මර්වින්ගේ ප්‍රකාශය මානව හිමිකම් කවුන්සි&
අමාත්‍ය මර්වින් සිල්වා විසින් මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ.
මර්වින් සිල්වා මහතා සුනන්ද දේශප්‍රිය, නිමල්කා ප්‍රනාන්දු හා පෝද්දල ජයන්ත හා පාක්‍යසෝති සරවනමුත්තු යන මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් ලංකාවට පැමිණි විට අත පය කඩා දමන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් මානව හිමිකම් කවුන්සිලයට ද පැමිණිලි කර ඇති බව වාර්තා වේ.
එහිදී මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ඇතුලු පිරිස ශ්‍රී ලංකාවෙන් එලවා දැමුවේ තමන් බවයි.
පසුගිය දා ජිනීවා හි පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතර තුරදී ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසකට තර්ජනය කළ බවට වන චෝදනා රජය ප්‍රතික්ෂේප කර තිබේ.
ජිනීවාවලට ගොස් සිටින මෙරට මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිරිහැර සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. -Lankatruth

Last edited: