කැප්ටන් ජැක් ස්පැරෝ ⌡ Captain Jack Sparrow
ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප් විජ්ජාකාර නළුවෙකි. කුමනාකාර චරිතයකට වුව ද ඔහුව වෙස් ගැන්විය හැකි ය. මුහුදු මංකොල්ල කරුවෙකුට, චොක්ලට් කම්හලක අයිතිකරුවෙකු ලෙස මෙන්ම ප්‍රකට සොරෙකු ගේ චරිතයකට ඔහුව පහසුවෙන් ම පරිවර්තනය කළ හැකි ය. මේ සියලු චරිත මඟින් ඔහු වාසනාවේ මුදල් ගස සොලවා ගෝනි ගණනින් රන් කාසි උපයා ඇත. ඔහු දෙවැනිව ඇත්තේ හොලිවුඩයේ ප්‍රකට නිෂ්පාදකයෙකු වන ජේම්ස් කැමරුන්ට ය.
වැනිටි ෆෙයාර් සගරාව ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට සිනමාව ආශි‍්‍රත කර්මාන්තයේ වැඩි ම ආදායම උපයා ඇත්තන් අතර දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ජොනී ඩෙප්ට ය. එනම් පසුගිය වසරේ වැඩි ම ආදායම උපයා ඇති නළුවා ඔහු ය. මෙය අහම්බ නොවේ. ඔහු වාසනාවේ මුදල් ගස සෙලෙව්වා ද නොවේ.
නළුවෙකු වශයෙන් උපයා ගත් දක්‍ෂතාව ඔප්පු කර පෙන්වීමකි. වැනිටි ෆෙයාර් සඟරාව ට අනුව ජොනී ඩෙප් ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 කි.
මේ ඩොලර් මිලියන සියය ඇතුළත ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් සිනමාපටයෙන් ලැබුණු ඩොලර් මිලියන 40 ද, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් සිනමාපටයෙන් ලැබුණු ඩොලර් මිලියන 35 ක් ද, පසුගිය වසරේ අග කාර්තුවේ තිරගත වූ ද ටුවරිස්ට් සිනමාපටයෙන් ලැබුණු ඩොලර් මිලියන 20 ප්‍රධාන ය. ඉතිරි ඩොලර් මිලියන 5 උපයා ඇත්තේ අවශේෂ සිනමාපටවලිනි.
මේ ලැයිස්තුවේ 5 වැනි ස්ථානය හිමි කර ගත් ලියනාර්ඩෝ ඩිකැපි‍්‍රයෝ (leonardo-dicaprio) ගේ ආදායම ඩොලර් මිලියන 59 කි. ඒ අනුව නළුවන් අතර දෙවැනි තැනට ආදායම උපයා ඇත්තේ ඔහු ය. මේ අනුව ජොනී ඩෙප් සිටින්නේ ඉනිමගේ ඉතා ඉහළිනි.
ඔහුට ඩොලර් මිලියන 40 ක් ලබාදුන් ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් හි මෑඩ් හැටර් ගේ චරිතයට ජොනී කදිමට පණ දුන්නා යැයි එකහෙලා ම කිව නොහැකි ය.
යම් ප්‍රමාණයකින් අධි රංගනයක යෙදීම හේතුවෙන් මෑඩ් හැටර් ගේ චරිතයෙන් ඔහුට උපයා ගැනීමට තිබූ කීර්තිය අඩු කර ගත්තේයැයි කිව හැකි ය. කෙසේ නමුත් සිනමාපටය සාර්ථක විය.
පයිරේට්ස් ඔෆ් කැරිබියන් යනු ජොනී ඩෙප් ගේ රඟපෑමේ කූටප්‍රාප්තිය යි. කැප්ටන් ජැක් ස්පැරෝ, පයිරේට්ස් ඔෆ් කැරිබියන් සිනමාපටයේ සෙසු සියලු ම චරිත යටපත් කර නැඟී සිටින්නට සමත් විය.
සිනමාපටයේ තිබූ අපූර්වත්වය මෙන් ම ජොනී ඩෙප් ගේ රංගන කෞෂල්‍යයේ විස්මිත බව උක්ත චිත්‍රපටය සාර්ථකත්වයේ රන් කිරුළ කරා යොමු කරවීමට සමත් විය. මේ සාර්ථකත්වය නිසාවෙන් ම පයිරේට්ස් ඔෆ් කැරිබියන් හි සිව්වැනි වෙළුම ඉදිරියේ දී නිකුත්වීමට නියමිත ය. පසුගිය වසරට අදාළ ඩොලර් මිලියන 35 ක ආදායම ඔහු ලබා ඇත්තේ එහි සිව්වැනි වෙළුමේ රඟපෑම සඳහා ය.
ද ටුවරිස්ට්, ජොනී ඩෙප්ගේ රංගන ශෛලියෙන් මදක් එපිටට ගිය සිනමාපටයකි. සොරෙකුගේ චරිතයක් රඟපාමින් සැබෑ ලෝකයේ චරිතයකට පණ පෙවීමට ඔහුව තෝරාගෙන තිබේ. ඇන්ජලිනා ජොලී සමඟ කරන ලද රඟපෑම වෙනුවෙන් මේ ඩොලර් මිලියන 20 සෑහීමකට පත් විය හැකි මට්ටමේ එකකි.
ජොනී ඩෙප් හැබෑ ම සල්ලිකාරයෙකු වීමටත් වඩා වැදගත් යමක් තිබේ. ඒ ඔහු අති දක්‍ෂ නළුවෙකු වීම ය. දුක්බර ළමාවියක් ගත කළ උත්සාහවන්ත මිනිසෙකු වීම ය. දක්‍ෂ වාදකයෙකු වීම ය. සිනමා තිර රචකයෙකු , අධ්‍යක්‍ෂවරයෙකු මෙන් ම නිෂ්පාදකයෙකු වීම ය.
1963 ජුනි 09 වැනිදා කෙන්ටකි ප්‍රාන්තයේ ඕව්න්ස්බරෝ හි උපත ලද ජොනී ඩෙප් ගේ මව අවන්හල් සේවිකාවක වූ බෙටී සු හමර් ය.
පියා සිවිල් ඉංජිනේරුවෙකු වූ ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප් ය.
පියා ඔහුට නම තැබුවේ අමුතු තාලයකට ය. එනම් පියාගේ නම ම ඔහු පුත්‍රයාට දැමී ය. දැන් පියාටත්, පුතාටත් එක ම නමකි. ජොනී ඩෙප්ට ඩැනියෙල් නමින් එක් සහෝදරයෙක් සිටි අතර හෙතෙම නවකතාකරුවෙකු විය. ක්‍රිස්ටී සහ ඩෙබී නමින් සොයුරියන් යුගලයකි.
පියාගේ රැකියාවේ ස්වාභාවය හේතුවෙන් ජොනී ඩෙප් ඇතුළු පවුලේ සෑම සංක්‍රමණිකයෝ වූහ. ස්ථාන 20 කට අධික ප්‍රමාණයක මොවුන් දිවි ගෙවූහ. එහෙත් වර්ෂ 1970 දී ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මිරර්මාර් හි ස්ථිර පදිංචියට ඒමට ජොනී ගේ පියා තීරණයකට එළැඹුණි. එහෙත් අවාසනාවන්ත ලෙස ජොනී ගේ මවුපියන් ගේ විවාහය 1978 දී අවසන් විය. කුඩා ළමයෙකු ලෙස ජොනීට මේ කම්පනය දරා ගත නොහැකි තරම් විශාල මෙන් ම බරපතළ විය. ඔහු තමන් ගේ ශරීරයේ තැන් තැන් හි තුවාල සිදු කර ගැනීමට පෙළඹුනි. වර්ෂ 1993 දී ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාව තෙක් මේ බව රහසක්ව තිබුණි.
වයස 12 දී සිය මවගෙන් ලැබුණු ගිටාරයකින් ජොනී නැවත ඉපදුනි. සංගීත කණ්ඩායම් කිහිපයක ම ඔහුවාදනය කළේ ය. සිය පෙම්වතියගේ නමින් තැනුණු මෙරඩින් නම් ජොනීගේ පළමු සංගීත කණ්ඩායම දැඩි ආකර්ෂණයක් දිනා ගත්තක් විය. රොක් සංගීතයට ඔහු දැඩිව ආකර්ෂණය වී පාසල් දිවිය ද අත හැරියේ ය. සංගීතඥයෙකු ලෙස පළමු වෙඩි උණ්ඩය නිකුත් කිරීමට ජොනී ගීත ඇල්බමයක් නිර්මාණය කිරීමට පටන් ගත් මුත් සංගීත කණ්ඩායමේ යම් යම් ගැටලු මත එකී අවස්ථාව මඟ හැරුණි. එහෙත්, රොක් සිටි එන්ජල්ස් සංගීත කණ්ඩායම සමඟ ජොනී තම පළමු ගීතය නිකුත් කරනු ලැබී ය. ඒ “යන්ග් මෑන්ස් බ්ලූස්” නමිනි.
1983 දෙසැම්බරයේ ජොනී ලෝරි ඈන් ඇලිසන් සමඟ විවාපත් විය. ඒ කාලය අතරතුර ජොනී විවිධාකාර රැකියාවන් හි නිරත විය. පෑන් විකුණන්නෙකු ලෙස ද ඔහු රැකියාවක නිරත විය. වේෂ නිරූපණ ශිල්පිනියක වූ ජොනී ගේ බිරියගේ දැන හැඳුනුම්කම් හේතුවෙන් දිනක් ඔහුට නිකොලොස් කේජ් නම් ප්‍රකට නළුවා හඳුනා ගැනීමටත් ඔහුගෙන් ගුරු හරුකම් රාශියක් ලබාගැනීමටත් හැකි විය. ජොනී තම බිරියගෙන් වෙන්වූයේ මේ අතරතුර ය.
ෆොක්ස් ටෙලිවිෂනයේ රූපවාහිනී කතා මාලාවක් වූ ටුවෙන්ටි වන් ජම්ප් ස්ට්‍රීට් හි රඟපාමින් ජොනී තම රඟපෑම අත්හදා බැලී ය. 1980 වනවිට ජොනී ජනපි‍්‍රය තරුවක් කිරීමට උක්ත රූපවාහිනී කතා මාලාව සමත් විය. එහෙත් රූපවාහිනිය අත හැර දැමූ ජොනී සිනමාවට යොමු වීමට තීරණය කළේ ය. “අ නයිට්මෙයාර් ඔෆ් එල්ම් ස්ට්‍රීට්” ඔහු රඟපෑ පළමු සිනමාපටය යි.
වියට්නාමීස්, ප්ලැටුන් ඉන් පසුව ජොනී රඟපෑමෙන් එකතු වූ සිනමාපටය යි.
එහෙත්, සිනමා නළුවෙකු ලෙස සුවිශාල අවධානයක් දිනා ගැනීමට ඔහු සමත් වූයේ වෝල්ට් ඩිස්නිවරුන් ගේ පයිරේට්ස් ඔෆ් කැරිබියන් සිනමාපටයත් සමඟිනි. ඒ 2003 වර්ෂයයි. එහි පළමු වෙළුම වූ “ද කර්ස් ඔෆ් ද බ්ලැක් පර්ල්” හි කැප්ටන් ජැක් ස්පැරෝ චරිතය චිත්‍රපටයෙන් එළියට පැනවිත් තනිව ජනපි‍්‍රය වන්නට පටන් ගති. මෙය චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා පවා බලාපොරොත්තු නොවූ තරමේ අරුමයක් විය.
එහි අධ්‍යක්‍ෂවරයා වූ ගෝර් වර්බන්ස්කි ට අනුව කැප්ටන් ජැක් ස්පැරෝ චරිතය ජීවමාන වීමට ජොනී ඩෙප් ගේ පෞරුෂය සියයට සියයක් ම බලපා ඇත. ජොනී ඩෙප්ට අනුව කැප්ටන් ජැක් ස්පැරෝ චරිතයට අවශ්‍ය සැරසිලි ඔහු ලබාගෙන ඇත්තේ රෝලින්ග් ස්ටෝන් වාදක කණ්ඩායමේ ගිටාර් වාදන ශිල්පියා වූ කීත් රිචඩ්ස් වෙතිනි. 2003 වසරේ හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානයට ජොනී ඩෙප් නිර්දේශ වූයේ ද මේ විස්මිත චරිතය නිසාවෙනි.
2004 වර්ෂයේ දී හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය සඳහා ජොනී යළිත් නිර්දේශ විය. ඒ ෆයින්ඩින්ග් නෙවර්ලන්ඩ් සිනමා පටයේ රඟපෑම වෙනුවෙනි. 2005 වර්ෂයේ දී “චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි” සිනමාපටයේ විලී වොන්කාට පණ පෙවීමේ ගෞරවය හිමි වූයේ ද ජොනී ඩෙප්ට ම ය.
බොක්ස් ඔෆීස් වාර්තා තබමින් මෙය ද තිරගත විය. එම වසරේ ගෝල්ඩන් ග්ලෝඩ් සම්මානය සඳහා හොඳ ම නළුවාට හිමි සම්මානයට ඔහු නිර්දේ්ශ විය.
