ලොව භීතියෙන් මුසපත් කළ මිනී කන සත්තු......(updating thread)

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ලොව භීතියෙන් මුසපත් කළ මිනී කන සත්තු......(updating thread)

ජර්සි ශෝර් හි ඛේදවාචකය

ඕනෙම කෙනෙකුගෙන් "ජෝස්" Jaws ගැන ඇහුවොත් එය නොදන්න කෙනෙක් නැති තරම්. ස්ටීවන් ස්පීල්බර්ගේ මෙම සිනමා සිත්තම ලොව කැළඹුවා පමණක් නොව, මිනිසුන් තුල සාගරය ගැන ඉමහත් භීතියක් ඇති කිරීමටත් සමත් වූවා. මේ චිත්‍රපටය නිපදවූයේ සත්‍ය සිදූවීමක් අළලා යැයි පැවසුවොත් ඔබට කුමක් සිතෙයි ද?


චිත්‍රපටය තරම් ත්‍රාසජනක සිදුවීමක් නොවුනද, මෙම ඛේදවාචකය ජෝස් පමනක් නොව, තවක් සිනමා සිත්තම් විශාල ප්‍රමාණයක් නිපදවන්න මුල් වුන සිද්ධියක් වුනා.

1916 ජූලි 1 සහ 12 ඇතුළත මිනිසුන් පස් දෙනෙකු ජර්සි වෙරළ තීරය දිගට මෝර ප්‍රහාර වලට ගොදුරු වුන අතර, මෙයින් ජීවත් වෙන්න වාසනාව තිබ්බේ එක් පුද්ගලයෙකුට පමණයි.
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ගොදුරු වූවන්......


ජූලි 1 වැනිදා.....

එන්ග්ල්සයිඩ් තානායමේ නැවතී සිටි 25 හැවිරිදි චාල්ස් එප්ටින්ග් වන්සන්ට් නම් තරුණයා අසල බල්ලෙකු සමඟ මුහුදේ පිහිනන්නට ගියේ රාත්‍රී ආහාරයට පෙරයි. එක්වරම ඔහුගේ විලාප් ඇසුනු වෙරළාරක්ශකයෙක් දුටුවේ විශාල මෝරෙක් ඔහුගේ දෙපා වලින් අදින අයුරුයි. වන්සන්ට් ගේ අත්වලින් ඇද ඔහුව ගොඩබිමට ගන්න තෙක්ම මෝරා තම ගොදුර අත් ඇරිරේ නෑ. චාල්ස් වන්සන්ට අධික රුධිර වහනය නිසා තානායම් කාර්‍යාලයේදීම මරු වැළඳගත්තා.


ජූලි 6 වැනිදා....

එසෙක්ස් ඇන්ඩ් සසෙක්ස් හෝටල් සේවකරෙකු වූ චාල්ස් බෲඩර් නම් 27 හැවිරිදි තරුණයා වෙරළට යාර 130ක් නුදුරෙන් පිහිනමින් සිටියදී මෝර ප්‍රහාරයට ලක්වුනා. ඔහුගේ කකුල් දෙකම සපා කා කඳෙන් වෙන් කර තිබූ අතර, ඔහුගේ උදරයද බරපතල ලෙස තුවාල ලබා තිබුනා. ඔහුගේ ලෙයින් මුහුද රතු පාටට හැරෙද්දි, ඔහු නැගූ විලාප ඇසුනු කාන්තාවක් වෙරළාරක්ශක සේවයට එය දැනුම් දුන් අතර, ඔහුව වෙරළට රැගෙන එද්දී අධික රුධිර වහනයෙන් ඔහු මියගියා.


ජූලි 12 වැනිදා

මුහුදු ගිය ධීවරයන් අඩි 8ක් දිග මෝරෙක් වෙරළට ආසන්නයේ රැඳී සිටින වග බලධාරීන්ට දැන්වුවද, ඔවුන් එය බැහැර කළහ. මේ අතර, 11 හැවිරිදි ලෙස්ටර් ස්ටිල්වෙල් සහ තවත් ළමුන් පිරිසක් මැටවන් හි වෙරළෙහි සෙල්ලම් කිරීමට ගියහ. එක්වරම ඔවුන් මෝරෙක් දුටුවහ. හැමදෙනාම ගොඩට ආ නමුත්, ලෙස්ටර් ගේ කකුලෙන් ඇද ඔහුව දිය යටට ගෙනයාමට මෝරා සමත් විය.

250px-PhiladelphiaInquirerJuly141916.gif


උදව් ඉල්ලා එන ළමුන් දුටු වැඩිහිටියන් කිහිප දෙනෙක් වෙරළට සෝදිසි කරන්නට ආ අතර, ස්ටැන්ලි ෆිශර් නම් තරුණ ව්‍යාපාරිකයා ද ඒ අතර සිටියේය. මෝරා රැස්ව සිටි පිරිස ඉදිරිපිටදි ම ස්ටැන්ලි තරුණයාව දිය යටට ඇදගෙන යන්න හැදුව අතර, මිනිසුන් ඔහුව ගොඩබිමට ඇදගත්හ. එහෙත් ඔහු අධික රුදිර වහනයෙන් මියගියේ කළවා ප්‍රදේශයෙන් ඔහුගේ කකුල වෙන්වූ හෙයින් ඇතිවූ තුවාලයෙනි.

එදිනම ජෝසෆ් ඩන් නම් 14 හැවිරිදි තරුණයා ද මෝර ප්‍රහාරයකට ගොදුරු වුයේ කළින් සිදුවූ අවාසනාවන්ත මරණ දෙකට විනාඩි 30කට පසු ඊට ළඟ තැනකයි. ඔහුගේ සහෝදරයා සහ යහළුවා ඔහුව මෝරාගෙන් ඉවතට ඇදගත්තේ දැඩි පරිශ්‍රමයකිනි. ඔහු සුවය ලබා සැප්තැම්බර් 15 වන දින රෝහලෙන් නිදහස් කරනු ලැබිණ.
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ඝාතකයා අඳුනා ගැනීම.......

SchleisserandShark.jpg


සාක්ශි දුන් පිරිස පැවසූවේ මිනීමරු මෝරා අඩි 9ක් දිගු එකෙක් බවයි. මරණ වලට පසු මෝරුන් කිහිප දෙනෙක් අල්ලා ගත්තද, අල්ලා ගැනුනු අඩි 8ක් පමණ දිග සුදු මෝරෙක් මරණ වලට වගකිවයුතු බව හැමදෙනාගේම මතය විය.
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මොරු කන්නෙ මුහුදට වැටෙන එකනෙ බන්..
    උන් මිනී මොරු වෙන්නෙ අපෙ කට්ටිය මුහුදට පැන්නාම..
    TFS මචන් 5+
     
    • Like
    Reactions: rchithral

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කාලි නදී අවතාරය

    1998 වර්ශයේ අප්‍රියෙල් මස දිනයක මද්දහනකි. 17 හැවිරිදි දිල් බාහදා තරුණයා සහ ඔහුගේ පෙම්වතිය, නේපාලයේ සිට ඉන්දියාවට යාමට පාරුවක් එන තෙක් බලා සිටියේ එකට එක් ව අළුත් ජීවිතයක් පටන් ගැනීමේ අදහසිනි. පාරුව පිටත් වෙන්න වෙලා තිබුණු බැවින් දියේ මදක් ස්නානය කිරීමට සිතූ බාහදා කාලි නදියේ නොගඹුරු වතුරට බැස්සේ ඔහුගේ පෙම්වතිය ඉවුරේ සිටියදීම ය.


    එක්වරම ඔහුව වතුරේ ගිලී නොපෙනී ගියේ ඔහුට වචනයකුදු කතා කිරීමට නොදෙමිනි. මේ සිද්ධිය කිහිප දෙනෙක් දුටු අතර, ඔහුගේ පෙම්වතිය විලාප තබන්නට වුණි.

    කිලෝමීටර 5කට ආසන්න දුරක් දවස් 3ක් තිස්සේ සෙවුවද, ඔහුගේ සිරුර හමුවූයේ නැත.

    තුන් මසකට පසු ධර්ම ඝත් නම් ප්‍රදේශයේ පිරිමි ළමයෙකු ඔහුගේ පියා ඉදිරියේ ම මරණයට පත් විය. ඔහුගේ සිරුරද හමුවූයේ නැත.


    වසර 9ක් පසුවිණ. 2007 අප්‍රියෙල් මස, නගෘ ඝත් නම් ප්‍රදේශයේ භීශණය යළිත් පැතිර ගියේ ය. 18 හැවිරිදි අටල් කුමාර් තරුණයා ඔහුගේ මිතුරෙකු සමඟ දිය කෙළින්න ගිය විට කළින් ගොදුරු වූවන් සේ ම එක්වර දියේ ගිලී අතුරුදහන් විය. එහෙත් එදින ඔහුගේ ඝාතකයාව යන්තම් දැකගැනීමට ගැමියෙකු සමත් විය.

    ඔහු ඝාතකයාව විස්තර කළේ දිගැටි ඌරෙකු වගේ යැයි පවසමිනි. ඔහු ඒ සතාව "සූස්" යැයි හඳුනා ගත්තේ ය.

    ඊට කිලෝමීටරක් ඈතින් මීටරයක් පමණ ගැඹුරු ජලයේ වතුර බොමින් සිටි විශාල මී හරකෙකු ද අභිරහස් ඝාතකයා ගොදුරු කර ගත්තේ ය.

    ගමම කැළඹුන මුත්, මේ ඝාතකයා වත්, ඝාතනයට ලක්වූ අයවත් ගම්වාසීන්ට සොයා ගන්නට නොහැකි විය.
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    කාලි නදී ඝාතකයා සොයා......

    ජෙරමි වේඩ් නම් වු බ්‍රිතාන්‍ය ජාතික පරිසර විශේෂඥයා තම වැඩසටහනකට (River monsters) මේ අභිරහස තොරා ගත්තේ මේ අවදියේ දීය.

    ඔහුගේ නිරීක්ෂණ වලින් අනාවරණය වූයේ සිද්ධීන් සිදුවූයේ එකිනෙකට නොදුරින් බවයි. ඔහු මුලින් ම සිතුවේ මෙය දිය සුළියක ක්‍රියාකාරීත්වයක් බවයි, ඒ, කාලි නදිය ප්‍රචන්ඩ වූ බැවිනි. එහෙත්, එය බැහැර කිරීමට හේතු වූයේ, කාලි නදියේ නිසසලම ස්ථාන වල ඝාතන සිදු වීමයි.

    ඔහුගේ දෙවන උපකල්පනය වූයේ මෙය කිඹුලෙකුගේ ක්‍රියාවක් බවයි. එහෙත්, සීතල, ප්‍රචන්ඩ කාලි නදිය කිඹුලන්ට හොඳ නිවහනක් නොවූ අතර, ඝාතන සිදුවූ අවට කිසිම කිඹුලෙක් සොයා ගැනීමට ජෙරමි මහතා අපොහොසත් වුනා.

    ඔහු මීළඟට "සූස්" නම් සත්වයා ගැන වැඩිහිටි ගැමියෙකුගෙන් විමසුවා. සූස් යනු කළු පැහැති විශාල මත්ස්‍යයෙක් බවත්, උගේ මුඛය විවෘත කිරීමේන් සෑදෙන විවරයට සැම දේම ඇදගන්න බවත් ඔහු පැවසුවා. ඊට අමතරව, උගේ බාහිර පෙනුම ගූන්ච් නම් හුංගා වර්ගයට අයත් මත්ස්‍යයාගේ මෙන් බවත් ඔහු පැවසුවා.

    මේ කතාබහෙන් ජෙරමි මහතාගේ පරීක්ෂණය වෙන අතකට යොමු වුනා. ඔහු මෙම ගූන්ච් නම් මත්ස්‍යයා ගැන සොයන්නට පටන් ගත්තා. මීටරයක් පමණ දිගු ගූන්ච් මසුන් දැකීමෙන් ඔහුගේ සැකය තවත් තහවුරු වුණා.

    අවසානයේ ජෙරමි වේඩ් මහතාට අසු වුනේ අඩි 6කටත් වඩා දිගු අති විශාල ගූන්ච් මත්ස‍යෙක්. කාලි නදියේ අතිශයින් ලොකු ගූන්ච් මසුන් සිටින බව එයින් තහවුරු වුණා. "දිගැටි ඌරෙකු" යන විස්තරයට මත්සයාගේ කොරපොතු රහිත සියුම් සම ඉතා හොඳින් ගැළපුනු අතර, මේ සූස් නම් මිත්‍යා සත්වයා නොව, අසාමාන්‍ය ලෙස වැඩුනු ගූන්ච් මත්ස්‍ය‍යෙක් බව එයින් පසක් වුණා.

    draft_lens18477928module153086385photo_1315451218river-monsters-catfish-go.jpg
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මීටරයකට වැඩියෙන් දික් නොවන මත්ස්‍යයෙක් ලෙස දැන හුන් ගූන්ච් මත්ස්‍යයා මෙළෙස වැඩුනේ ඇයි?

    හින්දු චාරිත්‍ර වලට අනුව, කාලි නදී ඉවුරේ මළ මිණි ආදාහන කටයුතු බහුලව සිද්ධ වන අතර, මුළුමනින්ම පිළිස්සී යාමට පෙර මළමිණි ගඟට වීසි කිරීම සමහර ජනයා විසින් කරනු ලබයි. ගඟට දැමූ මළමිණි කා අසාමාන්‍ය ලෙස වැඩුනු මත්ස්‍යයෙකු මිනීමස් වලට පුරුදු වීම අරුමයක් නොවෙයි.

    ගූන්ච් මත්ස්‍යයා දැනට වඳ වීමේ තර්ජනයකට මුහුණ පා සිටින මත්ස්‍යයෙකු බැවින්, උන්ගේ වාස භූමිය මළමිණි වලින් අපිරිසිදු නොකර, උන් ආරක්ෂා කළ යුතු බව සැමදෙනාගේ ම මතය වුණා.....
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    අනිවාර්යයෙන්ම මෝරු කන්නෙ තරමක් හරි ගැඹුරු මුහුදෙදි විතරයි ගොඩබිමදි නෙමෙයි මොකද උන්ට ගොඩ පීනන්න බැරි නිසා.
    කොහොමත් හොඳ පෝස්ට් එකක්.
    නියමයි යාළුවා..!