අහඹු සිදුවීම්ද? - Just Coincidence? PART 2

dole

Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    අහඹු සිදුවීම්ද? - Just Coincidence? PART 2

    ගිය සතියෙ දැම්ම ත්‍රෙඩ් එක කට්ටිය බලන්න ඇති නේ? අහඹු නොවෙන අහඹු සිද්ධි ගැන. නැති නම් ඔන්න බලාගන්න එක http://www.elakiri.com/forum/showthread.php?p=12393661#post12393661
    මෙන්න එකේ සෙකන්ඩ් පාට්
    අපි ජීවිතය පුරාවට මුහුණදෙන ගොඩාක් සිද්ධි අහඹු සිද්ධි නේද? නමුත් මේ පහලින් තියන දේවල් අහඹුයි කියලා අහක දාන්න පුළුවන්ද කියලා හිතල බලන්න?

    1. Mark Twain and Halley's Comet

    මාක් ට්වේන්(Mark Twain) ගැන අහලා ඇති නේද කට්ටියම? පොර ලේඛකයෙක්. ඉපදිලා තියෙන්නේ Halley's Comet කියන වල්ගා තරුව 1835දී පෘථුවියට දිස්වුණු දවසේ. ඒ වල්ගා තරුව නැවත දිස්වෙලා තියෙන්නේ 1910දී, මරුම සීන් එක තමයි මාක් මැරෙන්නෙත් ඒ තරුව දිස්වුණු දවසේමයි. 1909දී මාක් මෙහෙමත් කියලා තියනවා, "I came in with Halley's Comet in 1835. It is coming again next year, and I expect to go out with it."


    2. ග්‍රීන්බෙරි හිල්

    1911 නොවැම්බර් 26 වෙනිදා ලන්ඩන් ග්‍රීන්බෙරි හිල් හිදී තුන්දෙනෙක්ව එල්ලා මරනවා, ඒ සර් එඩ්මන් බෙරීව ඝාතනය කිරීම නිසා, ඔවුන් තිදෙනාගේ නම් ග්‍රීන්, බෙරී සහ හිල්.


    3. Umberto I

    19 වැනි සියවසේ ඉතාලිය රජකරපු Umberto I රජතුමා 1900 ජූලි 23 වෙනිදා මොන්සා නගරයේ අවන්හලක රාත්‍රි භෝජනය ගන්නවා, මේ ආපන ශාලාවේ අයිතිකාරයා රජතුමාගේ හැඩරුවර ගොඩාක් සමානයිලු, ඒ විතරක් නෙවෙයි රජතුමාගේ නමයි මේ පොරගේ නමයි දෙකමත් සහ රජාගේ රැජිනගේ නමයි අර පොරගේ වයිෆ්ගේ නමයි දෙකමත් සමානයිලු. ඒ ආපන ශාලාව විවෘත කරල තියෙන්නේ මේ රජතුමා රජවුණු දවසෙමලු. අන්තිමේට රජායි, ආපන ශාලා අයිතිකාරයයි දෙන්නම මැරිලා තියෙන්නෙත් එකම දවසේලු, ඒ වෙඩි කාලා.


    4. Henry and the බූට් Bullet

    1883දී Henry Ziegland කියන පුද්ලගයා පොරගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බූට් එක තියනවා, අර කෙල්ල මේක දරා ගන්න බැරිව සියදිවි නසා ගන්නවා. මේකට මලපැනපු කෙල්ලගේ අයියා Henryව හොයාගෙන ඇවිත් පොරට වෙඩි තියලා තමනුත් වෙඩි තියාගන්නවා. ඒත් Henry මැරෙන්නේ නැහැ. බුලට් එක ඇඟ ඇතුලට යන්නේ නෑ, පොඩි සීරිමක් විතරක් වෙන විදියට ඇඟේ ගෑවී නොගෑවී ගිහින් ළඟ තිබ්බ ගහක වදිනවා.
    අවුරුදු කීපයකට පස්සේ පොර මේ ලොකු ගහ ඉවත් කරන්න ඕනි වෙලා ඩයිනමයිට් දාල ගහ පුපුරවනවා, ඒ පිපිරීමේ පවර් එකට ගහේ කඳේ තිබ්බ බුලට් එක ඇවිත් පොරගේ වැදිලා පොර මැරෙනවා.


    5. Fallon's $600

    1858 දවසක රොබට් ෆැලන් කියන පුද්ගලයා සූදු (poker) ක්‍රීඩාවක නිරත වෙලා ඉද්දී ඇතිවුණ ආරවුලක් නිස වෙඩි කනවා, ඉතින් ඔය කේස් එකෙන් පස්සේ සෙල්ලම කරගෙන යන්න හැදුවට $600ක් දිනලා හිටපු ෆැලන්ගේ තැන වාඩි වෙන්න කවුරුත් කැමති වෙලා නැහැ. නමුත් ඔතනට ආපු තරුණයෙක් ඒ $600ත් අරගෙන එතැන ඉඳන් ගේම් එක කරගෙන යන්න පටන්ගෙන තියනවා, $600 $2200ක් දක්වා වැඩි කරගන්න ඔහු සමත් වෙලත් තියනවා, නමුත් ඔතනට ආපු පොලීසිය ෆැලන් දිනපු $600 ඉල්ලලා තියනවා ඔහුගේ යැපෙන්නන් ඉන්නවා නම් භාරදෙන්න.
    නමුත් මේ අලුතෙන් සෙට් වුණු පෝකර් කාරය වෙන කවුරුත් නෙවෙයි, අවුරුදු 7කින් තාත්තව දැකලා නැති ෆැලන්ගේම පුතා.



    +++අන්තර්නැට් එකෙන්මයි හොයාගත්තේ. තව තියනවා, හෙමින් දාන්නම්. රිපොස්ට් නම් සොරි වෙන්ඩ ඕනි, අලුත් කියලා හිතෙනවානම් රෙප් දීලා යමු, නැත්තන් බම්පියක්වත් දාමු නේ?+++

     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    12825375.jpg
     

    dole

    Active member
  • Jun 1, 2008
    181
    103
    43
    එක එක තැන
    බොහොම තැන්ක්යූ වේවා, ඔන්න තව කොටුවක් පැනලා. ප්‍රතිරෙප් දෙන්න විදියක් නෑ හනේ දුන්නා වැඩියිලු මේ ටිකේ!
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    බොහොම තැන්ක්යූ වේවා, ඔන්න තව කොටුවක් පැනලා. ප්‍රතිරෙප් දෙන්න විදියක් නෑ හනේ දුන්නා වැඩියිලු මේ ටිකේ!

    Congrtz...........

    :D :D :D