ලෝහිත කුරුස 1 – ක්‍රිස්තියානි ආක්‍රමණයේ දර#
…වර්ෂ 1759…
“නායක ස්වාමීන් වහන්සේ අසනීපයෙන් වග සැලයි..මේ උන්වහන්සේට කැඳ බතක් හා පේයාවක් සකස් කර ආවේ…”
රෝගාතුරව අස්ගිරි විහාරයේ ලැගුම් ගෙයිහි වැඩ සිටි වැලිවිට සරණංකර සංඝ රාජයාණන්ගේ ආවතේව කටයුතු සඳහා තම අතවැසියන් ගෙනවුත් සිටි උඩරට සිංහල රදළ ප්‍රධානියෙකු හමුවට පැමිණි දූතයෙකු පැවසූ දෙයයි ඒ…
රදළ ප්‍රධානියා මඳක් සැළැකිල්ලෙන්, සඟ රජුන් වැඩ සිටි ආවාසය දෙසත්, මේ පැමිණි අමුත්තා දෙසත් බැලුවේය…
“කවුරුන්ද තොපව මෙහි එව්වේ? නා හිමියන් අසනීපයෙන් වග කවුරුන්ද තොපට කිව්වේ?”
හෙතෙම දූතයා බණවා ඇසීය..
“අවසර ආයිබෝවන්ඩ! දස්කොන් අදිකාරම් තුමා මහා කණගාටුවෙන් ඉන්නේ නා හිමියන්ගේ ලෙඩ රෝගාතුරය ගැන…”
“හ්ම්ම්…ඒකත් එහෙමද?…දස්කොන්….එතකොට ඔහුත් හරි කණගාටුවෙනවා නා හිමියන්ගේ අසනීපය ගැන..හ්ම්ම්…ඔය ගෙනා කැඳ බත මෙහි දීව! මා මෙය හිමියන්ට ලැබෙන්නට සලස්වන්නම්”..
ඉතාම විචාරශීලි බුද්ධියෙන් යුතු මේ රදළ මුලාදෑනියාගේ නාමය මා හට ආවර්ජනය කළ නොහැක..නමුත්, වැලිවිට සරණංකර මහ නාහිමියන්ට ඇති ජීවිත තර්ජන වල ස්වභාවය ගැන ඔහුට මනා අවබෝධයක් විය..කැඳ පාසය දෙස බලමින් හෙතෙම කල්පනාවේ නිමග්න විය…
“දස්කොන්…ජාකෝමේ ගොන්සල්වේස් පූජකයාගේ දකුණු අත…හ්ම්ම්…කැඳ පාසයක්…” ඔහු කල්පනා කරන්නට ඇත…
සැණෙකින් කැඳ පාසය මුවට ලං කළ මේ මුලාදෑනියා එය වහ, වහා පානය කළේය…ඇත්ත වශයෙන්ම එහි “වහ” තිබෙන බව ඉවෙන් දනිතත්, තම ජීවිතය විසි කොට දමා හෝ ශාසනාරක්ෂක සිංහයාණන්ගේ ජීවිතය රැක ගනිමැයි සිතූ මේ ශ්‍රේෂ්ඨ මිනිසා උග්‍ර විෂ රසායනිකයක් මුසු කර, කන්ද උඩරට පරගැති රදළ ප්‍රධානීන්ගේ හා ප්‍රංශ සම්භවයක් සහිත “පේඩෲ ගැස්කොන්” නොහොත් දස්කොන් මහ අදිකාරම්ගේ, දේශකයා වූ “ජාකෝමේ ගොන්සල්වේස්” පූජකයා ප්‍රමුඛ ක්‍රිස්තියානි ඔටේරියන් පූජක මණ්ඩලය සරණංකර හිමියන්ට එවූ මරණයේ කැඳ පාසය බී, ලාංකික බුද්ධ ශාසනය උදෙසා තම ජීවිතය පූජා කළේය….
මේ සිංහලයේ ඉතිහාසයේ මහා දුර්දාන්තම සමය විය..බැමිණිතියා මහා සාය යම් ලෙසකින් හෙළය පෙළුවේද, ඊට වඩා සිය දාස් ගුණයක් බලවත් වියසනයන් කැන්දූ, එක පිට එක හෙළයට, බුදු සමයට මාරක කඩා පාත් වූ සමය මෙය විය…
එක් පසෙකින් වැල්ලකරය සින්නක්කරය කර ගත් පෘතුගීසි, ලන්දේසි ජාතීන් වෙහෙර, විහාර හා ඒවාට අනන්‍ය වූ ධර්ම භාණ්ඩාගාර වනසමින්, ඒ නටබුන්, කැට කැබිළිති මත වයින් පානය කළාහුය…
මැතිව් නිකි, ක්වි රුබේරෝස්, ක්වීරෝස්, ජෝෂප් වාස් ( නොහොත් ඉන්දියාවේ ගෝවේ සිට ලක්දිවට පැමිණි ජුසේ වාස්) ආදි කතෝලික හා රෙපරමාදු සභාවට අයත් පූජකයන්, ස්වකීය ලෝගුවට යටින් සඟවා ගත් බයිනේත්තු බෙලෙන් බයිබලික දහම, පන්සල් ගින්නේ දුමාරය මැදින් ගොස් ජන සතු කරමින් සිටියාහ…
රන් දිවයින ගිලින්නට මාන බලන “ඉංග්‍රීසි” මිනි මෝරුන්, ලක්දිව අවට සයුරේ ලන්දේසීහු හා යුධ වදිමින් සිටියාහ…
උතුරේ දමිළාධිකාරීන් යාපා පටුණ චාගරාජාධීන්ට අයත් රාජධානියක් කොට ගත්තෝය…සිංහලයන් බුරුතු පිටින් මරා දැමිණි…චෝල මණ්ඩලය යාපා පටුනේ ස්ථාපිත වෙමින් පැවතුණාහ…”තේසවලාමේ” ක්‍රමයෙන් සම්මතයට එත්ම හත්වලාමේ කියන්නට වත් හත් දෙයියන් පේන මානයක සිටියේ නැත..
කෝට්ටේ, සීතාවක ආදී රණ කෙළිය සුරු සිංහල රාජධානීහු වැටී පොළවට පස්ව, වල් බිහිවෙමින් පැවතුණාහ..ඒවායේ රජ කළ රාජ පරම්පරාවන්ගේ ඇතැමෙක්, තම නිල, බල තල රැක ගනු වස් ක්‍රිස්තියානිය වැළඳ ගෙන යුරෝපීය ආක්‍රමණිකයන්ගේ දණ මඩුළු සිඹිත්ම, සිංහල කම හදවතේ ඇති රාජකීය ශේෂයන් තම පණ නළ ලන්දේසි පෝරකයන්ගෙන් බේරා ගෙන උඩරටට, සීතල වන්නිය හෙවත් වත්මන් නුවර එළිය ප්‍රදේශයට පැන ගොස්, ඉතා දුකසේ දිවි ගෙවූහ…

eka thamyi aththa