රූපවාහිනී බාලයා - පරාක්‍රම කොඩිතුවක්කු - ම#

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    රූපවාහිනී බාලයා - පරාක්‍රම කොඩිතුවක්කු - ම#

    PDF Version: http://www.mediafire.com/?488m7j8ptwpo8nl
    (පරාක්‍රම කොඩිතුවක්කු - මම කතා කරනවා - මව්බිම - අප්‍රේල් 15, 2012)‍

    අපේ රූපවාහිනී මාධ්‍ය තිස් අවුරුදු වයසට එළඹීම ගැන මගේ අදහස කුමක්දැයි ඔවුන් අසා සිටියේ, ප්‍රචාරයක් ලබා ගැනීමටය. මට ඔවුනට කියන්ට තිබුණේ එක් දෙයකි. අපේ රූපවාහිණිය වයස්ගත බාලයෙකි. එහෙත් ප්‍රසිද්ධ කලාකරුවන්ගේ ප්‍රබුද්ධ නාමධරයන්ගේ ගම්භීර වර්ණනා සංකල්ප මේ වනවිට රූපවාහිණියෙන්ම ප්‍රචාරය වෙමින් ඇත. සාමාන්‍ය මිනිසුන්ට හැඟී යන්නේ ඔවුන් වැඩිදෙනාද වයස්ගත් බාලයන් බවයි. ඇතැම් භික්ෂූ පදනම් විසින් පවත්වා ගෙන යනු ලබන උපාධි කඩවලට පින් සිදු වන්නට දැන් නම් මෙරට ළමා ආචාරීවරුද බොහෝ සිටිති. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකාවල මූලික වෙනසක් නැති බව පොදු ප්‍රේක්ෂක ජනයාගේ අදහසය. විලියම් බ්ලේක් කවියාගේ මේ විග්‍රහය අපේ රූපවාහිනියටද ඉතා ගැළපේ. ජාතීන් මහලු වී යන විට කලාවන්ද දිරාපත් වී යයි. අද විද්‍යාව නිපදවා ඇති යන්ත්‍රය ප්‍රචණ්ඩත්වයේ හා අඥාන භාවයේ මැසිමකි. වෙළෙන්දෝ සෑම ගසකම මුදුනේ වසා සිටිති.


    අපේ රූපවාහිනිඊ තිරයද මුළුමනින් අරක්ගෙන සිටින්නේ වෙළෙන්දන්මය. සමාජය මුදුනේ වසා සිටින ඔවුහු එහි සමාජ ඵලය බුදිමින් මුළු සමාජ තලයම පහරති. අද නිපදවන සෑම භාණ්ඩයක්ම ලාභය සඳහා මිස භාවිතට සඳහා නොවේයැයි කියමනක් ඇත. එහෙයින් රූපවාහිනී නාලිකාවල වැඩසටහන් බොහොමයක ඇත්තේ අඥාන හැසිරීමකි. දවසේ ප්‍රවෘත්ති විකාශනවල පූර්ව සංඥා පවා අනවශ්‍ය දීර්ඝ තේමා අලංකාරයන්ය. කැරකෙන ලෝක ගෝල දක්වමින්.. බෙර ගසමින්.. ඩිජිටල් පින්තූර හරඹ කරන එම ව්‍යාජ තේමා පාඨවල ඇත්තේද අපේ බොහෝ වැඩවල ඇති බොරු සැරසිලිය. නොගැඹුරුම දේ බවට පත්ව ඇත්තේද ප්‍රවෘත්තීන්මය. දහවල පුවත් ඇසූ රටවැසියාට යළිත් සිංහල පුවත් තීරුව සඳහා රාත්‍රී 8 වනතුරු බල සිටින්නට සිදුවේ. CNN, BBC, NHK, ABC, CCTV, අල්ජසීරා ආදී රූපවාහිනී නාලිකා අඩ පැයක් ගාණේ පුවත් සන්නිවේදනය කරති. අපේ රූපවාහිනී පුවත් ප්‍රචාරවල පවා විනාඩියක් ගාණේ වෙළෙඳ ප්‍රචාරයන්ය. ඉනුත් වැඩි ප්‍රතිශතය ආණ්ඩුවේ ප්‍රචාර සංත්‍රාස මූලික සිද්ධීන්ය.


    ජිනීවා උළෙලේදී ශ්‍රී ලංකාව ප්‍රකාශ කර සිටියේ උතුරු නැගෙනහිර වසන්තය ගැනය. රටෙන් තුනෙන් දෙකක් වූ මේ කලාපයේ ජන දිවිය කෙසේද සිදුවන්නේ කුමක්ද කියා අපට රූපවාහිනියෙන් බිඳක්වත් දර්ශනය කරන්ට ලැබෙනවාද?. ඔවුන්ගේ පින්තූර කෝ යනු හැමදාමත් මා නගන පැනයයි. රජය උගත් පාඩම් අනුව මොන මොන දේ කරගෙන යනවාදැයි ලොවට නිරන්තරව හෙළි කළ යුතු නොවේද?.


    චීනයේ-ජපානයේ රූපාවහිනී සේවාවන් හරයෙන් කොතරම් සරවත්ද? පෙනුමෙන් කොතරම් ජනතාවදීද යනු එහි කැපී පෙනෙන ලක්ෂණයන්ය. උද්ඝෝෂණ, පෙළපාලි, කෝලාහල මිස සමස්ත ජන ජීවිතය - වෙනස්වන ගැමි යථාර්ථය එහි, එහි රිද්මයන් අපගේ විකාශනයන්ගෙන් පිළිබිඹු නොවේ. මුල්තැන් ගෙන ඇත්තේ මුළු සමාජයටම ප්‍රචණ්ඩත්වය වගුරුවන දර්ශනයන්ද, මව ගඟට විසි කළ බිළිඳකු දියේ ගිලි ගිලී පාවෙන දර්ශනයන් ද පොඩි දරුවන්ගේ මළ සිරුරු ද පෙන්වනු ලැබේ. පෙන්ටගනයේ සිදු වූ‍ ප්‍රහාරයෙන් දශකයක කාලය ගෙවී ඇතත් මේ වනතුරු ඒ එකදු මළ සිරුරක්, ලේ ගැල්මක් ඇමෙරිකාව ප්‍රදර්ශනය කොට නැත. පරාජිත මැරයන්ගේ වැළළුණු බොකු, බඩවැල් එකතු කරමින් සාදන 'සිරගෙදර මතකයන්' අලුත් කරන ව්‍යාජ ප්‍රවෘත්ති ජනතාවට අවශ්‍ය දේ නොවේ. බුද්ධිය ලේ වල ගිල්ලවීමක් පමණි. ජන ජීවිතය හා කාවැදුණු එකද වැඩසටහනක් නොමැත. දිවයින පුරා විසිරී සිටින අවස්ථාවක් නොලබන තරුණ නිර්මාණකරුවන්ගෙන් සපයා ගත යුතු වන්නේ ඒ අමුද්‍රව්‍ය ඒ ජන සාධකය නොවේද?
    .

    වෙළෙඳ දැන්වීම් විෂයෙහි අපේ රූපවාහිනී සේවා අනුගමනය කරන චර්යාධාර්මික පිළිවෙතක් ඇද්දැයි ප්‍රශ්න කරන්නට සිදුවේ. කෑම බීම, ඖෂධ ප්‍රචාරයට මව සහ දරුවන් යොදා ගැනීම සාමාන්‍යකරණය වී ඇත. කන්න.. බොන්න.. කන්න කියමින් දරුවන්ට විධාන දෙමින් කෑම මේසය වටේ දුවන අම්මා ළමයින්ට නිසරු අහර ගිල්ලවන සැටි හිරිකිත උපදවනසුලුය. කෘතිම ආහාර නිසා, කුඩා ළමුන්ගේ පවා බඩවල් විශාලවීම ඔවුන්ගේ ශරීර සුවය පිරිහීමේ ලක්ෂණයක් බව අද පාසල් යන දරුවන් දෙස බලන්නෙකුට පෙනී යන කරුණකි. දරුවාගේ සුරතල් බංඩි ගැන කියන්නේ කෘතිම කෑමවල විපාක සැඟවීම්ටය. විෂබීජ විනාශ වන්නේ පුතාගේ සුරතල් බංඩිය ඇතුළේ බවද එකියක් කියයි. සියලු දරුවෝ වෙළෙඳ ප්‍රචාර වලින් ආනයනික-අපෝෂ්‍යජනක කිරි නිෂ්පාදනයන්ට රේක්ක කර ගනිති. තිදෙනෙකුගෙන් එකෙකුගේ අස්ථි දිරන බව කිරිපිටි වෙළෙඳ දොස්තරුන් කැඳවන ජාතික රූපවාහිනිය, මේ රටේ නිපැදවෙන දේශීය කිරි ගැන ප්‍රචාරණයක් ලබා දීම ජාතික මෙහෙවරක් බව තේරුම් ගන්නේ නැත. ස්වදේශීය නිෂ්පාදන ගැන හඬක් නඟන විමල් වීරවංශ මහතාට අමුඩ ගැස්සවීමට නම් අපේ කාටුන්කාරයන්ට ඇත්තේ බලවත් උවමනාවක් බව පෙනී යයි. ඉන්දීය විද්‍යුත් මාධ්‍ය ජාලය MADE IN INDIA සංකල්පය ජන දිවියට කාවැද්දූ සැටි අපේ මහින්ද චින්තකයන් වටහා ගන්නේ කවරදාද?. ඉන්දියාවේ කෝටි ගණනින් මගී ප්‍රවාහනය කරන දුම්රිය ජාලයේ හැම ටිකට් පතකම පිටුපස මුද්‍රණය කර ඇත්තේ ජාතික සංකල්පනයකි.


    රටක පිරිහෙන් ආධ්‍යාත්මය ප්‍රදර්ශනය වන්නේ ගෑනුන්ගෙන්ය. ඔවුන්ගේ හැසිරීම් රටාවලින්ය. අපේ රූපවාහිනී වැඩසටහන මෙහෙයවන නිවේදිකාවන්-ශිල්පිනියන් දෙස බලන්න. උන් වැඩි දෙනෙකු තැත් දරන්නේ ව්ලාසිනියක් ලෙස පෙනී සිටීමටය. වැඩසටහනට බුද්ධිමය ජීවයක් - කලාත්මක දීප්තියක් ලබාදීමට නොවෙයි. සල්මල්යාය වල - නුග සෙවණවල 'දොඩමලු වන' ඔවුන්ගේ වෑයම රන් සළු සේල ප්‍රදර්ශනය කිරීමය. මොණර වෙසින් සාරිවල විචිත්‍ර බෝඩර විදහාගෙන හිඳ සිටිත්. මෙහි රහස ඔවුන් ඇඳ සිටින සළු පිළි වෙනුවෙන් ඔවුන්ටද සාරි සාප්පුකරුවන්ගෙන් සංතෝෂම් ලැබීම බව ප්‍රේක්ෂකයා නොදනී. වැඩසටහනක් උදෙසා පැමිණි ආරාධිතයා සමඟ කිසිදු පූර්ව කතාබහක නොයෙදී, වැඩසටහන ආසන්න වන තෙක්ම හරියටම පැයක් වෙස් කාමරයේ ලගිමින් මේකප් වන ශිල්පිනියෝ බොහෝය. මොවුන්ගෙන් වැඩිදෙනෙකු මනසින් පිරිහුණු අඥානා ස්ත්‍රීන් නොවෙත් නම් මෙසේ හැසිරෙත්ද?. මගේ මිතුරෙක් කැන්ටිමේ සිටින විට, මට මෙසේ රහසින් සංඥා කරයි. "අර යන්නේ ඩිරෙක්ටර්ගේ දුවක්.. ඔය එන්නේ අසවල් ඇමතිගෙ බඩ්ඩක්.. ඔය ඉන්නෙ ළඟදිම පාත්වෙච්ච දේශපාලන සුරතලියක්"
    .

    මෙවැනි සමාජ, සාහිත්‍ය විඥානයක් නැති විලාසිනියන් වෛද්‍ය, ක්‍රීඩාමය, සාහිත්‍ය-කලා වැඩසටහන් මෙහෙයවීමට යෙදවීම හේතුවෙන් රූපවාහිනිය නිර්-සංස්කෘතික ආයතනයක් බවට පත්ව ඇත. විදේශ විද්‍යුත් මාධ්‍ය වල වැඩසටහන් කරුවන් කොතරම් විනීත බුද්ධිමය පෞරුෂයකින් හොබනේදැයි සිතනු වටී. අපේ රූපවාහිනී වැඩසටහන් සම්පාදිකාවන් - ශිල්පිනියන් බහුතරයක්ගේ මේ අසංස්කෘතික භාවය නිරුවත්වන්නේ ඔවුන් කට අරින් පළමු මොහොතේ සිටය. පුරාවට පුරාවට.. නිසාවෙන් නිසාවෙන් කියමින් වචන 10-12ක බසක් භාවිතා කරන්නේද භාෂා විලාසිතාවක් ලෙසටය. අද මොවුන්ගේ අලුත්ම රෝගය නම් 'අනිවාර්ය' කතාවය. සංවාද වලදී මොවුන් හැම හූමිටි දෙමින් කියන්නේ 'අනිවාර්යයි' කියාය. එකම වැඩසටහනකදී 'අනිවාර්යයි' පදය දහ දොළොස් වතාවක් තෙපලන්නේ යෙදුමේ අරුතක් නොසලකාය. ඉන් එහාට අදහසක් කියන්නට නැති වූ විටය. එය තවත් භාෂා සුරතලයක් බවට පත්ව ඇත. ඉංග්‍රීසි certain - certainly යන යෙදුම සාමාන්‍ය කතාබහකදී යෙදෙන්නේ 'ඇත්තෙන්ම-නිසැකවම-හරියටම' යන තේරුමෙන්ය. එය තමා ඉදිරිපස සිටින කථකයාගේ අදහසට එකඟත්වය හඟවන නිහතමානී චාම් යෙදුමකි. ඇත්තෙන්ම! එහෙත් මේ නිවේදක නිවේදිකාවන් සෑම ප්‍රකාශයක්ම අගදී අනිවාර්යයි.. අනිවාර්යයි.. කියන්නේ එය කෝකටත් තෛලයක් කරගෙනය.


    "මම ඒ කවි ලියුවාට ගීත ලිවීමට වැඩි යොමු වීමක් නැහැ" මම වැඩසටහනකදී කීවෙමි. එවිටම ශිල්පිනිය අනිවාර්යයි කීවාය. මෙය භාෂා විකාරයක් නොවේද?. මගේ ඒ 'යොමුවීම' අනිවාර්ය වන්නේ කෙසේද?!. එවැන්නක් මගේ ප්‍රකාශයෙන් කියැවේද?. මා ගීත ලිවීමට වැඩිපුර යොමු නොවීම 'අනිවාර්ය' වූවක් නොවනු ඇත. ඇතැම් විට මා ඊට යොමු වීමට ඉඩ ඇති බවද අර ප්‍රකාශයෙන් ධ්වනිත වේ. යොමු නොවීම අනිවාර්ය කරන්නේ අර නිවේදිකාවයි. එතැනට ගැළපෙන්නේ 'ඇත්තෙන්ම' කියුමයි. මොවුන් මාධ්‍ය භාෂාව ගැන කවර හෝ පුහුණුවක් නොලද කලින් කලට පෑළදොරින් මැදිරියට පැමිණ ටික කලෙකින් නිවී යන තරු විශේෂයකි. සරු වාංමාලාවක් - භාෂා ලීලාවක් හා පරිකල්පන ශක්තියක් නම් මොවුන්ට අනිවාර්ය කළ යුත්තේමය!.


    "දැන් මට ප්‍රධාන පාලක මැදිරියට යෑමට තිබෙනවා" යි මොවුහු කියති. මේ කුමන අනුචිත ප්‍රකාශයක්ද?. එවැනි තැනකට යෑමක් ගැන දැන ගැනීම ප්‍රේක්ෂකයාට ඇති වැදගත්කම කුමක්ද?. ඉංග්‍රීසි මාධ්‍යයෙන් කෙරෙන සංවාද වල මේ බහුබූත නැත. වෙළෙඳ විරාමයක්.. මොහොතක් ඉන්න.. එපමණි. (කොමර්ෂල් බ්‍රේක්, වේට අ මොමන්ට්) සමහර ශිල්පීහු කාලය ගැන බොහෝ සංවේගය පළ කරත්. "..අපට කාලය තමයි හරස් වෙන්නේ. හරි දුකයි කතබහ අවසන් කරන්ට සිදුවීම ගැන. තවත් කතා කරන්ට තිබුණා නම් කොච්චර දේවල් තියෙනවද?. හැමදේම කාලයට යටයිනෙ."
    .

    ජනමාධ්‍ය කලාව ගැන අකුරක්වත් දන්නේ නම් මෙසේ කතා කරත්ද?. තහනම් වචනය 'කාලය' නොවේද?. මේ සියල්ල නිර්මාණාත්මක සන්නිවේදන ශක්තිය විනාශ කරති. ඒ වෙනුවට මෙකල වෙළෙඳ දැන්වීම්කරුවෝ සාහිත්‍ය භාෂාව හා සෙල්ලම් කරති. ඉතා රමණීය ගීතයක වදන් නිර්ලජ්ජිතව විකෘති කරති. වැසිකිළියක-නාන කාමරයක සිදු කරන ශරීර කෘත්‍ය "සුවබර ඇසිල්ලක චමත්කාරයක්" ලෙස වර්ණනා කරන්නේ වැසිකිළියට බැලේ නර්තන කැඳවමින්ය!.


    මැදිවියට එළඹ සිටියද අපේ රූපවාහිනී මාධ්‍ය ලබා ඇත්තේ ඉතා අඩු ඵලදාවකි. 'සත්වෙනි පැය', 'විනිවිද' වැනි හොඳ සමාජ විඥානයක් පතුරුවන වැඩසටහන් අල්පය. ජනහඬ - රතු ඉර - හාඩ් ටෝක් මේවා බොහෝවිට බොරු ගෝසාවන් මිස පරිණත ප්‍රවාද බවට පත් නොවේ. අංශක 360 අංශක 190ට පාත වැටෙන්නේ දේශපාලනීකරණයට අනුකූලවය.


    තාරකා වාසලමුදලි නිපදවූ "චරිත" නම් ප්‍රබල සාහිත්‍ය සම්භාෂණයට කෙටි කලකින් දොර වැසුණේ ඇතුළේ පටුකම්, කුහකකම් නිසා බව පැහැදිලිය. ඉහළින් සිටින් අධ්‍යක්ෂකගේ මනාපය මිස අනෙක් සාධක කිසිත් වැදගත් නොවේ. බහුබූතයන් පිරිසක් රිදම් චැට් කරමින් පැය දෙක, තුනක රූපවාහිනී කාලයද, ලක්ෂ විස්සක, තිහක මහජන මුදල්ද විනාශ කරන්නේ ඉහළින් සිදුවන අධීක්ෂණයක්, මග පෙන්වීමක් නොමැති නිසාය.


    වෛද්‍යවරුන්ට පින් සිදු වෙන්නට සෞඛ්‍ය වැඩසටහන් සාර්ථකය. ධර්ම දේශකයන්ට පින් සිදු වන්නට දහම් වැඩසටහන් සාර්ථකය. හදිසියේ මතුවූ මැණිකක් සේ යම් වැඩසටහනක් කෙටි කලක් බබළයි. 'සිත් ගිමන්හල' නිදසුනකි. එය ආධ්‍යාත්මයක් ඇති වැඩසටහනකි. වෛද්‍ය උපදේශකයෙකු සමඟ පවුල් සංස්ථාවේ අඳුරු යථාර්තයන් සාකච්ඡාවට ගන්නා එම වැඩසටහන නිලිමිණි තෙන්නකෝන් මහත්මිය මෙහෙයවන්නේ හුදු මාධ්‍ය ශිලිපිනියක ලෙස නොව, තමා සජීවීව අමතන දුකට පත්වුවන්ගේ එම ජීව වේදනාවන්ගෙන් සසල හද ඇත්තියන ලෙසටය. ඇයගේ ස්වරයද එහි ධ්වනියද මැදිහත්වීමේ විලාසයද එම වැඩසටහනට සියුම් මානවීයත්වයක් ලබා දෙයි. මානවවාදී වැඩසටහන් අද ජනමාධ්‍ය ධාරවේ ප්‍රබල අංගයකි. එහෙත් අද අපට රූපවාහිනී තිරයේ හමුවෙන් වැඩිදෙනා බායි කියන දිල්කිලාය. ජෙල් මල්ලිලාය. කටමැත දොඩවන නිරෝෂලාය.


    නව ප්‍රවාද ගොඩනංවන්නට අවශ්‍ය නිර්මාණ ශක්තියත් පරිකල්පන ශක්තියත් අතින් අපේ සිංහල රූපාවහිනිය කොතරම් දිළිඳුදැයි හොඳින් වටහා ගත හැක්කේ GOD TV, BUDDHA TV යන චන්ද්‍රිකා නාළිකා දෙකේ විකාශනයන් සැසඳීමේදීය. බටහිර නාළිකා, දෘෂ්ටියෙන් බටහිරවාදී වුවද සන්නිවේදන ශක්තියෙන් බලවත්ය. සංජීව - හරේන්ද්‍ර - සමන්මලී - චතුර - හසන්ත - පද්මකුමාර බඳු ජන සහභාහී මාධ්‍ය විශිෂ්ටයන් ස්වල්ප දෙනාගේ අලෝකය රූපවහිනියේ මෝහාන්ධකාරය බිඳින්නට පමණ නොවේ. පාඨක මිත්‍රය, මේ මොහොතේ ලොව සිදුවන දැනුම් විප්ලවය ඉව කොටගත්, අද දවසට අලුත්වූ‍, නිදහස් සිතුම දැකුමද ජන භක්තියද ඇති ජනමාධ්‍ය කලාවක් බිහිවන ලකුණක් මේ අර්ධ සංස්කෘතික කාන්තාරය තුළ තවමත් නොපෙනෙන බව නොකිව යුතුද?.
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    කියවන්න කම්මැලියි බන්...................................
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    සංජීව - හරේන්ද්‍ර - සමන්මලී - චතුර - හසන්ත - පද්මකුමාර බඳු ජන සහභාහී මාධ්‍ය විශිෂ්ටයන් ස්වල්ප දෙනාගේ අලෝකය රූපවහිනියේ මෝහාන්ධකාරය බිඳින්නට පමණ නොවේ.