ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන් (Paypal සහ අනෙකුත්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ජීවිතයක්_බේරාගැනීම_වෙනුවෙන් (Paypal සහ අනෙකුත්


    බැංකු ගිණුම් විස්තර සැකවින්

    2ch460h.jpg


    පුංචි දූ පැටියෙක්ගේ ජීවිතය බේරාගැනීමට මම මුලින්ම දැම්ම එක තමයි මේ.. (http://www.elakiri.com/forum/showthread.php?t=1397897) :) අපි පුළුවන් පුළුවන් කට්ටිය එකතු වෙලා මේ ත්‍රේඩ් එක එළකිරි සයිට් එකේ මුල පිටුවෙම තියාගන්න උත්සහ කලා. සමහර අය thread එකට ඇවිත් reply දාලා, account වලට සල්ලිත් දාලා ගියා. :( සමහර අය මෙක කියවන්නෙවත් නැතුව යන්නත් ඇති. කෙනෙක්ට මේකේ සත්‍ය අසත්‍යතාව දැනගන්න ඕන නම්
    http://www.elakiri.com/forum/showthread.php?t=1397897 බලන්න.. ඒකේ තියෙන Phone numbers වලට කෝල් කරලා අහන්න. :) ඒත් විශ්වාස නැති නම් මේ අයව ගිහින් මුණගැහෙන්න වුනත් පුළුවන්.

    :(
    අද, (19/04/2012) මේ මොහොතේ ඉඳලා තව දවස් 7යි තියෙන්නේ ඒ දෙමාපියන්ට මේ සැත්කම කරගන්න. :no: ඒත් එයාලට ඕන කරන මුදල් ප්‍රමාණවත් නැති නිසයි තවමත් මේ පුංචි දුවගේ ජීවිතේ අවදානම් තත්ත්වයක තියෙන්නේ. මේ thread එකේ පහලින් තියෙන ඕනෑම විදියකින් මේ thread එක බලන හැමෝම පුළුවන් හැටියෙන් ආධාරයක් කරන්න. :( අඩුම ගානේ හැමෝම මේ ත්‍රේඩ් එකට රිප්ලයි එකක් හෝ කීපයක් දාලා මේක තවත් කෙනෙක්ට දකින්න හරි සලස්වන්න. තවත් මේ සැත්කම කිරීමට ඉතිරිව ඇති කාළය සීමිත බැවින්, ජීවිතයක් බේරාගැනීමට හැකි පමණින් ඔබත් දායක වන්න.. හැමෝටම දීර්ඝායුෂ ලැබේවා!!!


    මුදල් තැම්පත් කල හැකි ගිණුමේ විස්තර

    Commercial Bank - Waliweriya.
    ගිණුම් අංක - 822 8000 547

    විදේශයක සිට මුදල් තැන්පත් කරන අය මේ ගිණුමට මුදල් තැන්පත් කරන්න

    RFC Account Details

    Name : W. N. N. Wijesinghe

    RFC (USD) account No:
    422 8000 593

    Bank : Commercial Bank


    Paypal භාවිතා කර ගෙවීම් කිරීමට:

    (මේ කොටස ඇත්තටම එකතු කරන්න ප්‍රදාන හේතුව එළකිරි එකේ අපේ යාලුවන්ගෙන් ලැබුන ප්‍රතිචාර තමයි.ඔයාලට ගොඩක් පින්..)
    වැඩි විස්තර සඳහා:-


    • දුරකථන අංක

    පියා
    (නිලූෂ නිශ්ශංක) :-
    India - 0091 87 545 905 274

    Sri lanka - 0094 776 280 952


    මේ නුල දාන්න ප්‍රදාන හේතුව තමයි ගිණුම් විස්තර පිලිබදව විස්තර ඔයාලට සැකවින් දැනුම් දෙන එක .අපිට මේකට පුළුවන් තරම් උදව් කරන්න.ඔයාලට ගොඩාක් පින් මේ හැමදෙයකටම..

    මගේ පුංචි ම පුංචි කලේ මට මතක නැ. ඒත් මගේ අම්ම මාව බලා ගත්ත විදිය මට හිතා ගන්න පුළුවන්. මම ඒක හුගක් ම දැනගත්තේ පුතා ඉපදුන දවසේ ඉදල මගේ බිරිද නදීගෙන්. පුතාගේ සුළු වෙනසක් උනත් එයාට දැනුණු විදිය පුදුමයි. දරුවාට අසනීපයක් හැදුණාම ඒ වෙනුවෙන් වෙන කැපවීම, වෙහෙස මට හිතාගන්නවත් බැරි තරම්. ඒ හැම වෙලාවේම මට මගේ අම්මව මතක් වෙනවා. මොන තරම් නම් කැපකිරීමක් අපේ අම්මල අපි වෙනුවෙන් කරනවද?

    පුංචි පුතෙක් ඉපදුනා කියලා නදීගේ අම්ම call කරල කියනකොට මම හිටියේ බත්තරමුල්ලේ. ඒ වෙලාවේ ඉදල ඉස්පිරිතාලෙට ඇවිත් පුතුව දකිනකම් කාලය ගතවෙනවා දැනුනේත් නැ. ඒ පුංචි ඇස දෙක මාව ජීවිතේ වෙනමම මනුස්සයෙක් කළා. පුතා ගැන තීරණය ගන්න හැම වෙලාවේම මට මගේ තාත්තාව මතක් වෙනවා. පුතා ගැන ආදරයෙන් හිත පිරෙන හැම වෙලාවේම මගේ තාත්ත මට කොහොම ආදරේ කරන්න ඇද්ද කියල දැනෙනවා.

    අපි හැමෝටම වෙනමම කතාවක් තියනවා. ඒත් හැම කතාවේම ලොකුම ලොකු කොටසක් අම්මටයි තාත්තටයි වෙන් කරනන් වෙන බව නම් මට හොදටම විශ්වාසයි. නිලුෂ මල්ලියි කාංචනා නංගියි අම්මල තාත්තලා උණු දවසෙත්, එදා මටයි නදීටයි දැනුණු හැගීමම දැනෙන්න ඇති කියල මගේ හිතට දැනෙනවා. අද ඒ දෙන්න මොනතරම් ගින්ඳරක් උහුලනවා ඇද්ද? වේදනාවෙන් ඇකිලෙමින් අඩන පුංචි දුවව ඔයාල දැක්කනම්.... අනේ දෙවියනේ, ඒ අහිංසකය විදින වේදනාව මට ගන්න පුළුවන් නම්... එකම විදියකට වඩාගෙන දවසම දරුවත් එක්කම ඉන්න කාංචනා ඉවසන ඉවසිල්ල... තමාගේ අතේ ඉන්න මේ කිසිදෙයක් නොදන්නා කිරිසප්පයගේ ජිවිතේ ඉතිරි දින ගණන අතේ ඇගිලිවලටත් අඩුයි කියල කොහොම නම් දරාගන්නද?

    ලේ කිරිකරලා මට පොවපු අම්මගේ නමෙන් මම ඉල්ලන්නේ, අනේ රුපියල් 100 ක් මේ පොඩි දරුවට වෙන් කරන්න. ජීවිතේම ඔයාල වෙනුවෙන් කැපකරපු අම්ම ගැන හිතන්න. මේ දුක කියන්න ඔබ හැර මට වෙන කව්රුවත් නැ. තව දවස් 2 ක් යන්න කලින් දරුවාව ඉන්දියාවට එක්ක යන්න ඕනේ. රුපියල් ලක්ෂ 40 ක් මදි. තව මොහොතකින් මේ පණිවිඩය ඔබත් ඇතුළුව 287,962 ක් දෙනා දකිනවා. රුපියල් 100 ක් කියන්නේ ජිවිතයක්. ඔබේ රුපියල් 100 ඇගේ ජීවිතය තීරණය කරාවි.

    රුවිඳි අපි හැමෝගෙම දුව. අපේ දුවව බේරලා දෙන්න....!!!


    dzfoxy.jpg


    Dear All,

    This is the current situation of the baby and her treatments.

    Due to some problems of the medical reports, Nilusha can't donate his liver as Global hospital rejects his medical reports. Now the donor is Ruwindi's mother. As hospital regulations, one person should be named as the donor when they are arriving India. So they can't go to India today. Today Kanchana (Ruvindi's Mother) is facing to scans and checkups.

    As she finished they can go to India tomorrow but hospital is saying that no use of coming tomorrow and they asked them to come to India Sunday evening and they are going to start treatments on Monday. We hope that Surgery will be happening in the mid of this week.

    Mean time Nilusha is staying in Srilanka to collect Kanchana's medical reports and to get a Court order. A Cort order is needed to perform the surgery. Nilusha is hoping to travel to India this Tuesday. So hope to start the surgery in the mid of the week.

     
    Last edited by a moderator: