මට රේප් කොටු 2ක් ඇවිල්ලා



ඔන්න මට දැන් රේප් කොටු 2ක් ඇවිත්!! හරිම සතුටුයි






මට වැඩි කාලයක් එලකිරියේම ඉන්න හම්බුනේ නැතත් පුළුවන් හැම වෙලාවේම මේකේ තමා ඉතින් ජීවිතේ!!



මට ගොඩක් උදවු කරපු
Asiththa සහ
RaZor_911 සහෝලාට
වගේම
මගේ කොටු දෙකේ පිම්මට දායක වෙච්ච
Diego97 සහෝටත් ගොඩක් ස්තුතියි!!!!

දෙවැනි කොටුව නිමිත්තෙන්
වටිනා දෙයක් දන්නා හිතුවා
වටිනා දෙයක් කියල හිතනකොට මගේ ටිකිරි මොලේට ආවේ
රත්තරන් සහ කාර් ගැන
ලිපියක් කියවල මගේ යාලුවෝ වෙහෙසට පත් කරනවට වඩා මම හිතුව හොඳ වීඩියෝ පටයක් හොයල බෙදගත්තනම් නියමයි නේද කියල.
වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු!!
පළවෙනියට
රත්තරන් වලින්ම පටන්ගමු. මේ කතාව ලෝකේ ලොකුම රත්තරන් කාසිය ගැනයි

මේ කාසිය ඔයගොල්ලන්ගේ සාක්කුවේ නම් ගෙන යන්න බෑ එතරම්ම ලොකුයි වගේම බරයි!!
කාසියේ වටිනාකම පවුම් මිලියන 35 විතරවෙනවා මේක හැදුවේ The Perth Mint කියන සමාගමෙන්
කාසිය හදන්න මුල්වෙලා තියෙන්නේ එංගලන්ත මහා රැජිනගේ ඕස්ට්‍රේලියානු සංචාරයක් මුල්කරගෙන
[The Commonwealth Heads of Government Meeting (CHOGM)]
ඒක සමරන්නලු. ඒක හින්දම කාසියේ ඒක පැත්තක රැජිනගේ මුහුණත් අනෙත් පැත්තේ කැන්ගරුවෙකුත් කොටලා තියෙනවා


කාසියේ බර කිලෝ 1000 ක් වෙනවා වගේම මේක 99.99%ම තනි රත්තරන් කියල තමයි කියන්නේ .
මේකේ නාමික අගය සටහන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් ලෙසයි. ඒවගේම මේක හදන්න මාස 18 ගිහින් තියෙනවා
දැන් ඉතින් හැමදෙයක්ම ගණන් යන එකේ මේකේ වටිනාකමත් දෙගුනවෙලා ඇති දැන්. මටනම් කාසියේ පතුරක් ලැබුනත් ඇති
ඔන්න වැඩි විස්තර වීඩියෝ පටයෙන්ම බලාගන්න
දෙවැනියට කියන්න යන්නේ කාර් එකක් ගැන කියල කිව්වනේ ඔන්න මෙයා ගැනනම් ආයේ විස්තර කරන්න ඕනිම නෑ!!
මෙයා කොහොමද හදන්නේ කියල තමයි අපි අද බලන්න යන්නේ
වැඩි කතා මොකටද කෙලින්ම වීඩියෝ පටයට යමු
හැමෝටම ගොඩක් ස්තුතියි!!

මේ මගේ ලිපිය කාගෙන්වත් කොපිකරපුඑකක් නෙවේ මහන්සිවෙලා තොරතුරු හොයල තමයි ඔයගොල්ලන්ට ගෙනාවේ
තොරතුරු ගත්ත තැන් කිහිපයක්
HTML Code:
http://www.dailymail.co.uk/news/article-2056412/Worlds-biggest-gold-coin-Perth-Mint-Australia-worth-35million.html
HTML Code:
http://www.telegraph.co.uk/news/worldnews/australiaandthepacific/australia/8852246/Worlds-largest-gold-coin-unveiled-in-Australia.html