ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වී

mic

Member
Nov 24, 2006
1,333
553
0
ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වී

ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වීරයා


වර්ෂය: 1964, ස්ථානය: ජපානයේ ටෝකියෝ නුවර, ඉසව්ව: 18 වන ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර 10,000 තරඟ ඉසව්ව.. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට තරඟ වැදුනේ ආර්. කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්දයි. තරඟය ආරම්භ වී සුළු මොහොතක් ගත් වෙත්ම චෙකොස්ලෝවැකියානු, රුසියානු ක්‍රීඩකයන් පෙරමුණ ගත අතර තරඟ කරුවන් හට වට 25 ක දුරක් නිම කල යුතුව තිබිණි. අංක 67 යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආර්. කරුණානන්දද මෙම ක්‍රීඩකයන් සමග ඉදිරියට ඇදුනි. ටෝකියෝ ඔලිම්පික් සංවිදානයේ දුර්වල කමක් හේතුවෙන් එදිනට පෙර දින මීටර 5000 ඉසව්වට සහභාගී වී සිටි කරුණානන්ද, සෙම්ප්‍රතිශ්‍යාව සමග උණ රෝගයෙන් පෙළීම හේතුවෙන් දුබල වී සිටියේය. නමුත් තම අධිෂ්ඨාන ශක්තිය පෙරදැරිව කරුණානන්ද තරඟයේ යෙදුනද තරඟය ආරම්භවී වට කිහිපයක් යනවිට තරඟයේ පෙරමුණ ගත් ක්‍රීඩකයෝ ඔහුට වඩා වටයක් ඉදිරියෙන් සිටියෝය. ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා මැද ජයග්‍රාහී ක්‍රීඩකයා වූ ඇමරිකාවේ බිලි මිල්ස් විනාඩි 28 යි තප්පර 24 කින් තරඟය නිමා කරන විට, කරුණානන්ද ඔහුට වඩා වට හතරක් පිටුපසින් සිටියේය. පළමු දෙවන තෙවන ක්‍රීඩකයින් තරඟය නිමාකරත්ම, පසු පසින් සිටි බොහෝ ක්‍රීඩකයින් තරඟය අතහැර දමා තරඟයෙන් ඉවත් විණි. නමුත් ශ්‍රී ලංකාවේ කරුණානන්ද තනිවම ක්‍රීඩා පිටියේ තරඟ කරමින් සිටියේය. මෙය දුටු ජපන් ක්‍රීඩා ලෝලීන් කරුණානන්දට උසුළු විසුළු කිරීමට පටන් ගන්නා ලදී. නමුත් නොසැලෙන ශක්තියෙන් ක්‍රීඩා කල කරුණානන්ද අවසන් වටය වෙත පැමිණෙද්දී සියලුම ප්‍රේක්ෂකයින් තම අසුන් වලින් නැගිට ප්‍රීතිඝෝෂා කිරීම ආරම්භ කළේ ඔහුගේ ආත්මශක්තිය හමුවේ ඔවුන් අසරණ වූ නිසාවෙනි.

මෙම සිදුවීම ජපානය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්දියක් බවට පත්විය. තරඟය නිමවී දින ගණනක් යනතුරුත් කරුණානන්ද හට ජපන් ජනතාවගේ ගරු බුහුමන් ලැබුණි. තරඟය ජයගත් බිලි මිල්ස් පවා කියා සිටියේ තරඟයේ රන් පදක්කමේ නියම සුදුස්සා කරුණානන්ද බවයි. එකල දෙවන ලෝක යුද්දයෙන් පසුව ජපානය හිස ඔසවමින් සිටි කළ පරිච්චේදයක් විය. කරුණානන්දගේ නොසැලෙන ශක්තිය එරට ජනයා නැගිට්ටවීමට ජපන් රජය විසින් යොදාගනු ලැබිය. කරුණානන්ද ගේ වික්‍රමය ජපානයේ පාසල් පෙළපොත් වලට ඇතුලත් විණි. කරුණානන්ද අගයා ජපන් රජය විසින් ඔහුට ජපානයේ රැකියාවක් ප්‍රධානය කරන ලදී. නමුත් ජපානයට පිටත්වීමට දින කීපයකට පෙර ඔහු අභිරහස් ලෙස මරණයට පත්විය. ඔහුගේ මරණය අදටත් අභිරහසකි. ඔහුගේ වියෝව දරාගත නොහැකිව ඔහුගේ බිරිය සිහි විකල් වූ බව කියවේ. ජපන් ජාතිකයින් ඔවුන්ගේ වීරයෙක් ලෙස සැලකූ කරුණානන්දහට අපගෙන් ලැබුන ත්‍යාගය එය විය.

ජපානයේ වීරයෙක් වූ අපේ විරුවා අපේ රටේ කී දෙනෙක් අසා තිබේද? ක්‍රීඩාව මුදලාලිකරණයවී තහනම් උත්තේජක මාතෘකාවක් වී ඇති රටකට, මෙවන් විරුවන් කෙතරම් ආදර්ශයක්ද? කරුණානන්ද වැනි ක්‍රීඩකයින් අපේ රටේ ක්‍රීඩා ඉතිහාසයෙන් අතුගා දමා ඇති කාරණය කුමක්ද? කරුණානන්ද යනු අපි වගේ හිච්චි ළමයින්ට ආදර්ශයට ගතහැකි විරුවෙකි.. කාටුන් චරිත ළමා ලෝක වල වීරයන් වීමට ඉඩ හැර බල නොසිට මොවුන් පිලිබඳ ළමා පරපුර දැනුවත් කිරීම දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු සියල්ලන්ගේම වගකීමකි...
[/SIZE]

sourse
Code:
ranilplus.blogspot.com/2012/04/blog-post.html

give rep+ comments if you like my post:cool:
 
Last edited by a moderator:

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ක්‍රීඩාව මුදලි කරණය වෙලා තියෙන වෙලාවක මේ දෙය මතක් කිරීම ලොකු දෙයක්.ඇත්තටම ඔහු වීරයෙක්.අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි.රෙප් දුන්න අපි ගියා
     
    • Like
    Reactions: mic

    mic

    Member
    Nov 24, 2006
    1,333
    553
    0
    ක්‍රීඩාව මුදලි කරණය වෙලා තියෙන වෙලාවක මේ දෙය මතක් කිරීම ලොකු දෙයක්.ඇත්තටම ඔහු වීරයෙක්.අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි.රෙප් දුන්න අපි ගියා
    THANKS MACHAN REP 6+