නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිස&#3540

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිස&#3540



    නිවසේ තනිකම මකා ගන්නට අන්තර් ජාලයට පිවිසුණු තරුණ බ්ලොග්කරුවා අද කෝටිපතියෙක්!


    මේ වාසානවන්ත බ්ලොග් ලියන්නකුගේ කතාවක්. ස්කොට්ලන්තයේ නිදන කාමරයට වෙලා තනිකම නැති කර ගන්න පටන් ගත්තු බ්ලොග් එකක් නිසා අද ඔහු කෝටිපතියකු බවට පත් වෙලා. ඇමරිකාවේ අංක එකේ මාධ්‍ය ආයතනය වූ CNN දැන් ඔහුගේ බ්ලොග් එක ඩොලර් කෝටි විස්සකට මිල දී ගන්න යනවා. ඔහු මේක පටන් අරන් තියෙන්නෙ ඇඳෙන් නැඟිටින්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් හැටියටයි.

    පීට් කෑෂ්මෝ Pete Cashmore දැන් 26 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ මාෂබල් කොම් Mashable.com බ්ලොග් අඩවිය පටන් ගත්තෙ 2005 දී ස්කොට්ලන්තයේ ඇබර්ඞීන්ෂයර්හි බැංකරි නම් කුඩා නගරයේ සිටයි. එතකොට එයාගෙ වයස අවුරුදු 19යි. පාඩම් කරල කම්මැලි හිතුනාම එයා මේ බ්ලොගය ලියන්න පටන් ගත්තා.


    අවුරුදු හතකට පස්සේ ඔහු පටන් ගත් ඒ තාක්ෂණික පුවත් සපයන බ්ලොග් අඩවිය සඳහා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සිය ප‍්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යනවා.


    ඔහුගේ නමෙත් විශේෂත්වයක් තියෙනවා. ගමෙත් විශේෂත්වයක් තියෙනවා. නම ‘කෑෂ්මෝ’ කියන්නේ ‘තවත් මුදල්’ කියන තේරුමයි. නමට හරියන්න ඔහු ලෝකයේ ලොකුම පොහොසතෙක් වෙලා. ඔහුගේ ගම, ‘බැංකරි’ කියන්නේ ‘ආශිර්වාද ලත් බිම’ කියන තේරුමයි. එක්සත් රාජධානියේ ඈත කොණක පිහිටි බැංකරි කියන කුඩා නගරය අද ඔහු නිසා ‘අසිරිමත් තැනක්’ වෙලා ඉවරයි.


    1.JPG

    පීට් කෑෂ්මෝ තවත් මුදල් ලබා මිලියන පතියෙක් වේවි, ඔහුගේ බ්ලොග් අඩවිය විකුණුවාම. මේ ඉන්නේ ඔහු වාසනාවන්ත පෙම්වතිය ලියා බෙටනියි.


    CNN ආයතනය ඔහුගේ ‘මාෂබල්’ බ්ලොග් අඩවිය මිල දී ගත් විට තරුණ බ්ලොග්කරුවකු ලෙස ඇරඹි ඔහු ජීවිතයේ ‘ඩොට්කොම්’ කෝටිපතියකු වෙමින් තවත් සන්ධිස්ථානයක් පසු කරාවි.


    දැන් ඔහුගේ බ්ලොග් අඩවියේ රැකියාව කරන ගණන 40කටත් වැඩියි. ඔහුගේ මාෂබල්.කොම් බ්ලොග් අඩවිය මගින් අන්තර් ජාලයේ ඇති සමාජගත මාධ්‍ය තොරතුරු, තාක්ෂණික දැනුම හා උපදෙස් සරලව පහදා දෙනවා. ඒ බ්ලොග් අඩවිය මගින් අන්තර් ජාලය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත අනුග‍්‍රාහකයන්ට අවශ්‍ය විවිධ සේවා සපයනවා. ඔවුන්ට අන්තර් ජාලයෙන් උපරිම ඵල නෙළා ගැනීමට උදවු වෙනවා. ඒ මගින් අන්තර් ජාලයේ අලූතින් ඇරඹෙන කුඩා ආයතනවල සිට ෆේස්බුක් facebook ටීවිටර් tweeter වැනි විශාල ලෙස ව්‍යාප්ත ආයතන දක්වා අනුග‍්‍රාහකයන්ට අවශ්‍ය දැනුම හා විවිධ සහය සපයනවා. එහි පිටු බලන ගණන මාසයකට කෝටි පහ ඉක්මවනවා.


    2.JPG

    පීට් කෑෂ්මෝ දැනටමත් ක්‍භභ ආයතනයට බ්ලොග් තීරු සටහනක් ලියනවා.

    ඔහු ගියේ බැංකරි නගරයේ තිබූ බැංකරි ඇකඩමි නම් වූ පාසලටයි. වයස අවුරුදු 13 දී කළ ඇපෙන්ඩිසයිටිස් ශල්‍ය කර්මයක් නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහුට පාසල් ගමන ක‍්‍රමවත්ව කරන්න බැරි වුණා. ඔහුට වැඩිපුර ගෙදරටත් ඇඳටත් වී සිටින්නට සිදු වුණා. අධ්‍යාපන කටයුතුවලින් ඔහු පසුබා සිටියා.

    මේ කාලයේ තමයි ඔහු අන්තර් ජාලය වෙත යොමු වුණේ. ලැජ්ජාශීලී ගැටවරයකු වූ ඔහු නිදන කාමරයට වී අන්තර් ජාලය ඔස්සේ බ්ලොග් සටහන් තබන්නට පටන් ගත්තා. ඔහු ඒ සඳහා තෝරා ගත්තේ සමාජගත මාධ්‍යයි. අන්තර් ජාලයේ සැරිසරණ සමාජයට, අවශ්‍ය දේ සොයා බලා සපයන්නට සිත යෙදෙව්වා.


    6.JPG

    කෑෂ්මෝ ඉගෙන ගත් බැංකරි ඇකඩමිය. රෝගීවීම නිසා ඔහුගේ ඉගෙනීම කඩාකප්පල් වුණා.

    මේ කාර්යයේ යෙදෙද්දී ඔහු ඉන් අමුතු ආශ්වාදයක් ලැබුවා පමණක් නොව ඇඳේ සිටිද්දීම තමා කිසියම් ප‍්‍රයෝජනවත් දෙයකට අත ගසා ඇති බව ඔහුට දැනුණා. රෝගීව සිටියදී පවා අමුතු ප‍්‍රාණවත් බවක් ඔහුට දැනුණා.

    ඉතා ඉක්මනින් ඔහුගේ බ්ලොග් අඩවිය ජනපි‍්‍රය වෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔහුට දැන්වීම් පළ කිරීමෙන් ආදායමක් ද ලබා ගත හැකිවුණා. ඒ මුදලින් ඔහු තවත් ලේඛකයකු සේවයට ගත්තා.


    ඔහුගේ ජීවිතය වෙනස් මඟකට යොමු වුණේ මේ අවස්ථාවේ දියි. ඔහු විශ්ව විද්‍යාලයට යාම පසෙකලා වෙබ් අඩවිය වෙනුවෙන් සම්පූර්ණ කාලය කැප කරන්න තීරණය කළා.


    3.JPG

    කෑෂ්මෝ තම ‘මාෂබල්.කොම්’ වෙබ් අඩවිය ආරම්භ කළේ බැංකරි හී පිහිටි මේ කුඩා නිවසේ ඔහුගේ නිදන කාමරයේ දීයි.

    ඔහුගේ කඩවසම් පෙනුම නිසා ‘බ්ලොග් ලෝකයේ අයස්කාන්තයා’ ලෙස හැඳින්වෙනවා. 2010 දී ටයිම් සඟරාව නම් කළ ලෝකයේ විශිෂ්ටයන් 100 දෙනා අතර ඔහුත් සිටියා. ෆෝබ්ස් සඟරාව නම් කළ 2010 දී වසරේ හොඳම වෙබ්කරුවන් 25 දෙනා අතරට ඔහුව තෝරා තිබුණා. 2011 දී වර්ල්ඞ් ඉකොනොමික් ෆෝරම් නම් අන්තර් ජාතික ආයතනය විසින් තරුණ ලෝක නායකයකු ලෙස ඔහුව නම් කරනු ලැබුවා.

    5.JPG

    කෑෂ්මෝ සිය පෙම්වතිය වූ බෙටනි වෙනුවෙන් ස්කොට්ලන්තයත්, සිය වෙබ් අඩවියේ කාර්යාල නිසා ඇමරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ හා නිව්යෝක් නගර අතරත් යමින් එමින් තමයි දිවි ගෙවන්නෙ.

    මාෂබල් වෙබ් අඩවියේ නැඟීම ගැන සඳහන් කරමින් කෑෂ්මෝ කලකට පෙර කැනඩාවේ ‘ග්ලෝබ් ඇන්ඞ් මේල්’ පුවත්පතට කීවේ, ”මට වැලියෙ අයත් එය කිසිම සම්බන්ධයක් නෑ, මම වැලියට ගිහිල්ලත් නෑ.” ඇමරිකාවේ පරිගණක දැවැන්තයන් සිටින ‘සිලිකන් වැලි’ ගැනයි ඔහු එසේ සඳහන් කළේ. ඔහු එසේ අදහස් දැක්වුයේ තමන්ට පරිගණක දැවැන්තයන්ගේ ඇසුර ලබන්නටවත්, ඒ පැත්තෙන් ලොකු දැනුමක් ලබන්නවත් අවස්ථාවක් නොමැති වූ බවත් කියන්නයි.

    ඔහුගේ සමාගමෙහි දැන් වටිනාකම පවුම් මිලියන 127ක් ලෙසයි දැක්වෙන්නේ. ඔහුට දැන් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ හා සැන් ෆ‍්‍රැන්සිස්කෝවල කාර්යාල දෙකක් තියෙනවා. ඒ අතර ම ඔහු ස්කොට්ලන්තයේ ජීවිතය අත්හැර නැහැ. මෝස්තර නිරූපිකාවක් හා ඡායාරූප ශිල්පිනියක් වූ ඔහුගේ පෙම්වතිය ලිසා බෙටනි හමුවෙන්නත් මාෂබල් කාර්යාල දෙකේ කටයුතුවලටත් ඔහු නිතර ඇමරිකාව හා ස්කොට්ලන්තය අතර යමින් එමින් තමයි දැන් ඉන්නෙ.


    7.JPG

    CNN හිමිකරු ටෙඞ් ටර්නර්

    ”මං බාහිර පුද්ගලයකුගේ ඇසින් තමයි, මේ දිහා බැලූවේ. ඒක මට වාසියක් වුණා. ලොව පුරා විශාල පිරිසක් ඉන්නවා, අලූත් අලූත් මෙවලම් ගැන දැන ගන්න කැමති. ඒ වගේ ම ෆේස්බුක්, ට්වීටර් වගේ ඒවා පාවිච්චි කරන්නෙ කොහොමද, ඒවායින් ප‍්‍රයෝජන ගන්නෙ කොහොමද කියල දැන ගන්න කැමති; ඒ වගේ ම වෙනත් තාක්ෂණික කරුණු ගැන සරලව අවබෝධ කර ගන්න කැමති. මගේ උනන්දුව තිබුණෙ ඔය වගේ දේ ගැනයි. මං ඒ අවශ්‍යතා සපයන්නයි හැදුවේ”

    4.JPG

    කෑෂ්මෝගේ වෙබ් අඩවියේ පිටුවක්. මෙය දැන් පවුම් මිලියන 127ක් වටිනාකමක් ඇති පන්කෝටියක් ජනතාව නරඹන එකක්.

    කෑෂ්මෝට දැන් ඉන්නවා ට්වීටර් එකේ විතරක් අනුග‍්‍රාහකයන් ලක්ෂ විසි දෙකක්. ඔහු කියන්නේ ඔහුගේ පාවිච්චියට ටෙලිවිෂන් සෙට් එකක්වත් නැති බවයි. ඔහු චිත‍්‍රපට බලන්න යන්නෙත් නැහැ. ඔහු වඩා කැමති අන්තර් ජාලය හා සම්බන්ධ වී කටයුතු කරන්නයි.

    ඔහු ඔහුගේ මේ වෙබ් අඩවිය ගැන දෙමව්පියන්ටවත් කියලා නැහැ. ඬේලි මේල් වාර්තාකරු ඇවිත් ගෙදර තට්ටු කළාමයි ඒ අය දැන ගෙන තියෙන්නෙ ඔවුන්ගේ පුතාගෙ මේ හපන්කම ගැන.


    තාක්ෂණික බ්ලොග්කරුවකු වන ෆීලික්ස් සැමන් තමයි, CNN ආයතනය මේ බ්ලොග් අඩවිය මිල දී ගන්න යන බව කලින් ම කීවේ. ඬේලිමේල් පුවත්පතේ මේ ගැන වාර්තාවක් පළ වුණා. CNN ආයතනය ඒ ගැන තවමත් යමක් ප‍්‍රකාශ කරල නැහැ. ඒත් ඒ ගැන සාකච්ඡා පවත්වලා තියෙනවා.


    ~~~පර්සි ජයමාන්~~~

    ReP+ if Like This....:):):):)


     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපිට ඒ කාලෙ ලැප්ටොප් තිබුනනං අපිත් ඇඳේ ඉඳගෙන කෝටි පතියෝ වෙනව..:lol:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    onakama /nathnam thamange durwala kama naththam thamange hakiyawa aduna gaththaun thamayi machan goda giye loke ela thanx for sharing
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    අපිට ඒ කාලෙ ලැප්ටොප් තිබුනනං අපිත් ඇඳේ ඉඳගෙන කෝටි පතියෝ වෙනව..:lol:

    fatat buwek

    onakama /nathnam thamange durwala kama naththam thamange hakiyawa aduna gaththaun thamayi machan goda giye loke ela thanx for sharing



    Thanx 4 Your Comments...

    මේක රෙප් දෙන්න තරම් වටින්නෙ නෑත්ද? :eek::eek::eek::eek::eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Thanx 4 Your Comments...

    මේක රෙප් දෙන්න තරම් වටින්නෙ නෑත්ද? :eek::eek::eek::eek::eek:
    machan 24 yanakam innalu ita passe rep 7k aniwaryenma dennam
    hamoma rep nodhunna kiyala duk wenna epa mokada ekkenekuta dawasakata 10 denekuta vitharayi rep denna puluwan 24 payak giyama mama aniwa ubata dennam meka watina post ekak:yes::yes:
    1.gif
     
    • Like
    Reactions: sudhara43

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    machan 24 yanakam innalu ita passe rep 7k aniwaryenma dennam
    hamoma rep nodhunna kiyala duk wenna epa mokada ekkenekuta dawasakata 10 denekuta vitharayi rep denna puluwan 24 payak giyama mama aniwa ubata dennam meka watina post ekak:yes::yes:
    1.gif


    උඹල ඔහොම කත කරනවනම් රෙප් ඕනෙත් නෑ මචං... අනිවාර්යෙන්ම මම තවත් හොඳ post දාන්න try කරන්නම්.. ගොඩාක් ස්තූතියි සහෝ...:):):):)
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    එංගලන්තේ පකෙක්නේ.මුන් පිස්සු බ්ලොග් වල ලියන්නේ.එංගලන්තේ ඉන්නේ ඒකධිපතියෙක්.‍රැජින කියන්නේ එකාදිපතිනියක්. මුන් අපිට බණ කීවට අඩුම ගානේ ‍රැජින ඕනීද ,ජනාධිපති කෙනෙක් ඕනද කියලා හැම වසර 5ටම පාරක්වත් ජනමත විචාරනයක් තියන්නේ නෑ. මේ වෙසියන්ව බකින්හැම් පැලස් එකේ තියාගෙන ඉන්න නිසා මිනිසුන්ට ගිහිල්ලා අඩුමගානේ බකින්හැම් පැලස් එකවත් බලන්න බෑ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කන්න පින තියේනම් ඉබ්බා ගෙට එනවලු තුන පහ පිටේ බැදන්
    අපි පැය 24 ම හිටියත් ඔහොම මගුලක් සෙට් වෙන්නේ නැහැනේ broadband බිල විතරයි
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    එංගලන්තේ පකෙක්නේ.මුන් පිස්සු බ්ලොග් වල ලියන්නේ.එංගලන්තේ ඉන්නේ ඒකධිපතියෙක්.‍රැජින කියන්නේ එකාදිපතිනියක්. මුන් අපිට බණ කීවට අඩුම ගානේ ‍රැජින ඕනීද ,ජනාධිපති කෙනෙක් ඕනද කියලා හැම වසර 5ටම පාරක්වත් ජනමත විචාරනයක් තියන්නේ නෑ. මේ වෙසියන්ව බකින්හැම් පැලස් එකේ තියාගෙන ඉන්න නිසා මිනිසුන්ට ගිහිල්ලා අඩුමගානේ බකින්හැම් පැලස් එකවත් බලන්න බෑ.


    මොකද බං උඹට වෙලා තියෙන්නෙ?
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    කන්න පින තියේනම් ඉබ්බා ගෙට එනවලු තුන පහ පිටේ බැදන්
    අපි පැය 24 ම හිටියත් ඔහොම මගුලක් සෙට් වෙන්නේ නැහැනේ broadband බිල විතරයි


    ඔව් ඔව් net connect වෙලා පෑය 24ම නිකන් හිටියම හරියයි...:rofl::rofl::rofl::rofl::rofl: