රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

    ලංකාවේ තරම් අසාමාන්‍ය හා මුග්ධ වාහන බදු ප්‍රතිපත්තියක් ලොව කිසිම රටක නැත. රජයේ වාහන බදු ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ රටේ අවශ්‍යතාවයට නොව දේශපාළුවන්ගේ අරමුණු ඉටු කිරීම සඳහාය.:rolleyes:

    දැන් නැවතත් වරක් බදු ඉහළ දමා ඇත. නමුත් මේ සඳහා රජය ඉදිරිපත් කරන හේතුව හාස්‍යජනක එකකි. ඔවුන් කියන්නේ පාරවල් වල වාහන වැඩි නිසා වාහන ගෙන්වීම සීමා කිරීම සඳහා මෙය කළ බවයි. :frown:

    වාහන වැඩි වීමට පැහැදිළි විසඳුම් ඇති අතර මේවා නොයෙක් වර විද්වතුන් පෙන්වා දී තිබේ. මේ ක්‍රම සියල්ල පසෙක තිබියදී අළුතින් වාහන ගෙන්වන අයට ඇඟිල්ල දිගු කිරීම විහිළුවකි.

    1. Two-stroke ත්‍රී රෝද රථ තහනම් කිරීම - ඔබ ඉන්ධන හලකින් ඉන්ධන් මිලදී ගන්නා විට 2-stroke ත්‍රී රෝද රථ වලට පෙට්‍රල් ගසන ආකාරය දැක ඇතැයි සිතමි.
    "2-stroke එන්ජින් ඔයිල්" හා පෙට්‍රල් මිශ්‍රණයක් මේවාට ඇතුල් කරන අතර මෙම මිශ්‍රණය දහනය වීමෙන් අධික පරිසර දූෂණයක් සිදුවේ.

    මේවා තහනම් කළ යුතු යයි පරිසර හිතකාමීන් බොහෝ කලක සිට හඬ නැඟුවද සෑම රජයක්ම දෙශපාලන වාසි තකා මෙම අත්‍යාවශ්‍ය පියවර ගත්තේ නැත. දැන්වත් මේ සඳහා පියවර ගන්නේ නම් මැනවි.

    2. දැනට ධාවනයේ ඇති ප්‍රාග්-ඓතිහාසික වාහන තහනම් කිරීම - වසර 30-40 පැරණි යකඩ ගොඩවල් "වාහන" ලෙස ලේබල් කර තවමත් මෙරට ධාවනයේ යෙදේ.

    මේවා තහනම් කළ හැකි ප්‍රධාන ක්‍රමය නම් කාබන් නිකුත් කිරීම සඳහා සම්මතයක් (Emission Standard) හඳුන්වාදී එයට අනුකූල නොවන සියළු වාහන තහනම් කිරීමයි.

    දැනට Green Testing ලෙස හඳුන්වා දී ඇති ක්‍රමය තනිකරම විහිළුවකි. මෙය සමත් නොවන පරිසර දූෂකයා කරන්නේ Technician ට පගාව දී (සමහර විට ඔවුන් නම් කරන ගරාජයකටද පගාව දීමට සිදුවේ) තව තවත් පරිසරය වැනසීමයි. අවසාන වශයෙන් කොහෙවත් යන ගරාජ් කාරයන් පොහොසත් කිරීම හැර වෙන සෙතක් නැත. :frown:

    මෙම ක්‍රමය හඳුන්වා දුන් මුල් කාලයේ අපට කීවේ තැන තැන පිහිටුවා ඇති Green Testing ආයතන වලට අමතරව මහපාරේ ධාවනය වන අතරතුර කළු දුම් පිටකරන වාහන අල්ලා එවේලේම
    Green Testing කර කලින් දී ඇති සහතිකය අවලංගු කරන බවයි. නමුත් මේ පොරොන්දුවට වෙච්ච දෙයක් නැත. :rolleyes:

    දඩ මුදල් නැතිව වේලෙන නිසා වරදක් නොකළ අහිංසකයන් අල්ලන පොලීසියටවත් මෙම ක්‍රමය කියාදී, අවශ්‍ය උපකරණ දී කළු දුම් යක්ෂයන් සදහටම පාරෙන් තුරන් කර දැමීමට පියවර ගත යුතුය.

    මීට අමතරව අවම වශයෙන් ඉන්දියාවේ භාවිතා කරන
    Emission Standard වත් අප ආදර්ශයට ගත යුතුය.

    පරිසර දූෂණය කරන Maruti -800 නැමැති වාහනය/ළදරම/යකඩ ගොඩ ඉන්දියාවේ තහනම් කර තිබියදීත් AMW ආයතනය කිසිම හිරිකිතයක් නැතිව බුරුතු පිටින් ඒවා මෙහි පටවන්නේ රජයේ මුග්ධ ප්‍රතිපත්ති වලට පින්සිදු වන්නටය. :growl:

    වර්තමාන බදු වැඩි කිරීම මත ඉන්දියාවේ තිබෙන සියළු
    Maruti -800 ලංකාවට ආවත් එහි පුදුම වන්නට දෙයක් නැත. කළ යුත්තේ ඉන්දියාවේ Emission Standard මෙරටට හඳුන්වා දී මේ කබල් වාහන ගෙන්වීම තහනම් කිරීමයි.

    මීට අමතරව දෙමුහුම් වාහන වලට බදු සහන දී ඇති ආකාරයටම එකම සිලින්ඩර් ධාරිතාවයේ වුවද තාක්ෂණයෙන් ඉහළ, අඩු පරිසර දූෂණයක් කරන වාහන වලට බද්ද අඩු කළ යුතුය. උදා- Maruti Alto වාහනයට වඩා අඩු බද්දක් Kia Picanto වැනි වාහන වලට අය කළ යුතුය.

    මේ ක්‍රම වලට අමතරව කොළඹ නගරයට ඇතුල් වන වාහන සීමා කිරීමද බොහෝ කලක් තිස්සේ කියවෙන විසඳුමකි.

    1. තනි පුද්ගලයෙක් පමණක් ගමන් කරන වාහන - අඩුම ගණනේ තදබදය අධික අවස්ථාවලවත් එක් අයෙක් පමණක් ගමන් කරන වාහන කොළඹට ඇතුල් කිරීම සීමා කිරීම (පැයකට සීමිත ගණනක් වැනි ) සාර්ථක ක්‍රමයක් විය හැක.

    2. ඩබල් කැබ් - ඔබ ප්‍රධාන මාර්ගයක පැය බාගයක් හිටගෙන සිටියොත් Hilux, Nawara, L200 වැනි ඩබල් කැබ් රථ කීයක් දැක ගන්නට ලැබේද? මින් පිටුපස බඩු පටවන කොටසේ යමක් පටවා
    ඩබල් කැබ් රථ ඇති කීයක් තිබේද?

    මගේ මතයේ හැටියට පාරේ දුවන ඩබල් කැබ් වලින් 5% ක වත් භාණ්ඩ පටවා නැත. නමුත්
    Hilux D4D වැනි ඩබල් කැබ් රථයක් නිශ්පාදනය කර ඇත්තේ 2500Kg වැනි ඉහළ බරක් පටවාගෙන ධාවනය කළ හැකි පරිදිය. මේවා ආනයනය කරන්නන් මේවායින් අපේක්ෂිත ප්‍රයෝජනය ගැනීමට තුන් හිතකින් වත් නොසිතයි. ඔවුන්ට අවශ්‍ය රජයේ දරුණු බදු වලින් තරමක් හෝ නිදහස් වී සුඛෝපභෝගී ඩීසල් වාහනයක ගමන් කිරීමයි.

    නමුත් මේ දැවැන්ත වාහන වලින් පාරේ ඉඩ විශාල වශයෙන් ඇහිරේ. පිටුපස කොටසින් කිසිම වැඩක් නොගන්නා විට එම ඉඩ සම්පූර්ණයෙන්ම අපතේ යයි. මේවාද (ගෙන්වීම කෙසේ වෙතත්) ධාවනය වත් සීමා කළ යුතුය.

    අදහස් දක්වන්න....:)
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පිටුපස කොටසින් කිසිම වැඩක් නොගන්නා විට එම ඉඩ සම්පූර්ණයෙන්ම අපතේ යයි. මේවාද (ගෙන්වීම කෙසේ වෙතත්) ධාවනය වත් සීමා කළ යුතුය.


    මේක විහිළුවක් නේ දැන් හිතපන් ගෑණියෙක්ට ලොකු පුකක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ නෑ කියලා ලොකු පුකවල තියෙන ගෑණුන්ට පාරවල් වලට එන්න දෙන එක තහනම් කරනවද?
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේක විහිළුවක් නේ දැන් හිතපන් ගෑණියෙක්ට ලොකු පුකක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ නෑ කියලා ලොකු පුකවල තියෙන ගෑණුන්ට පාරවල් වලට එන්න දෙන එක තහනම් කරනවද?

    මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා මචන්.. ගෑණු ගැන නෙමේනේ කතා කරන්නේ වාහන ගැන නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    550291_386881911335454_100000409467534_1353344_1234111643_n.jpg
     
    • Like
    Reactions: chamarams

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    මේක විහිළුවක් නේ දැන් හිතපන් ගෑණියෙක්ට ලොකු පුකක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ නෑ කියලා ලොකු පුකවල තියෙන ගෑණුන්ට පාරවල් වලට එන්න දෙන එක තහනම් කරනවද?

    @Dead Island
    මොකද පොන්නයා තෝ fake එකකින් ඇවිල්ලා පුක දීල යන්නේ ඇවිත් නියම profile එකෙන් කියපන් කියන්න තියන එක මෙතන එනවා පුක දෙන්නේ ...
    උබට තව බදු මදිවෙලද ලෝල්ලෝ මෙතන එනවා පුක දෙන්න පොන්නයා
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    මචං අපේ වගේ රටක පරණ වාහන තහනම් කරන්න, ටූ ස්ට්‍රෝක් තහනම් කරන්න, කතා කරන එකනම් හොඳ දෙයක් නෙවෙයි! ඒක අර වීරවංසගේ කතාවක් වගේ :lol:

    වාහන බදු නැත්තට නැති උනත් පරණ වාහන ගන්න ඕනේ අය ඉන්නවා... ඒකට හේතුව අපේ වගේ රටවල ඇති නැති පරතරය වැඩි වීමයි!!

    මේ රජා කියන විදියට වාහන වැඩි නම් කරන්න ඕනේ වැඩේ මං දැක්කා ඊබට් ලොක්කාත් පත්තරෙ නොකියා කියලා තිබුනා..
    සරලයි
    වාහනයක් තියන කෙකනෙක් තවත් වාහනයක් (වැන් එකක් තිවෙන කෙනා ලොරියක් ගේන එක නෙවෙයි) ගන්න සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ඕනේ කියන එක.

    නැත්තං මේ වගේ මුග්ධ වැඩ වලින් වෙන්නේ තවත් ඇති නැති පරතරය වැඩිවෙන එකයි..

    හැබැයි මේ ආණ්ඩුවෙන් මේවා බලාපොරොත්තු වෙන්න බැරි නිසා මේ ගැන කතා කරන එකත් අපරාදේ!!
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ටැක්ස් ගහන එක නෙවෙයි විසදුම තනි පුද්ගලයෙකුට පාවිච්චි කල හැකි වාහන සං්‍යාව සීමා කීරීම තමයි හොද බදු වැඩි කමන එකෙන් වෙන්නේ එ එක්තරා පැලන්තියකට විතරක් එම භාන්ඩ සීනා විමයි උදාහරනයකට සිංගප්පුරැවේ විශේෂ අවස්ථාවන්හි හැර එක් පවුලකට පාවිචිචි කරන්න පුලුවන් එක වාහනයයි .අලුතෙන් වාහන ගන්නව නම් එක විකුනන්න ඔනේ හාවිතා කරන්න බැරි නම් යකඩ වලට දෙනන ඔනේ .එකට ලංකාවේ සල්ලි තියෙන එකා වාහන 100 පාවිච්චි කලත් කමක් නෑ .සාමාන්‍ය මනුස්සයෙකුට වුවමනාවකට ත්‍රිවිල් එකක් වත් බයික් එකක් වත් ගත නොහැකි තරම් බදු පටවනවා .නියම ඡනතාවාදී ආන්ඩුවක්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    තමන්ට සල්ලි තියෙනව නම්.. තමන්ට කෑමති වාහනයක් ගන්න පුලුවන් වෙන්න ඔනී........ ඒක හරි කෙලියක්නේ.... සල්ලි තිබිලත් කබලක යන්න ඔනි ද :no::no: (මට වාහනයක් කියා ඩක්කුවක් වත් ගෑනීමට සල්ලි නෑති බව සලකන්න... ););)

    අනික් ඒවටනම් එකගයි....:yes::yes:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හොඳ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් තිබ්බා නම් ඉංධන නාස්තිය ගොඩක් අඩු කර ගන්න තිබ්බා....

    උදාහරණයක් විධිහට කිව්වොත්, නිට්ටඹුවේ සිට බම්බලපිටිය වෙනකල් office time එකට සුඛෝපබෝගී ප්‍රවාහන සේවාවක් තිබ්බානම් කොළඹ තදබදේ කොච්චර අඩු වෙනවාද.............