 |
Senior Member
|
|
Posts: 16,916
Join Date: Sep 2008
|
|
|
මේක අපලයක් ෆොන්සේකා -
04-26-2012, 03:44 PM
මං බෝම්බයකට අසු වී වසර හයක් වෙනවා. ඉන් මාස හතරක් රෝහලේ සිටියා. වසර දෙකක් යුද්ද කලා. මාස දෙකක් දේශපාලනය කලා. ඉතිරි කාලේ හිරගෙදර. පසුගිය අවුරුදු හය තුල රණවිරුවෝ යුද්ද කලා ඇරෙන්න ආණ්ඩුව ජනතාවට කිසිම දෙයක් කරලා නෑ. ජනතාව ඒක තේරුම් ගන්න ඕනි
මේ අදහස් පල කලේ සරත් ෆොන්සේකා මහතාය. නඩු විභාගයක් සඳහා කොළඹ අලූත්කඬේ උසාවියට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ පැමීන සිටි මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
එදා කොසොල් රජ්ජුරුවෝ දැකපු හීන අද හැබෑ වෙලා. කිඹුල්ලූ කාලා, අකුණු ගහලා මිනිස්සු මැරෙනවා. රටට අපලයක් ඇවිල්ලා. මේකට හේතුව අමුතුවෙන් කියන්න ඕන නෑ

|