සටන් එන්න එන්නම දරුණු වෙමින් තිබිණ. කොටි 700ක් මුතූර්, කට්ටපරිච්චාන් වෙත එල්ල කල ප්‍රහාර සාර්තකව පාබල හමුදාව මැඩ පවත්වන විට, මුතූර් ජැටිය කොටින්ගෙන් නාවික සෙබලු බේරා ගනු ලැබීය,
-------------------------
මාවිල් ආරු සටනට යාපනයේ සිට කමාන්ඩෝ බටයන් 750ක් රැගත් ආදරණීය ජෙට් ලයිනර් නෞකාව මහමුහුදින් පැමිණෙන්නේ මේ අතර තුරයි. ජෙට් ලයිනර් නෞකාව මෙසේ රණවිරුවන් රැගෙන එන බව කොටි ඔත්තු සේවා මගින් දැනගෙන තිබුණි, ඔවුන්ගේ සැලසුම වූයේ කමාන්ඩෝ විරුවන් සමග ආදරණීය ජෙට් ලයිනරය වරායට ඇතුලුවන ස්තානයේදී පුපුරවා හැරීමටයි, එසේ කලවිට, වරායේ ඇති නැව් වලට පිටතට යාමටත්, පිටින් එන නැව් වලට ඇතුලට යාමටත් මග සදහටම අහිමි වීමකි.
--------------------------------------
නැව වරායට ලංවත්ම නොසිතූ විරූ ලෙස කොටි ත්‍රස්තයන් දිගට හරහට ප්‍රහාර මාලාවක් දියත් කරන්නට විණි. අපිව හතර වටෙන් ටෙරා වට කරල, යයි නාවික විරුවෙකු කෑ ගසද්දී නැව දෙසට වෙගයෙන් මරගෙන මැරෙන බෝට්ටු සමූහයක් එන්නට විය, කමාන්ඩෝ සෙබලුන් 750කගේ ජීවිතවල වගකීම තිබුනේ ආදරණීය නාවික සෙබලු අතයි.
-----------------------------------
ගතවූ නිමේශයේ අභිමානය කෙසෙදයත්, මරාගෙන මැරෙන බෝට්ටු දෙසට යාත්‍රා කල අපගේ අභීත නාවික සෙබලුන් මරණය සොයාගොස්, සයුරේ සැබෑ රණකාමීත්වය ලොවටම හඬගා කියමින් සියලුම බෝට්ටු මුලුමනින්ම විනාශ කලේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වීරත්වය ලංකා මාතාවට ආඩම්බරයක් ගෙන දෙමිනි. මහ මුහුද මැද එය එසේ සිදු වෙද්දී, මිලිමීටර් 152 කාල තුවක්කු උණ්ඩ 18-20ක් පමණ වරාය තුලට එල්ල විණි.
සියලුම දේ නිසියාකාරව අවබෝධ කරගත් නැවේ කපිතාන් වරයා දැඩි ආරක්ශාව සහිත ප්‍රදේශයකට පැමින දේශයේ මුරදේවතා එලි බේරා ගැනීමට තරම් දක්ෂයෙක් විය.
--------------------------------
ආදරණීය මිතුරනේ, මදකට සිතා බලන්න, කමාන්ඩෝ අටේ කණ්ඩායමක් කරන වික්‍රමය, යම් හෙයකින් කොටි ප්‍රහාරය සර්තක වූවානම් එය ලංකා ඉතිහාසය ලද දරුණුම ඛේදවාචකය වන්නට තිබුණි. නමුත් ආඩම්බර කාර ශ්‍රී ලන්කා නාවික විරුවන්ගේ රණ ශූරත්වයත්, දේශාභිමානයත් සහ සැබෑ දක්ෂතාවයත් නිසා ලක්මෑණියන් හට වන්නට ගිය විශාල විනාශයක් වැලකිණි.
--------------------------------------
දේශය වෙනුවෙන් ඔබ කල මෙහෙය අති උතුම් මාගේ ආදරණීය නාවික විරුවානණි, රට වටා බැඳි ආඩම්බරකාර කිරිකොක් පවුර නුඹයි, මේ උත්තමාචාරය ආඩමබරකාර ශ්‍රී ලංකා නාවික හමුදාවටයි!
REP / BUMP දී උත්තමාචාරය පිරුනමන්න ...
අපේ කොල්ලන්ට සදා ජය...!!