DNS_Changer_ඇත්ත_නැත්ත

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    DNS_Changer_ඇත්ත_නැත්ත

    5up7n.jpg


    DNS Changer නම් හානිදායක malware එකක් සම්බන්ධයෙන් මේ දවස් වල කතාබහක් ඇති වෙමින් පවති. මේම නූලේ අරමුණ වන්නේ ඇත්ත කුමක්දැයි හෙලි කිරීමයි. FBI වැනි ආයතන වල නාමයද මීට සම්බන්ධ වී ඇති බැවින්ද, සමහරුන් අතිශෝක්තියෙන් මේ පිලිබහ ලිපි පල කිරීම නිසාද තත්වය උග්‍ර වී ඇත.

    මුලින්ම DNS යනු කුමක්දැයි හදුන්වාදීමට සිදුවේ. අන්තර්ජාලය සම්පූරනයෙම දුවන්නේ IP නම් ප්‍රොතොලය මත පදනම් වූ ක්‍රමයකිනි. මෙහිදි සෑම පරිගනකයක්ම එකිනෙක සම්බන්ධ වන්නේ IP Address නම් ක්‍රමයක් මගිනි. මෙම IP Address අංකිත මුහුනුවරක් ගන්නා අතර සාමන්‍ය මිනිසුන් සදහා මතක තබා ගැනීමට අසීරුවේ. අපේ එලකිරි.කොම් සදහා IP Address එක 141.101.126.89 වේ.

    මෙම IP Address වෙනුවට මිනිසුන්ට මතක තබා ගැනීමට හැකි වචන මත පදනම්වූ පද්ධතියක අවශ්‍යතාව මිනිසුන්ට තදින් දැනුන බැවින් DNS ක්‍රමය ඊට යෝජනා විය. මෙහිදි සිදුවන්නේ තවත් පාර්ශයවක් ලවා වචන මත පදනම් වූ Domain Names, IP Address බවට හැරවීමයි. මෙම කාර්යය සිදුකරන server, DNS Server ලෙස හදුන්වයි. අපි අන්තර්ජාලයට සම්බන්ධ වන විට මෙම DNS settings ස්වයංක්‍රියව, අන්තර්ජාල සේවා සපයන්නා (SLT, Mobitel, Dialog) ගෙන් අපට ලැබේ. නමුත් අපට අවශ්‍ය නම් මෙම DNS Settings අවශ්‍ය පරිදි මාරු කල හැක.

    මෙලෙස අපි yahoo.com හෝ google.com කියා යන්නේ මෙලෙස DNS server එක මගින් ලැබුන IP Address එක පූර්ණ විශ්වාසය තබමිනි. ඉහත සදහන් කල malware එක කරනුයේ සාව්‍ය හා අන්තරාකාරි IP Address පිලිගත් වෙබ් අඩවි සදහා ලබාදීමයි. කෙටියෙන් කියනවා නම් ඔබ google.com කියා web browser එකෙ type කර විට ඔබ යන්නේ ඇත්ත ගූගල් වෙත නොව ව්‍යාජ අඩවියකට විය හැක. මෙලෙස ඔබව ව්‍යජ බැංකු අඩවියක් කරා ගොස් නොදැනුවත්වම ඔබේ අන්තර් ජාල බැංකු කරන මුරපද ඇතුලත් කරහොත්, ඔබට වෙන්නේ ලිද පමණක් ඉතිරි අනාථ කුකුලෙකු වීමටය.

    FBI මගින් මෙම හානිදායක DNS Servers සොයා ගොස් අත්පත් කරන ලද්දේ පහුගිය මාර්තු මාසයේදියි. දැන් ඔවුන් කරනේ infect වී ඇති පරිගනක වලට පිලියම් යෙදීමයි. ඒ අනුව ඔවුන් ලෝකයම දැනුවත් කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ. මේ දවස් වල එක එක දේවල් මාධ්‍ය මගින් ප්‍රචලිත වන්නේ එම නිසාය.

    මෙම වයිරසයට Network එක තුල පැතිරීමට හැකියාවක් ඇත. ඔබේ Router තුලට පිවිසීමට default password (eg. usename: admin password: 1234) ඇත්නම් මෙම වයිරසය router තුලට රින්ගා එහි DNS Settings වෙනස් කරයි.

    ඔබට දැනටම කෙලවී ඇත්ද නැද්ද යන්න මෙම අඩවිට පිවිසීමෙන් දැන ගත හැකිය. මෙහි කොළ එන්නේ නැතිව රතු DNS ගැන කියනවා නම් ඔබට කෙල වී ඇත.

    http://www.dns-ok.us/

    කෙලවී ඇත්නම් කරන්න තිබෙනුයේ හොද antivirus එකක් install කර එය update කර පරිගනකය හොදින් scan කිරීමය. Router එකට ගේමක් දී ඇති බව හැගෙන්නේ නම් එහිත් DNS Setting ඕපන් හෝ ගූගල් වලට මාරු කිරීමය.


    සෑහෙන ගේමක් දීලා ලිව්වේ. කොමෙන්ට් එකක්වත් දාලා යන්න.
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සෑහෙන්න වටිනවා විස්තර ටික ගොඩක් ස්තුතියි මචං

    ++
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Thanks මචො ම්න්න මෙහෙමයි මගෙ.

    DNS Resolution = GREEN