Janaka: මුස්ලිම් පල්ලිය ඉවත් කළ නොහැකියි
මුස්ලිම් පල්ලිය ඉවත් කළ නොහැකියි
දඹුල්ල පූජා භූමිය ඉදිකෙරුණු මුස්ලිම් දේවස්ථානය ඉවත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද(25) සිය අමාත්‍යාංශයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර සිටියේය.
මෙම දේවස්ථානය ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා කටයුතු කළේ නම් එය ඉවත් කිරීමේ හැකියාවක් තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නමුත් මේ වන විට ප්රශ්නය දුරදිග ගොස් ඇති බැවින් දේවස්ථානය ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව සඳහන් කලේය.
පසුගිය 20 වැනිදා දඹුල්ල මුස්ලිම් දේවස්ථානයේ ඇති වූ කලබලකාරි තත්ත්වය පාලනය කිරීමට පොලිසියට හැකියාව තිබූ බව ද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
දඹුල්ල රජමහා විහාර භූමිය පිළිබඳ විහාරවාසී හිමියන්ට, බෞද්ධ දායකයින්ට මෙන්ම මුස්ලිම් ජාතිකයින් කිහිපදෙනකුටත් නීත්‍යනුකූලව අයිතියක් ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන්ට තමන් සමග ඇත්තේ දේශපාලන ගැටලුවක් බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සුමංගල හිමියන් විසින්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබුණද එකී අපේක්ෂකයා පරාජයට පත්වී තමන් යෙදූ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම එකී ගැටලුවේ ආරම්භය බවත් වැඩි දුරටත් සඳහන් කලේය.
SLM

එහෙනම් මේ හාමුදුරුවොත් එක්ක තියන තරහ පිරිමගන්නයි හදන්නේ... එකට පාවිච්චි කරල තියන ක්‍රමය නම් අජූතයි ගරු ඇමතිතුමනි. 