ඩෙංගු ඇල්ලීමට ගුගල් මැප්

Mar 29, 2012
1,343
89
0
ඩෙංගු ඇල්ලීමට ගුගල් මැප්

බස්නාහිර පළාතේ ඩෙංගු මදුරුවන්ට බෝවිය හැකි පරිසරයක් සහිත නිවාස ඉක්මනින් හදුනාගැනීමට ගුගල් මැප් භාවිතා කිරීමට අදහස් කරන බව බස්නාහිර පළාතේ සෞඛ්‍ය නිලධාරින් පවසනවා.

ඒ අනුව එසේ සැටලයිට් මාර්ගයෙන් ලබා ගන්නා දත්ත සිතියම් ගත කරනු ඇති.


මෙම වැඩ පිළිවෙල නිසා ජනතාවගේ නිවෙස් අවට පිරිසිදු භාවය කාර්යාලයේ සිටම නිරීක්ෂණය කිරීමට හැකිවන අතර බස්නාහිර පළාතේ රෝහල් වලට රැගෙන එන ඩෙංගු රෝගීන් සම්බන්දයෙන් වෛද්‍යවරු හා සෞඛ්‍ය නිලධාරීන් සම්බන්ධීකරණය කිරීමට SMS ක්‍රමයක්ද ක්‍රියාත්මක වෙනවා.


කෙසේ වෙතත් විමල් විරවංශ අමාත්‍යවරයා පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ගුගල් භාවිතය අත් හැරිය යුතු බවයි.


මේ අතර ගුගල් මැප් වලට එරහිව ඇතැමුන් නඩු මගටද පිවිස තිබෙනවා. විදේශ රටක එක් පුද්ගලයකු වත්තේ මුත්‍රා කරමින් සිටිනා ආකාරයද ගුගල් මැප් වල අඩංගුව තිබීමේ පුවතක් පසුගියදා වාර්තා උනා. එම පුද්ගලාගේ අසල්වාසීන් එ ඔහු බවට හදුනා ගත් බවද, එම නිසා තමා බොහෝ සෙයින් ලැජ්ජාවට පත් වූ බවද ඔහු පවසා තිබුනා.
 

job

Member
Dec 5, 2011
283
48
0
ha ha joke of the day
yakoa google map eke thaama thiyenne 2011 update eka...lol
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    2yxpxxf.jpg