවත් එක්ක එකතු වෙලා එළවලු කපනවා එලි වෙනකල්ම. එයාගේ අයියත් නිදි. ගෙදර උනුත් නිදි. උන්ටත් උවමනාවක් නැහැ මේ වැඩේට. මම ඇම්බලය නිසා මම වැඩ. මගේ අනිත් යාලුව මොකුත්ම දන්නේ නැතුව මම නිසාම වැඩ. ගැහැණු ළමයා මම ගැන උනන්දුවක් තියෙන නිසාමද කොහෙද එයත් අපිත් එක්කම වැඩ. දානෙට වැඩ කරන්නේ තුන් දෙනයි. එයයි, මමයි, මගේ යාළුවයි.

    එයයි, මගේ යාළුවයි. සැරෙන් සැරේට මගේ ෆෝන් එකට මිස් කෝල් ගහනවා. ඒ මාව අවුස්සන්න. එත් මම ඇවිස්සෙන්නේ නැහැ. මොකද මම RING TONE ඒක අඳුනන නිසා.

    ඔයාට කවුද කෝල් කරන්නේ කියලා ඇයි බලන්නේ නැත්තේ කියලා කෙල්ල ඇහුවා.

    මම කිව්වා මම ඔයාව අඳුන ගන්න වෙනම TONE එකක් දාල තියෙන්නේ කියලා. එයා මට පෙන්නම දිගටම කෝල් කරලා මගේ සින්දුව අහගෙන හිටියා. මටත් ලැජ්ජයි, මගේ යාලුවත් කොර, කෙල්ලටත් කට උත්තර නැති උනා. විනාඩි 5 ක් විතර කට්ටියම කතා නැතිව හිටියා. එදා එයට මම ගැන මොනවා හරි තේරෙන්න ඇති කියලා මම හිතා ගත්තා.
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මම ගොඩක්ම එහෙ යනවා එනවා වැඩි උනා. එයාගේ අයියගේ වේද වලට. මල්ලිගේ වැඩ වලට, නැන්දගේ, මාමගේ, පුංචි අම්මගේ, බාප්පාගේ දුවගේ, අල්ලපු ගෙදර නැන්දගේ යාළුවගේ මාමගේ අයියගේ පුතාගේ, එයාගේ අය්යිගේ යාලුවන්ගේ, කෙල්ලගේ සීයාගේ, වගේ කීව නොකීව හැම එකගේම පක්කලි වැඩ කරන්න ගත්තා, කෙල්ලට තියෙන ආදරෙටම. බොරු බොරු හේතු හදගෙනත් මම එහෙ යන්න ගත්තා.

    මගේ අම්මට, තාත්තට තවමත් කවල නැති, PITZA, KFC CHICKEN එයාගේ මුළු පවුලටම මම කවන්න ගත්තා. මොකද ඒ වෙනකොට එයත් ඒවා මොනවාද කියලවත් දැනගෙන හිටියේ නැති නිසා. සමහර විට දන්නවා ඇති, ගන්න සල්ලි නැතිව ඇති. මටත් තියෙන මුළු සන්තකේම දාල මම එයා අසා දේවල දැනගත්තම ඒවා අරගෙන ගියා.
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    එයාල හරි අමාරුවෙන් ජීවත් උනේ. අපිත් ඒ වගේම තමයි. එයාගේ අයියගේ පඩියෙන් තමයි ජීවත් උනේ, එයයි, මල්ලයි, අයියයි. ඒ පඩිය මදි නිසා මාසේ අන්තිම දවස් ටිකේ ඒගොල්ලෝ බඩගින්නේ ඉන්නවා.

    දවසක් මල්ලි කන්න ඉල්ලනවා මම අහගෙන, කන්න දෙයක් නැහැ කියලා කියනවා මගේ කන වැටුනේ මගේ අහම්බෙන්. මගේ අතෙත් සල්ලි නැහැ. මම ඉක්මනට ආවා මගේ යාලුවෙකුගේ ගෙදර. Rs 100ක ඉල්ලා ගත්තා. හාල් කිලෝ එකයි, පොල් ගෙඩියයි, සෝයා මීට් පැකට් එකයි අරගෙන එයාගේ ගෙදර හිටිය මාම කෙනෙකුට ගිහින් දුන්න උයලා දෙන්න කියලා. තාමත් එයාල දන්නේ නැහැ එදා කන්න දුන්නේ මම කියලා. එහෙම දීල තියෙන්නේ ඒක දවසක් විතරක් නෙවෙයි. ඔය එකයි.
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    මචෝ මේ කතාව කොටස් කොටස් දානවා නම් රුපියල් 5කට කියවන්න දානවා වගෙ දාන්නෙ නැතුව ටිකක් වැඩිපුර දාපන්..මේ නූලටම අඹරපන්..
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    මචෝ මේ කතාව කොටස් කොටස් දානවා නම් රුපියල් 5කට කියවන්න දානවා වගෙ දාන්නෙ නැතුව ටිකක් වැඩිපුර දාපන්..මේ නූලටම අඹරපන්..

    මචන් මම මේක කොටන්න විඳින දුක තේරෙනවා ඇතිනේ.
    මමත් මතක වෙන පොඩ්ඩෙන් පොඩ්ඩ.
    ටික ටික කොටලා දන්නේ.
    මගෙන් වෙන ප්‍රමාද දෝෂයට සමාවෙන්න ඕනෑ.
    :(:(:(:(:(:(:(