පයිරේට්ස් ඔෆ් කැරිබියන් දෙවැනි වෙළුම වූ ඩෙඩ් මෑන්ස් ඩෙස්ට් සහ එහි තෙවැනි වෙළුම වූ ඇට් වර්ල්ඩ්ස් එන්ඩ් හි ජැක් ස්පැරෝ වූයේ ද ජොනී ඩෙප්ම ය. මෙහි තෙවැනි වෙළුම රඟපෑමෙන් ඉක්බිතිව ජොනී මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“දැන් ජැක් ස්පැරෝ මගේ ම ජීවිතයේ කෑල්ලක් වගෙයි...”
තම පළමු විවාහයෙන් දික්කසාද වූ පසු ජොනී නැවත විවාහ නොවුණි. එහෙත්, පසුකාලීනව ඇති කරගත් පෙම් හබ කිහිපයක් නිසා ඔහු පියෙකු විය. ලිලී රෝස් නමින් දියණියන් සහ ජෝන් ජැක් නමින් පුත්‍රයෙකු ඔහුට සිටී. විප්‍රකාර ගති පැවතුම් ඇති ජොනී ගේ ශරීරයේ පච්චා සළකුණු 13 කි. මේ සෑම පච්චා සළකුණක් සඳහා ම අනන්‍ය වූ හේතු ඇති බවට ඔහු පවසයි.
ජොනී ලැබූ සම්මාන ද ඔහුගේ සාර්ථකත්වය මේ යැයි පෙන්වන ගණයේ ලා සැලකිය හැකි ය. 1994 දී එඩ් වුඩ් සිනමාපටය වෙනුවෙන් හොඳ ම නළුවාට හිමි සම්මානය ඔහුට ලැබුණේ ලන්ඩන් ෆිල්ම් ක්‍රිටික්ස් සර්කල් වෙතිනි. 1995 දී ද ඔහු එම සම්මානය ම ලබා ගත්තේ ඩොන් ජුවන් ඩි මාර්කෝ සිනමාපටයේ රඟපෑම වෙනුවෙනි.
2003 වර්ෂයේ දී පයිරේට්ස් ඔෆ් කැරිබියන් හි රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට හිමි එම්පයර් සම්මානයත්, අයිරිෆ් සිනමා උළෙලේ හොඳම විදේශීය නළුවාට හිමි සම්මානයත් හිමි වූයේ ජොනී ඩෙප්ට ම ය.
ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය ද පයිරේට්ස් ඔෆ් කැරිබියන් හි රඟපෑම වෙනුවෙන් ජොනී ඩෙප් හිමිකර ගනී. 2005 වර්ෂයේ චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි සිනමාපටයේ විලී වොන්කා ගේ චරිතයට එම්පයර් සම්මානය ද හිමිවුණි. ඒ හොඳ ම නළුවාට ය.
චිත්‍රපට ත්‍රිත්වයක් සහ වාර්තා චිත්‍රපට 5 ක් අධ්‍යක්‍ෂණය කළ ජොනී ඩෙප් චිත්‍රපට ත්‍රිත්වයට සංගීතයෙන් දායක වී තිබුණි. චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළ අතර ඔහු විසින් එක් තිර නාටකයක්ද ලියා තිබුණි. එනම් ඔහු විසින් තමාව ම පරීක්‍ෂා කර බැලීම අවසන් කර තිබුණි. තම ශරීරය තුළ තිබූ කුදුමහත් දක්‍ෂතාවයෝ ම හේ එළියට ඇද බලා තුටු පහටු වී තිබුණි.
දැන් කාට නම් ජොනී ක්‍රිස්ටෝපර් ඩෙප් යනු මහා සල්ලිකාරයෙක් පමණක් කිව හැකි ද? හේ දක්‍ෂතා රාශියක් එකට ගැට ගසා තැනූ අපූර්ව මිනිසෙකි. හුදෙකලා සංගීතකරුවෙකි. ඒ තරමට ම දක්‍ෂ තිරකතා රචකයෙකි. නමුත් මේ සියලු දක්‍ෂතා පරයා ඔහු තුළ සිටි අප්‍රමාණ නළුවා මතු වී තිබේ. කැප්ටන් ජැක් ස්පැරෝ මෙන් ම විලී වොන්කා ද, ඒ තරමට ම මෑඩ් හැටර් ද රසික සමාජය තුළ තවමත් හුස්ම ගන්නේ එහෙයිනි.

Last edited: