නංගියා සංකල්පය
නංගියා සංකල්පය
Posted on 30 April 2012.
Rating: 7.0/7 (1 vote cast)
පසුගිය දිනෙක ලංකාවට යළිත් වතාවක් පැමිණි ෂැගීගේ සංගීතය ප්‍රසංගයේ දී මාධ්‍ය වෙත පලකර තිබූ ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් මගින් අපට ලංකාවේ පශ්චාත් නූතන නංගියාගේ භූමිකාව කුමක්ද යන්න අවබෝධකර ගන්නට අවස්ථාවක් හිමිවිය.ඒ අනුව අපට නංගියා සංකල්පය පහත පරිදි ව්‍යුහගත කරන්නට පුලුවන.
නංගියා යනු විමුක්තිය වෙළෙදපොළ හරහා ලබා ගත හැක්කේ යැයි සිතන්නියකි. බොහෝ විට ඇය ඇයගේම ව්‍යාපාරයක් කරගෙන යයි. ඇගේ නිවස සහ කාර්යාලය යනු එකම තැනකි. ඇගේ බොස් ඇයමය. ඇය ඊඩිපස් සංකීර්ණය අභිබවනය කරන අතර නාසිස්ම සංකීර්ණයේ නවතම ගොදුරයි.( නාසිස්ම සංකීර්ණය යනු එක්තරා කුමාරයෙකු විසින් වනාන්තරයේ ගමන් කරමින් සිටින අවස්ථාවක දීප්තිමත් ජල තලාවක් මතින් සිය රූපය දැකීම හා අවසානයේ එම රූපයටම ආශක්ත වී ඒ රූපයේම ප්‍රතිරූපයක් බවට පත් වීමයි) ඇගේ ආදර්ශ-අහම වන්නේ ඇයමය. ඇයට බාහිර යථාර්ථය කියා දෙයක් නොමැති අතර ඇයට ඇයවම යථාර්ථයකි. ඇය කැමති දේවල්, සම්ප්‍රදායන් යනු සමාජයේ නිෂ්පාදනයක් නොව ඇගේම නිෂ්පාදනයකි. ඇගේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පහත පරිදි සාරාංශගත කළ හැක.
01-මේ සමාජයේ කේන්ද්‍රය වීමේදී ශරීරය මිස මනස වැදගත් නොවන බව ඇය දනියි. ඇය කෙළිලොල් නැත. ඇගේ හඬා වැටීම නතර කරන්නේ හති වැටුන පසුය. ඇගේ කිහිල්ල ගඳ යැයි පවසන්නේ පූර්ණ වර්ගවාදී රංජන් රාමනායක වැනි පැරණි පිරිමින්ය.
02-ඇය පශ්චාත්-ස්ත්රිවාදීය- මනස ගණිකාකරණයට ලක්කර ඇති අතර ශරීරය ශෘංගාරයක් බව පැය විසිහතරේම දනියි.
03-අඳින ඇඳුම, එළ්ලා ගෙන ආයිත්තම්, සපත්තු, සෙරෙප්පු මේ ආදිය සියල්ල වෙළෙදපොළ මගින් තීරණය කරයි. ඒවාට ඇය ආශා කරන්නේ වෙනත් අය ආශා කරන නිසා නොව බලයට තමන් ආශා කරන නිසාය.
04-ඇයට අභියෝගය වන්නේ වෙනත් කිසිවකු නොව තමාමය. ඇය එතරම් එඩිතරය. කාර්යශූර ළමයෙකු වැනිය.
05-දරුවන් හෝ පවුල පිරිමි වැඩක් මිස ගැහැනියගේ ආගම නොවන බව ඇය සහතික වශයෙන්ම දනියි.
06-ඇය වැඩියෙන්ම ලිංගික තෘප්තියට පත් වන්නේ ශරීරයෙන් නොව කතා කිරීමෙන් සහ පාරිභෝගික භාණ්ඩ අත ගෑමෙනි.
07-බොහෝ විට ඇය කතා කරන්නේ නහයෙනි.
08-නඩත්තු කිරීමේ පිරිවැය ඉතා ඉහළය.
09-ඇයට දෛවයක් නැති අතර අන් අයටද එවැන්නක් නැති ලෙස සලකා ජීවත් වෙයි.
10-ඇයට අනුව තාරුණ්‍යය අමරණීය වේ. මිනිස්සු ජරාවට සහ මරණයට පත්වන බවක් ඇය නොදන්නා නිසා ඇය භාවනාවට යොමු නොවෙයි.
3mana.com
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

Last edited: