LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ

    බත් සහ දුප්පතා
    මම කලින් කිව්වා පාන් කන දුප්පතුන්ගේ කතාවක් (http://www.elakiri.com/forum/showthread.php?p=12221228#post12221228)
    ඒ කතාව අපේ හදවතක් තියෙන සංවේදී සහෝදරවරු අගය කොට දැක් වුවා උබල ඔක්කොටම අහිංසකයන්ගේ දුක තේරෙන එක ගැන එක පැත්තකින් සන්තෝෂයි
    අද මේ කියන්න යන්නෙත් මම
    අත්‍ දැකපු බිම් මට්ටමේ අහිංසකයන්ගේ තවත් කතාවක්


    මේ සිද්දිය වෙලා මස 10 ක් විතර ඇති
    මම නුවරනේ ඔන්න එක දවසක දවල් 1 ට විතර නුවර ටවුමේ ( කාගිල්ස් එක ඉස්සරහින් තියෙන කොටුගොඩල්ලේ විදිය දිගේ කොලබ විදිය පාස් කරලා මුස්ලිම් පල්ලිය ඉස්සරහින්) යනකොට පොඩි එකෙක් හයියෙන් අඩනවා ඇහුනා (මම අහන්න අකමැතිම දෙයක් බන් පොඩි එවුන් අඩන එක) ඉතින් මම පොඩ්ඩක් පස්ස හැරිලා බැලුවා. එතකොට තරුණ මුස්ලිම් කාන්තාවක් (ඔලුව වහන් හිටපු හින්ද) පොඩි ළමයෙක් අතින් ඇදගෙන යනවා එත් පොඩි එකා අම්මව පස්සට අදිනවා දැක්කා. පොඩි එකට අවුරුදු 5-6 ක් ඇති. මම මොහොතක් බලන් ඉදල සිද්දිය දන්නේ නැති හින්ද ඉස්සරහට ගියා. ඒත් අයෙත් අරපොඩි එකා යටිගිරියෙන් අඩනවා ඇහුනා . මට ෆුල් අප්සෙට් මම හැරිලා ඒ දෙන්න ගාවට ගියා යද්දී පොඩි එකා එතන තිබ්බ හෝටලයේ පඩියේ වාඩිවෙලා අඩනවා පාරේ යන මිනිස්සුත්( උන් අමනුස්සයෝ වෙන්නැති) බල බල යනවා මේක
    පස්සේ මම අහුවා අර ගැණු මනුශ්‍යගෙන් ඇයි පොඩි එකා අඩන්නේ කියල පස්සේ අර ගැණු කෙනා කියපු කතාවෙන් මගේ සර්වාන්ගේම හිරි වැටිලා ගියා බන්
    මහත්තය මේ ළමය අඩන්නේ අර බත් පැකට් එකක් ඉල්ලලා ල කියල . එතන හෝටලයේ කැෂියර් එක උඩ තියල තියෙන බත් පැකට් ටික පස්සේ මම දැක්කා .
    ඔබට මේක විශ්වාස කරන්න පුලුවන්ද
    ළමයෙක් අඩන්නේ එක්කෝ සෙල්ලම් බඩුවකටය නැත්නම් ආසා කරන පැනිරහ කැමකටය
    එහෙත් මේ ලමයා අඩන්නේ ඇත්තටම අව්‍යාජව බඩගින්නටය
    ජිවත් වෙන්නේ කන්න මිනිස්සු ඉන්න රටක
    කන්නේ ජිවත් වීම උදෙසාම පමණක් වන මිනිස්සු කොට්ටාශයක් ඉන්න බව මේ රටේ මිනිස්සු බොහොමයක් දන්නේ නැහැ
    බඩ පැලෙන්න kFC Mcdonalds fivestar වලින් ගිලින අය බොහොමයක් මචන් මේවා දන්නේ නැහැ
    දැන් අහයි අපේ සුනිමල් වගේ ජනතාවට කැපවෙන උත්තමයෝ උබ මොකද කලේ ඒ වෙලාවේ කියල
    මම මට කරන්න පුළුවන් දේ කලා ඒ දරුවා ඉල්ලපු දේ එකපාරම අරන් දුන්න දෙන්න කලින් මම අහුවා බබා ඇත්තටම කියන්න ඔයාට මොකද්ද ඕනි කියල
    පස්සේ අර දරුවා කිව්වේ අන්න අර බත් පැකට් එක කියල ඒකත් එළවලු පමණක් තිබ්බ එකක්
    පස්සේ අර දරුවා එක ඇත දෙකින් අරගෙන අව්‍යජත්වයේ අහිංසක හිනහාවක් දාල ලෝකෙම උරුම කරගත් කෙනෙක් වගේ තම අම්මත් එක්ක ගියා
    සමාජයේ තත්වය ඕකයි
    උඩින් ලස්සනයි අභ්‍යන්තරය කටුකයි

    සැ යු - මෙය මගේ පම්පෝරි කීමට හෝ මම පොර වීමට දාපු thread එකක් නොවන බව හැම විටම මට විරුද්දව මේවා දේශපාලනයෙන් මනින දේශපාලන බත් ගොට්ටන් සිතට ගන්න. එසේ පොර මේනියාවක් මා හට නොමැති බවත් ඔවුන්ට පවසන්න කැමැත්තෙමි

    ***** කලින් මගේ පාන් සහ දුප්පතා කියන thread එකේ එක මුස්ලිම් අන්තවාදියෙක් සිංහලු උබල හිගන්නෝ උබල අපේ මැදපෙරදිග ගිහින් හොයාන් එන ඒවායින් කන්නේ කියල ලොකු ටෝටක් දුන්නා - මේක උගේ විශේෂ අවධානය උදෙසා
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වර්ථමාන ශ්‍රී ලාංකික සමාජ ව්‍යුහයේ ,බස්නාහිර පලාතට යන්තමින් වැටහෙන අන් පලාත් වලට හොදහැටි තේරී ඇති ජීවන බර...

    ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි....
    නැති එකාට දෙයියො මොකුත් දෙන්නෙ නැත්තෙ ඇයි ?
    පෙර කල පව් පින් අනුවලු එහෙම වෙන්නෙ ඇයි....
    ..................... ඕවා දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි..... :eek:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Katha karala wadak nea machan.. Minissu Vidina Duka dekkama. Apita Mechara dewal thibilath mea vidiyata Danenawanam Apita wada Ada wela Hoya ganna Ayata Kohoma Dukak Athida..:sorry::sorry:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන්, උඹ ලොකු පිනක් කරල තියෙන්නෙ. බඩගින්නට ආගම්බේධ, ජාතිබේධ නෑ. ඒවගේම රටේ තත්වෙ ගැනත් කතා කරල වැඩක් නෑ. කට්ටියක් සැප විඳිනව, බහුතරයක් දුක් විඳිනවා. මේව කතා කරාමත් අන්තිමට අපියි වැරදි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එක එකා කියන හු*තේ කතා ගනන් ගන්න එපා මචන්.
    තමන් කරන දේවල් තමන්මයි අරන් යන්නේ.
    උබට තැන්ක්ස් කෙනෙක්ගේ බඩගින්න නිව්වාට.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹ සිරාවටම එල කොල්ලෙක් මචන්.
    අද සමාජයේ කරුණාව හිමිවෙන්න ඕනේ මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ වගේම තමි ගොඩක් අය කොච්චර ජීවන බරක් තිබුනත් කොහොමහරි ජීවත් වෙනවා. ඒ අතින් බලනකොට ලංකාවේ මිනිස්සු හරි උත්සහවන්තෛ කියල මටනම් හිතෙන්නේ.

    මම අද Kandy එනකොට අවේ නොර්මල් bus එකක. bus එකට නැග්ග අවුරුදු 35 ක විතර මිනිහෙක්. ඊට පස්සේ පොර ticket එකක් බෙදාගෙන ගිය. එකේ තියෙන්නේ උට රස්සාවක් නෑලු. lamai දෙන්නෙක් ඉන්නවලු. ඒ නිසා bus වලට ඇවිත් කීයක්හරි හොයාගන්නවලු. පොඩ්ඩක් හිතල බලපන් මු කරන දේ. මම මචන් පුළුවන් හැම වෙලාවකම උදව්වක් ඕනේ යට උදව්වක් කරනවා. මම ඉස්සර හිටපු අක්ක කෙනෙකේ වකුගඩු ප්‍රශ්නෙකට හුගක් මහන්සි වුන කෙනෙක්.
    පොරට කිසිම අවුලක් න. හොඳට අදාල එහෙම thamai අවේ. ඇත පය හොඳට තියෙනවනම් අනිත් මිනිස්සු වගේම රස්සාවක් කරන්න තිබුනනේ. බුස් වල යන හැමෝම රස්සා තියෙන අය නෙවෙඉනෙ.
    මම එන වැරදියට හිතන්න එපා. ගොඩක් අය ඒ මනුස්සයට කීයක්වත් දුන්නේ න. මම දුන්නෙත් න.
    අපි උදව් ඕනේ යටි උදව් කරන්නේ ඕනේ. හොටෙල් එකකට ගිහිල්ල waiter ට 100 ක් දෙනවට වැඩ ඇත්තටම අසරණ මනුස්සයෙක්ට, නැත්තම් හොඳ උත්සහයක් තියෙන මනුස්සයෙක්ට දෙන 10 වටිනවා.

    උඹ කරලා තියෙන උදව්ව හරි එකක්. එත් ඒ අනුකම්පාවෙන්ම සල්ලි හොයන්න බලාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා. Kandy ඉන්න අය දන්නවා ඇති අර කකුලක් නැති uncle හම්බ කරන හම්බ කෙරිල්ල.
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මටත් දිරවන්නේම නැති සිද්ධියක් තමා ඔය පොඩි එවුන් අඬන එක................
    පොඩි එවුන්ට වෙන අසාධාරණකම්................
    උඹට පිං සිද්ධවෙනවා............
    උඹට විතරක් නෙමේ..........
    උඹ වගේ පුතෙක් හදපු අම්මටයි අප්පච්චිටයිත් පිං සිද්ධ වෙනවා................
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    උඹ එල පොරක් මචන් කාගේ උනත් බඩගින්න නිවන එක මනුෂත්වයේ උතුම්ම ක්‍රියාවක් ,කටු කන බල්ලොන්ටයි ජාතිවාදින්ටයි නම් ඕව කොච්චර තේරුම් කරත් වැඩක් නෑ මචෝ , උඹ කියන කතාවේ ඇත්ත නැත්ත තේරෙන්නේ රටේ ලෝකේ පයගහල ජීවත් වෙන මිනිස්සුන්ට .අදට රෙප් ඉවරයි හෙට අනිවා මතක් කරලම දෙනවා උඹට ,එතෙක් මගේ ප්‍රණාමය උඹට :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇඩෙනවා බන් :( මොනවා උනත් උබ හොද වැඩක් කරලා තියෙන්නෙ:) සම්හර වෙලාවාට් අපිට උදව් කරන්න ඔනෙ උනාට එහෙම කරන්න හැකියාවක් නැති වෙනවා ඒ වගෙ වෙලාවට හිතින් දුක්වෙවි හිටපු දවස් නම් ගොඩක් තියෙනවා මචන්:dull: