බොහෝම ස්‌තුතියි!

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    බොහෝම ස්‌තුතියි!

    මලකි දුවේ නුඹ නොදොඩා ඉන්න එපා..." කියන Title එකෙන් දිවයින පත්තරේ තිබුණු ලිපියක් අපේ සහෝදරයෙක් එළකිරි එකේ thread එකක දාල තිබුන උඹලට මතක ඇති.
    අද ඒ ලිපියට සම්බන්ද තවත් ලිපියක් ඒ පත්තරේම තිබුනා. ඒ කෙල්ලගේ කතාව අහපු පරිත්‍යාගශීලි මිනිස්සු එදා ඒ ඉල්ලපු අහිංසක ඉල්ලීම ඉටුකරලා.
    ඇත්තටම ගොඩක් සතුටුයි. උදවු කරපු හැමෝටම ගොඩක් පින්. එදා ඒ thread එළකිරි එකේ දැම්ම සහෝදරයා කවුද කියලනම් මට මතක නෑ. එත් මචන් උඹ කවුරු උනත් මේවගේ තැනක එහෙම thread එකක් දාල අපේ සහෝදරයින්ව දැනුවත් කලාට උඹටත් ගොඩක් ස්තුතියි. නොදැකපු අයට දැකගන්න මං අද තිබුන ලිපිය මෙතන දාන්නම්. හැමෝටම ගොඩක් පින් මේවගේ දෙයකට සම්බන්ද උනාට....
    නැගණියනි ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...
    "


    ඇති තරම් මුදල් ලැබුණා බොහෝම ස්‌තුතියි!
    ඇය ඉක්‌මනින්ම කතා කරාවී...


    nirmala.jpg


    තම සැත්කමේ ඉදිරි කටයුතු වෙනුවෙන් නිර්මලා ඉකුත් දිනක කොළඹ ජාතික රෝහලට පැමිණියාය. තමන්ට අවශ්‍ය තරම් මුදල් ලැබුණු බවත්, මුදල් ලබාදුන් සියල්ලන්ට ස්‌තුතිවන්ත වන බවත් ඇගේ භාෂාවෙන් ඇය පවසද්දී එය මෙසේ අප ජායාරූප ශිල්පී නිශාන් එස්‌. ප්‍රියන්තගේ කැමරා කාචයේ සටහන් විය.
    මේ සටහන තබන්නේ හද පිරි සොම්නසිනි. ඒ සොම්නස රැගෙන ආවේ පාඨක ඔබ විසිනි. මනුෂ්‍යත්වයේ යුතුකම හඳුනන ඔබ විසිනි. සහෝදරත්වයේ, දරු සෙනෙහසේ හැඟීමෙන් පිරුණු ඔබ විසිනි. "මලකි දුවේ නුඹ නොදොඩා ඉන්න එපා..." යෑයි ඉකුත් 11 දා අප, නිර්මලා වසන්ති කුමාරි නම් ගොළුව සිටින එම අහිංසක "කෙල්ල"ගේ කර්ණ සැත්කමට ආධාර උදෙසා අප ලියූ කථාවට ඔබ අතිශයින් සංවේදී විය. කන් නෑසෙන ඇගේ කථාව ඔබට තීව්‍රව ඇසිණි. කථා කිරීමට නොහැකි ඈ වෙනුවෙන් ඔබ අවංකවම කථා කළේය. අවසන, ඔබ මහන්සියෙන් හරි හම්බ කරගත් දෙය ඈ වෙනුවෙන් පිරිනැමීය.

    නල්ලතන්නියේ සීතලට ගැහෙමින් රුපියල් විස්‌ස, පනහේ ආධාර පත්‍රිකා විකුණා රුපියල් ලක්‍ෂ 18 1/2ක්‌ සොයාගැනීමට ඔවුන් ගත් වෙහෙස සැබැවින්ම ජාතක කථාවේ ලෙහෙනිය විසින් වල්ගයෙන් ඉස මුහුද සිඳවා පැටවා බේරාගැනීමට ගත් උත්සාහය වැනි විය. එම ජාතක කථාවෙහි සඳහන් ලෙසින් එකල්හි ශක්‍ර දෙවියන් පැමිණ පැටවා බේරා දුන්නාලු. අනේ.. ඔබත් ඒ දෙවියනුත් අතර වෙනසක්‌ වේද? තමන්ට කළ හැකි සියල්ල සිදුකර අවසන තවත් ලක්‍ෂ 8 ක පමණ මුදලක්‌ අවශ්‍යව තිබියදී, එය සොයාගන්නේ කවදාද? එය සපුරාගන්නා දවසක මේ සැත්කමෙහි ගාස්‌තුව තවත් ලක්‍ෂයකින් දෙකකින් ඉහළ ගියහොත් කුමක්‌ කරන්නේද ? යන අවිනිශ්චිත සිතින් සිටි නිර්මලාගේ ගෙදර උදවියට ඔබ දෙවියන්ම විය.

    මේ සිරිලක පමණක්‌ නොව, අන්තර්ජාලයෙන් "ඉරිදා දිවයින" කියවන ලොව පුරා වෙසෙන ශ්‍රී ලංකිකයෝ හැකි පමණින් එයට දායක වූහ. තමන්ගේම දියණිය, සොයුරිය මෙන් නිර්මලාව දුටු ඔබ ශ්‍රී ලාංකේය ජාතියක "තමන්ගේ කම" ගැන උදාහරණයක්‌ බවට පත්වූහ.

    අයෙක්‌ තමන්ගේ අතිරික්‌තයෙන් මුදලක්‌ පිරිනැමූහ. තවත් අයෙක්‌ ගෙදර හදිසියක්‌ වෙනුවෙන් තබාගෙන සිටි මුදල පවා ලබාදුන්හ. "මහත්තයෝ. "දිවයින"ට ස්‌තුති කරන්නයි කථා කළේ. මම සල්ලි තියෙන කෙනෙක්‌ නෙමෙයි. මට දෙන්න පුළුවන් උපරිම ගාන මම දුන්නා. මම රුපියල් 500 ක්‌ ඒ දරුවගේ පොතට දැම්මා" යි අප අමතා එක්‌ මහත්මයෙක්‌ පවසද්දී දැනුන හැඟීම විස්‌තර කිරීමට තරම් භාෂාවේ වචන ඇතැයි අපි නොසිතමු. තවත් අසූ වියෑති විශ්‍රාමිකයෙක්‌ රුපියල් දස දහසක මුදලක්‌ පරිත්‍යාග කළේය. විටෙක එය ඔහුගේ සමස්‌ත විශ්‍රාම වැටුපම විය හැක. එපමණක්‌ නොව, කටාර් රටේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ එකතු වී දැවැන්ත මුදල් පරිත්‍යාගයක්‌ කළේය. එය කෙතරම් උනන්දුවකින් සහ ඉක්‌මනකින් සිදුකළේද යත් රුපියල් 169,000 ක්‌ වූ එම මුදල සොයාගැනීම පිණිස ඔවුනට ගතව තිබුණේ පැය 2ක කාලයක්‌ පමණි. ඒ සඳහා 25 දෙනෙක්‌ දායක වී සිටියහ. ඒ නම් අතර තිබූ එක්‌ නමක්‌ සඳහන් වූයේ රාජු තෝමස්‌ (Raju Thomas) ලෙසිනි. දන්නවාද?.. ඔහු ඉන්දියානු ජාතිකයෙක්‌. තමන් සමඟ එකට සේවය කරන ශ්‍රී ලංකික පිරිසගේ මේ කාර්යයට ඔහුද එක්‌කාසු වී සිටියේය. තමන්ගේ නොවන රටක, තමන්ගේ ජාතියක, තමන්ගේ ආගමක නොවන ඇය ගැන නොදන්නා බසකින් ලියවුණු ලිපියකට ඒ විදේශිකයාද ප්‍රතිචාර දැක්‌වීය. ඔහු පමණක්‌ නොව ත්‍රිකුණාමලයේ ජනාදන් ද එයට දායක වී සිටියේය. ජාති, ආගම්, දේශසීමා බිඳදමා මේ මනුෂ්‍යත්වයේ පණිවුඩය ඇදී ගියේ එසේය.

    ඔබ කිසිවෙක්‌ කල් නොගත්තාහුය. සැත්කම ඉක්‌මනින් කළ යුතු යෑයි අප කියූ දෙය ඔබට මැනවින් ඇසිණි. ඔබ දන්නවාද, මනුෂ්‍යත්වයේ යුතුකම ඉටුකිරීම පිණිස ඔබ කෙතරම් වේගවත්ද කියා....

    ඇය පිළිබඳ අප පුවත පළවී දින 5 ක්‌ ගතවීමට මත්තෙන් සැත්කම සඳහා අඩුව තිබූ මුදල ඔබ විසින් සපුරන ලදී. තවත් දින 2 ක ඇවෑමෙන් සැත්කමෙහි පසු වියදම් සඳහා අවැසි මුදලද සපිරුණි.

    "මහත්තයා... දැන් අපිට වුවමනා මුදල ලැබිලා තියෙන්නේ. තව අවශ්‍ය වෙන එකක්‌ නැහැ. තවත් මුදල් එවන්න බලාගෙන කවුරුහරි ඉන්නවා නම් ඒ අයට කියන්න අපි වගේ තව කෙනෙක්‌ වෙනුවෙන් ඒ මුදල් තියාගන්න කියලා" නිර්මලාගේ ලොකු අක්‌කා අප අමතා කියූ ඒ වචන වල තිබූ අවංකත්වය ගැන කියන්නට අපට තවත් වචන රැසක්‌ වුවමනාය.

    "වැඩිපුර මුදලක්‌ ලැබුණොත් නිර්මලාගේ පොඩි අක්‌කා, නංගි (නිර්මලා) වෙනුවෙන් අරන් තියෙන ණය ගෙවලා දාලා ටිකක්‌ සැහැල්ලු වෙන්න කියන්න. ඔය සල්ලි දීපු කවුරුවත් ඒකට දොසක්‌ කියන එකක්‌ නැහැ"යි අපි කීවෙමු.

    එහෙත් මෙම සැත්කම ගැන සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ, සැත්කමෙන් පසු කථන චිකිත්සාව ආදියට යන වියදමට අමතරව, තවත් වියදම් රැසක්‌ ඇති බවකි. ඒ අනුව සැත්කමෙන් පසු ඉතිරිවන මුදලක්‌ වේ නම් ඒ සියල්ල නිර්මලා වෙනුවෙන්ම තබන බව ඇගේ සොයුරිය අපට කීවාය.

    සැබැවින්ම දැන් බියක්‌ වන්නට දෙයක්‌ නැත. තවත් වෛද්‍ය වාර්තා කිහිපයක්‌ ලබාගත් පසු නිර්මලාගේ සැත්කමට දින යෙදෙනු ඇත. අවශ්‍ය තරම් මුදල් ගිණුමේ ඇත. "ස්‌වර්ණවාහිනියද " නිර්මලා ගැන අප ලිපිය දැක ඇයට උපකාර පිණිස ක්‍රියාත්මක විය. සැමගේ උදව් ලැබීමට ඇය වාසනාවන්ත වූවාය. නිර්මලා වැඩි කල් නොගොසින් මෙතෙක්‌ වචන වලින් ඇයට කියාගන්නට නොහැකිව සිටි දේ කියන්නට වාසනාවන්ත වනු ඇත. ඒ හෙŒ හිමිකරුවන් බවට ඔබ පත්වනු ඇත.

    සියල්ල මැනවින්ම සිදුවිණි. "දිවයින" අප සමඟ සිටිනුයේ හුදෙක්‌ ඇසින් අකුරු කියවන පාඨක පිරිසක්‌ නොව, අකුරු අතර රැඳි දේ හදවතින් දරාගන්නා "මනුෂ්‍යයන්" පිරිසක්‌ බව ඔබ අපට නැවතත් පසක්‌ කළේය.

    මේ සඳහා යමෙක්‌ රුපියලකින් හෝ දායක වීද ඒ තමන්ගේ විහරණය වෙනුවෙන් තිබූ මුදලක්‌මය. මුදල මත රැඳී ඇතැයි පවසන සමාජයක, තමන්ගේ විහරණයට ඇති මුදල අන් අයෙකු වෙනුවෙන් පුදා ඔබ ඉන් අප්‍රමාණව සැනසෙන්නේය.

    නැත..... සමාජය රැඳී ඇත්තේ මුදල මත නොව. ඔබ වැනි මනුෂ්‍යයන්ගේ මනුෂ්‍යත්වය මතය. උත්තම ගති ඇති ඔබ වැනි පිරිස්‌ සිටිනා තුරාවට මේ සමාජය අසරණ නොවේ. අසරණ සරණ සවිය ඔබමය. ඔබේ මනුෂ්‍යත්වය මොන තරම් අසිරිමත්ද? එසේ නම් අවසරයි මටත් අති සාර්ථක "ක්‍ෂණික මෙහෙයුමක" සතුට අත්විඳින්නට. අවසරයි නේද මටත්, ඔබ විසින් සිදුකළ ඒ පින අනුමෝදන් වෙන්න...

    ඉන්ද්‍රජිත්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඔෆිස් එකේ බොදු සංගමෙන් ආධාරයක් කාරා
    අහන්නත් සතුටුයි මේ ළමයට දැන් සනීප වෙලා සතුටින් ඉස්සරහට ඉන්න පුළුවන්

    සාර්ථක ජීව්තයක් උදෙශා ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණයි !