පිරිතටත් නිගා දෙන කුම්භාණ්‌ඩයෝ!
ව්‍යවහාර වර්ෂයෙන් 505 න් ඇරැඹි සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය නොයෙක් විලාශයන් ගනිමින් වසර සිය දහස් ගණනක් තිස්‌සේ නොකඩවා අද දක්‌වාම පවතී. එය විටෙක මෙහි පැමිණියේ පෘතුග්‍රීසී ආක්‍රමණය ලෙසින්ය. විටෙකදී ලන්දේසී හා ඉංග්‍රීසී ආක්‍රමණ ලෙසින් ද පැමිණියේය. ඒ සෑම අවස්‌ථාවකදීම කතෝලික, ක්‍රිස්‌තියානි, රෙපරමාදු, පෙන්තකොස්‌ත, ඇංග්ලිකන්, මෙතාaදිස්‌ත, සෙවන්ත් ඩේ, යොහෝවා විට්‌නස්, කල්වරි ආදී නානාවිධ ස්‌වරූපයන්ගෙන් පැමිණ, එකම අරමුණ වූ දේව රාජ්‍ය සංකල්පය තුළදී ඔවුහු සියලු දෙනා එකම රැහේ උන් ලෙස කඳවුරු බැඳ ගත්හ. ඒ සඳහා ඔවුන් නොයෙක් උපක්‍රමයන් අත් හදා බලමින් මූලිකවම සිදු කළේ කැළේ ගසක් නසන්නට කැළේ ගසක්‌ම ඉවහල් වන්නා සේ අපේම සිංහලයන් බෞද්ධකමෙන් ඈත් කොට ගනිමින් ඔවුන් ලවාම ඔවුන්ගේ දේවරාජික අරමුණ ඉටු කරගැනීමයි. එසේ නම්වාගත් සිංහලයන් අද වන විට එම තිරශ්චීන මෙහෙයුමේ නියෑලී සිටින්නේ විදේශික මුලධර්මවාදීන්ටත් වඩා හොඳින්ය. එය එසේ වුවත් කුමන හෝ හේතු කාරණාවන් නිසා ඔවුන්ට සිතූ තරම් පහසුවෙන් සිංහල බෞද්ධ හර පද්ධතීන්ට පහර දෙන්නට නොහැකි විය. එය වසර 500 ක් ඉක්‌මගිය තැනදී බෞද්ධකම පාවාදුන් සිංහලයන්ට දැඩිව දැනෙන නිසාදෝ සර්වාගමික සංකල්පය නමැති මායාවක් මවාපාමින් බෞද්ධ දර්ශනය හා පෑහෙන්නට උත්සාහ කරති.
එම පාදඩ උත්සාහයේ ආසන්නත එක් භායනක ප්‍රයත්නයක් වන්නේ බුදු දහමේ මූලික හරපද්ධතීන් අමු අමුවේ විකෘති කිරීමයි. අද වන විට රට පුරා යන ක්‍රිස්‌තියානි මූලධර්මවාදීහු බෞද්ධ ජනයාගේ පමණක් දුර්වලතා, අපහසුතාවන් සොය සොයා යමින් ඒවාට භෞතික අල්ලස් දෙමින් මුලා කරනවාට අමතරව සෘජුවම මානසික අල්ලස්‌ද දෙමින් සිය මිත්‍යාදෘෂ්ටීන් වෙත ඔවුන් නම්වාගෙන සතර අපාගත කිරීමේ කාර්යය යහමින් සිදු කරතිග. බොහෝ විට ඒවා සඳහා මිත්‍යාදෘෂ්ටික දේශපාලකයන් ප්‍රමුඛ එන්.ජී.ඕ. නඩයන්ගෙන් නොමද පිටු වහලක්‌ද ලැබේ. මෙහිදී ඔවුහු අති සුක්‍ෂම වෙමින් සෑම ආයතනයක්, සෑම ක්‍ෂේත්‍රයක් තුළටම රිංගා ගනිමින් උපායශීලිව අපේ හර පද්ධතීන් විනාශ කර දමති. සෘජුවම පවසන්නේ නම් එහි අදෘශ්‍යමාන හස්‌තයන් රාජ්‍ය තන්ත්‍රයේද ඉහළ සිට පහළ දක්‌වාම අඩු වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත. මෙම තත්ත්වය මත මූලධර්මවාදීන්ගේ බලපෑම්වල සූක්‍ෂමභාවය අප ඇතැම් විට දකින්නේ ඔවුන්ගේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය තුළිනි. වෙනත් අයුරකින් කියන්නේ නම් ඔවුන්ගේ ඇතැම් ක්‍රියාදාමයන් සිදුකොට අවසන් වන තුරු අප නොදන්නේය. දන්නා විට වීමට ඇති සියලු දෑ සිදු වී අවසන්ය. අද වන විට බෞද්ධ සංස්‌කෘතියට පහර දීමට මාන බලන්නවුන්ට ඒ සඳහා උපයෝගී කර ගත හැකි සෑම ක්‍ෂේත්‍රයක්‌ම උපයෝගී කර ගනිමින් පවතී. අප විශ්ව භාෂාව ලෙස පවසන සංගීතය මෙන්ම ඒ හා බැඳී පවතින කලාව ආදියද අද වන විට බුදු දහමට නිගාදීමට යොදාගෙන ඇත. මාධ්‍යයේ ප්‍රමාණාත්මකභාවය දිනෙන් දින වැඩිවත්ම ඒවායෙහි විකාශය වන බෞද්ධ විරෝධී දෑද වැඩි වී ඇත. මුලදී බෞද්ධ ආගමික පරිසරයක් කේන්ද්‍ර කරගනිමින් හා බුදුසරණ ප්‍රාර්ථනා කරමින් ආරම්භ වන ටෙලි වෘතාන්තය නිමා වන්නේ අන්‍යාගමික මධ්‍යස්‌ථානයකින් සිය ආගම වෙනස් කරමින්ය. මධ්‍යම පාන්තික හරසුන් විලෝපනයන් මහා ඉහළ සමාජ තළයක් ලෙස මවා පෙන්වමින් සූක්‍ෂමව කාන්තාවන් විශේෂයෙන්ද අවිශේෂයෙන් පිරිමින්ද බටහිර ගැති මානසිකත්වයට හුරු කොට අතරමං කිරීමෙන් මූලධර්මවාදය ක්‍රියාත්මක කිරීම ඒවා තුළ පවා අති සූක්‍ෂමව සිදු කරනු ලබයි.
එහි ආසන්නතම නිදසුන නම් වසර 2600ක් තිස්‌සේ සත්වයාගේ හිත සුව පිණිස හා හාත්පස රැකවරණය උදෙසා අමාමෑණියන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආශිර්වාදාත්මක හා මහානුභාව සම්පණ්‌න " භවතු සබ්බ මංගලම් රක්‌ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්aධානු භාවේන, සබ්බ ධම්මානු භාවේන, සබ්බ සංඝානු භාවේන සදා සොත්ථි භවන්තුතේ " යන සෙත පිsරිත් දේශනාවත් අමු අමුවේ විකෘති කරමින් නවක ගායක ගයාන් පෙරේරාගේ ගීතයක් යෑයි කියා ගන්නා අඳෝනාවකට එක් කරමින් "රැප්" කරමින්, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින් ඉතා පහත් ලෙස හැසිරීමයි.
වීඩියෝවේ අවසන් විනාඩි 3 තත්ත්පර 43 දී දක්‌නට ඇති දසුනින් යුවළ පසුබිමින් කුරුසය ගැසූ මඩුවක සිsටිනු පෙනෙයි. මේ නිසා සිතාමතා බුදුදහමට අපහාස කිරීමේ අරමුණින්ම මෙය සම්පාදනය කොට ඇත. දේවරාජික සිහිනයේ ඇලී ගැනී සිටිනවුන් සෑම ආකාරයෙන් ඉතා සූක්‍ෂම ලෙස බුදුදහමට වින කරති. එහිදී කලාව, සංගීතය තුළින් ද එය මැනවින් සිදු කරති.
පසුගිය දිනෙකදී 'සිත්ති මනීලා' නම් ගීතය තුළින් මුස්‌ලිම් ආගමට නිගාවී ඇතැයි කියා එය වහාම තහනම් කරන ලදී. සෑම පොහොසයකටම තම මැදුරේ බණ අසන පින්වත් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමනි, මේ සිංහල රටේ ථෙරවාදී සම්ප්‍රදායේ භාරකරුවා වන ඔබතුමාගෙන් අප ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්‌මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ අංශ වෙත යොමු කරන ලෙසයි. ක්‍රිස්‌තියානි ආගමට අපහාස වන ඔයෑ The Da Vinci Code චිත්‍රපටය තහනම් කළා නම්, ළමා අපචාරයන් පෙන්වන අශෝක හඳගමගේ 'අක්‌ෂරය' චිත්‍රපටය තහනම් කළා නම්, බුදුදහමට අපහාස කරන එම 'ටිකෙන් ටික' ගීතයත් තහනම් කර මෙයට සම්බන්ධ වූවන්ට උපරිම දඬුවම් ලබාදෙනු ඇතැයි අප උදක්‌ම බලාපොරොත්තුවෙමු.
බුදු දහමට පහර දීමේ මෙම ක්‍රියාදාමයේ ආරම්භය අද ඊයෙක ආරම්භ වූවක් නොව, මීට වසර එක හමාරකට මත්තෙන් ද කඩවත, මහර, කිරිමැටියාගාර පල්ලියකදී දෙදෙනකුගේ විවාහ මඟුලක් මේ අයුරින්ම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට තිබිණ. විවාහ මඟුලට යවන ආරධනා පත්‍රයක් ලෙසින් සකස් කොට තිබූ මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත් කවි යන මැයෙන් ආරධනා පත්‍රයේ මුලදීම දක්‌වා ඇත. එම හැඳින්වීමම ඉතා විකෘති සහගතය. මන්ද අෂ්ටක හා ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායයේ පමණක්‌ම වන බැවිනි. මුලදීම සුවහසක් බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශිර්වාද පිණිස භාවිත කරන මංගල ගාථාවන් විකෘති කොට තිබුණේa කිසිදු තැකීමක් නොමැතිවයි.
තුන්රුවනක් සිටින්නේ බුද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්‌නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක් නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවන්ට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභූත මිත්‍යාදෘෂ්ටික නාමයන් තුනක් ඉදිපත් කිරීමෙනි. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම් කොට ඇත්තේ
සර්වබල දෙවියන්
සර්වබල දේව පුතනුවන්
සර්වබල සුදතුම්
යන බහුභූත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමු අමුවේ විකෘති කොට ඇත්තේ මෙසේය.
සරණං දහම් සරණං
සරණං දේව වචනං
සරණං ත්‍රිත්ව සරණං
සරණං සකළ සරණං
ආදම්-ඒව සරණං
ආබ්‍රහම් සාරා සරණං
රෙබෙකා- ඊසාක් සරණං
සරණං වරං සරණං
ජාකොබ්-රාකේල් සරණං
ජොසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් - කුෂ් සරණං
සරණං සදා සරණං
ජුවකීම්- ආනා සරණං
සෙකරියස් එලිසබෙත් සරණං
ජුසේ- මිරියා සරණං
සරණං ඔබට සරණං
බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා ගන්නා ජය පිsරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්‌ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්‌ඛණානුභාවේන, අට්‌ඨුත්තර සතමංගල ලක්‌ඛණානුභාවේන, ඡබ්බණ්‌ණ රංසියානුභාවේන, කේතුමාලානු භාවේන, දසපාරමිතානුභාවේන, ආé ලෙස පවතින මහානුභාව සම්පණ්‌න ජය පිරිත විකෘති කොට ඇත්තේ
පිතානු භාවේන
පුත්‍රයානු භාවේන
ශුධාත්මයානු භාවේන
ආ වඩා ආයු බෝ වේවා
සාමුවෙල් දූත භාවේන
ගාබ්යෙල් දූත භාවේන
ඡොපියෙල් දූත භාවේන
මිඛායෙල් දූත භාවේන
රµdයෙල් දූත භාවේන
උරියෙල් දූත භාවේන
සදිකියෙල් දූත භාවේන
සදා සුරක්‍ෂා වේවා...
ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක් ඉදිරිපත් කරමින් භාවේන ආදී ලෙසින් විකෘති කොට ඇත. එමෙන්ම ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්‌කෘතික පසුබිම මත සකස් වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇති අයුරු පැහැදිලිය.
සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින මේ රටේ මෙවන් දෑ සිදු වියයුතුද යන්න සැබැවින්aම තර්කයට භාජනය වියයුතු කරුණකි. අතීතයේ සිට මොනතරම් ආක්‍රමණ සිදු වුවත් ඉතිහාසයේ සිංහල බෞද්ධයන් නිසා කලු පැල්ලම් සටහන් වී නොමැත. නමුත් සුලුතරයක් වූ අන්‍යාගමික, අන්‍ය ජාතික පිරිස් අතින් බහුතරයක් වූ සිංහල බෞද්ධයන්ට අනන්තවත් කෙනෙහිලිකම් සිදු වී ඇති බව අතීතය විසින්ම ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් පෝෂණය වූ සුවහසක් ජනයා මෙරට තුළ විසීම හා ඉවසීමේ ගුණය මනාව ප්‍රගුණ කළ පිරිසක් සිටීම එයට හේතුවයි. මෙනිසාම දෝ අදවන විටත් අතීතය විසින් දායාද කළ කෙනෙහිලිකම් එලෙසින්ම සිදු වෙද්දී රටේ බෞද්ධ යෑයි කියා ගත් පාලකයන් හා ශාසන භාරධාරී මහ තෙරවරුන් හා අනෙකුත් වගකිවයුත්තෝa අන්ධයන්, බිහිරන් සේ කටයුතු කරති. මෙම සිදු වීමේදීද අපට මුහුණ දීමට සිදුවූයේ එවන්ම වූ අසධාරණකම් හා කෙනෙහිලිකම්වලටය.
රටක ඉහළින්ම සිටින්නේ එරට නීතිය යන්න හුදු පාඨයකට පමණක් සීමාවූවක් බවට පත් වී ඇත. බෞද්ධ අයිතියට සෑම අතින්ම පහරදෙමින් පවතිද්දී අකාලික වූ ධර්මයටද සෘජුවම අවමන් කරමින් බෞද්ධ අයිතීන් උල්ලංඝණය කරන බව මෙම සිදුවීම කදිම නිදසුනකි. නීතියේ පිළිසරණ පතා මෙම සිදුවීමේදී බෞද්ධ සංවිධාන ලෙස හා පුද්ගලික වශයෙන් කොතරම් පැමිණිලි ඉදිරිපත් කළද ඒවායෙහි ඉදිරි කටයුතු යම්තාක් දුරට ගොස් මූලධර්මවාදී නීතීභාරධාරීන් අභිමුවෙහිදී නැවතීම අතිශය කණගාටුවට කරුණකි. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සැරසෙනවා යෑයි පවසන මේ කාල වකවානුවේදී සම්බුද්ධ ධර්මයට යන කල දසාව මෙයදැයි අප බලධාරීන්ගෙන් අසනු කැමැත්තෙමු. මෙතුවක් කල් මේ සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂාකරගත්තා නම් ඒ සෑම අවස්‌ථාවකදීම එසේ සිදු වූයේ රතු පලස් හෝ පාවඩ මතින් නොවන බවද තරයේ සිහි තබාගත යුතුය.
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

Sinhalayo agama dahama genawath den echara elmak ne