හා පැට්ටෙක්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හා හා හරි හාවා
    කැලේ මැදින් ආවා
    කෙල්ලො ටිකක් දැකලා
    පැණි පෙරන්න ගත්තා

    සුදු කිරි කැටි හාවා
    කිව්වට වල් බාවා
    මූ මහා... පැණියා
    දන්නව අපි සැවොමා

    පැන පැන උඩ හාවා
    හිටියට ලොකු වැඩ්ඩා
    අපි නොදන්න මේකා
    අලි ගොන් මැටි හාවා

    හා හා හරි හාවා....

    :cool::cool::cool::cool::cool:


    giant-rabbit2.jpg


    හාවන් විවිධාකාරයි.(පූසෝ වගේ පිවිතුරු නෑ අප්පා)එක එක මොඩ්ල් හාවෝ සිටිති.ජපන් හාවුන් වල් හාවුන් රට හාවුන් පැණි හාවුන් වශයෙන් බොහෝ වර්ග කල හැක.එහෙත් මා මේ සංවාදයට ගැනෙන හා සත්ත්වයා අපූරුම හැඩයක් හා ජීවයක් ගන්නා මෙලොව සිටිනා එකම හා පිරිමි සතා වෙයි.මූට මීටර් වන්නේ හාවියන් නොව කෙල්ලන්ය.කෙල්ලක් දුටු තැන කවි සින්දු කටට ඒම මූගේ සාමාන්‍ය ගතියයි.

    කූල් පූවා නැමති වල් පැණියා හා අලි පැටියා නැමති වල් අලියා සහ සුදු පූසා යන මාහට මෙම අපූරුව වූ සත්ත්වයා මුණ ගැහෙන්නේ අහම්බෙන් මෙනි.අප සමග කරට කර පැණි පෙරමින් අප ගිය ගිය ත්‍රෙඩ ගානේ සංක්‍රමණය වූ මෙම සත්ත්වයා ගැන මගේ සිතේ කුකුසක් පැණ නැගුනේ අද ඊයේ නොවේ.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හා කුකුලෙකු යැයි කටපුරා කිව හැකි මෙම සත්ත්වයාගේ අපූරුව බව අප මුල සිටම දුටුවෙමු.ඒ හේතුවෙන් අප සංගමයට මොහු වැද්දගත්තා නොව වැද්දුනේය.ඒ අතීතය හා වර්ථමානය සංසංදනය කිරීමේදී තරමක නිහඬ පිලිවෙතක් අනුගමනය කලද,අදටත් උන් හිටි ගමන් ආ..... කෑස් පුරියා යැයි චැට් එකෙන් හඩගෑම මුගේ පුරුද්දය.වෟර්තිමය වශයෙන් මා කිසිසේත්ම ප්‍රිය නොකරන්නාවූද එපා කරන්නාවූද කෙනෙක් වුවද මෙම සත්ත්වයා මගේ ජීවන යාලුවෙකු වී හමාරය.


    මේ ඉතා හදිස්සියක මෙන් මෙම වල් හාවෙකු ගැන මාගේ මතකයට පැමිණුනේ අද දවස තුල ඔහු උජාරුවට කරන ලද වැඩ්ඩක් සම්භන්දව ඔබ තමුන්නාසේලා දැනුවත් කිරීමටය.එනම් මාස ගානක කාලයක් දගලා දගලා නොදන්නා ජල්ලි දැමීමෙන් පසුව මෙම සත්ත්වයා පෝස්ට් 1000ක් ගැසීමය.

    ඒ වචන ව්‍යාකරන කෙසේ වුවද මොහුනම් එලම බොක්කක් බව කියනු මනාය.මාගේ එලකිරි ෆෙන්ඩ් ලිස්ටුවේ ඉහලින්ම වැජඹෙන කල්‍යාණ මිතුරෙකු වූ මොහුගේ හිත ඉතාමත් ත්‍යාගෂීලීය.මිතුරෙකු වශයෙනුත් සහෝදරයෙකු වශයෙනුත් මොහු මට සැමදා සමීප වනු නිසැකය.

    මෙතරම් ගුණ වර්නනා කල මොහු නොදන්නා කවුරුන්හෝ වෙතොත් ඒ බව දැනගැනීම සදහා පහත ප්‍රොෆයිලයට යන්න

    JHHA
    user_offline.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    එසේනම් වඩා ෆලදායි වැදගත් අර්ථවත් ගමනක් මේ එලකිරිය තුල යෑමට ඔබට ශක්තිය ලැබේවාය යන්න මාගේ පැතුමයි.එසේම එලකිරිය තුල යාලුවන් හදුනනා සියලු දෙනාගේද පැතුම එයම වනු නිසැකය.
    :cool::cool::cool::cool::cool:



    congratulation_3.jpg



    1000
    :D:D:D:D:D:D

     
    • Like
    Reactions: dj ice cold