ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ.......................
    මට මේක කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙහෙම ලියන්නේ. උඹලා හැම කෙනෙක්ම මගේ සහෝදරයෝ වගේ. මම දන්නවා එළකිරි එකේ ගොඩක් හොද යාළුවෝ ඉන්නවා කියලා. ඒක නිසා තමයි මම මේ කතාව උඹලත් එක්ක කියන්නේ. මේ කතාව කොහොමද පටන් ගන්නේ කියල මට හිතා ගන්න බැහැ.මම මේක කෙටියෙන් කියන්නම්. මේ ආදර කතාවට දැන් මාසයක් විතර ඇති. ආදර කතාවක් කිව්වට ඒක පාර්ශවික ආදර කතාවක්.


    මම ගොඩක් වෙලාවට facebook ඉන්නවා. හැබයි ගොඩක් දුරට chat එක offline දාලා තමයි ඉන්නේ. Online දාලා තියන වෙලාවට උනත් මම Chat කරන්නේ මගේ හොඳම යාළුවෝ හත් අට දෙනෙක් එක්ක විතරයි. ඒකෙනුත් girls ලා ඉන්නෙ හතර පස් දෙනක් විතරයි. මම ගොඩක් fb යන්නේ ඒකට කවි, නිසඳැස්,සින්දු වගේ ඒවා දාන්න කට්ටිය දාලා තියන ඒවා බලන්න තමයි. මට ඉස්සර ඉඳලම ඔය වගේ දේවල් වලට ගොඩක් ආසාවක් තිබුණා. ආසාවක් කියනවට වඩා එතනට පිස්සුවක් කියන වචනය ගැපපෙනවා කියල තමයි මට නම් හිතෙන්නේ. උඹලට උනත් මේක තේරුම් ගන්න පුලුවන් මම එළකිරි එකේ දාලා තියන thread දිහා බැලුවොත්. ඒ දේවල් වලට ඔය තරම් කැමති වෙන්න මට එක හේතුවක් තිබුණා. මම මීට කලින් girl කෙනෙක්ට ආදරය කලා. එයත් දැනගෙන හිටියා මම එයාට ආදරය කරනවා කියලා. මට එයාට ඒක කියා ගන්න බැරුව අවුරුද්දක් විතර ඉදලා කොහොම හරි එයාගෙන් ඇහුවා.ඒත් ඒ වෙනකොටත් මම පරක්කු වැඩියි.ඔය හේතුව නිසා මම ගොඩක් කල් හිතින් දුක් වින්දා. ඉතින් ඔය සිද්දියෙන් පස්සේ මම ගොඩක් මානසිකව වැටුණා. ඊට පස්සේ මම හිතාගත්තා ආපහු කවදාවත් ආදරයක් ගැන හිතන්නේ නැහැ කියලා. ඔහොම කාළයක් යනකොට තමයි මට මේ නංගිව fb එකෙන් අදුන ගත්තේ.මගේ fb යාළුවෝ list එකේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද writer කෙනෙක්ගේ profile එකකුත් තිබුණා.

    හැම සතියෙම එයාගේ Article දෙකක් වගේ තරුණයා පත්තරයෙත් යනවා. මේ දවස් වල ලංකාවේ ජනප්‍රිය උන සින්දු එහෙමත් ලියපු සුපිරි writer කෙනෙක්. ඉතින් මගේ පුරුද්දක් තිබුණා දවසට දෙතුන් පාරක් එයාගේ Profile එක බලන්න. එහෙම බලනකොට තමයි මම දැක්කේ නිසඳැස් ගොඩක් ඒවට මේ නංගි comment/ like එහෙම දාලා තියනවා. ඒත් එතන වෙන කට්ටය ගොඩක් හිටිය මට හිතුනා අර නංගිට request එකක් දාන්න. කොහොම හරි එයා ඊට පහුවදා request එක conform කරලා තිබුනා. ඊට දවස් දෙකකට විතර පස්සේ මට ඒ නංගිව online හම්බ උනා. පළවෙනි දවසේ නම් මගෙත් එක්ක වැඩිය Chat කලේ නැහැ. ඒත් මොකක්දෝ හේතුවකට මට එයාව හොදට මතක තිබුණා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. ඉතින් ඔහොම අපි සතියක් විතර Chat කරනකොට අපිටත් නොදැනිම අපි හොඳම හොඳ යාළුවෝ උනා. ඒ වෙනකොට එයාගේ පව්ලේ විස්තර ගොඩක් මට කියලා තිබුණා. මමත් කිසිම දෙයක් හංගන්නේ නැතුව මගේ ගොඩක් විස්තර එයාට කිව්වා. ඒ වෙනකොට මම එයාගේ facebook එකේ යාළුවෝ 600 කින් විශ්වාසවන්තම වගේම හොඳම යාළුවා වෙලා හිටියා. එයාටත් මට වගේ කවි, නිසදැස්, ලස්සණ සින්දු වගේ ඒවට පුදුම කැමැත්තක් තිබුණා. අපි මේ තරම් වෙන්න ලං වෙන්න ඒ හේතුව ගොඩක්ම බලපාන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ.

    ඒ නංගි කුළියාපිටියේ. වයස 21 යි. මම නුවර. මගේ වයස 25යි. ඔහොම ටික දවසක් Chat කරනකොට ඒ නංගි මට කිව්වා අය්යා මට මේ FB Accunt එක Deactivate කරන්න ඕනේ කියලා. මම ඇහුවා ඒ මොකද එක පාරටම එහෙම කරන්න හිතුනේ කියලා. එයා කිව්වා මේකේ දැන් කට්ටිය වැඩියි සමහර අය මට වදයක් වෙලා ඉන්නේ ඒක නිසා අළුත් එකක් හදලා දන්න අයව විතරක් Ad කර ගන්න ඕනේ කියලා. එයා ඇහුවා මට එයාට උදව් කරන්න පුළුවන්ද කියලා. මමත් පුළුවන් උදව්වක් නම් කරන්නම් කිව්වා.ඊට පස්සේ එයා කිව්වා ඔයා අකමැත්තක් නැත්නම් මට ඔයාගේ Phone Number එක දෙන්න මම ඒකට කතා කරලා මේක deactivate කරන විදිහ ඔයාගෙන් අහගනම් කියලා. මමත් මගේ phone number එක එයාට දුන්නා. ඒ වෙලාවෙම එයා මට ගත්තා.මම එයාට phone එකෙන් විස්තරේ කිව්වත් වැඩිය එයාට තේරුම් ගන්න බැරි උනා.ඊට පස්සේ මම එයාට කිව්වා නංගි ඔයා අකමැත්තක් නැත්නම් ඔයාගේ mail එකයි password එකයි මට msg කරන්න මම පරණ fb account එක deactivate කරලා ඔයාට අළුත් එකක් හදලා ඒකේ mail/ password ඔයාට sms කරන්නම් කියලා. ඒ නංගිත් දෙපාරක් හිතන්නේ නැතුවම මට ඒ වෙලාවෙම එයාගේ fb account එකේ mail/ password මට sms කලා. ඊට පස්සේ එයා මට කතා කරලා කිව්වා අයියා මට හිමීට අළුත් account එකක් හදලා දෙන්න මම එතකම් fb එන්නේ නැහැ කියලා. එදා මම වැඩ ඇරිලා ගෙදර ගියාට පස්සෙත් අපි phone එකෙන් sms කලා. මම එයාව කවදාවත් ඇත්තටම දැකලා තිබුණේ නැහැ. හැබැයි එයාව photo වලිනුයි skype වලිනුයි දැකලා තිබුණා. ඒ නංගි ලස්සණයි. හැමවෙලාවෙම හිනා උන මූණෙන් තමයි ඉන්නේ. fb දාලා තිබුණ හැම photo එකකම හිනා වෙලා තමයි හිටියේ. ගොඩක් අහිං සක පෙනුමක් තියෙන්නේ. එයත් මගේ photos දැකලා තිබුණා.

    ඉතින් මම එයාට ඊට පහුවදා හවස එයාගේ පරණ fb account එක deactivate කරලා අළුත් fb account එකක් හදලා දුන්නා. මම ඇහුවා ඔයා අළුත් fb account එකට ඔයාගේ photos දාන්නේ නැද්ද කියලා. එයා හිනා වෙලා කිව්වා නෑ අයියා ඒවා කරදර වැඩ කියලා. කොහොම හරි මේ සිද්දියෙන් පස්සේ අපේ යාළුකම තවත් වැඩි උනා. phone එකෙන් කතා කලා. දවසට sms ගොඩක් අපි අතර හුවමාරු උනා.රෑට තමයි ගොඩක්ම sms කරන්නේ. එයත් උදේ නැගිට්ටට පස්සේ මට හැමදාම මට Good Morning අයියා පරිස්සමින් වැඩ ටික කර ගන්න. බුදුසරණයි! කියලා එවන sms එක එවන්නත් අමතක කලේ නැහැ. ඒවගේම හැමදාම රෑට නිදා ගන්න කළින් Good Night අයියා බුදුසරණයි! කියල එවන sms එක එවන්නත් අමතක කලේ නැහැ.

    ඔහොම දවස් 5ක් විතර යනකොට තමයි මට දැනුනේ මම එයාට ආදරේ කරනවා කියලා.ඒ වෙනකොත් මගේ මුළු හිතම එයා යටත් කරගෙන හිටියේ. ඒත් මට එයාට ඒ ගැන කියන්න බය හිතුනා. එයා බැරිවෙලාවත් මට අකමැති උනොත් අපේ යාළුකමත් මේකෙන් නැති වෙයි කියලා මම බයෙන් හිටියේ. ඒ වෙනකොටත් එයාට boy කෙනක් නැති බවත් මම හොඳටම දැනගෙන හිටියා. ඔහොම දවසක් දෙකක් ඉන්නකොට තමයි මට හිතුනේ මේක තවත් හිතේ තියාගෙන දුක් විදින්නේ නැතුව එයාට කියන්න ඕනේ කියලා.එහෙම හිතලා මම එදා රෑ ඒ කියන්නේ 2012.03.10 එයත් එක්ක sms කර කර ඉන්න අතරේ මම මෙහෙම sms එකක් යැව්වා.
    "නංගී මම කෙනෙක් ගැන හිතනවා. මම හිතන්නේ මම එයාට ඇත්තටම ආදරෙයි.ඒත් මට ඒක එයාට කියන්න බයයි මම දැන් මොකද කරන්නේ කියලා..."

    ඒත් එක්කම වගේ මට එයාගෙන් sms එකක් ආවා.

    "ආ ඒක හොඳයි ඒත් ඔයාට ගැලපෙන පව්ලට ගැලපෙන හොඳ කෙනක් වෙන්න ඕනෙ හැබැයි..."

    මම දැන් කල්පනා කලා මේක එයාට sms එකකින් කියනවද නැත්නම් කතා කරලම කියනව කියලා. ඊට විනාඩි පහකට විතර පස්සේ එයාගෙන් මට මෙහෙම sms එකක් ආවා.

    "අය්යේ මට දැන් නිදිමතයි . මම දැන් නිදා ගන්නවා. ගුඩ් නයිට් ...බුදුසරණයි!"

    ඊට පස්සේ මමත් එයාට ගුඩ් නයිට් කියල sms කරල නිදා ගත්තා. මම එදා රෑ හිතුවා හෙට නම් මෙයාට මේ ගැන sms වලින් නෙමෙයි කතා කරලම කියනවා කියල. ඉතින් ඊට පහුවදා ඒ කියන්නේ 2012.03.11 රෑ 7ට විතර අපි fb එකෙන් chat එකක් පටන් ගත්තා. මම ඊයේ රෑ කතාවම ඇදලා ගත්තා. ඊට පස්සේ මෙයා මට කියනවා

    "ආ අයියේ මට ඔයාට කියන්න බැරි උනා නේ මට අද ගෙදරට proposal එකක් ඇවිත් නේ. මම තවම් හරියට විස්තරයක් දන්නේ නැහැ. අපේ අම්මලා කතා වෙනවා අපේ අක්කට ඇහිලා තියනව කියල"

    මට මේ වචන ටික දැක්කට පස්සේ හදවත පැලිලා මම මෙතනම මැරිලා ගියා නම් හොදයි කියලා මට හිතුනා. ඊට පස්සේ මම ඒ වෙලාවෙම එයාට කෝල් එකක් අරන් මගේ ආදරේ ගැන එයාට කිව්වා. එයා මුලදී ඇහුවා ඇයි අයියේ ඔයාට මෙහෙම දෙයක් හිතුනේ කියලා. මම කිව්වා ම්ම ඊයේ girl කෙනෙක් ගැන ඔයත් එක්ක කිව්වා නේද ? ඒ වෙන කව්රුවත් නෙමෙයි ඒ ඔයා ගැන තමයි කිව්වේ කියල. මෙයා මුලදී නම් මට කිව්වා අය්යා මට මගේම අයියා කෙනෙක් වගේ. අනික අයියේ අපේ තාත්තා කවදාවත් මේකට කැමති වෙන්නේ නැති වෙයි. තාත්තා කැමති නැහැ අපිව දුරට දෙන්න කියලා. ඊට පස්සේ මම කිව්වා නංගි ඉස්සරවෙලා ඔයා මට කැමතිද කියන්න. ඊට පස්සේ එන ඕනෙම ප්‍රශ්ණයක් මම බලා ගන්නම් කියලා. ඒත් එයා කියනවා දුර ප්‍රශ්ණයක් වෙයි, අම්මලා තාත්තලා අකමැති වෙයි. මම ඇහුවා ඔයාට ඇත්තටම bf කෙනෙක් නැද්ද කියලා. එයා කිව්වා තවම එහෙම කෙනෙක් නැහැ අයියේ කියලා. පස්සේ එයා මට කිව්වා මගේ උත්තරේ ඔයාට sms කරන්නම් කියලා. ඊට ටික වෙලාවකට පස්සේ ආපු sms එකේ මෙහෙම තිබුණා.

    "අයියේ මට ටිකක් හිතන්න ඕනේ "

    ඊට පස්සේ පරණ විදිහටම අපි sms කරලා නිදා ගත්තා.මට මේ දේ එදා එයාට කිව්වට පස්සේ හිතට මාරම සැහැල්ලුවක් දැනුනා. පහුවදා උදෙත් අපි පරණ පුරුදු විදිහටම sms කලා. මම ඇහුවා ඊයේ මම අර විදිහේ දෙයක් ඇහුවට ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ කියල. එයා කිව්ව ඒක ඇහුවට කමක් නැහැ අයියේ කියල.

    මට දෙයක් කියන්න බැරි උනා. මම එයාගෙන් කැමැත්ත අහන්න දවස් 3 කට කළින් එයාට bank එකක job එකක් හරි ගියා. job එකක් කිව්වට අව්රුදු දෙකක training එකක්. එයා bank එකට යන්න පටන් ගත්ත මුල් දවස් වල හැමදාම උදේ පාන්දර good morning කියලා මට එවන sms එක එවන්න අමතක කලේ නැහැ. bank එකට ගිහින් වැඩ පටන් ගන්න කලින් "මම bank එකට ආවා අය්යේ. අයියා පරිස්සමින් වැඩ කර ගන්න කියල" හැමදාම sms කලා. වැඩ off වෙලා ගෙදර එන්න transport එකට ඇවිත් පරණ පුරුදු විදිහටම මාත් එක්ක sms කලා. .ගෙදර ආපු ගමන් අයියේ මම ගෙදර ආවා කියල sms කලා. හැමදාම නිදා ගන්න කලිනුත් අනිවාර්යෙන්ම මට sms එකක් එවලා තමයි එයා නිදා ගත්තේ. ඉතින් මමත් හිතුවා එයා මට කැමති ඇති කියලා. ඒත් එයා වැඩට යන්න පටන් ගත්තු මුල් දවස් වලට වඩා ටික දවසක් යනකොට එයාගෙන් sms අඩු උනා.හැබයි එයා bank එකට යන්න ගෙදරින් යන්නේ උදේ 5.30 ට. bank එක තියෙන්නේ කොටහේනේ. bank එකට යනකොට උදේ 7.45 - 8.00 වගේ වෙනවා. හවසත් ඒ වගේ 5.30 ට එකට නැගලා ගෙදර එනකොට රෑ 8.00 ත් පහු වෙනවා. මෙයාගෙන් sms අඩුවෙන්න මේකත් හේතුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. කොහොම හරි වෙනදා transport එකට ඇවිත් sms කරන කෙනාගෙන් මට පෙරේදා sms එකක් වත් නැහැ. මම sms දෙකක් යැව්වා ඒත් කිසිම උත්තරයක් නැහැ. මට ගොඩක් දුකයි. බැරිම තැන මම එයාට දෙපාරක්ම call කලා. ඒත් එයා answer කලේ නැහැ. මම ඊට පස්සේ එයා ගෙදර එන වෙලාවට sms එකක් යැව්වා ඔයා පරිස්සමින් ගෙදර ආවද කියලා. ඒත් කිසිම උත්තරයක් නැහැ. මම 9ට විතර ආපහු call එකක් ගත්තා.ඒ සැරේ මෙයා phone එක cut කලා. මට ගොඩක් දුක හිතුනා.මට නිකමට හිතුනා මෙයා ගෙදර ඇවිල්ලා fb වත් ඉන්නවද කියලා.කොහොම හරි මම 9ට online ගියා. හරියටම 9.15 ට වගේ මෙයා online ආවා. මට මෙයා online ඉන්නවා දැක්කාම ගොඩක් දුක හිතුනා යාළුවනේ. මම ඇහුවා කොයි තරම් නම් මම බය උනාද අඩුම ගානේ ඔයා ගෙදර ආවා කියලා මට sms එකක් වත් එවන්න තිබුණා නේද කියලා. නෑ අයියේ මම දැන් ගෙදර ආවා විතරයි. තවම් ඇදුම් මාරු කලෙත් නැහැ pc එකදාලා තිබුන නිසා නිකම් fb වෙන්න හිතුනා කියලා. මම කිව්වා මම දැන් ඔයාට call එකක් ගන්නවා phone එක answer කරන්න කියලා. අනේ අයියේ මට දැන් නම් බැහැ අම්මා ළග ඉන්නවා මම හෙට අයියා එක්ක කතා කරන්නම් කියලා එයා කිව්වා. මට ගොඩක් දුකයි. මට ඒ වෙලාවේ හිතුනා වස ටිකක් බීලා මැරෙන්න තිබුණා නම් මීට වඩා හොදයි කියලා.මම ඇහුවා ඔයාට මාව වදයක්ද කියලා. එයා කිව්වා එහෙම දෙයක් නැහැ අයියේ කියලා.මම ඇහුවා ඊට පස්සේ එහෙනම් මම logout වෙන්නද කියලා. එයා එපා කිව්වා. එයා ඊට පස්සේ විනාඩි 20ක් විතර මාත් එක්කත් chat කරලා log out උනා. මමත් ඊට පස්සේ log out උනා. ඊට පස්සේ මෙ මට රෑ 10.15 ට විතර එයාගෙන් sms එකක් ආවා අයියේ මම දැන් නිදා ගන්නවා ගුඩ් නයිට් කියලා. මමත් ඒකට reply කරලා කෝකටත් තව සැරයක් fb ගිහින් බැලුවා මේ නංගි මට කියන්නේ බොරුවක් ද මෙයා online ඉන්නවද කියලා. හැබැයි එයා online හිටියේ නැහැ. තවම මේ නංගී මට කැමැත්ත දීලා නැහැ.

    2012.03.18 ඒ කියන්නේ හෙට වෙනකොට මම එයගෙන අහලා හරියටම සතියක් වෙනවා. මේ සිද්දිය නිසා කොහොම හරි මට මේ දවස් වල හරියට නින්ද යන්නෙත් නැහැ. ඊයෙත් මම උදේ නැගිට්ටේ ගොඩක් හිතේ දුකකින්. මේ තරම් දුකක් මට කවදාවත් දැනිලා නැහැ.මගේ phone එකට වෙනදා හරියටම උදේ 5.30 වෙනකොට එන sms එක ඊයේ නැහැ. හැබැයි ඊයේ රෑ නම් මගෙත් එක්ක sms කලා.

    එයාට මේ විදිහට වෙනස් වෙන්න මම එයාට කරපු වැරැද්ද මොකක්ද කියන්න මම දන්නේ නැහැ යාළුවනේ. මම වැරැද්දක් කලා නම් කලේ එයාට හොරෙන් එයාගේ හදවතට මැරීගෙන ආදරය කරපු එක විතරයි.මට දැන් හිතෙනවා මම තව සැරයක් මේ ලෝකේ තනි උනා කියල. ආදරය කියන එක මට උරුම නැතුව ඇති. ඒක නිසා තමයි මේ තරම් ආදරේ නිසා දුක් විදින්නේ.

    මටත් මේ ලෝකේ අනිත් අය වගේ ආදරවන්තයෙක් වෙන්න ආසයි. මටත් පණ වගේ ආදරය කරන්න කෙල්ලෙක් ඉන්නවා නම් මමත් ආසයි. මටත් අනිත් අයට වගේ ඇස් වලට කඳුළු එනවා. මම දන්නවා කොයි තරම් ඇඬුවත් ඇස් වල කඳුළු ඉවර වෙන්නේ නැහැ. ඒත් දෙයියනේ මම වෙන මොනවා කරන්නද?

    අදයි හෙටයි එයාලට නිවාඩු. මම හෙටට මම එයාගෙන් අහලා හරියටම සතියයි. තවම මට හරියටම උත්තරයක් දුන්නේ නැහැ.එයාට මේ ගැන හිතනවා නම් හිතන්න අදයි හෙටයි දවස් දෙකක් තියනවා. මම හිතාගෙන ඉන්නේ හෙට එයාගෙන් මේ ගැන තවත් සැරයක් අහන්න. උඹලා හිතයි මොකටද කවදාවත් හැබැහින් දැකලා නැති කෙනෙක් වෙනුවෙන් ඇයි මේ තරම් මැරෙන්නේ කියලා. ආදරය කරන්න කෙනෙක්ව හැබැහින්ම දකින්න ඕනේ නැහැ. ඉස්සර ඔය පත්තර වලින් එහෙම අදුරගෙන හම්බවෙන්න ගිහින් කසාද බැඳලා ළමයි හදලා ලස්සණට පව්ල් කන අය අදත් අපේ සමාජයේ ජීවත් වෙනවා.

    මට මේ දේවල් කියන්න ඉන්නේ උඹලා ටික විතරයි. මම දැන් මොනවද කරන්න ඕනෙ යාළුවනේ. මට ඒ නංගීව අමතක කරන්න බැහැ. මේ සිද්දිය නිසා මට දැන් කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මම ගොඩක් හිතින් දුක් විදිනවා යාළුවනේ. හැමදාම රෑට නිදා ගන්න ගියාම් ඇස් දෙකට කඳුළු පිරෙනවා. උඹලට කරදරයක් නැත්නම් මට උදව් කරපන්. ගොඩක් පින්. උඹලට මේ ගැන හිතෙන දෙයක් මෙතන දාලා පලයන්. මම හිතනවා උඹලා මාව මාව තේරුම් ගනියි කියලා. උඹලා හැම කෙනෙක්ටම

    දළදා සමිදු පිහිටයි!

    :sorry: :love: :sorry: :love:



    මම කල්පනා කරන්නේ ඔයා මාව මේ කොහේද ගෙනත් අතරමන් කලේ කියලා..
    මට ආයෙමත් හිටපු තැනටම යන්න ඕනේ...
    එත් මෙච්චර දුර ආපු නිසා දැන් ආයෙත් යන්න පාර අමතක වෙලා...
    පුලුවන් නම් මේ එක්‌ක ගෙන ආපු දුර මාව ආයෙත් හිටපු තැනටම ඇරලවන්න..
    මට එ උදව්ව හොදටම ඇති...


    :love: :love: :love: :love: :love:



     
    Last edited:

    microwork3r

    Member
    Sep 17, 2011
    127
    5
    0
    උඹ කෙල්ලගේ විස්තර එහෙම දන්න නිසා බැංකුව ගාවට ගිහින් හම්බ වෙයන්. නම්බර් එකෙන් විස්තර අරන් කෙළින්ම ගෙදරින් අහපන් නැත්තම්! සිරා ලව් නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නෙ!:)
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියමයි ෆිට් එක..
    ඔහොම Love තමයි ගොඩක් වෙලාවට හරියන්නේ... උඹ කලබල වෙන්න එපා..
    ගන්න තීරණයක්‌ හෙමිට ගන්න.. SMS එකකට ආදරේ සීමා කරගන්න එපා..
    මෙච්චර කල කතා බහ කරපු දේවල් වලින් උඹට එයාව තේරුම ගන්න පුලුවන්ද බලපන්..
    එහෙම පුලුවන්නම් පරක්කු වෙන්නේ නැතුව ආයෙත් එක අහලා බලපන්..
    හොඳ උත්තරයක් ලැබෙන්න කියලා මං සුභ පතනවා මචන්...:D
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් කෙල්ල උබව මග අරිනවා වගේ මම හිතන්නේ, සමහර විට ඔෆිස් එකේ කව්රු හරි සෙට් වෙලාද කියන්නත් බැහැ බන්, අවංක ගැහැණු හරිම අඩුයි බන් මේ ලොකේ, උබ හිත හදා ගන්න එක හොදයි වගේ බන්, බැන්ක් එකේ තද පොරක් සෙට් උනොත් එහෙම කෙල්ලො නිකන්ම සෙට් වෙනවා බන් උන්ට, හිත හදා ගනින් යාළුවේ, එක තමයි කරන්න තියෙන හොදම දේ.
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඔයාට හම්බවෙන උත්තරේ මොකක් උනත් පුලුවන්නම් එයාව හම්බවෙන්න දවසක් දාගන්න..
    එක තමයි මේ වෙලාවේ කරන්න හොඳම දේ :yes::D
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මචන් කෙල්ල උබව මග අරිනවා වගේ මම හිතන්නේ, සමහර විට ඔෆිස් එකේ කව් රු හරි සෙට් වෙලාද කියන්නත් බැහැ බන්, අවංක ගැහැණු හරිම අඩුයි බන් මේ ලොකේ, උබ හිත හදා ගන්න එක හොදයි වගේ බන්, බන්ක් එකේ තද පොරක් සෙට් උනොත් එහෙම කෙල්ලො නිකන්ම සෙට් වෙනවා බන් උන්ට, හිත හදා ගනින් යාළුවේ, එක තමයි කරන්න තියෙන හොදම දේ.
    සිරාවටම..
    ළඟ ඉඳලා හැමදේම හොයලා බලන්න පුලුවන්නම් තමයි හොඳ..
    නැත්තන් දන්නෙම නැතුව සැකයක් දෙන්නටම ඇතිවෙනවා... එතකොට කරපු එක හොඳ දෙයක්වත් වැඩක නෑ :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතන්නේ මචන් උඹ ඇවිත් දුක් වේලා තියෙන්නේ තේරුමක් නැතිව වෙන්න ඇති කියලා..
    ඒ කෙල්ල කොහොමත් ඒදා උඹට මෙසෙජ් කරන්නේ නැතිව ඉන්න ඇත්තේ.. ඒයාගේ ඔෆිස් එකේ වැඩ වැඩි කමට තිබ්බ මහන්සිය හින්දා වෙන්නත් ඇති..
    කොහොම වුනත් එක පාරින් ම වෙනස් විමක් වෙනවා නම්.. එක්කෝ ඒ කෙල්ල අලුතින් ගිය තැන උඹ වගේම එකෙක් ඒ කෙල්ලගෙන් බලාපොරොත්තු වේලා ඇහුවා ද කියලාත් හිතන්න පුලුවන්..
    අනික මචන් කෙල්ලෙක් ට ආදරයක් තිබ්බේ නෑ කියලා කියනවා නම් ඒක නම් බොරුවක්..
    කොයි කෙල්ල වුනත් මුලින් අපිට කියන්නේ ආදරවන්තයෙක් හිටියේ නෑ කියලායි..
    ඒත් අපි ෆිට් වුනාම තමයි හැම දෙයක් ම කියන්නේ..
    මචන්, උඹට පුලුවන් නම් ඒ කෙල්ලගේ පවුල් පසු බිමේ කතාව ගැන තව ටිකක් හොයලා බලපන්.
    මම වුනත් ආදරේ කලේ නොදැක තමයි..
    ඒ ගැන මම මිට කලිනුත් ත්‍රේඩ් එකක් ඔස්සේ කතා කලා..
    ඒ කෙල්ලගේ යාළුවන් අතර උඹ දන්න කියන යාළුවෙක් හරි ඇති නේ..
    උඹ නොදන්න විදියට ඒ කෙල්ල ගැන අහලා බලපන්..
    අනික මචන් උඹේ ඕය දුක අපිට තේරෙනවා.. ඒත්..
    එහෙමයි කියලා ඒ කෙල්ල වෙනුවෙන් ම හිත යොමු කරන්න හිතන්න එපා.. හේතුව උඹ තවමත් ඒ තරම් කාලයක් ඒ කෙල්ලගේ ජිවිතයට ඇතුල් වේලා නෑ කියලායි මට නම් හිතෙන්නේ..
    ඒ කෙල්ල දවසක් හරි කැමති කියලා තිබ්බා නම් උඹට කිසිම කතාවක් නැතිව කෙල්ලගේ ගෙදරට ගිහිල්ලා මේ ගැන අහන්න හරි තිබ්බා..
    මොනවා වුනත් හදිසි වෙන්න එපා මචන්.. ඒ කෙල්ල උඹට ඒ කෙල්ලගේ ගෙදර ලෑන්ඩ් ෆොන් නම්බර් එක දිලා තිබ්බේ නැද්ද මීට කලින්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාට හම්බවෙන උත්තරේ මොකක් උනත් පුලුවන්නම් එයාව හම්බවෙන්න දවසක් දාගන්න..
    එක තමයි මේ වෙලාවේ කරන්න හොඳම දේ :yes::D

    හ්ම්, මට පෙන විදියට නම් මෙතන වෙනස් ම කතාවක් තියෙන්නේ..
    හැම කෙල්ලෙක් ම එක සමාන නෑ.. මෙසෙජ් කලා කියලා අපි ඒ අයගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න යන එකයි අපේ අය කරන වැරැද්ද..
    ඒත් අපි තවම හරියටම මේ කෙනා කවුද කියලා දන්නේ නැති හින්දා අපි හොයලා බලන එකයි කරන්න ඕනේ..
    කොහොමත් හම්බ වෙන්න යන්න කලින් හැම විස්තරයක් ම හොයලා බලලා ඉන්න ඕනේ..
    කොහොමත් හම්බ වුනා ම ඒ කෙල්ල මේ කොල්ලා වෙනුවෙන් වේලාවක් යොමු කරගෙන කතා බහ කරයි කියලා නම් මම නම් හිතන්නේ නෑ..
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ubata kellawa ona da ?


    ahuwata tharagana epa...oka ubata ona nam ikmanata bera gana......jobs thiyanawa nam parents la eka bara gana
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    අඩෙ අප්පා මාර සීන් 1 නෙ බන්:(:(.....මට මුකුත් හිතගන්න බැ.....සමහරවිට එයා ඔයට කැමති ඇති....තාත්තගෙ සීන් 1 නිසා පස්ස ගහනව වෙන්න පුලුවන්....කොකටත් හෙටත් බලලා...ආඉත් අහන්න...තව කොච්චර කල් ඔනද අහන්න......මම ලව් ගැන නම් දන්නෙ නැ මචෝ.....සීන් 1 කියවල හිතට ආපු දෙ තමයි උබට කීවේ.....කොහොමත් මම දන්න දෙයක් තමයි SMS නිතරම අර උදෙ 5.30 ට එවන එක දිනපතා එවනකොට ටික දවසක් යද්දි එක මගහැරෙනවා...එක ගනන් ගන්න එපා....උබත් එක්ක ඊයෙ රැත් SMS කරානෙ......අකමැතිනම් SMS කරන්නහැනෙ.....සීන් 1 අහල...අපිටත් කියපන් මොකද උනෙ කියලා....උබට හරියනවා....කලුතර බෝ සමිඳු පිහිටයි!!!!!
     

    pinki88

    Member
    Jan 13, 2011
    104
    16
    0
    හ්ම්ම් මමත් කාලයක් බැංකුවක වැඩ කළා.අම්මෝ මරෝ මරෝ වැඩ ගන්නවා.මුලින්ම ගිය දවස් වල මට හීනෙන් පේන්නෙත් බැංකුව.චෙක් ගන්නවා චෙක් දෙනවා සල්ලි ගනිනවා අම්මෝ හීනෙන් හරි හරියට වැඩ. තනිකරම ඉතින් කරකවල අත අරිය වගේ පිස්සු.මගේ කොල්ලට උදේට SMS 1 ක් දාන්න phone 1 අතට අරගෙන එහෙම්මම නින්ද ගිය දවස් තිබ්බා.මේ ළමයට මහන්සි ඇති,අනික වැඩ කරන වෙලාවේ phone වලට answer කරන්න අමාරුයි.
    මේ ළමය ඔයාට කැමති ඇති කියල මට හිතෙනවා.මොකද ඔයා කෙල්ලෙක්ට කැමතියි කියල කිව්වට පස්සේ පහු වෙනිදාම එයාට යෝජනාවක් ආවා කියල කිව්වා නිසා තම මට ඇහෙම හිතෙන්නේ.
    හැබැයි මට තේරෙන්නේ නැ එයා කට්ටිය වැඩියි කියල deactive කරපු fb 1 ට ෆොටෝස් දාලා, විස්වාසවන්තම කට්ටිය විතරක් ඉන්න එකට ෆොටෝස් දන්නේ නැත්තේ මොකද කියලා.
    ඔයා බැංකුව පැත්තේ පොඩි රව්මක් දාලා බලන්න.එය ගැන හොයල බලන්න.අනික ඔයා හිතේ තියෙන දේවල් හන්ගන් ඉන්නේ නැතුව එයාට කියන්න.
    මමත් යාලු වුනේ SMS 1 කින් දකින්නෙත් නැතුව තමයි.දැන් නම් අවරුදු 6 ක් විතර ඇති.good luck ...
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    උඹ කෙල්ලගේ විස්තර එහෙම දන්න නිසා බැංකුව ගාවට ගිහින් හම්බ වෙයන්. නම්බර් එකෙන් විස්තර අරන් කෙළින්ම ගෙදරින් අහපන් නැත්තම්! සිරා ලව් නම් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නෙ!:)


    මටත් දැන් නම් එහෙම හිතෙනවා යාළු. තව දවසක් දෙකක් ගිහින් එයාගෙන් උත්තරයක් ලැබුනේ නැත් නම මම කෙලින්ම ගිහින් එයාව හම්බ වෙනවා. ගොඩක් පින් ඔයාගේ අදහස් මට කිව්වට.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Hama dekatama kalin uba kella gana hodata hoyapan.. apita kawawath pitin maninna ba ban.. eka deyak uba hamba wela katha karapan aniwa.. tika kaalayak asraya karanakam wadiya serious karanna epa.. mokada godak kollo serious karala kella dala giyama duk widinawa. aththatama kellanta eka danenne na machan..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    නියමයි ෆිට් එක..
    ඔහොම Love තමයි ගොඩක් වෙලාවට හරියන්නේ... උඹ කලබල වෙන්න එපා..
    ගන්න තීරණයක්‌ හෙමිට ගන්න.. SMS එකකට ආදරේ සීමා කරගන්න එපා..
    මෙච්චර කල කතා බහ කරපු දේවල් වලින් උඹට එයාව තේරුම ගන්න පුලුවන්ද බලපන්..
    එහෙම පුලුවන්නම් පරක්කු වෙන්නේ නැතුව ආයෙත් එක අහලා බලපන්..
    හොඳ උත්තරයක් ලැබෙන්න කියලා මං සුභ පතනවා මචන්...:D

    ඔයාට හම්බවෙන උත්තරේ මොකක් උනත් පුලුවන්නම් එයාව හම්බවෙන්න දවසක් දාගන්න..
    එක තමයි මේ වෙලාවේ කරන්න හොඳම දේ :yes::D


    ඔයාට ගොඩක් පින් යාළුවා මට දීපු උපදෙස් වලට.
    ඇත්ත එකකට ආදරය සීමා කරන්න බැහැ. හෙට එයා නිදහසේ ගෙදර ඉන්න නිසා මම එයාගෙන් මේ ගැන තව සැරයක් අහනවා. හම්බවෙන උත්තරේ මොකක් උනත් මම එයාව හම්බ වෙන්න යනවා මචන්. මේ වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් නැහැ.
    ගොඩක් පින් යාළුවා
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වැඩක් නෑ බන් අමතක කරලා දාපන් .එෆ් බී එකේ ඉන්න කෙල්ලෝ සුවර් කරන්න බෑ බන් උන් ආතල් එකට කවුරැ හරි අල්ලන් චැට් කරනවා එව සිරියස් ගන්න එපා ඔය ගෙදරින් යොඡනාවක් ගෙනාව කියන එකත් බොරැවක් එක උබෙන් ඈත්වෙන්න කියපු කථාවක් එකයි උබත් එක්ක කථා කරන්නේවත් නැත්තේ නැත්තම් උබ ඔච්චර බලාගෙන ඉද්දී sms එකකින් ගෙදර ආවා කියන්නේ නැතුව fb එනවද.දැකලවත් නැති කෙල්ලෙක්ට ඔච්චර ලව් කරන්න එපා බන් උබ කොච්චර ආදරය කලත් වැඩක් නෑ එයා උබට ආදරය නැත්තම් .එයා හොයන ගතිගුන උබට නැතිව ඇති නැත්තම් දැනටමත් කවුරැ හරි යාලු වෙලා ඇති.ඔය කෙල්ල අමතක කරලා දාපන් මම දන්නවා ඔක අමාරැයි කියලා එත් කරන්න වෙනවා තව දුරටත් ඔක ගැන හිතලා ඡිවිතේ කාලකන්නී කරගන්න එපා .ඔයා හොයන ආදරය එයා ගාව නෑ එක තමයි ඇත්ත උබට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් හම්බ වෙයි එදාට තේරෙයි ආදරය කියන්නේ මොකද්ද කියලා.
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මචන් කෙල්ල උබව මග අරිනවා වගේ මම හිතන්නේ, සමහර විට ඔෆිස් එකේ කව්රු හරි සෙට් වෙලාද කියන්නත් බැහැ බන්, අවංක ගැහැණු හරිම අඩුයි බන් මේ ලොකේ, උබ හිත හදා ගන්න එක හොදයි වගේ බන්, බැන්ක් එකේ තද පොරක් සෙට් උනොත් එහෙම කෙල්ලො නිකන්ම සෙට් වෙනවා බන් උන්ට, හිත හදා ගනින් යාළුවේ, එක තමයි කරන්න තියෙන හොදම දේ.



    මචන් කෙල්ල මාව මග අරිනවද නැත්නම් එයාට වැඩ අතරේ මේ ගැන හිතන්න කාලයක් නැද්ද දන්නේ නැහැ. හැමදාම ගෙදරින් උදේ පාන්දර 4.30 ට ඇහැරලා 5.30 ට යනවා. හවස 5ට වැඩ ඉවර වෙලා ගෙදර එනකොට රෑ 8.30 විතර වෙනවා.
    කොහොම උනත් අදහස් කිව්වට ගොඩක් පින් යාළුවා.